හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (නීතිඥ) අජිත් රෝහණ මහතා ප්‍රංශයට ගොස් ඇති බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා කර තිබිණ. එම මාධ්‍ය වාර්තා වලට අනුව ඒ මහතා මෙරටින් පිටව ගොස් ඇත්තේ ජාත්‍යන්තර පොලීසිය (INTERPOL) මගින් ප්‍රංශයේ ලියොන් නුවර පැවැත්වෙන වාර්ගික සංහාර, යුධ අපරාධ සහ මනුෂත්වයට එරෙහි අපරාධ පිළිබඳ පස් දින ජාත්‍යන්තර පාඨාමාලාව (Five Day International Course on Genocide, War Crimes and Crimes against Humanity) හැදෑරීම පිණිස ය. අජිත් රෝහණ මහතා වැනි පොලිස් නිළධාරියෙකුට පමණක් නොව මෙරට ඕනෑම රජයේ සේවකයෙකුට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීම් ලබා දීම අප රටට ඉතා වැදගත් බව කෙනෙකු ප්‍රකාශ් කරනු ඇත. එහෙත්, වාර්ගික සංහාර සහ යුධ අපරාධ ආදිය ගැන වැඩිදුර ඉගෙන ගැනීම මෙරට පොලිස් නිළධාරියෙකුට මේ මොහොතේ වැදගත් වන්නේ ඇයි ද යන්න අපි ප්‍රශ්න කළ යුතු වෙමු.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහභාගි වන පාඨමාලාව අප රටට කෙසේ වැදගත් වේ ද? ඒ මහතා අදාළ පාඨමාලාව මගින් ලබා ගන්නා දැනුම අප රටට කවර ආකාරයේ සේවයක් ඉටු කරනු ඇති ද? එම දැනුම මගින් පිළියම් යෙදීමට මෙරට වාර්ගික සංහාරයක් හෝ යුධ අපරාධයක් හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් සිදු වී ඇති ද? නැතහොත් අනාගතයේ එවැනි අපරාධයක් මෙරට සිදුවනු වැලැක්වීම ද ඒ මහතා එම පාඨමාලාව හැදෑරීමේ අරමුණ? අප මෙසේ නඟන ප්‍රශ්න "කොරහේ කිඹුල්ලු දැකීමක්" ලෙස සිතන ඇතැමෙකු පවසනු ඇත්තේ මෙම පාඨමාලාව හරහා අජිත් රෝහණ මහතා ලබා ගන්නා දැනුම, පසුගිය සමයේ ශ්‍රී ලංකාවට එල්ල වූ යුධ අපරාධ ඡෝදනා වලට පිළිතුරු ලබා දීමටත්, ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට අපක්ෂපාතී දේශීය පරීක්ෂණයක් පැවැත්වීමටත් යොදා ගත හැකි බව ය.
මාධ්‍ය ඔස්සේ වාර්තා වුනු ආකාරයට උක්ත පාඨමාලාව සඳහා රටවල් 190කින් අයදුම් පත් ලැබී තිබුණ ද, ඒ සඳහා අවස්ථාව ලැබී ඇත්තේ රටවල් 30ක පොලිස් නිළධාරීන්ට පමණි. මෙම රටවල් 30 අතරට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවට "වාසනාව" උදා වී ඇත. එසේ නම් මෙම රටවල් 30 තෝරා ගැනීමේ ක්‍රමවේදය කුමක් වන්නට ඇති ද? ජනාධිපති තුමා සහ අගමැති තුමා වරින් වර කියා ඇති පරිදි මේරට සිදු වූයේ යැ යි කියන යුධ අපරාධ ගැන දේශීය පරීක්ෂණයක් පැවැත්වීම උදෙසා දක්වන සහායක් ලෙස ජාත්‍යන්තර පොලීසිය විසින් මෙම අවස්ථාව අප රටට ලබා දෙනු ලැබුවේ ද?
ඊනියා මානව හිමිකම් යුධ අපරාධ ආදිය බටහිර රටවල් විසින් තමන්ට රිසි පරිදි යොදා ගැනේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ඊනියා ජාත්‍යන්තර සංවිධාන යනු එම අරමුණු වෙනුවෙන් අප වැනි රටවල් බැඳ තබා ගැනීමට පිහිටුවා ගත් ඇටවුම් වෙයි. ලංකා හමුදාව විසින් සිදු කරන ලදැ යි කියන මානව හිමිකම් උල්ලංගනය වීම් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ කතා බහට ලක් වුව ද, ඇමරිකානු හමුදාව විසින් ඉරානයේ සිදු කරන ලද මානව හිමිකම් කඩ කිරීම් හෝ ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ සාමාන්‍ය වැසියන්ට එල්ල කළ ප්‍රහාර හෝ එ තුළ සාකච්ඡා නොකෙරෙයි. සාකච්ඡා කිරීමට යමෙක් උත්හාහ ගත්ත ද "ජාත්‍යන්තර චන්ඩි පාට්" භාවිතයෙන් එය ව්‍යයර්ත කෙරෙයි.
එක් පිරිසක් තම ආධිපත්‍යය පවත්වා ගැනීම පිණිස ම යොදා ගන්නා මේ ආකාරයේ ඒක පාර්ශවික නීති ඔස්සේ දේශීය වේවා, ජාත්‍යන්තර වේවා කවර ආකාරයේ පරීක්ෂණයක් පැවැත්වුව ද එමගින් අප රටට සෙතක් සිදු වේ යැ යි සිතිය නොහැක. මේ නිසා ම අජිත් රෝහණ මහතා තම සංචාරට තුළින් ලබා ගත් දැනුම ඉදිරියේ දී කෙසේ භාවිත කරන්නේ දැ යි අපි විමසිලිමත්ව බලා සිටිමු.
-නාරද බලගොල්ල

යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .