6/18/2015

හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා පැරදුනාද ? පැරද්දුවා ද? එහෙනම් ඒ කොහොමද ?

කතෘ:යුතුකම     6/18/2015   1 comment

[යුතුකම පාඨක ලිපියකි... ]

හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගේ පරාජයට දරදිය ඇදී අය බොහෝය. විශේෂයෙන් ඔහුගේ ඇමති මණ්ඩලයේ සිටි රාජිත සේනාරත්න, චම්පික රණවක, එස්බී දිසානායක සහ බැසිල් රාජපක්ෂ තම අධිරාජ්‍යවාදී වගකීම ඉතා වගකීමෙන් ඉටු කළෝය. රාජිත සහ චම්පික හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා සුළු ජාතිකයින්ගේ අප්‍රසාදයට පත්කිරීමට සිය මෙහෙයුම් අතිසාර්ථකව ඉටුකළ දුන්නෝය. එයට ගෝඨාභය රාජපක්ෂ දැන හෝ නොදැන සහයෝගය දුන්නේය. 88-89 යුගයේ ප්‍රා ඇතුළු විවිධ කල්ලි විසින් සිදුකැරුණු සියලුම ඝාතන දේශප්‍රේමී ජනතා ව්‍යයාපාරය ගිණුමට බැරවු අතර , එදා ජවිපෙ -දේ.ජ.ව්‍ය සුසංයෝගය එතුලින් සියුම් ආස්වාදයක් ලබමින් අවසානයේ පෝරකයට ගියාසේ, මෙදා රාජිත-චම්පික බොදුබල වෙනි සංවිධාන මගින් මගින්ද රාජපක්ෂගේ සරල සුළුජාතික ඡන්ද පදනම පෝරකයට යවන ලදී. 

එස්බී දිසානායක විශ්ව විද්‍යාල ආචාර්ය වරු සහ සිසුන් අතර හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා චුතකර දැම්මේය. විශ්වවිද්‍යාල ආචාර්යවරු 4000 කගේ අරගලයට එස්බී ජාතික මුහුණුවරක් ලබාදුන්නේය. එස්බිගේ මෙම ව්‍යාපෘතිය, හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා සහ FUTA අභ්‍යන්තර ගැටුමක් තරමටම නිර්මාණය කල අතර අවසානයේ 2014 අය වැය මගින් FUTA සියලු ඉල්ලීම් පාහේ දිනාගත්තේ හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා අය වැය මගින් වුවත් හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාට ඉන් කිසිම ප්‍රතිපලක් අත්කරනොදීමටට එස්බී දිසානායක වගබලාගත්තේය. මේ සඳහාය බැසිල් රාජපක්ෂ සුවිශාල මෙහෙයක් කළේය. පහලම මට්ටමේ විශවවිද්‍යාලය කථිකාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් 11000 සිට 78000 දක්වා වැඩිකරගත්තේ ඕපපාතිකව ලෙස හෝ පූර්ණ අරගලයේ ප්‍රතිපලයක් ලෙස මතුකරන්නට එස්බී දිසානායක වගබලා ගත්තේය. සැබෑ වෘත්තිකයන්ගේ හඬ හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගෙන් ගැලවී යන්නේ මෙලෙසය. අඩු වෘතීයමය සුදුසුකම් සහිත බහුතරයක් වූ එස්බීට හිතවත් ආදේශක ආචාර්ය සංගමය පෙන්වා හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා නොමග යවන එස්බී හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා ලවා වැඩි සුදුසුකම් ලත් ආචාර්ය වරුන් සහිත FUTA වට දොසාරෝපණය කරවයි. හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා දැන හෝ නොදෙන එස්බී ගේ ගැටේට හසුවි සැබෑ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තුට්ටුවකටවත් මායිම නොකරන තවත්වයට පත්වෙනු දැකිය හැක. හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගේ සිත තුල වැරදි ආකල්ප ඇතිකළේ පැහැදිලිවම එස්බී දිසානායකය. පිබි ජයසුන්දර සහ එස්බී දිසානායක අතර තිබු හිතවත්කම හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා FUTA වෙන් තව දුරටත් දුරස්ථ කිරීමට එස්බී යොදාගත්තේය. ලලිත් වීරතුංගයන් මේ සියල්ල දෙස නිහඬව සිටීම කණගාටුවට කරුණකි. විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ ගැටළු අර්බුදයක් ලෙස ගොඩනැගුයේ එස්බිය. එයට දේශපාලන මුහුණුවරක් ආරෝපණය කිරීමට එස්බී දැවැන්ත කාර්යභාරයක් ඉටුකළේය. එදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව තමන් අතින් සිදුවූ වරදගැන හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා අද සියදහස්වරක් කනගටුවන බව මම පෞද්ගලිකවම දනිමි. තවද එස්බී පලකල මහින්දට එරෙහි පොත්පිංචා මගින්ද, අවම වශයෙන් මහින්දගේ දුරකථනයටවත් නොයෙන බව සදහන් ප්‍රවෘත්ති මගින් ද එස්බීගේ අතීත ක්‍රියාකලාපය ගැන යම තහවුරුවක්‌ ලැබෙන්නේ යයි මම සිතමි.

බැසිල්ට තිබුනේ බලයට පැමිණ අගමැති වීමේ සිහිනයකි. බැසිල් වෙනි පක්ෂය කඩාගෙන එජාපයට ගොස් නැවත පැමිණි කෙනෙකුට අගමැති කම දීමේ නොහැකියාව හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාට තිබුණි. මෙවෙනි ප්‍රශ්න නිවෙසේදී කතාකර විසදීමට හැකියාව තිබුනත් හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා එවෙනි දේ කල්මරමින් සිටීමද අවසානයේ ඔහුගේ පරාජයට හේතුවිය. මෙය නාමල් කරලියට ගෙන ඒමේ කටයුත්ත යයි කියමින් බැසිල් සහ මහින්ද අතර විරසකයක් තවදුරටත් ගොඩනැංවිමට විරුද්ධවාදීන්ට පහසුවිය . කෙසේනමුත් බැසිල් ඉහලට එසවීමේ ක්‍රියාවලිය තුල ශ්‍රීලනිපයෙ සිටි උගත් අගමැතිකම දැරීමේ සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨයින් හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා සමග කළකිරීමෙන් සිටීම හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගේ පරාජයට හේතු අතර විය.ඩබ්ලිව්ඩ්ජේ සෙනවිරත්න , නිමල් සිරිපාල ,පවුසි වෙනි අය ඉහලට ඔසවා තැබුවෙනම් එතුමාට සිරිසේන මහතා ගෙන් සිදුවූ අකලංචිය සිදුනොවනු ඇත. සිරිසේන මහතා කිසිසේත්ම අගමැති හෝ ජනාධිපති ධුරයට සුදුස්සෙකු නොවේ. ඔහු එමතත්වයට ඔසවා තබන්නේ ඇමෙරිකානු සහ ඉන්දියානු අධිරාජ්‍යවාදී වුවමනාවන්ට චන්ද්‍රිකාගේ මහත්මියගේ බලපෑම නිසාවෙනි .

නුසුදුසු පුද්ගලයින් අතරට ගිය ඇමති පත්වීම් ද හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාගේ පරාජයට බෙහෙවින් බලපෑවේය. එපමණක් නොව ඔහුගේ කිට්ටුම නෑදෑයින්ට සහ හිතවතුන් බලය අනිසිලෙස භාවිත කිරීමේ චෝදනා නොමැත්තේද නොවේ.අන්තර්ජාතික තලයේ රාජපක්ෂ පාලනය තුල බොහෝ හොඳ සහ වැරදි ස්වල්පයක් විය. අවාසනා වකටමෙන් කළ සුළු වැරදි නිවැරදි කරගෙනිමේ ක්‍රමෝපායන් ඔහු සතු නොවුණා පමණක් නොව විදේශ සේවය ඉමහත් අච්ච්රුවක් බවට පත්ව තිබුණි. මහචාර්ය පීරිස් මැතිතුමාට තම අමාත්‍යංශය නිසිලෙස කරගෙනයාමට සජින් වාස් වෙනි අත්දැකීම් රහිත තරුණ මන්ත්‍රීවරු ඉඩ නොදුන්නාහ. මෙවෙනි කාරණා ප්‍රමුඛ වීමෙන් මේ රටට නිදහසින් පසු දැවැන්තම සේවය සිදුකළ ජනාධිපතිවරයා පරාජයට පත්කරනු ලැබුවා .

මේ සියල්ල අනුව පැහැදිලිවෙනුයේ හිටපු ජනාධිපති මහින්ද මැතිතුමාට හොඳ අනුශාසක කණ්ඩායමක් නොසිටි බව නොවේද ? ආරක්ෂක කටයුතු වලදී ගෝඨාභයගේ සාර්ථක අනුශාසනා ලැබුනත් ආර්ථික කටයුතුවලදී පිබිගේ සහය ලැබුනත් අනෙකුත් කටයුතු වලදී එතරම් ප්‍රබල විශ්වාසවන්ත අනුශාසනා ඔහුට හිමි නොවිය. හිමි වුවත් ඒවාද එතරම් රාජ්‍ය තාන්ත්‍රික නොවූ බව මගේ හැගිමයි . එබෙවින් හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා මෙම වරද වහා නිවැරදි කරගැනීමේ ක්‍රමවේදයක් සකසා ගත යුතුයි. මේසඳහා සබුද්ධික වෘත්තීකයින්ගෙන් සැදුම්ලත් බුද්ධි මණ්ඩලයක් පත්කරගන්නේ නම් යහපත්වනු ඇත. හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා සිය හිතවතුන්ගේ අනුශාසනා පිළිනොගන්නා බවට නැගෙන චෝදනා මම දැඩිලෙස ප්‍රතික්ෂේප කරමි. අනුශාසනා දිය යුත්තේ ආවට ගියාට නොව කරුණු කාරණා සහිතවයි. එවිට තර්ක බුද්ධියෙන් පිළිගනු ඇත. හිටපු ජනාධිපති මහින්ද මැතිතුමා වටා සිටි තර්කානුකුල බුද්ධිමතුන් වුයේ පිබි ජයසුන්දර සහ ගෝඨාභය රාජපක්ෂ පමණි.

ඔබතුමාට බලය පවතී යුගයේ කිසිදිනක ඔබතුමා හමුවී නැත. එහෙත් පරාජයෙන් පසු ඔබතුමා බැහැදකින්නට කිහිපවරක්ම පැමිණියේ මෙරට ගමන්කරන දිශානතිය වෙනස්කලහැකි සුපින්වතා ඔබතුමා පමණක් බව බැවිනි. අද රටේ පවතින ඇති දැවැන්ත අරාජිකත්වය මහා විනාශයක පෙරනිමිති නොවිය හැකිද ? මේ පින්බර රට තවත් සිරියාවක් හෝ ලිබියාවක් නොවිය යුතුය. අප වහා වහා පෙරමුණගත යුතුය. මා පරාජය හමුවේ ඔබතුමා හරනොගිය එක ශ්‍රී ලාංකිකයෙක් පමණි . මා වෙනි ලක්ෂ 58 ඔබ වෙනුවෙන් බලා සිටින බව අමතක නොකරන්න. සුභ අනාගතයක්!  අසිරිමත් ශ්‍රී ලංකාවක්!

-මහිම් සූරියබණ්ඩාර
රත්නපුර

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. සත්‍ය කරුණු සම්පිණ්ඩනයක්. අපේ අවාසනාවට එතුමා කළ හොඳ දේවල් ඔහු අතින් සිදුවූ අතපසු වීම් සමග සංසන්දනය කර වැඩි බර ඇති හොඳ පැත්ත හඳුනා ගැනීමට බැරි තරමට බොහෝ උගත් යයි හඳුන්වා ගන්නා සිංහලයන් කුහක විය.
    අවසානයේ අප රට අගාධයකට තල්ලු වෙමින් පවතී.
    මමද ඔබ මෙන්ම එම 58 ලක්ෂය තුල සිටිමින් එතුමාගේ නැවත ආගමනය අපේක්ෂාවෙන් ඒ වෙනුවෙන් මාගේ මට්ටමින් කළ හැකි දේ කරමින් සිටින පුද්ගලයෙක් වෙමි. එය සිදු නොවුනහොත් අපට අපේ රටයයි කියාගන්නට රටක් ඉතුරු නොවන බව නම් ස්ථිරයි.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions