"වෙබ් අඩවි හා ජනමාධ්‍ය ඔස්‌සේ වැපිරූ බොරු හමුවේ ජනාධිපතිවරණයේදී නිර්වින්දනය වූ සමාජය දැන් ප්‍රකෘති සිහිය ලබනවා "
- මැදගම ධම්මානන්ද හිමි
- මැදගම ධම්මානන්ද හිමි
"බෙදුම්වාදය යළිත් ශක්‌තිමත් වෙන්න පටන් අරන්"
- ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
"අගමැති හා විපක්‍ෂනායක නම්ම ගන්න හැකිවුණොත් ව්‍යවස්‌ථාදායක සභාවට අත පොවන්න ජාත්‍යන්තරයට පුළුවන්"
- ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා
-කුෂාන් සුබසිංහ
වෙබ් අඩවි සහ ජනමාධ්‍ය ඔස්‌සේ වපුළ අසත්‍යයෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්වින්දනය කිරීමකට ලක්‌වුණු සමාජය දැන් නැවත ප්‍රකෘති සිහිය ලබමින් සිටින බව අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝසභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පෙරේදා (18 වැනිදා) මහජන පුස්‌තකාලයේ දී පැවැති සමුළුවකදී පැවසූහ.
"යුතුකම සංවාද කවය" මගින් සංවිධානය කළ "මෛත්‍රී - රනිල් වෙනස සැපද" යන සම්මන්ත්‍රණ මාලාවේ පළමු සමුළුව අමතමින් ධම්මානන්ද හිමියෝ එසේ පැවසූහ.
එහිදී තවදුරටත් අදහස් දැක්‌වූ අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි -
වෙබ් අඩවි සහ මාධ්‍ය ඔස්‌සේ ඡන්දදායකයන් නිර්වින්දනය කිරීමකට ලක් වුණා. එයට ඇබ්බැහි වූ පිරිස අද නැවතත් ප්‍රකෘති සිහිය ලබමින් සිටිනවා. ජනවාරි 08 වැනිදාට පෙර අපි මේ පිළිබඳ විවිධ සම්මන්ත්‍රණ තබමින් ජනතාවට ඇත්ත අවබෝධ කරදෙන්න උත්සාහ කළා. ඒත් ඔවුන් මුළාවෙලයි සිටියේ. අද අප හමුවට ඇවිත් තමන් අතින් සිදුවුණු වරද පිළිබඳ ඔවුන් පශ්චාත්තාප වෙනවා.
හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පක්‍ෂය වත්මන් ජනාධිපතිවරයාට භාර දුන්නා. ඒ නිසා පක්‍ෂය රැකගෙන පක්‍ෂය ජයග්‍රහණය කිරීමේ වගකීම වත්මන් ජනාධිපතිවරයාට තිබෙනවා. ඒත් අද තිබෙන්නේ හයිබ්‍රිඩ් ආණ්‌ඩුවක්. පාලකයා කවුද, අගමැති කවුද, විපක්‍ෂ නායකයා කවුද යන අවුල් භාවය රටේ තිබෙනවා. දේශපාලනය අවුල් වෙලා. දේශ හිතෛෂීව, ජාති හිතෛෂීව කටයුතු කළ ස්‌වාමීන් වහන්සේලා පවා අපෙන් ඈත්වෙලා සිටිනවා.
ජනවාරි 08 වැනිදාට පෙර කියූ දේවල් නොවේ අද සිදු වෙන්නේ. කල් මැරීම් සහ මවාපෑම් පමණයි තිබෙන්නේ. රටේ ආණ්‌ඩුවක් තිබෙනවා. හැබැයි වැඩක් නැහැ. මේකද යහපාලනය කියන්නේ. මොන ප්‍රශ්න තිබුණත් රටක ස්‌ථාවර ආණ්‌ඩුවක් තිබිය යුතුයි. රටේ ඒකීයත්වය ආරක්‍ෂා විය යුතුයි. වත්මන් විදේශ ඇමැතිවරයා රට අරාජික කරන්න කටයුතු කරනවා කවුරුවත් ඒවා ගැන කතා කරන්නේ නැහැ. හාමුදුරුවන් වහන්සේලාත් මේවා පිළිබඳ නිහඬයි. අපට අද තිබෙන ප්‍රශ්නය මෙයයි.
මෙහිදී කතා කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා -
සමාජයේ යම් කිසි පාර්ශ්වයකට එරෙහිව අදහස් දක්‌වන අයට අද ලේබල් අලවනවා. ප්‍රජාතනත්්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා කියන ආයතනත් එහෙම කරනවා. පුරවැසි සංවිධානය නම් සංවිධානය පසුගියදා ප්‍රකාශ කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්‌ෂ වෙනුවෙන් කඩේ යන හෙංචයියලා පිරිසක් සිටින බව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එහෙම කියූ ඔවුන් අද මටත් කියයි කඩේ යනවා කියලා. ජාතිවාදියා කියා හංවඩු ගහයි. ඇත්තටම මා කිසිදු දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරිකයෙකු නොවේ. එහෙත් මනුෂ්‍යයා යනු උපතින්ම දේශපාලන දෘෂ්ටියක් ඇති සත්ත්වයෙක්. දේශපාලන දැක්‌මක් නිතැතින්ම අපටත් උරුමයි. එහෙයින් අද රට ගමන් කරන ආකාරය පිළිබඳ කම්පනයක් අපටත් තිබෙනවා. ඊට සාක්‍ෂිත් අප සතුයි. ඒත් වත්මන් විදේශ ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබෙන දේ අසත්‍යයි. ඒවා සාක්‌ෂි සහිතව සනාථ කළ නොහැකි දේවල් ලෙස තමයි ගන්න වෙන්නේ. හිටපු ජනාධිපති සතුව ඩොලර් බිලියන 18 ක විදේශ සංචිත තිබුණු බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒත් 2014 වසරේ රටේම විදේශ සංචිත තිබුණේ ඩොලර් බිලියන 68 යි. මෙවැනි අසත්‍ය සහ සාක්‍ෂි සහිතව ඔප්පු කළ නොහැකි දේ පසුගිය ජනාධිපතිවරණයේ දී බහුල වශයෙන් සමාජගත කළා. ඒ බොරුව සමාජය පිළිගත්ත. කටට එන දෙයක් කිව්ව. ඒ දෙයම දැනුත් සිදු වෙනව. ඊට එක් උදාහරණයක් තමයි ඉන්දීය අගමැතිගේ පැමිණීම ගැන කියූ දෙය. ඉන්දීය අගමැතිවරයෙක් ලංකාවට එන්නේ වසර 25 කට පසුව බව ඔවුන් කිව්වා. ඒත් 2008 වසරේදී මන්මෝහන් සිං ශ්‍රී ලංකාවට ආවා. එහෙනම් අවුරුදු 25 කට පසුව නොව අවුරුදු 7 කට පසුවයි එවැන්නක් සිදු වුණේ. මෙවැනි බොරු පවසන්නේ ඇයි? ඒ වගේම පසුගිය වෙසක් දවසේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවට ආවා. අවුරුදු ගණනාවකට පසුව ඇමරිකානු රාජ්‍ය ලේකම් කෙනෙක් ලංකාවට පැමිණි බවයි විදේශ ඇමැතිවරයා කිව්වේ. ඒත් එය අසත්‍යයක්.
2004 දෙසැම්බර් 26 වැනිදා ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පසු 2005 ජනවාරි මස ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවල් ලංකාවට ආව. මේ අය ඉතා සරල කරුණු පවා බොරු ලෙස කියනව. ඒ වගේම යුද්ධයේ දී සිවිල් වැසියන් මියගියාද නැද්ද යන්න සෙවීමට යාන්ත්‍රණයක් හැදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා එක්‌සත් ජාතීන්ගේ සම්මේලනයට එකඟ වුණාලු.
ඇත්තටම එහෙම දෙයක් වුණේ නැහැ.
ශ්‍රී ලංකාව කවදාවත් බෑන් කිං මූන්ට ප්‍රතිඥවක් දුන්නේ නැහැ. යුද අපරාධ පිළිබඳ සොයා බැලීමට දේශීය යාන්ත්‍රණයක් හදන බවට. දෙපාර්ශ්වය මගින් නිකුත් කළ එම ඒකාබද්ධ ප්‍රකාශනයේ එවැන්නක් සටහන් වෙලා නැහැ. මෙවැනි අසත්‍ය කරුණු දේශපාලන පක්‍ෂ සහ නායකයන් විසින් මාධ්‍ය හරහා දරුණු ලෙස සමාජගත කරමින් සිටිනවා. වත්මන් ආණ්‌ඩුවට දින 100 ක් පිරුණු දිනයේදී ජනාධිපතිවරයා රට අමතා විශේෂ ප්‍රකාශයක් කළා. එහි සඳහන් වුණා එතුමා බලයට පැමිණීමට පෙර අපේ රට වෙනුවෙන් ජාත්‍යන්තරය බෙදී සිටි බවට. ඒත් අපේ රට ගැන හැමෝම එසේ බෙදී සිටියේ නැහැ. අන්තර්ජාතික ප්‍රජාව යන නාමයේ සුජාත බවට කැළලක් එකතු කළ ඇමරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපීය රටවල් සහ ඉන්දියාව පමණයි අපට එරෙහිව සිටියේ. චීනය රුසියාව, ඉන්දුනීසියාව මෙම ගණයට අයිති නැහැ. ඒ නිසා අන්තර් ජාතික ප්‍රජාව යන වචනය ඒ සඳහා යොදා ගැනීම වැරැදියි. ඊනියා අන්තර් ජාතික ප්‍රජාව ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු ලෙස පෙනී සිටි මහින්ද රාජපක්‌ෂගේ පාලනය රිස්‌සුවේ නැහැ. ඇමරිකාව ඉතිහාසයේ විවිධ රටවල් කොටවලා තිබෙනවා. විවිධ රටවල යුද ගිනි අවුලා තිබෙනවා. ඉරාකයට විනාශයක් ගෙන ආවා. ඒ වගේම මුළු මැදපෙරදිගටම යුද්ධ ඇති කළා. ඒ නිසා ඇමරිකාව ගැන කවදාවත් විශ්වාස කරන්න බැහැ. ඉරාකයට සම්බාධක පනවා මිනිසුන් පන්ලක්‍ෂයක් පමණ මියයන්න සැලැස්‌සුවා. කුඩා දරුවන් ලක්‍ෂ ගණනින් එහිදී මියගියා. ඒ අපරාධ ඇති කළේ ඇමෙරිකාවයි. ඔවුන් කවදාවත් වෙනත් රටක් දෙස ආදරයෙන් බැලුවේ නැහැ. ඉරාකය අමාරුවේ වැටුණේ ඇමෙරිකාව විශ්වාස කරන්න ගිය නිසයි.
ඒ වගේම පහුගිය ආණ්‌ඩුව සමයේදී යම් යම් වැරැදි සිදු වුණු බව අපත් පිළිගන්නව. සියල්ල හරි යෑයි කියන්න අපි සූදානම් නැහැ.
විශේෂයෙන් පහුගිය ආණ්‌ඩු කාලයේදී විදේශ ප්‍රතිපත්තියේ යම් අඩු ලුහුඩුකම් ද සිදු වුණා. විශේෂයෙන් 2010 වසරෙන් පසුව. ඒත් මහින්ද රාජපක්‍ෂ රජයට ඒ බටහිර අධිරාජ්‍යවාදීන් විරුද්ධ වූයේ එම ප්‍රශ්න නිසා නොවේ. මානව හිමිකම් ප්‍රශ්නය නිසාවත්, ආර්ථික සාධක නිසාවත් නොවේ. මහින්ද රාජපක්‍ෂ මහතාට සහ රජයට බටහිර අධිරාජ්‍යවාදීන් විරුද්ධ වුණේ.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එල්. ටී. ටී. ඊ. සන්නද්ධ බෙදුම්වාදය මිලිටරි ක්‍රමයකින් පරාජය කළා. එය තමයි ඔවුන් කුපිත කිරීමට එකම හේතුව. යුද්ධයේ උච්චතම අවදියේදී බටහිර ප්‍රබල රාජ්‍යයන් දෙකක විදේශ ඇමැතිවරු දෙදෙනෙක් ලංකාවට ආවා. ඇවිත් යුද්ධය නතර කරන ලෙස ජනාධිපතිවරයාට කිව්වා. අපේ රට තවදුරටත් බටහිර කොලණියක් නොවන බවත් යුද්ධය නතර නොකරන බවත් ඔවුන්ට ජනාධිපතිවරයා පැවසුවේය. ඒ වගේම ජනාධිපතිවරයා එරික් සෝල්හයිම්ට හිස නැමුවෙත් නැහැ. අභීතව තීන්දු තීරණ ගත්තා. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂට ඔවුන් එරෙහි වුණේ.
බෙදුම්වාදය නව අධිරාජ්‍යවාදයේ මෙවලමක් උපකරණයක්. ලෝකය තමන්ගේ අණසක යටතට පත් කිරීමට බටහිර අධිරාජ්‍යයන්ට එදා වගේ අද නොහැකි නිසා තමන්ට හිතවත් නායකයන් හරහා ඒ රටවල් සමග මිත්‍ර වෙනවා. හැබැයි ඒ රටවල් ඇතුළතින් අවුල් කරනවා. බෙදුම්වාදයට උඩ ගෙඩි දෙනවා. ශ්‍රී ලංකාව නමැති කුඩා රාජ්‍යයත් බෙදුම්වාදයෙන් අවුලවන්න ඔවුන් කටයුතු කරනවා. බෙදුම්වාදී පියවරයන් දැන් රටේ දිනෙන් දින ශක්‌තිමත් වෙමින් තිබෙනවා. අවි බලයෙන් සාක්‍ෂාත් කර ගැනීමට නොහැකි වූ අරමුණු ඊනියා අන්තර්ජාතික ප්‍රජාවේ සහය ද ඇතිව ලබා ගැනීමට තමන් කටයුතු කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් ප්‍රකාශ කර තිබෙනවා. මේ රටේ ඒකීය භාවය ජාතීන් අතර සමගිය බිඳ වැටෙයි යන බරපතළ අභියෝගයකට අද අපි මුහුණ දෙමින් සිටිනවා. එම අභියෝගය ජය ගැනීමට ඔබ අපි අදිටන් කරගත යුතුයි. ලබන අප්‍රේල් මසට පෙර එම අවස්‌ථාව ඔබට හිමියි.
ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා -
ජනාධිපති ක්‍රමය මේ රටෙන් අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් රටට අවශ්‍ය යෑයි පසුගිය ජනාධිපතිවරණයේදි කියවුණා. ඇත්තටම 1978 ව්‍යවස්‌ථාවේත් සඳහන් වෙනවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තවට වගකිවයුතු බව. එහි 42 වැනි වගන්තියේ ඒ බව තිබෙනවා. ඒත් එය කුමන ආකාරයෙන් සිදු විය යුතු ද යන්න පිළිබඳ ක්‍රමවේදයක් පමණයි අපට නොතිබුණේ. ඒත් වත්මන් ආණ්‌ඩුව සිදු කළේ 42 වැනි වගන්තියේ තිබුණු වචන ඒ විදිහටම අරගෙන 33 වැනි වගන්තිය ලෙස එම වගන්ති අංකය වෙනස් කිරීම පමණයි. වෙන කිසිම දෙයක් සිදු වූයේ නැහැ.
ඒ වගේම 13 වැනි සංශෝධනය එසේ තිබියදී ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යනු බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන එක් පුරුකක්‌ද කියා අපට හැඟෙනවා. සියලුම රාජ්‍ය බලය මධ්‍යම ආණ්‌ඩුවේ කැබිනට් මණ්‌ඩලයට දෙනවට බෙදුම්වාදීන් කැමැති නැහැ. මධ්‍යම ආණ්‌ඩුව දුර්වල කිරීමේ ක්‍රමයක් ලෙසත් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දැක්‌විය හැකිය. 13 අහෝසි කර ජනාධිපති ක්‍රමය ද අහෝසි කළහොත් නැවත රටේ කේවළ ක්‍රමයට ඡන්දයට යැමට හැකියි.
ව්‍යවස්‌ථාදායක සභාව දහදෙනකුගෙන් සමන්විතයි. ඒත් එහි සාමාජික කථානායකට එහි ඡන්දයට අයිතියක් නැහැ. ඉතිරි 9 දෙනාගෙන් 5 දෙනෙක් ඡන්දය දුන්නොත් ඒ සභාවට ඕනෑම තීරණයක් ගත හැකියි. ව්‍යවස්‌ථාදායක සභාවට අයත් වෙන්නේ කවුද කියලා තීරණය කරන්න අපේ මන්ත්‍රිවරුන්ට අයිතියක් නැහැ. ඒත් සුළු පක්‍ෂ මන්ත්‍රීවරුන්ට ඒ අයිතිය තිබෙනවා. අගමැතිව සහ විපක්‍ෂ නායකව ජාත්‍යන්තරයට නම්ම ගත හැකි නම් එම ව්‍යවස්‌ථාදායක සභාවට ජාත්‍යන්තරයට අත පෙවිය හැකියි.
අපේ රටේ අගවිනිසුරු, විනිසුරුවන්, පොලිස්‌පතිවරයා පවා පත් කරන්න, ඉවත් කරන්න ඒ හරහා ජාත්‍යන්තරයට අවස්‌ථාව ලැබෙනවා. 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් අප ලබාගත් දෙයක් නැහැ. ලැබූ එකම දෙය ජනාධිපතිවරයාට පත් කළ හැකි තනතුරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු යටතට පත් කිරීමට අවස්‌ථාව දීම පමණයි.
ගෙවිඳු කුමාරතුංග මහතා -
ත්‍රස්‌තවාදය පරාජය කර රට රැක ගැනීම පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මහත්තයාට අපේ කෘතඥතාවය හිමි විය යුතුයි. එතුමාට පමණක් නොව රට එක්‌සත් කළ රජවරුන්ටත් එම කෘතඥතාවය පිදිය යුතුයි.
ඒත් වත්මන් ජනාධිපතිවරයා ව්‍යවස්‌ථාව උල්ලංඝනය කළ අයෙක්. එතුමා අගමැතිවරයා පත් කිරීම එයට හොඳම නිදසුනකි. ඒ වගේම එතුමා ශ්‍රී ලනිපයේ නායකත්වය භාර ගැනීමත් අපට පිළිගන්න බැහැ. ලක්‍ෂ 58 ක් ශ්‍රී ලනිප පාක්‍ෂිකයන් මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව ඡන්දය දුන්නා. වත්මන් ජනාධිපතිවරයා සිදු කරන එවැනි දේවල් යහපත් කටයුතු ලෙස පිළිගන්න අපි සූදානම් නැහැ.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළුÊමහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, ජානක බණ්‌ඩාර යන මහත්වරු, සුදත් රෝහණ, ඕෂධී හේවාමද්දුම යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවෝ පිරිසක්‌ද ගුණදාස අමරසේකර, සේන තෝරදෙණිය, හේමසිරි ජයතිලක ඇතුළු විද්වත්හු පිරිසක් ද මේ අවස්‌ථාවට සහභාගි වී සිටියහ.
දිවයින - 2015/06/20
- ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා
-කුෂාන් සුබසිංහ
වෙබ් අඩවි සහ ජනමාධ්‍ය ඔස්‌සේ වපුළ අසත්‍යයෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්වින්දනය කිරීමකට ලක්‌වුණු සමාජය දැන් නැවත ප්‍රකෘති සිහිය ලබමින් සිටින බව අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝසභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පෙරේදා (18 වැනිදා) මහජන පුස්‌තකාලයේ දී පැවැති සමුළුවකදී පැවසූහ.
"යුතුකම සංවාද කවය" මගින් සංවිධානය කළ "මෛත්‍රී - රනිල් වෙනස සැපද" යන සම්මන්ත්‍රණ මාලාවේ පළමු සමුළුව අමතමින් ධම්මානන්ද හිමියෝ එසේ පැවසූහ.
එහිදී තවදුරටත් අදහස් දැක්‌වූ අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි -

හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පක්‍ෂය වත්මන් ජනාධිපතිවරයාට භාර දුන්නා. ඒ නිසා පක්‍ෂය රැකගෙන පක්‍ෂය ජයග්‍රහණය කිරීමේ වගකීම වත්මන් ජනාධිපතිවරයාට තිබෙනවා. ඒත් අද තිබෙන්නේ හයිබ්‍රිඩ් ආණ්‌ඩුවක්. පාලකයා කවුද, අගමැති කවුද, විපක්‍ෂ නායකයා කවුද යන අවුල් භාවය රටේ තිබෙනවා. දේශපාලනය අවුල් වෙලා. දේශ හිතෛෂීව, ජාති හිතෛෂීව කටයුතු කළ ස්‌වාමීන් වහන්සේලා පවා අපෙන් ඈත්වෙලා සිටිනවා.
ජනවාරි 08 වැනිදාට පෙර කියූ දේවල් නොවේ අද සිදු වෙන්නේ. කල් මැරීම් සහ මවාපෑම් පමණයි තිබෙන්නේ. රටේ ආණ්‌ඩුවක් තිබෙනවා. හැබැයි වැඩක් නැහැ. මේකද යහපාලනය කියන්නේ. මොන ප්‍රශ්න තිබුණත් රටක ස්‌ථාවර ආණ්‌ඩුවක් තිබිය යුතුයි. රටේ ඒකීයත්වය ආරක්‍ෂා විය යුතුයි. වත්මන් විදේශ ඇමැතිවරයා රට අරාජික කරන්න කටයුතු කරනවා කවුරුවත් ඒවා ගැන කතා කරන්නේ නැහැ. හාමුදුරුවන් වහන්සේලාත් මේවා පිළිබඳ නිහඬයි. අපට අද තිබෙන ප්‍රශ්නය මෙයයි.
මෙහිදී කතා කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා -

2004 දෙසැම්බර් 26 වැනිදා ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පසු 2005 ජනවාරි මස ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවල් ලංකාවට ආව. මේ අය ඉතා සරල කරුණු පවා බොරු ලෙස කියනව. ඒ වගේම යුද්ධයේ දී සිවිල් වැසියන් මියගියාද නැද්ද යන්න සෙවීමට යාන්ත්‍රණයක් හැදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා එක්‌සත් ජාතීන්ගේ සම්මේලනයට එකඟ වුණාලු.
ඇත්තටම එහෙම දෙයක් වුණේ නැහැ.
ශ්‍රී ලංකාව කවදාවත් බෑන් කිං මූන්ට ප්‍රතිඥවක් දුන්නේ නැහැ. යුද අපරාධ පිළිබඳ සොයා බැලීමට දේශීය යාන්ත්‍රණයක් හදන බවට. දෙපාර්ශ්වය මගින් නිකුත් කළ එම ඒකාබද්ධ ප්‍රකාශනයේ එවැන්නක් සටහන් වෙලා නැහැ. මෙවැනි අසත්‍ය කරුණු දේශපාලන පක්‍ෂ සහ නායකයන් විසින් මාධ්‍ය හරහා දරුණු ලෙස සමාජගත කරමින් සිටිනවා. වත්මන් ආණ්‌ඩුවට දින 100 ක් පිරුණු දිනයේදී ජනාධිපතිවරයා රට අමතා විශේෂ ප්‍රකාශයක් කළා. එහි සඳහන් වුණා එතුමා බලයට පැමිණීමට පෙර අපේ රට වෙනුවෙන් ජාත්‍යන්තරය බෙදී සිටි බවට. ඒත් අපේ රට ගැන හැමෝම එසේ බෙදී සිටියේ නැහැ. අන්තර්ජාතික ප්‍රජාව යන නාමයේ සුජාත බවට කැළලක් එකතු කළ ඇමරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපීය රටවල් සහ ඉන්දියාව පමණයි අපට එරෙහිව සිටියේ. චීනය රුසියාව, ඉන්දුනීසියාව මෙම ගණයට අයිති නැහැ. ඒ නිසා අන්තර් ජාතික ප්‍රජාව යන වචනය ඒ සඳහා යොදා ගැනීම වැරැදියි. ඊනියා අන්තර් ජාතික ප්‍රජාව ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු ලෙස පෙනී සිටි මහින්ද රාජපක්‌ෂගේ පාලනය රිස්‌සුවේ නැහැ. ඇමරිකාව ඉතිහාසයේ විවිධ රටවල් කොටවලා තිබෙනවා. විවිධ රටවල යුද ගිනි අවුලා තිබෙනවා. ඉරාකයට විනාශයක් ගෙන ආවා. ඒ වගේම මුළු මැදපෙරදිගටම යුද්ධ ඇති කළා. ඒ නිසා ඇමරිකාව ගැන කවදාවත් විශ්වාස කරන්න බැහැ. ඉරාකයට සම්බාධක පනවා මිනිසුන් පන්ලක්‍ෂයක් පමණ මියයන්න සැලැස්‌සුවා. කුඩා දරුවන් ලක්‍ෂ ගණනින් එහිදී මියගියා. ඒ අපරාධ ඇති කළේ ඇමෙරිකාවයි. ඔවුන් කවදාවත් වෙනත් රටක් දෙස ආදරයෙන් බැලුවේ නැහැ. ඉරාකය අමාරුවේ වැටුණේ ඇමෙරිකාව විශ්වාස කරන්න ගිය නිසයි.
ඒ වගේම පහුගිය ආණ්‌ඩුව සමයේදී යම් යම් වැරැදි සිදු වුණු බව අපත් පිළිගන්නව. සියල්ල හරි යෑයි කියන්න අපි සූදානම් නැහැ.
විශේෂයෙන් පහුගිය ආණ්‌ඩු කාලයේදී විදේශ ප්‍රතිපත්තියේ යම් අඩු ලුහුඩුකම් ද සිදු වුණා. විශේෂයෙන් 2010 වසරෙන් පසුව. ඒත් මහින්ද රාජපක්‍ෂ රජයට ඒ බටහිර අධිරාජ්‍යවාදීන් විරුද්ධ වූයේ එම ප්‍රශ්න නිසා නොවේ. මානව හිමිකම් ප්‍රශ්නය නිසාවත්, ආර්ථික සාධක නිසාවත් නොවේ. මහින්ද රාජපක්‍ෂ මහතාට සහ රජයට බටහිර අධිරාජ්‍යවාදීන් විරුද්ධ වුණේ.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එල්. ටී. ටී. ඊ. සන්නද්ධ බෙදුම්වාදය මිලිටරි ක්‍රමයකින් පරාජය කළා. එය තමයි ඔවුන් කුපිත කිරීමට එකම හේතුව. යුද්ධයේ උච්චතම අවදියේදී බටහිර ප්‍රබල රාජ්‍යයන් දෙකක විදේශ ඇමැතිවරු දෙදෙනෙක් ලංකාවට ආවා. ඇවිත් යුද්ධය නතර කරන ලෙස ජනාධිපතිවරයාට කිව්වා. අපේ රට තවදුරටත් බටහිර කොලණියක් නොවන බවත් යුද්ධය නතර නොකරන බවත් ඔවුන්ට ජනාධිපතිවරයා පැවසුවේය. ඒ වගේම ජනාධිපතිවරයා එරික් සෝල්හයිම්ට හිස නැමුවෙත් නැහැ. අභීතව තීන්දු තීරණ ගත්තා. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂට ඔවුන් එරෙහි වුණේ.
බෙදුම්වාදය නව අධිරාජ්‍යවාදයේ මෙවලමක් උපකරණයක්. ලෝකය තමන්ගේ අණසක යටතට පත් කිරීමට බටහිර අධිරාජ්‍යයන්ට එදා වගේ අද නොහැකි නිසා තමන්ට හිතවත් නායකයන් හරහා ඒ රටවල් සමග මිත්‍ර වෙනවා. හැබැයි ඒ රටවල් ඇතුළතින් අවුල් කරනවා. බෙදුම්වාදයට උඩ ගෙඩි දෙනවා. ශ්‍රී ලංකාව නමැති කුඩා රාජ්‍යයත් බෙදුම්වාදයෙන් අවුලවන්න ඔවුන් කටයුතු කරනවා. බෙදුම්වාදී පියවරයන් දැන් රටේ දිනෙන් දින ශක්‌තිමත් වෙමින් තිබෙනවා. අවි බලයෙන් සාක්‍ෂාත් කර ගැනීමට නොහැකි වූ අරමුණු ඊනියා අන්තර්ජාතික ප්‍රජාවේ සහය ද ඇතිව ලබා ගැනීමට තමන් කටයුතු කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් ප්‍රකාශ කර තිබෙනවා. මේ රටේ ඒකීය භාවය ජාතීන් අතර සමගිය බිඳ වැටෙයි යන බරපතළ අභියෝගයකට අද අපි මුහුණ දෙමින් සිටිනවා. එම අභියෝගය ජය ගැනීමට ඔබ අපි අදිටන් කරගත යුතුයි. ලබන අප්‍රේල් මසට පෙර එම අවස්‌ථාව ඔබට හිමියි.
ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා -

ඒ වගේම 13 වැනි සංශෝධනය එසේ තිබියදී ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යනු බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන එක් පුරුකක්‌ද කියා අපට හැඟෙනවා. සියලුම රාජ්‍ය බලය මධ්‍යම ආණ්‌ඩුවේ කැබිනට් මණ්‌ඩලයට දෙනවට බෙදුම්වාදීන් කැමැති නැහැ. මධ්‍යම ආණ්‌ඩුව දුර්වල කිරීමේ ක්‍රමයක් ලෙසත් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දැක්‌විය හැකිය. 13 අහෝසි කර ජනාධිපති ක්‍රමය ද අහෝසි කළහොත් නැවත රටේ කේවළ ක්‍රමයට ඡන්දයට යැමට හැකියි.
ව්‍යවස්‌ථාදායක සභාව දහදෙනකුගෙන් සමන්විතයි. ඒත් එහි සාමාජික කථානායකට එහි ඡන්දයට අයිතියක් නැහැ. ඉතිරි 9 දෙනාගෙන් 5 දෙනෙක් ඡන්දය දුන්නොත් ඒ සභාවට ඕනෑම තීරණයක් ගත හැකියි. ව්‍යවස්‌ථාදායක සභාවට අයත් වෙන්නේ කවුද කියලා තීරණය කරන්න අපේ මන්ත්‍රිවරුන්ට අයිතියක් නැහැ. ඒත් සුළු පක්‍ෂ මන්ත්‍රීවරුන්ට ඒ අයිතිය තිබෙනවා. අගමැතිව සහ විපක්‍ෂ නායකව ජාත්‍යන්තරයට නම්ම ගත හැකි නම් එම ව්‍යවස්‌ථාදායක සභාවට ජාත්‍යන්තරයට අත පෙවිය හැකියි.
අපේ රටේ අගවිනිසුරු, විනිසුරුවන්, පොලිස්‌පතිවරයා පවා පත් කරන්න, ඉවත් කරන්න ඒ හරහා ජාත්‍යන්තරයට අවස්‌ථාව ලැබෙනවා. 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් අප ලබාගත් දෙයක් නැහැ. ලැබූ එකම දෙය ජනාධිපතිවරයාට පත් කළ හැකි තනතුරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු යටතට පත් කිරීමට අවස්‌ථාව දීම පමණයි.
ගෙවිඳු කුමාරතුංග මහතා -

ඒත් වත්මන් ජනාධිපතිවරයා ව්‍යවස්‌ථාව උල්ලංඝනය කළ අයෙක්. එතුමා අගමැතිවරයා පත් කිරීම එයට හොඳම නිදසුනකි. ඒ වගේම එතුමා ශ්‍රී ලනිපයේ නායකත්වය භාර ගැනීමත් අපට පිළිගන්න බැහැ. ලක්‍ෂ 58 ක් ශ්‍රී ලනිප පාක්‍ෂිකයන් මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව ඡන්දය දුන්නා. වත්මන් ජනාධිපතිවරයා සිදු කරන එවැනි දේවල් යහපත් කටයුතු ලෙස පිළිගන්න අපි සූදානම් නැහැ.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළුÊමහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, ජානක බණ්‌ඩාර යන මහත්වරු, සුදත් රෝහණ, ඕෂධී හේවාමද්දුම යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවෝ පිරිසක්‌ද ගුණදාස අමරසේකර, සේන තෝරදෙණිය, හේමසිරි ජයතිලක ඇතුළු විද්වත්හු පිරිසක් ද මේ අවස්‌ථාවට සහභාගි වී සිටියහ.
දිවයින - 2015/06/20
I am waiting to listen to the talks through utube. Please make arrangements to upload the files to the utube.
ReplyDeleteමග බලාසිටිමි අහන්නට කියවන්නට
ReplyDelete