6/07/2015

ශ්‍රිලනිප උරුමය ජාතික උරුමයයි.අපි පක්‍ෂ ඉක්මවා ගියෙමු

කතෘ:යුතුකම     6/07/2015   1 comment

මදය නැති ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් දැන් වඩාත් හොඳින් නිරාවරණය වන්නට පටන් ගෙන තිබේ. එස් බී දිසානායක, තිලංග සුමතිපාල, රාජිත සේනාරත්න වැනි අය එවැන්නන් ය. ඌරන්ට කෑම පිළිබඳ තේරීමක් නැත. අතනින් මෙතෙන්ට පනිමින් හසුවන ඕනෑම දෙයක් කෑම ඌගේ සිරිත ය. ඉහත මන්ත්‍රිවරුන්ට දේශපාලන දෘෂ්ටිවාදයක් හෝ ප්‍රතිපත්තියක් අවශ්‍ය නැත. තාවකාලික හෝ සුවයක් ඇත්තේ කොතැන ද, තම පුද්ගලික අවශ්‍යතා සපිරෙන්නේ කොහි ද එතනට තල්ලු වීමට මොවුන්ට දුෂ්කර නොවන දෙයකි. පහුගිය සතියේ ශ්‍රීලනිප මාධ්‍ය සාකච්ඡාවේ දී බෙදා හල කැලෑපත්තරය කරළියට එන්නේ ඉහත ඌරු කුලේ දේශපාලකයින්ගෙන් ය. දැන් මොවුන් විසින් හෙට අනිද්දා රනිල්-චන්ද්‍රිකා-මෛත්‍රී කට්ටුවේ අවමනාවට මහින්දට එරෙහි නොයෙක් අවලාද ද නගනු නියත ය.

මෙම අලජ්ජී දේශපාලකයින් අනිවාර්යෙන් ම මහින්ද පිළිබඳ ඉන්නේ චම්පිකලා එදා මහින්ද පිළිබඳ කළ වැරදි ගණයයට සමාන එකක ය.චම්පිකලා එදා සිතුවේ කෙසේ හෝ පරාජය කළහොත් මහින්දට දෙවැනි උපතක් නැති බව ය. ඒ අනුව, ජාතිකවාදය තමාට ගෙඩිපිටින් අනුභව කළ හැකි බව ය. එහෙත් මැදමුලනට ඇදුනු ජනගඟ ද මහින්ද යන යන තැන් රොක් වී මහින්ද ඉල්ලූ මෙරට සංස්කෘතික ජනකැළ ද තුප්පැහි ආත්මාර්ථකාමීන්ගේ අපේක්‍ෂා භංග කළේ ය.
එස් බීලා ද හිතන්නේ ශ්‍රීලනිපය යනු ලියාපදිංචි ලකුණ, නම හා ඩාර්ලි පාරේ ගොඩනැගිල්ල බව ය. ඇතැම් පක්‍ෂවලට සාපේක්‍ෂ ව නම් පක්‍ෂයක් යනු මේවා ය. වහල් මානසිකත්වයෙන් යුතු ජවිප සාමාජිකයාට මෙය ඇත්තකි. කැපුවත් කොළ එජාප සාමාජකයාට එය එසේ ය. ඔවුන්ට අලියා තරම් අන් කිසිවක් වටින්නේ නැත. මොවුන් පක්‍ෂ වහලුන් ය. එහෙත් ශ්‍රිලනිපයා තම පක්‍ෂ ලකුණ. පාට හා නම පිළිබඳ තකන්නේ නැත. ඔහු නිරන්තර ව තැකුවේ රට, ජාතිය හා සමය ගැන ය. ඔහු බලය තිබෙන පැත්ත ගන්නේ ද නැත. බලය හමුවේ දනින් වැටෙන්නේ ද නැත. බලය ඇති මෛත්‍රී ප්‍රතික්‍ෂේප කරමින් බලය නැති මහින්ද වටා ඔහු රොක් වන්නේ ඒ පදනමින් ය. ඔහු තමාට, තම පවුලට රැකියාවක් ලබා ගැනීම සඳහා ප්‍රතිපත්ති පාවා නොදෙන්නකි. ඒ අතින් ඔහු සංවර්ධිත බටහිර රටවල පුරවැසියාට සමාන ය. ඔවුන් ද රට, ජාතිය හා ආගම ඉදිරියේ අන් සියල්ල ඉවත ලයි. ඔවුන්ගේ සංවර්ධනයේ රහස ඒ ය.

රට ජාතිය නියෝජනය වන්නේ කොතැන ද ශ්‍රිලනිපය එතැන ය. ශ්‍රිලනිපයේ උරුමය ජාතික උරුමයයි. අන් කිසිවක් ඊට ඉහළින් නැත. එය පක්‍ෂ පාට ඉක්මවා යන්නකි. ඒ අනුව, ලියාපදිංචි ශ්‍රිලනිප ලිපි ශීර්ෂය හා ලකුණ අලුයම ලූ කෙළ පිඩක් සේ බැහැර කිරීමට ශ්‍රිලනිපයා සූදානම් ය. ඔහු නිදහස් මතධාරියෙකි. නිදහස් පක්‍ෂය යන නමේ නියම අරුත් එයයි. මහින්ද යනු තවත් එක ශ්‍රිලනිප නායකයෙක් නොවන බව නිදහස් පාක්‍ෂකයා දනී. ඔහුට ආදේශ නැත. ඔහු සිරිමා මැතිනිය හෝ චන්ද්‍රිකා ද නොවේ. ඔවුන් ගියොත් ගියා ය. එහෙත් මහින්ද යනු අද්විතීය ජනමූල නායකයෙකි. ශ්‍රිලනිපයා ඔහු ගෙදර යවන්නේ මෙරට යළි කිසිවෙකුට පරාජය කළ නොහැකි තැනකට ඔසවා තැබීමෙන් පසු පමණි. මහින්ද නැති ශ්‍රිලනිපයක් ගොඩගත හැකිය යන එස්බීලාගේ ගණනය, මහින්ද පිළිබඳ චම්පිකලාගේ වැරදි ගණනයේ දෙවැන්න වන්නේ මෙනිසා ය.

-මහින්ද පතිරණ
යුතුකම සංවාද  කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ඔබගේ අර්ථකථනය ඉතාමත් නිවැරදිය. නියම නිදහස් පාක්ෂිකයා ලකුණක, පාටක, කාර්යාලයක සිරවී නැත. නමුත් එක අදහසක ඇත. ඒ රට, ජාතිය, ආගම රැක ගැනීමය. එය ඉටු කර ගැනීමට සිට ගත යුත්තේ කා සමගද යන්නත් ඔවුන්ට මැනවින් හඳුනා ගත හැක.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions