6/13/2018

ලුම්පන් එලීටියානු තුප්පහි සාද ..!

කතෘ:යුතුකම     6/13/2018   No comments

- කුමාර ලියනගේ-පසුගියදා කොළඹ පැවැත්වුණු සුපිරි උපන්දින සාදය (?) පිළිබඳ ව සමාජයේ විවිධ අදහස් නිර්මාණය වෙමින් තිබේ. බොහෝ දෙනෙකු විසින් මේ වන විට එකී උපන් දිනයේ ඡායාරූප සහ වීඩියෝ පට නරඹනු ලැබ ඇතුවාට සැක නැත.

මම ද නැරඹුවෙමි.
ඒවා නැරඹු අය ඔලු අවුල් කර ගෙන තිබේ. එක්කෝ ඊට කැමැත්තෙනි. නැත්නම්, ඊට අකැමැත්තෙනි.

එ් සාදයේ විවිධ කාමුක ඉරියව්, සංකේත, ඇඳුම් ඉදිරිපත් කළ අය කෙරෙහි බොහෝ පිරිසක් වෛරයක් ඇති කර ගෙන තිබෙන බව, ඒ ඒ නිළියන් ගේ සහ නිරූපිකාවන් ගේ FB පිටු නරඹන විට වටහා ගත හැකි ය.
ඒවායේ ඇත්තේ අමුතිත්ත කුණුහරුප ය. එකී තරුණියන් ද, ඒ අදහස්වලට වීදිගණිකා භාෂාවෙන් ම උත්තර දී තිබේ.

දැන් මේ සිදුවීම විග්‍රහ කර ගැනීම පහසු ය.

කෝටි ගණනක් මුදල් වියදම් කර තරු පන්තියේ හෝටලයක පවත්වනු ලබන කවර හෝ සාදයක අරමුණ විය හැකි වන්නේ උසස් සමාජභාවයකි. උසස් හැසිරීමකි. වගකීම්සහගත විනෝදයකි. එ් අනුව, වීදිගණිකා භාෂාවක් ඔවුන් විසින් භාවිත කෙරෙන්නේ කෙසේ ද?

යථාර්ථය ඇත්තේ මෙතැන ය.

මේ සියලු පිරිස් අයත් වන්නේ 77න් පසු මෙරට තුළ එක්වර බිහිවුණු ලුම්පන් එලීටියානු පන්තියට හෙවත් අතමිට සරු තුප්පහි පන්තියට ය. එය විස්තර කිරීම කෙටියෙන් සිදු කළ නො හැකි ය. එනම්, සුපිරි ජීවිත (?) ගත කරන මැරයන්, කුඩුකාරයන්, ගණිකාවන් වැනි පිරිසකි.

ඒ අනුව වීදි ගණිකා භාෂාවෙන් මේවාට බනින්නෝ ද, උඩගෙඩි දෙන්නෝ ද, එකම කාසියක දෙපැත්තක් වෙති. එය සමාන වන්නේ, 2015දී රාජපක්ෂ රෙජීමයට බැණ අඬගසන ලද පුද්ගලයන්ට ය. එදා යහපත් මිනිසුන් ලෙස පෙනී සිටි පුද්ගලයෝ, අද ඇරියස් කවර් කරමින් සිටිති. එ් අනුව එදා බැණ තිබෙන්නේ වෙනත් යටි අරමුණක් ඇති ව බව පැහැදිලි ය.

මා පවසන්නේ මේ චරිත පිළිබඳ ව අප රුදාවක් ඇති කර ගත යුතු නැති බව ය. ඊට හේතුව මොවුන් ගේ මුළු ජීවිත ම ඛේදවාචක වී තිබෙන නිසා ය.

පොදුජන සමාජය නො ඉවසන යමක් කරන්නේ නම්, ඔහු/ඇය හැදී වැඩී තිබෙන්නේ සාමාන්‍ය සමාජ පරිසර තත්ත්වයක නො වන බව අවබෝධ කර ගත යුතු ය. ඒ නිසා ඔවුන් ගේ ජීවිතවල ඇතුළාන්තය යනු, දහජරාව පිරුණු පල් වලකි.

ජීවිතයේ සෞන්දර්ය විඳින්නට ඔවුන්ට පින නැත. ප්‍රේමයේ නිර්ව්‍යාජ උණුසුම ලබන්නට ඔවුන්ට පින නැත. සැමියා, බිරිඳ, දරුවා අතර ඇතිවන ශිෂ්ටාචාරික මානව බැඳීමක උත්කර්ෂය ඔවුන් ගේ මායිමක නැත. කෙටියෙන් පවසනවා නම්, ඔවුන් ජීවිතයේ සතුට අත් විඳ නැත. ඔවුන් කරන්නේ මෙවැනි සාදවලට පැමිණ, අසහනය දුරු කර ගෙන, මත්ද්‍රව්‍ය සහ මත්වතුර පානය කර, මහ රෑ තමන් ගේ ගුබ්බෑයමට ගොස් ඇඳේ වැටී, හිඟන්නන් මෙන් නිදා ගැනීම ය.

මේ සඳහා කදිම උදාහරණයක් සපයන්නේ මෙරට කාමුක චිත්‍රපටිවලට නමක් දිනා ගැනුණු එක්තරා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයකු සහ ඔහු ගේ හිටපු බිරිඳ ය. ඔවුන් දෙදෙනා එක් ව වසන කාලයේ, ඔවුන් හැසිරුණේ ලෝකයේ ඉතා දියුණු අඹුසැමි යුවලක් මෙනි. එකිනෙකා ගේ නිදහසට ගරු කරන සබුද්ධික යුවලක් මෙනි. එකල ඔවුන්ට අනුව, සාම්ප්‍රදායික ජීවිතයට නැඹුරු වන්නෝ ළිං මැඩියෝ ය. එසේ ද වුවත්, යටින් ඔඩු දුවා ගොස්, කුණු සැරව පිරුණු විසර ගෙඩිය පිපිරුණු පසු එහි ගඳ සමාජය පුරා පැතිර යන්නට වූයේ, බිරිඳ දික්කසාද වීමෙන් පසු ය. ඈ, ඇය ගේ ජීවිත ඛේදවාචකය හිටිවන හෙළිදරව් කිරීමට පටන් ගත්තා ය. එ් නිසා ඉහත කී අධ්‍යක්ෂකවරයා ගේ රෙදි ගැලවී ගියේ ය.

පසු හෙළිදරව්වට අනුව ඇය ලෝක පරිමාණයෙන් ප්‍රකට ලිංගික නිළියක් වී තිබුණේ, කුඩා කාලයේ ඇයට ලිංගික අඩන්තේට්ටම් කරන ලද බාප්පාට පින්සිද්ධ වන්නට මිස, සැමියා ගේ අප්‍රමාණ මානව බැඳීම නිසා නො වේ. ඈ ඔහු ගේ ද ලිංගික වහළියක් වී සිටියා ය.

මෙවැනි සුපිරි පන්නයක් මවා ගෙන සිටින, ලුම්පන් එලීටියානු සමාජයේ එක්තරා නිරූපිකාවක විසින් ඇය ගේ ජීවිතයේ ඇත්ත මේ වන විටත් අන්තර්ජාලයට මුදා හරිනු ලැබ තිබේ.

එහිදී ඈ කියන්නී, වයස අවුරුදු 7දී මව මියයෑම නිසා, වැරැදි කළ විට ඒවා පෙන්වා දෙන්නට කිසිවකු නොසිටි බව ය. මව සිටියා නම් තමන් ගේ ජීවිතය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණු බව ය.

'මීට වඩා වෙනස් වන්නට තිබුණා' යන්නෙහි අර්ථය වන්නේ 'මීට වඩා සුන්දර වන්නට තිබුණා' යන්න ය.

ඒ අනුව ලිංගික අවයව පෙන්වමින් ප්‍රසිද්ධියේ සිදු කරන මෙවැනි ඊනියා තරු පන්තියේ වීදිගණිකා රංගනවල ඇත්තේ කාලකණ්ණිකම බව අපට අවබෝධ විය යුතු ය.
දන්නා බව පෙන්නුව ද, ඔවුන් දන්නා දෙයක් නැත. ලිංගික අවයව කුණු වූ වීදි ගණිකාවන් වෙසෙන ඉන්දියාවේ 'කාමාතිපුර' සහ ව්‍යාත්සායන ගේ දර්ශනය මත ඉදි කරන ලද 'කජුරාවෝ දේවාලය' අතර තිබෙන වෙනස, දන්නවාදැයි, ඔවුන් ගෙන් අසන්න.

'කාමාතිපුර' උන් ගේ ය. 'කජුරාවෝ දේවාලය' අප ගේ ය.

පිරිමින් ලෙස මෙලෙස පෙනී සිටින මුග්ධයන් ගෙන්, 'ශුක්‍රානු පහ කිරීම' (ejaculation) සහ 'සුරතාන්තය' (orgasm) අතර තිබෙන වෙනස, දන්නවාදැයි අසන්න.
ප්‍රේමයෙන් ද, ලිංගික වශයෙන් ද, ත්‍රිවිධාකාර වූ සාමිභෝගික රසයෙන් ද, තෘප්තිමත් වූූ පිරිමින්ට ද, ගැහැනුන්ට ද, කිසිදාක ඇරියස් පවතින්නේ නැත. ඒ නිසා ඔවුන්ට එළීයේ පෙන්නමින් දඟලන්නට අවශ්‍ය නැත.

මුහුණුපොතේ ප්‍රේම සටහන් තබන බොහෝ පිරිසක ගේ ද ඇත්තේ මානසික හිඩැසකි. අවශ්‍ය කාලයේ ආදරය සහ ලිංගිකත්වය නො ලැබීම ඔවුන් ගේ ජීවිතවල තිබෙන සැබෑ ඛේදවාචකය ය.

සැබෑ ලිංගික ආස්වාදයෙන් ශරීරය නිවා ගත් පුද්ගලයා, ග්‍රීස්ම කාලයේ ජලයේ බැස සිහිල් දිය නාගත් ඇතෙකුට සමාන කෙරුණු අවස්ථා, ඉපැරණි බෞද්ධ සාහිත්‍යයේ ඇත.
ඒ අනුව, ඇතාට මද කිපෙන්නේ නැත.

අප තේරුම් ගත යුත්තේ දුරුත්තට බැල්ලියන් පස්සේ රැළේ ගිය ද, දුරුත්තට පසු, පස්සා පැත්ත මූණේ ඇතිල්ලුව ද, එකී බල්ලන් ම, වගේ වගක් නැතුව සිටින බව ය.
බැල්ලියන්ට එවැනි ඉරණමක් අත් වන්නා සේ ම, මෙවැනි ලුම්පන් එලීටියානු මිනිස් බැල්ලියන්ට සිදු වන දේ ද, අප ගේ ඇස් පනාපිට ඔප්පු වෙමින් තිබේ.

උන් ගේ කරුමය, උන් ගේ ය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions