සිංගප්පුරුවෙන් ලොව පුරා භාණ්ඩ බදු රහිතව ලංකාවට
සිංගප්පුරුව යනු වෙළඳ මධ්‍යස්ථානයකි. ලොව ඕනෑම රටකින් සිංගප්පූරුවට ඇතුලුවන භාණ්ඩවලින් 99%කටම ආනයනික බදු අය නොකෙරේ. එනිසා එවැනි රටක් සමඟ ගිවිසුමකට එළැඹීමේදී ශ්‍රී ලංකාව විසින් බදු සහන ලබා දෙන්නේ සිංගප්පුරුවේ නිපදවන හෝ සිංගප්පූරුවේදී ප්‍රමාණවත් තරම් අගයක් එකතු කරන ලද භාණ්ඩවලට පමණක් බවට තහවුරු කර ගැනීම ඉතා අවශ්‍යය. වෙළඳ ගිවිසුම් වල ඒ සඳහා භාවිතා කරන නීතිය, ප්‍රභවය පිළිබඳ නීතිය (rules of origin) ලෙස හැඳින්වේ.
ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයා අනාථ වන ලෙස, මෙම ගිවිසුම මඟින් ලෝකයේ අන් රටවලින් ආනයනික බදු රහිතව සිංගප්පූරුවට ඇතුල්වන භාණ්ඩවලට, ලංකාවට ආනයනික බදු රහිතව ඇතුලුවීමට අවශ්‍ය කරන තත්වය සකස් කර ඇත. ඒ බව සිංගප්පූරුවේ වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ගිවිසුම අත්සන් කරන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ, "The SLSFTA also contains one of the most liberal rules of origin (ROO) which will allow more exports from Singapore to qualify for the lower tariffs negotiated." යනුවෙන් සඳහන් වීමෙන් පැහැඳිළි වේ.
මෙම වගන්තිය ඉතා ලිහිල් ලෙස යොදා ඇති බැවින් බොහෝ භාණ්ඩ මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට යැවීමට සුදුසුකම් ලබන බව සිංගප්පුරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශයේ නිවේදනයෙන් පැහැදිළි වේ. Rule of Origin (Protocol 1, Article 5) නමැති වගන්තිය ඉතා දුර්වල ලෙස යෙදීම මඟින් මෙය සිදු කර ඇත.
නිදහස් වෙළෙඳ ගිවිසුමක් යටතේ තීරුබදු ඉවත් කළ භාණ්ඩ සැබැවින්ම ගිවිසුම අත්සන් කර ඇති රටවලින් පැමිණෙන බව තහවුරු කිරීම සඳහා ප්‍රභවය පිළිබඳ නීතිය (Rule of Origin) යොදා ගැනේ. මෙහිදී සිංගප්පුරුවට ලංකාවේ සිට භාණ්ඩ පැමිණියත් වෙනත් රටක සිට භාණ්ඩ පැමිණියත් ආනයනික බද්දෙන් නිදහස්ය. එනිසා සිංගප්පූරුවට මෙම ප්‍රභවය පිළිබඳ නීතිය පලක් නැත. එම නීතිය මඟින් ආරක්ෂාව අවශ්‍ය වන්නේ ලොව ඕනෑම රටක සිට බදු රහිතව භාණ්ඩ ඇතුලු වීමට ඉඩ ලබා දී ඇති සිංගප්පුරුව සමග ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකාවටයි. මෙම ගිවිසුම මඟින් වෙනත් රටවල භාණ්ඩවලට ද බදු රහිතව ලංකාවට ඇතුළු වීමට ඉඩ සළසමින් ප්‍රභවය පිළිබඳව රීතිය ඉතා දුර්වල ලෙස යොදා ඇති ආකාරය සළකා බලමු.
Chapter 02- 7, Protocol 1, Article 5
මෙහිදී (a) හෝ (b) හෝ (c) යන කොන්දේසි තුනෙන් එකක් සපුරාලූ විට මෙම ගිවිසුම යටතේ බදු ඉවත් කිරීමට සිදු වේ. ශ්‍රී ලංකාව අත්සන් කර ඇති අනෙක් ගිවිසුම් වලදී මෙම වගන්තිය සඳහා මෙලෙස සම්බන්ධ කර ඇත්තේ And යෙදීම මඟිනි. එනම් කොන්දේසි සියල්ල සපුරාලිය යුතු ලෙසටය. එසේම එම කිසිම ගිවිසුමක භාණ්ඩ සඳහා කියා වෙනම, Product Specific Rules ඉදිරිපත් කර නැත.
මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මේ කරුණ පිළිබඳව සඳහන් කරන විට ඔහු හිතාමතාම මෙරට දේශීය නිෂ්පාදකයා නොමඟ යැවීම සිදු කරයි. ඔහු පවසන්නේ 35% ක අගය එකතු කිරීම සහ HS කාණ්ඩ අගය (භාණ්ඩ වර්ගීකරණය කරන ක්‍රමයකි) 4 වන මට්ටම දක්වා වෙනස් කළ යුතුය යන මෙහි පළමු කොන්දේසි දෙක පිළිබඳව පමණි. නමුත් මෙහිදී සිදු වී ඇත්තේ Product Specific Rules ලෙස නම් කරමින් ඉතාම ලිහිල් තත්වයන් යටතේ බදු රහිතව ලංකාවට එවිය හැකි වෙනම භාණ්ඩ ලයිස්තුවක් සිංගප්පූරුව විසින් මේ සඳහා ඇතුළු කිරීමයි. මලික් සමරවික්‍රම මහතා වංචාකාරී ලෙස එම කොන්දේසිය ගැන සඳහන් කිරීම මඟ හරියි. එම භාණ්ඩ ලයිස්තුවේ භාණ්ඩ විශාල සංඛ්‍යාවක් සඳහන් කර ඇත. ඒ භාණ්ඩ සඳහා HS අගය 6 වන මට්ටමෙන් වෙනස් වීම සෑහේ. (6 වන මට්ටමෙන් වෙනස් වීම 4 වන මට්ටමෙන් වෙනස් වීමට වඩා ඉතා අඩු ප්‍රමාණයක වෙනසකි.) උදාහරණයක් ලෙස බල්බය සහ ලාම්පු කවරය රටවල් දෙකකින් ආනයනය කර ලාම්පු කවරයට බල්බය සවිකර එය සිංගප්පුරුවේ නිෂ්පාදිත භාණ්ඩයක් ලෙස ආනයනික බදු රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට මෙමගින් අවස්ථාව ලැබේ. ඇතැම් දියර ආකාරයේ භාණ්ඩ සඳහා ඒවායේ ගඳ, රසය, වර්ණය සහ ආම්ලිකතාවය ඉවත් කිරීම සෑහේ.Chapter 02- 7, Protocol 1, The first few limes of Annex B.
Chapter 02- 7, Protocol 1, Annex A, 1.5
සිංගප්පුරුව ASEAN (බෘනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය) නමැති ආර්ථික කලාපයේ සාමාජිකයෙක් වේ. මේ නිසා ASEAN කලාපයේ රටවල නිෂ්පාදනය වන භාණ්ඩ ඉතා පහසුවෙන් බදු රහිතව ලංකාවට ඇතුළු වනු ඇත. ඒ වගේම ඉන්දියානු සහ චීන භාණ්ඩද සිංගප්පුරුව හරහා බදු රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකිය. එවිට දේශීය නිෂ්පාදකයාට සිය කර්මාන්තශාලා වසා දමන්නට සිදුවනු ඇත.
-වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .