6/18/2018

ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී!

කතෘ:යුතුකම     6/18/2018   1 comment

-නාමල් උඩලමත්ත-
භික්ෂූන් වහන්සේ භික්ෂු විනයට මෙන්ම ජීවත් වන රටේ නීතියට ද අනුගත විය යුතුය. එහෙත් අපේ රටෙි අද ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ ගොඩනැඟුණු සිංහල නීතිය නොව රෝම ලන්දේසි නීතියයි.

ඒ නීති පද්ධතිය වසර සිය ගණනක් මෙරට භාවිත වුවද එය අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට අප අසමත් වී ඇත. අපේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා වන පරිදි ඒ නීතිය අපේ කර ගැනීමට අප අසමත් වී ඇත.

අපේ රටේ භික්ෂුවක් සිවිල් නීතියට අනුගත වරදක් කළ විට දඬුවම් ලබා දීමට එම නීතියට හැකි වීම ගැටලුවක් නොවුණ ද චීවරය ගලවා ජම්පරය ඇන්දවීමේ බලයක් එම නීතියට දිය යුතු නැත.

භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ චීවරය ගලවා දැමීමේ බලය රටේ නායක භික්ෂූන් වහන්සේලාට පමණක් හිමි යුතුය. එය බන්ධනාගාර කොමසාරිස් කෙනෙකුට නොව ජනාධිපතිට පවා ලබා දීම බුද්ධ චීවරයට කරන නින්දාවකි.

දෙව්දත් හිමි අපාගත වූයේද සිවුර පිටින් බව බණ කතාවේ කියවෙයි. කුඩාපොළ හිමි වෙඩි කෑවේ සිවුර පිටිනි. සුද්දා වාරියපොළ සුමංගල හිමි සිරගත කළ ද සිවුර ගැලවූ බවක් නොකියවෙයි. සුද්දා සිවුර ගැලවුවද ඒ වරද වහා නිවැරදි විය යුතුය.

මන්ද එමගින් හෑල්ලුවට ලක් වන්නේ මේ රට දැය සමයෙහි මුර දේවතාවුන් වැනි ආර්ය මහා සංඝ රත්නය කළ මහා උදාර සේවයයි. අපේ බෞද්ධ උරුමයයි. බන්ධනාගාර කොමසාරිස් වැනි මහජන මුදලින් යැපෙන ගිහියකු අතින් ගැළවෙන්නේ හුදු සිවුරක් නොව මේ ශිෂ්ටාචාරයේ අභිමානයේ සළුවයි.

මේ මොහොතේ අප අභියස රඟ දැක්වෙන්නේ භයානක විගඩමක් බවට කිසි සැකයක් නැත. කළු ඩිපෙන්ඩරයක තරුණයකු පැහැර ගෙන ගොස් මරණ තර්ජනය කළ හිරුණිකාලා මැති ඇමතිකම් දරමින් සුවසේ වාසය කරන රටක හුදෙක් මරණ තර්ජනය කළේ යැයි ඥානසාර හිමි සිරගත කර ජම්පරය ඇන්ද වීම ඔස්සේ සතුරා අරමුණු කිහිපයක් සපුරා ගැනීමට කටයුතු කරන්නේ යැයි සිතිය හැකිය.

පළමුවැන්න මේ රටේ සතුරන් සතුටු කිරීමය. දෙවනුව මේ රටේ බුදු දහමට හිමි තැන අහිමි කොට නින්දා කිරීමය. තෙවනුව මේ ආණ්ඩුව රකින අන්තවාදී කල්ලි සතුටු කිරීමය. සිව්වනුව රට වෙනුවෙන් පෙරට එන භික්ෂුව නිහඬ කිරීමය. පස්වනුව සමාව ලබා දී වීරයන් වීමය. සය වනුව එහිමියන්ගේ ගිලිහි ගිය ජනප්‍රියත්වය නැවත ලබා ගැනීමට මග පාදා තමන්ට අවශ්‍ය පරිදි බෞද්ධයන් රැවටීමට යොදා ගැනීමය.

දැන් නිර්මාණය වී අැති පසුබිම තුළ ඥානසාර හිමිට සිරගෙදර සිට පැමිණ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී රනිල් හෝ රටේ සතුරු අපේක්ෂකයාට එරෙහිව වැටෙන බෞද්ධ ඡන්ද ප්‍රමාණයක් කඩා දැමිය හැකිය. නො එසේ නම් ඒ ජනාධිපතිවරණයට රනිල්ට හෝ රටේ සතුරාට එරෙහි අපේක්ෂකයාට සහාය දෙන බව පවසා ඔහුට වැටෙන සුළු ජාතික ඡන්ද විශේෂයෙන් මුස්ලිම් ඡන්ද කැඩිය හැකිය.

බොදුබල සේනාව බිහි කළ පාර්ශව පවසන පරිදිම එය දෙපැත්ත කැපෙන අසිපතකි. රටට හිතැති බලවේග ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී තත්ත්වයට පත් වනු අැත. එහෙයින් ජනතාව වෙනදාටත් වඩා පරිස්සමින් ඉවසීමෙන් මේ දෙස බලා සිටිය යුතුය. මේ නාටකට ඔස්සේ සිදු කරන සංස්කෘතික සංහාරයට එරෙහි විය යුතුය. නැතහොත් මේ අසිපත් පහරක් ලක් මවගේ ගෙලට එල්ල විය හැකිය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. "බොදු බල සේනා සමඟ ජාතික හෙළ උරුමය හලාල් විරෝධී සටනක් ඇරඹුවා අපට මතකය.
    එක්සත් ජාතික පක්ෂය බොදු බල සේනා සංවිධානයට මුදල් ලබා දුන් බවත් හෙළ උරුමයේ ඇතැම් සාමාජිකයින් උපක්‍රමශිලි ලෙස ඉවත් කොට බොදු බල සේනා සංවිධානය තුළට යැවූ බවත් අශෝක අබේගුණවර්ධන නම් ජාතික හෙළ උරුමය සමඟ කරයුතු කරමින් මේ කුමන්ත්‍රණ සඳහා සහභාගී වූ පුද්ගලයෙකු යුග පෙරළිය නමින් පොතක් එළි දක්වමින් හෙළි කොට ඇත.
    ඔහු එහි පවසන්නේ බොදු බල සේනාව යනු දෙපැත්ත කැපෙන ආයුධයක් බවයි, බූදු බලසේනාවට සහය දැක්වුවහොත් මුස්ලිම් ජනයා මහින්දගෙන් ඈත් වෙයි. බොදු බල සේනාවට විරුද්ධ වුවහොත් ඒ වටා සිටින බෞද්ධ දැඩි මතධාරී කොටස් මහින්දගෙන් ඈත් වෙයි. අශෝක අබේගුණවර්ධන බොදු බල සේනාව දෙපැත්ත කැපෙන ආයුධයක් ලෙස හඳුන්වන්නේ එබැවිනි "

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions