මත්තල ගුවන් තොටුපළ ඇත්තේ ශ්‍රී ලංකාවේ ය. ඒ පිළිබඳ විවිධ මතවාද තිබේ. චීනයේ ගෝලීය අවශ්‍යතා ඔස්සේ ගොඩ නැඟුණු මත්තල ගුවන් තොටුපළට එරෙහි වූ අමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් සහ ඔවුන් ගේ ඒජන්තයන්, අප රට තුළ බොහෝ අදහස් ප්‍රචාරය කළ අතර, දැන් එය දේශපාලන පොරපිටියේ ප්‍රධාන මාතෘකාවකි.
අප ගේ දැනීමේ හැටියට මත්තල ගුවන් තොටුපළ නො වන්නට, කොටි සංවිධානය තවමත් උතුරු/නැගෙනහිර ප්‍රදේශයන්හි රජ කරමින් සිටිනු ඇත. කොටි සංවිධානය මර්දනය කිරීමට චීනය වැඩි දායකත්වයක් ලබා දීමේ උපාය මාර්ගය තුළ, මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය භාවිත කෙරෙමින් ගොඩ නඟන්නට අපේක්ෂා කරන ලද, ආසියානු බල සංකේන්ද්‍රණය ද තිබේ.
කොටි ප්‍රහාර කටුනායක දක්වා විහිදුණු අවකාශයක, මත්තල වැනි නවීන පන්නයේ ගුවන් තොටුපළක් ඉදි කරන්නට චීනය ඉදිරිපත් වීම, අහම්බයක් නොවේ. එය චීනයේ අනාගත බල ව්‍යාපෘතියේ මූලික සැලසුමට අයත් ය.
මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය ඔස්සේ ගොඩ නැඟෙමින් තිබුණු චීන ලෝක වෙළෙඳ ආධිපත්‍යය මූලෝපාය තහවුරු කෙරෙන යටිතළ පහසුකම් පද්ධතියට අයත් ය. එය චීන 'නව සේද මාවතේ' (New silk route) ප්‍රධාන කේන්ද්‍රයකි.
මේ පිළිබඳ ව උරණ වූ අමෙරිකාව 'ප්‍රති සේද මාවතක්' (counter silk route) නිර්මාණ කළ අතර, නොබෝ කලකින්ම එය ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලනයේ ද න්‍යය පත්‍රය තීරණය කරන මාරාන්තික සටනක් බවට පත්විණි.
කවර රටක් වුව, කවර රටකවත් ගොදුරක් විය යුතු නැත. සියල්ල සිදු විය යුත්තේ එකඟතාවෙනි. අමෙරිකාව සහ චීනය සසඳන විට පෙනී යන කරුණක් නම්, චීනය සහ ලංකාව අතර පැවතුණු අතීත දේශපාලනික, ආගමික, සංස්කෘතික සහ වෙළෙඳ ගනුදෙනු සිදු වන කාලයේ, ලෝකයේ අමෙරිකාව නමින් රාජ්‍යයක් තිබී නැති බව ය.
එහෙත් අද ලෝක දේශපාලනය එසේ නො වේ. අප තත්ත්වාකාරයෙන් වටහා ගත යුත්තේ එයයි.
'Tamils For Obama' වැනි සංවිධාන, LTTE සංවිධානයේ කාර්යාල, LTTE ලාංඡන සහිත වාහන සහිත අමෙරිකාවෙන්, ගෝලීය ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ අනුග්‍රහයක් ලැබේ යයි සිතනු උගහට ය.
චීනය, ආසියාවේ රටකි. ලෝක කාර්මික පුනරුදයේ පුරෝගාමියා චීනය ය. චීනය නොවන්නට, බටහිර කාර්මික විප්ලවයක් නැත. චීනයේ කොටි කාර්යාල නැත. ඔවුන් ගෝලීය දෙමල සංසදය සමඟ යට උගුල් ගසන්නේ නැත.
ජහපාලන ආණ්ඩුව දැන් චීනයෙන් උදව් ඉල්ලමින් සිටී. EXIM බැංකුවෙන් ණය ගනිමින් සිටී. චීනය, ශ්‍රී ලංකාවට වඩා, අමෙරිකාවටත්, ඉන්දියාවටත් ණය දී තිබේ. මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරය සඳහා මුදල් ආයෝජනය කර තිබේ.
එහෙත්, මෙරට ජාතික දේශපාලනය තුළ සංවාදයට ලක් වන්නේ මේ කිසිවක් නොවේ.
මත්තල ගුවන් තොටුපළ, කුරුලු අභයභූමිය ආසන්නයේ පිහිටා ඇතැයි කියමින්, ගුවන් යානාවලට අසු වී කුරුල්ලන් මිය යන බව පවසා පරිසරය පිළිබඳ ව කිඹුල් කඳුඵ හෙළන එ.ජා.ප. දේශපාලකයන්, මත්තල ගුවන් තොටුපළ වී ගබඩා කිරීමට තෝරා ගෙන තිබේ. (සබාවේ සිනා)
කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය ඔස්සේ පරිසර පද්ධති සහ වැව් විනාශ කළ අතීතයකට උරුමකම් කියන එ.ජා.ප.ය, අදටත් සිදු වන අලි-මිනිස් ගැටුමේ නිර්මාතෘවරයා ද වෙයි. අද දෛනික ව සිදු වන, පක්ෂයේ ලාංඡනය ද (?) වන අලි මරණවලට ප්‍රධාන වශයෙන් වගකිය යුත්තේ, මහවැලි යෝජනා ක්‍රමය තදියම් කළ, එ.ජා.ප.ය ම ය.
මත්තල කුරුල්ලන් පිළිබඳ ව අඳෝනා නඟන්නේ, මහවැලියේ අලි (?) මරණ එ.ජා.ප. ය. මත්තල දූෂිත යයි කියති. මහවැලිය ද එපමණට ම දූෂිත ය.
අප කළ යුතු වන්නේ, ජාතික සම්පත් විනාශ මුඛයට ඇද නො දමා, ඒවායින් නිසි ප්‍රයෝජනය ගැනීම ය.
වැන්ක්‍යුර් වැනි ගුවන් තොටුපළවල් තිබෙන ලෝකයක, ජෝකරයන් නොවී, ඇත්ත, ජනතාවට පෙන්වා දීම වර්තමාන දේශපාලකයන් ගේ වගකීම ය.
- කුමාර ලියනගේ
(සංවාදයට විවෘතයි.)
යුතුකම සංවාද කවය

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .