11/18/2015

ප්‍රංශ ප්‍රහාරයෙන් පසු අපේ අයියලා.... [ප්‍රහසනයකි]

කතෘ:යුතුකම     11/18/2015   No comments

පැරීස් නුවර ප්‍රහාරයට පසුදාම ප්‍රංශ ජනාධිපතිගේ අතිවිශේෂ නියෝජිතයෙක් ලංකාවට පැමිණියේය. ඒ ජනාධිපති සිරිසේන හමුවීමටය. ඒ පියරේ මහතාය.

සිරිසේන ජනාධිපතිතුමා පියරේ මහතාව සාදරයෙන් පිලිගත්තේය.."අනේ..අපි බොහොම කණගාටු උනා ඔබතුමාලගේ රටට එල්ල වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන..මේ...බකිංහැම් මාළිගාවට එහෙම කරදරයක් නෑ නේද හිටං..?"
"නෑ ..නෑ...පැරීසියටනේ ප්‍රහාරය එල්ල උනේ..." පියරේ මහතා ආචරශීලිව උත්තර බැන්දේය..
"හා එහෙනම් කමක් නෑ..... ඉතින් මොකක්ද අපෙන් කෙරෙන්න ඕන.." ජනාධිපතිතුමා සැනසුම් සුසුමක් හෙලන ගමන් ඇසුවේය.
"අපේ ජනාධිපතිතුමා මාව එව්වේ ඉතාම වැදගත් වැඩකට. එතුමා මට කිව්වා දැනගෙන එන්න කියල ලංකාව කොහොමද ත්‍රස්තවාදී උවදුරෙන් ගැලවුනේ කියලා.." පියරේ මහතා තමන් පැමිණි කාරණාව පැහැදිලි කලේය..."මේක මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකු උදව්වක්.."
"අනේ....මම බොහොම කැමතියි ඔබතුමාලට උදව් කරන්න..ඒත් මම මුකුත් දන්නේ නෑනේ...මට කවුරුත් ඔය ගැන මුකුත් කියලා නෑ නේ.." නිරහංකාර ජනධිපතිතුමා ඇත්තම කීවේය.

පියරේ මහතාගේ බලාපොරොත්තු කඩවූ මුහුණ දුටු ජනාධිපතිතුමාට දුක හිතුනේය..."කලබල වෙන්න එපා මහත්තයෝ. අපි මේ ගැන අගමැතිතුමාගෙන් අහලා බලමු. එතුමා ඕනේ දෙයක් දන්නවා.." කියූ ජනාධිපතිතුමා අගමැති රනිල්ට පණිවිඩයක් යැව්වේය.

ප්‍රංශ නියෝජිතයෙක් පැමිණ සිටිනවායයි ඇසූ අගමැතිතුමා වහ වහා දුව ආවේ ටයි පටියත් ගැට ගසන ගමන්ය.

පියරේ මහතා තමන් පැමිණි කාරනාව අගමැති රනිල්ට පැහැදිලි කලේය...

"හා සාමේ උදා කරන එකද...ඒක හරි ලේසියි...මම කියල දෙන්නම්..." අගමැති තුමගේ පිළිතුර ඇසු පියරේ මහතාට සැනසුම් සුසුමක් පිටවිය.

"ඉස්සෙල්ලම කරන්න ඕනේ....ත්‍රස්තවාදීන් ඉන්න ප්‍රදේශවලට ගුවන්විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍ර දෙන්න ඕනේ..." අගමැති තුමා පැහැදිලි කලේය.

පියරේ මහතාගේ ඇස්බැමි උඩ ගියේය.."එතකොට..?"

"එතකොට ත්‍රස්තවාදීන් එවයින් සිංදු අහලා, රටේ ලෝකේ තොරතුරු දැනගෙන යුද්ධ කරන එක නවත්තනවා.."රනිල් පැහැදිලි කලේය.

පියරේ මහතා කණගාටුවෙන් හිස වැනුවේය.."ඒක හරියන්නේ නෑ. අපි ඉරාකෙයි සිරියාවෙයි ඉන්න එවුන්ට රේඩියෝ විතරක් නෙවෙයි..ඉන්ටර්නෙට්, සැටලයිට් ෆෝන්, ටීවී, ට්වීටර්, ෆෙස්බුක්...ඔක්කොම දුන්න...උන් ඒවයින් අපිටම ගැහුවා..."

"අපි ඊලඟට පොංගු තමිල් තිබ්බා....ත්‍රස්තවාදී ලමයි ඒවට ඇවිල්ලා නටල කරල ගියහම වැඩේ හරි"..රනිල් තම උපාය මාර්ග පැහැදිලි කලේය.

"ඒක හරියන්නේ නෑ...අපිත් Gay pride තිබ්බනේ... ඒකෙන් උනේ අන්තිමට හමුදාවට ගන්නවත් කොල්ලෙක් ඉතුරු වෙච්ච නැති එකයි"

"ඒක හරි නැත්නම් තව විදිහක් තියෙනවා..."රනිල් උත්සාහය අත හැරියේ නැත.." නෝර්වේ වල ඉන්නව සෝල්හයිම් කියල කෙනෙක්..මිනිහව අල්ල ගත්තනම් නිට්ටාවටම සාමේ උදාකරගන්න තිබ්බා.."

පියරේ මහතා ආයෙත් හිස වැනුවේය..."හරි යන්නේ නෑ..අපිට නොර්වේ කාරයින්ව විස්වාස නෑ. පේනවනේ මේ NATO එකත් නොර්වේකාරයෙකුට බාර දීල කරගෙන තියෙන හරිය.."

වැඩේ හරියන්නේ නැති බව දුටු සිරිසේන ජනාධිපතිතුමා කටහඬ අවදිකලේය..."අපි මැඩම්ගෙන් අහමු. එයා තමයි අපේ රටේ තිබ්බ යුද්ධෙන් සියට 75 ඉවර කලේ.."

"අනේ මට කොහොම හරි එතුමිය මුණගස්සලා දෙන්නකෝ...එහෙම කෙනෙක්ගෙන් තමයි අපිට උපදෙස් ඕනේ..." පියරේ මහතා බැගෑපත් විය.

ජනාධිපතිතුමා එසැනින් දුරකථනය ගෙන චන්ද්‍රිකා මැතිණිය අමතා කරුණු පැහැදිළි කලේය.

"හරි මෛත්‍රී මම විනඩි දෙකෙන් එනවා.." චන්ද්‍රිකා මහත් උනන්දුවෙන් පිලිතුරු දුන්නාය.

ජනාධිපතිතුමාත් අගමැති තුමාත් අසුන් වලින් නැගිට්ටේය.. "යමු අපි ගිහිල්ලා, ආප්පයක් එහෙම කාල කෝපි එකක් බීලා පොඩි විවෙකයක් අරගෙන එමු.."

"ඒත් එතුමිය දැන් එනවා කිව්වා නේද.." පියරේ මහතා අදිමදි කරමින් කීවේය...

"කලබල වෙන්න දෙයක් නෑ අපිට වෙලා ඇති.."රනිල් පියරේ මහතාගේ පිටට තට්ටුවක් දැමීය.

[පැය 6 කට පසු]

"අනේ මේ ආරංචිය අහපු ගමන් මට වාවන්නේ නැතුව ගියා..මමත් සෝබෝන් වලනේ ඉගෙන ගත්තේ.." පියරේ මහතාට ආචාර කල සැනින් චන්ද්‍රිකා කඳුලු සලන්නට වූවාය.

නියම ප්‍රංශ මහාත්මයෙකු මෙන් පියරේ මහතා..සාක්කුවෙන් ලේන්සුවක් ගෙන චන්ද්‍රිකාගේ කඳුළු පිස, සනසා.."ඔබ තුමියට මේ වෙලාවේ ප්‍රංශය වෙනුවෙන් කරන්න පුලුවන් උදාරතම මෙහෙය තමයි, ඔබතුමිය යුද්ධයෙන් සියට 75 අවසන් කරපු ආකාරය අපිට කියලා දෙන එක.." කීය.

"අපි තවලම් ගියා..ඉහි. ඉහි....සුදු නෙලුම් අරගෙන තවලමේ ගියා.....ඉහි..ඉහි.." චන්ද්‍රිකා නැවත කඳුලු සලන්නට වූවාය.

රනිල් වහා මැදිහත් වී අන්දුන් කුන්දුන් වී සිටි පියරේ මහතාට තවලම ගැන කියා දුන්නේය.

"හරි යන්නේ නෑ..ඇමරිකාව දැන් අවුරුදු ගානක් තිස්සේ ඇෆ්ගනිස්ථානේ තවලම් යනවා...වැඩක් නෑ."පියරේ මහතා බලාපොරොත්තු කඩ වූ සවරූපයෙන් කීවේය.

ජනාධිපති හමුවීමට කවුදෝ පැමිණ ඇතැයි යන ආරංචියෙන් කලබල වූ පාඨලී ඇමතිතුමා පැමිණ එහෙන් මෙහෙන් එබිකම් කරනවා දුටු ජනාධිපති තුමා වහා ඔහුව කැඳෙව්වේය.."මෙන්න ඉන්නවා මිනිහා...මෙයා තමයි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය පටන් ගත්තේ.." පාඨලීව පියරේ මහතාට හඳුන්වා දුන්නේය.

පියරේ මහතාගේ ඉහේ මලක් පිපුනේය.."බොහෝම සන්තෝසයි අඳුනගන්න ලැබීම ගැන..එතකොට ඔබ තුමාද ත්‍රස්තවාදීන්ට එරෙහිව පලවෙනි ප්‍රහාරය දියත් කලේ..."

"නැතුව..නැතුව අපි තමයි...මනිරාසකුලම් වලදී ත්‍රස්තවාදීන්ට කුඩුවෙන්න ගැහුවේ...ඒක තමයි අවසානයේ ආරම්භය" පාඨලී අභිමානයෙන් කණ්නාඩි කුට්ටම හරිගස්සා ගත්තේය.

"විශිෂ්ඨයි....විශිෂ්ඨයි...මට බොහොම සතුටුයි ඔබතුමා මුණගැසුනු එක ගැන. මට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ එම ප්‍රහාරයට ඔබතුමාල මොන වගේ අවි ආයුධද රැගෙන ගියේ කියලා.."පියරේ මහතා මහත් උනන්දුවේන් විමසුවේය.

"අපි ඇරගෙන ගියේ බෞද්ධ කොඩි.."

"මොකක් බෞද්ධ කොඩි....ඔබ තුමාට හොඳටම විස්වාසද..." පියරේ මහතා දාඩිය පිස දමමින් ඇසුවේය.

"නැතුව...අපි තව පිරිත් වතුරත් අරගෙන ගියා....මේ බලන්න සාක්ෂි.."පාඨලී ඇමති තුමා සාක්කුවෙන් ගත් පත්තර පින්තූරයක් පියරේ මහතාට ඉදිරිපත් කලේය.

"මට තේරෙනව...මට තේරෙනවා...ඔබතුමාට බොහොම ස්තූතියි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ හමුදාවට කොඩි වලින් සටන් කරලා පුරුදු නෑ.. දැන් ඕවා පුහුණු කරන්න වෙලාවකුත් නෑ"පියරේ මහතා පැහැදිලි කලේය..

මදක් කල්පනා කල පියරේ මහතා සාක්කුවෙන් කොල කෑල්ලක් එලියට ගත්තේය...."අපේ බුද්ධි අංශවලින් මට කිව්ව මේ ..මා..හින්ද කියල කෙනෙක් ගැන..මට පුළුවන් වෙයිද එයාව මුණ ගැහෙන්න..."

පිරිස මුහුණින් මුහුණ බලා සිනා සෙන්නට විය.."මිනිහා වැඩක් නෑ...මහ බයගුල්ලෙක් නේ..යුද්ධෙ කාලේ පොලොව යට බංකර් එකක හැංගිලා හිටියේ...මිනිහගෙන් දැන ගන්න පුළුවන් දෙයක් නෑ.." ජනාධිපතිතුමා පැහැදිලි කලේය..

බලාපොරොත්තු කඩවූ පියරේ මහතා ලයිස්තුවේ ඊලඟ නම කියෙව්වේය.."එතකොට මේ...ගෝතා...කියන කෙනා..."

පිරිස නැවතත් මහ හඬින් සිනාසෙන්නට විය.."අයියෝ..කවුද ඔබතුමාට ඔය ලයිස්තුව දුන්නේ.....ඒ...හොර බිස්නස් කාරයෙක් නේ.." පාඨලී පැහැදිලි කලේය..

"මම හිතන්නේ මට දීල තියෙන්නේ වැරදි ලයිස්තුවක්..."පියරේ මහතා කොල කෑල්ල නැවත සාක්කුවට ඔබාගත්තේය.

"අපි ඔබතුමාට අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමාව මුණ ගස්සනම්...එතුමා තමයි මම පටන්ගත්ත යුද්ධේ ඉදිරියට ගෙන ගියේ..." පාඨලී ඇමතිතුමා පියරේ මහතාගේ පිළිසරණට ඉදිරිපත් විය.

පියරේ මහතාගේ මූණේ මල් පිපුනේය..."ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්..හරියටම හරි...එහෙම කෙනෙක් තමයි මේ වැඩේට හරියටම හරි යන්නේ.."

කියූ පමාවෙන් ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා සාකච්ඡා සභාවට එක්විය.

"යුද්ධෙ ද..යුද්ධෙ ගැන මම කියන්නම්. මෙතන ඉන්න එක කළවැද්දෙකුටවත් බෑ යුද්ධෙ කතා කරන්න. මම තමයි යුද්ධ කලේ..මෙතන ඉන්න වෙන මොකෙක් හරි එකෙක් කිව්වද උනුත් යුද්ධ කලා කියලා..." ෆීල්ඩ් මර්ෂල්වරයා දැමූ ගෝරනාඩුවෙන්..සාකච්ඡා සභාවම මීයට පිම්බාක්මෙන් නිසල විය..

පියරේ මහතා පරෙස්සමට වචන තේරුවේය..."ඔව් මට දැන ගන්න ලැබුනා ඔබතුමා තමයි මේ යුද්ධය මෙහෙයුවේ කියලා...මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ඔබ තුමා මොන වගේ කාර්‍යභාරයක් ද ඔබතුමා කලේ කියලා..”

"මම ඉස්සෙල්ලාම තීරණය කලා..කොහොමද යුද්ධේ කරන්න ඕනේ කියල...ඊට පස්සේ මම සැලසුම් කලා...ඊට පස්සේ මම අණ දුන්නා...ඊට පස්සේ මම අණ ක්‍රියාත්මක කලා..එහෙමයි මම යුද්ධ කලේ.."

"මට තේරෙනවා ඔබතුමා...විශාල කාර්‍යභාරයක් ඉටු කරලා තියෙනවා කියලා...එතකොට නාවික, ගුවන් හමුදා වලින් මොන වගේ සහයක් ද ඔබතුමාට ලැබුනේ.."පියරේ මහතා සියලු තොරතුරු ප්‍රවේසමට ලියා ගනිමින් විමසීය.

"උන්ගෙන් මොන සහයක් ද....නවික හමුදාවේ උන්ගෙ පොල්ලෙලි වලින් පුලුවන්ද යුද්ධ කරන්න..ගුවන් හමුදාවේ බඩ කඩුත්තු හොඳයි පෙරහැරවල් වලට මල් ඉහින්න...උන්ව පරිස්සම් කරන්න උනෙත් මටයි..." ෆීල්ඩ් මාර්ෂල්වරයා දත්මිටි කෑවේය...

"මට තේරෙනවා...මට තේරෙනවා....ඔබතුමා ලොකු අවදානමක් ඇරගෙන තියෙන බව.." පියරේ මහතා ෆීල්ඩ් මාර්ෂල්වරයාව සංසුන් කලේය...

"මොනව කියනවද....මටත් බෝම්බ ගැහුවනේ....මගේ දක්ෂකමට බේරුනේ.."

"නෑ.....හැබෑට කොහේදිද ඒක උනේ....ෆයිනල් බැට්ල් එකදිද ..? "

"මරු කියවනවද ..මේ කොලඹ දී...හමුදා මූලස්ථානේ ඇතුලේදි..."

"මොනවා ඔබ තුමාට බොම්බ ගැහුවේ ඔබතුමාගේම මූලස්ථානේ ඇතුලෙ දි ද ?..ඒ කියන්නේ ඔබ තුමාට....." ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ ඇඟිලි මිට මෙලවෙනු දුටු පියරේ මහතා ප්‍රශ්ණයේ ඉතිරි ටික ගිලගත්තේය.

"හරි හරි..මට කියන්නකෝ.... මේ යුද්ධය ජයග්‍රහණය කරන්න ඔබතුමා මොන වගේ ක්‍රියාමාර්ගද ගත්තේ කියලා. "

"මොනවද ඉතින් අපි ගහගෙන ගහගෙන ඉස්සරහට ගියා...පස්ස ගහන හැම එකාටම වෙඩි තියන්න කිව්ව.."

"බොහොම සාර්ථක උපක්‍රමයක් වගේ..." පියරේ මහතා ෆීල්ඩ් මර්ෂල්වරයාව උනන්දු කරමින් කීවේය.

"නැතුව.... ඔහොම දිගටම ගහගෙන ගහගෙන ගිහිල්ලා අපි අන්තිමට ඉස්පිරිතාලෙකට ගැහුවා..." ප්‍රීතියට පත් ෆීල්ඩ් මර්ෂල්වරයා උදම් ඇනුවේය.

පියරේ මහතා මහත් සතුටට පත්විය.."ඔය උපක්‍රමේ ගිය මාසේ ඇමරිකන් කාරයෝ අත්හදා බැලුවා..තාම බලාගෙන ඉන්නවා ප්‍රතිපල එනකම්.."

ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ ප්‍රීතිය දෙගුණ තෙගුණ විය. "ඊට පස්සේ අපි සුදු කොඩි අරගෙන ආපු කලවැද්දෝ ඔක්කොටෝම වෙඩි තිබ්බා.."

පියරේ මහතා පුටුවේ ඇඹරුනේය...."මේ....සුදු කොඩි අරගෙන ආපු අයට ...වෙඩි තිබ්බ කියලද කිව්වේ...?"

ෆීල්ඩ් මාර්ෂල්වරයා කලබල විය.."නෑ ..නැ...කවුද කිව්වේ මම කියල....ගෝඨා තමයි වෙඩිතියන්න කිව්වේ.."

"ගෝතා කිව්වේ අර හොර බිස්නස් කරනවා කියපු කෙනාද...? මිනිහත් ඔබතුමාගේ හමුදාවට අණ දුන්නද ..." දෙකොණ පැටලවුණු පියරේ මහතා විමසා සිටියේය..

******************************************************************************

"මනුස්සයෝ අදවත් වැඩට යන්නේ නැද්ද ?...ප්‍රංසෙට ගැහුවා කියලා මෙහෙට නිවාඩු නෑ නේ...මාසෙ පඩිය මදි අමු මිරිස් සීයක් ගන්නත්..හීන බල බල හිටියම හරි යනවද. කෝච්චිය මිස් උනා කියලා අදත් ගෙදර එනවා එහෙම නෙවෙයි..අර කාර් එක ගත්ත දවසක බැරියයි දවල් වෙනකම් නිදා ගන්න?"


බිරින්දෑගේ ගෝරනාඩුව නිසා මට ප්‍රංශ ජනතාව අපෙන් උපදෙස් අරගෙන ත්‍රස්තවාදයෙන් මිදී සැනසිල්ලේ ජීවත්වන හැටි බලා ගන්නට තිබූ වටිනා අවස්ථාව අහිමි වී ගියේය.

-පොඩි මෑන් ගේ සමයං-
[උපුටා ගැනීමකි]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions