11/01/2015

නිර්මාල්ලාට තවමත් වෙනස සැපලු...

කතෘ:යුතුකම     11/01/2015   No comments

වත්මන් ආණ්ඩුවේ තමන් අනුමත කරන ලක්ෂණ තිබුණත් ජනවාරි 8 සිදුවූ වෙනස තවමත් සැප  බව ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. උදාහරණයක් ලෙස පසුගිය මැතිවරණයෙන් පරාජය වූ අයටත් අද කරදරයක් නැතිව දේශපාලනය කළ හැකි බව පවසන ආචාර්‍යවරයා මීට පෙර මෙවැනි තත්වයක් නොතිබූ බවද පවසයි.
නමුත් ජනවාරි 8 මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට සමීපව කටයුතු කළ, නමුත් අද වන තෙක් යහපාලන ආණ්ඩුවට සම්පූර්ණ යටත් නොවූ පිරිස් පමණක් ඉලක්ක කරමින් ආධානාග්‍රාහී දේශපාලන පළිගැනීම් දිගින් දිගටම සිදුවෙමින් පවතින බව විපක්ෂ කණ්ඩායම් වලින් ගැගෙන චෝදනාවයි.
විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු මෙහෙයවීම හරහා ක්‍රියාත්මක FCID ය හරහා තමනට හීලෑ නොවන දේශපාලන කොටස් පමණක් ඉලක්ක කරගනිමින් සිදු කරන ක්‍රියාවලියත් , විපක්ෂයේ හඬ පාර්ලිමේන්තුවේ පවා නිහඬ කරමින් යන ඒකාධිපති ගමනත් නිර්මාල් රංජිත් මහතා වැන්නන්ට ප්‍රශ්නයක් නොවන්නේ ඒ හරහා නිර්මාල්ලා අපක්ෂා කළ සහ අපේක්ෂා කරන පරිදිම ආ
ණ්ඩුව සිදු කරමින් යන දෙමළ බෙදුම්වාදය ශක්තිමත් කරන ආණ්ඩුවේ වැඩ පිළිවෙලට ඒ හරහා ලැබෙන රුකුල නිසා නොවේද?
දිවයින ඉරිදා සංග්‍රහය සමග නිර්මාල් රංජිත් මහතා පැවැත්වූ සම්පූර්න සම්මුඛ සාකච්චාව මෙතනින්...

=======

මහින්ද පැරදවිය හැකියෑයි  මා කවදාවත් හිතුවේ නැහැ
- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

මොනවා කළත් මේ දුෂිත ක්‍රමය වෙනස්‌ කරන්න බැහැ

පසුගිය ජනවාරි 8 මෙරට සිදුවූ දේශපාලන පරිවර්තනය පිටුපස සිටි ප්‍රධාන චරිතයකි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි. අපේ රටේ සිදුවූ දේශපාලන පරිවර්තන රැසකට ප්‍රබල දායකත්වයක්‌ ලබාදුන් ඔහු නව දේශපාලන පරිවර්තනය තුළින් අපේක්‌ෂා කළ තත්ත්වය සහ වර්තමාන තත්ත්වය අතර විශාල දුරස්‌ථ භාවයක්‌ නිර්මාණය වෙමින් පවතින බව පවසයි. දිවයින ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට සහභාගි වෙමින් පසුගිය ජනවාරි 8 දා සිදුවූ දේශපාලන පරිවර්තනයෙන් පසු රට තුළ සිදුව ඇති සාධනීය වෙනස්‌කම් මෙන්ම නිර්මාණය වෙමින් පවතින අයහපත් තත්ත්වයන් රැසක්‌ පිළිබඳව ඔහු කළ විග්‍රහයයි මේ.

පසුගිය ජනවාරි 8 වැනිදා අපේ රටේ සිදුවූ දේශපාලන පරිවර්තනය වෙනුවෙන් ඔබ ප්‍රබල දායකත්වයක්‌ ලබාදුන් කෙනෙක්‌. ඒ සිදුවූ දේශපාලන වෙනස පිළිබඳ අද ඔබ ඉන්නෙ අසතුටෙන්?

අපේ රටේ සිදුවන දේශපාලන පරිවර්තන පිළිබඳ සතුටු වෙන්න පුළුවන් කමක්‌ නෑ. මේ විදිහෙම දේශපාලන පරිවර්තනයකට මම 1994 දිත් සම්බන්ධ වුණා. එදා පොදුජන එක්‌සත් පෙරමුණ බලයට පත්කිරීමට මම ඉතා උනන්දුවෙන් වැඩ කළා. නමුත් ඒ පරිවර්තනයෙනුත් මාසෙකට පස්‌සෙ - මෙච්චර කාලයක්‌ ගියෙත් නෑ -ඒ ආණ්‌ඩුව විවේචනය කරල තදබල ලිපියක්‌ ලියන්න මට සිදුවුණා. මේ ආණ්‌ඩුව සම්බන්ධයෙනුත් මට තියෙන්නෙ එබඳුම විවේචනයක්‌. යම් යම් වෙනස්‌කම් තියෙනව. නමුත් පොදු කාරණාත් තිබෙනව.

මෙබඳු දේශපාලන පරිවර්තනයකට සම්බන්ධ වෙන කොට දේශපාලන බලයට සෘජුව සම්බන්ධයක්‌ නැති අයට බලය හැසිරවීම සම්බන්ධයෙන් විවිධ අපේක්‌ෂා තිබෙන්න පුළුවන්. සෘජුවම දේශපාලන බලය හසුරුවන්නෙ නැති අය දේශපාලනයට සම්බන්ධ වෙන්නෙ කාරණා කීපයකට. සමහරු යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි මූලධර්ම ස්‌ථාපිත කිරීමේ අරමුණෙන්. තවත් සමහරු බොහෝ විට පුද්ගලිකව තමන්ට යමක්‌ ලබාගන්න. සමහරු ඔය දෙකටම. නමුත් කවුරුවත් කියන්නෙ නෑ මම මේ හදන්නෙ මට යමක්‌ කරගන්න කියල. මේ සැරේ සටන් පාඨය වුණේ යහපාලනය ඇතිකරමු කියන එක. 1994 සටන් පාඨය දූෂණය සහ භීෂණය නැතිකරමු කියන එක.

දේශපාලන පරිවර්තනයක්‌ වුණාට පස්‌සෙ තනතුරු ගන්න අය අඩුතරමින් ඒ තනතුර රැකගන්නවත් යහපාලනය හෝ ප්‍රජාතන්ත්‍රවාදය වැනි මූලධර්ම පිළිබඳ යම් නැඹුරුවක්‌ ඇතිවෙනව. නමුත් අද තනතුරු ගන්න ඇතැමුන් තුළවත් එබඳු තත්ත්වයක්‌ පෙනෙන්න නෑ. දේශපාලන පරිවර්තනයක්‌ තුළින් අපි අපේක්‌ෂා කළ තත්ත්වය සහ ඇත්ත තත්ත්වය අතර විශාල දුරස්‌ථ භාවයක්‌ නිර්මාණය වෙනව. මේක මේ අපේ රටේ එක ආණ්‌ඩුවකට එක පක්‌ෂයකට පොදු කාරණයක්‌ නෙමෙයි. අපේ රටේ දේශපාලනය තුළ ඇති මේ ස්‌වභාවය සුගතපාල සිල්වාගෙ මරාසාද් නාට්‍යය තුළින් ඉතා කදිමට නිරූපණය වුණා.

ජනවාරි 8 සිදුවූ දේශපාලන පරිවර්තනයෙන් රටට යහපතක්‌ සිදුවුණේ නැද්ද?

ඇතැම් වෙලාවට සිදුවුණු දේශපාලන පරිවර්තන නොතකා කලින් තිබුණු දේවල් නැවත සිදුවෙන්න පුළුවන්. පුනර්නිෂ්පාදන වෙන්න පුළුවන්. උදාහරණයක්‌ විදිහට පහුගිය ආණ්‌ඩු කාලේ මම තදින් හැපුණු කෙනෙක්‌ තමයි එස්‌. බී. ඔහු මේ ආණ්‌ඩුවෙත් ප්‍රබල ඇමැතිවරයෙක්‌. පුද්ගලයින් නොවන දේවල් ගත්තොත් මට විශේෂයෙන් සම්බන්ධ දෙයක්‌නෙ අධ්‍යාපනය. මට පෙනෙන විදිහට මේ ආණ්‌ඩුවෙ අධ්‍යාපන ප්‍රතිපත්තිත් පහුගිය ආණ්‌ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිත් අතර වෙනසක්‌ නෑ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සුළු සුළු වෙනස්‌කම් කීපයක්‌ තිබෙනවා ඒ හැර ලොකු වෙනසක්‌ නෑ.

මේවා අමාරුවෙන් බලල දකින ඕන දේවල් නෙමෙයි, හැමෝටම පේන දේවල්. බලන්න මේ ආණ්‌ඩුවෙ ඇතැම් දේශපාලකයො හැසිරෙන විදිහ. බලයට පත්වූ දවස්‌වල ජනාධිපතිතුමත් පාරෙ කහඉරි ළඟ වාහනය නතර කරනව වගේ දේවල් කළා. බලන්න දේශපාලකයො පාරවල් අයිනෙ හයිකරන පුවරු. මේ පුවරු පහුගිය කාලේ අපේ රටේ දේශපාලන සංස්‌කෘතියේ පරිහානියේ පැහැදිලි සංකේත විදිහට රට පුරා හයිකෙරුණු දේවල්. මහින්ද රාජපක්‌ෂ මහතා ජනාධිපතිවරණයට නාමයෝජනා දුන් දිනවල මුළු ලංකාවම මේ පුවරුවලින් වැහුවා. අපි එදා ඒවා විවේචනය කරමින් අපි ඇතිකරපු අලුත් දේශපාලන පරිවර්තනය තුළත් රවි කරුණානායක වැනි ඇමැතිවරු බස්‌නාහිර මහ ඇමැති වැනි අය රට පුරා පුවරු හයිකරනව. මේවා සුළු දේවල් මේවද වැදගත් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මේව තමයි මතුපිට ප්‍රකාශන.

ඊළඟට ඥති සංග්‍රහ පිළිබඳ ප්‍රශ්නය. එදා අපි මේවා දැඩිව විවේචනය කළා. එහෙම කරල අපි කරපු දේශපාලන පරිවර්තනය තුළත් ජනාධිපතිතුමාගේ සහෝදරයා, පුතා, දියණිය පිළිබඳවත් අර්ජුන රණතුංග ඇමතිවරයාගේ සහෝදරයා පිළිබඳවත් අද සමාජයේ කතාබහ වෙනවා. රාජපක්‌ෂ ආණ්‌ඩුවට එල්ල වුණු මේ බරපතළ චෝදනාවලින් මේ අය උපක්‍රමශීලීව ගැලවී සිටීමට කල්පනා කළ යුතුව තිබුණා. මෙයින් පෙනෙන්aනේ පහුගිය ආණ්‌ඩුවට එල්ල වුණු බරපතළ චෝදනා පිළිබඳව හෝ මේ අයත් සංවේදී නොවන බවයි. අයථා ගනුදෙනු සහ ටෙන්ඩර් අක්‍රමිකතා පිළිබඳවත් බරපතළ චෝදනා පහුගිය ආණ්‌ඩුවට එල්ල වුණා. මේ ආණ්‌ඩුවේ පරිපාලනයට හා දේශපාලනයට සම්බන්ධව සිටින අපේ හිතවතුන් දැන් අපට කියන්නෙ ඒ දේවලුත් පහුගිය ආණ්‌ඩු කාලෙ වගෙම දැන් සිදු වෙනවා කියලයි.

යහපාලන ආණ්‌ඩුවෙන් මේ ඔබ බලාපොරොත්තු නොවූ තත්ත්වයක්‌?

නෑ මම එහෙම කියන්නෙ නෑ. මේ තත්ත්වය මම බලාපොරොත්තු නොවුණා නෙමෙයි.

රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාද කිරීමට පොදු අපේක්‌ෂකයකු ඉදිරිපත් කිරීමේ ක්‍රියාන්විතයේ ඔබ ඉදිරියෙන් සිටි කෙනෙක්‌. එදා ඔබ ඒ තීරණය ගත්තේ ඇයි?

ඊට බලපෑ අරමුණු කිහිපයක්‌ තිබුණා. මහින්ද රාජපක්‌ෂ මහත්මය පරාජය කළ හැකි යෑයි විශ්වාසයක්‌ මා තුළ තිබුණෙ නෑ. නමුත් ජයග්‍රහණය කළා හෝ නැතා හෝ ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කිරීම සඳහා කිසියම් විපක්‌ෂ ව්‍යාපාරයක්‌ ගොඩනැගීමම වැදගත් කියල මම කල්පනා කළා. කවුරු පත්වුණත් කමක්‌ නෑ රාජපක්‌ෂ පාලනය පෙරළා දැමීමම විශාල සමාජ මෙහෙවරක්‌ කියල මම කල්පනා කළා. ඒක දැන් සිදු වෙලා තියෙනවා. ඒ සිදු වූ වෙනස සම්බන්ධයෙන් මම පසුතැවිලි වෙන්නෙ නෑ. ඒ වෙනස සිදුවීම තුළ විශාල සාධනීය දේවල් ඇතිවෙලා තියෙනව. පිරිසක්‌ අහනවනෙ වෙනස සැපද කියල. ඒකට මම දෙන උත්තරය ඔව් සැපයි. මේ වෙනසින් යම් යම් යහපත් දේ සිදුවෙලා තියෙනව. ඒ සමහර දේවල් බලයට පත් වූ අය උවමනාවෙන් කළ දේවලුත් නෙමෙයි. වෙනස නිසාම සිදු වූ දේවල්. වෙන මුකුත් ගැඹුරට හිතන්න ඕන නෑ. පහුගිය මැතිවරණයෙන් පරාද වූ අයටත් අද කරදරයක්‌ නැතිව දේශපාලනයේ නිරතවෙන්න පුළුවන් කම තියෙනවනෙ. පහුගිය කාලෙ එහෙමම වුණේ නෑ. අපි දැක්‌කනෙ සරත් පොන්සේකා මහතාට වෙච්ච දේ. රාජපක්‌ෂ පාලනය දැඩි මර්දනකාරී පිළිවෙතකට ගියේ කිසියම් ක්‍රියාදාමයක්‌ හරහා. මේ අය තවම ඒ තත්ත්වයට පත් වෙලා නෑ. තවම කිසියම් දේශපාලන විවෘත භාවයක්‌ තියෙනව. ඒක තමයි තවම වෙනස සැපයි කියල අපි කියන්නෙ. නමුත් මේ ආණ්‌ඩුවේ ඇතැම් අය මැදිහත් වෙලා කරන සමහර දේවල්වල ප්‍රගති වාර්තා එච්චර හොඳ නෑ.

රාජපක්‌ෂ ආණ්‌ඩුවට එල්ල වී තිබෙන දූෂණ චෝදනා පිළිබඳ පරීක්‌ෂණ නිසි පරිදි ඉටු වෙන්නෙ නෑ කියල මේ ආණ්‌ඩුවට චෝදනා එල්ල වෙනව නේද?

ප්‍රගති වාර්තා හොඳ නෑ කියන්න එක්‌ හේතුවක්‌ ඒක. රාජපක්‌ෂ ආණ්‌ඩුවේ අයථා ගනුදෙනු පිළිබඳ පරීක්‌ෂණ හරි හැටි කෙරෙන්නෙ නෑ. මේ පරීක්‌ෂණ කළ යුත්තේ ඒ අයට දඬුවම් කිරීමේ අරමුණින්ම නෙමෙයි. මේ ගනුදෙනු සිද්ධ වුණේ කොහොමද කියල ජනතාව දැනගන්න ඕන. ජනාධිපති මන්දිරේ බන්කරයක්‌ ගැන කියනවනෙ. ඒ ගැන මහින්ද රාජපක්‌ෂ මහතාගේ පැහැදිලි කිරීම එතරම් හොඳ පැහැදිලි කිරීමක්‌ නෙමෙයි. මේවට විශාල වශයෙන් මහජන මුදල් වැයකරල තියෙනව. මේවයෙ විනිවිද භාවයක්‌ තියෙන්න ඕන. වගවීම කියන්නෙ ඒකයි. මේව වෙන්න ඕන විරුද්ධවාදී දේශපාලනඥයන් අපහසුතාවට පත්කිරීමට හෝ ඔවුන්ගෙන් පලිගැනීමට නෙමෙයි. නමුත් අද අවාසනාවකට එහෙම තමයි වෙන්නෙ. මේව මහජනතාව දැනගන්න ඕන. දේශපාලනඥයන් වැරදි වැඩ කරන්න යම්කිසි ලඡ්ජා භයක්‌ ඇතිවෙන්නෙ මහජනතාව මේව දැනගත්තොත් විතරයි.

නමුත් අද සිද්ධ වෙන්නෙ ඒක නෙමෙයි. අද සිද්ධ වෙන්නෙ දෙතුන්ගොල්ලොම එකතු වෙලා තම තමුන්ගෙ කුණු ජනතාවගෙන් වසන් කිරීමේ වැඩපිළිවෙළක්‌. හිටපු ජනාධිපතිතුමා එක්‌ අවස්‌ථාවක ප්‍රකාශ කළා ඔය කාගෙ කාගෙත් පයිල් මා ගාව තියෙනව, මම ඒවා පාවිච්චි කළේ නෑ කියල. ඒවගෙ අදත් මේ පක්‌ෂ විපක්‌ෂ හැම දෙනා තුළම අප්‍රකාශිත අවබෝධතා ගිවිසුමක්‌ තියෙනව. ජනතාවට ඇහෙන්න මොනව කියල කෑගැහුවත් මේ දෙගොල්ලොම එකට කනබොන අය. මේ අය අතරෙ තියෙන මේ අප්‍රකාශිත අවබෝධතා ගිවිසුම නිසා අවාසිය වෙන්නෙ මහජනතාවට. මේ නිසා මහජනතාවට කවදාවත් මේ ප්‍රභූ දේශපාලන තානාත්තරවල ක්‍රියාකාරකම්හි ඇත්ත තොරතුරු ලබාගැනීමට හම්බවෙන්නෙ නෑ. ඒ තොරතුරු හෙළි නොකරන්න මේ දෙගොල්ලම අශුද්ධ ගිවිසුමකින් බැඳිලයි ඉන්නෙ.

උදාහරණයක්‌ හැටියට රාජිත සේනාරත්න ඇමැතිතුමා ප්‍රභූ දේශපාලකයන්ගෙ විදේශ බැංකු ගිණුම් ගැන එතුමා දන්න බව කියනවා. නමුත් ඒ කාගෙද කොපමණ මුදල් ප්‍රමාණයක්‌ තියෙනවද කියල ජනතාවට කියන්න පුළුවන්නෙ. නමුත් එතුමා ඒ තොරතුරු හෙළි කරන්නෙ නෑ.

මේ තමයි ඇත්ත වශයෙන්ම අපේ රටේ දූෂිත දේශපාලන ක්‍රමය. මොනව වෙනස්‌ කළත් මේ ක්‍රමය වෙනස්‌ කරන්න බෑ. අපේ රටේ සාධනීය දේශපාලන පරිවර්තනයකට අද තියෙන අභියෝගය මෙයයි.

-සාකච්ඡා කළේ - පාලිත සේනානායක [දිවයින]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions