11/11/2015

සෝභිත හිමි, රොටි සහ කොටි

කතෘ:යුතුකම     11/11/2015   No comments

අද කොටි නිදහස් කෙරේ. ත්‍රස්ත මර්දන පනත යටතේ රණ විරුවන් අත්අඩංගුවට ගැනේ. රණ විරුවන් බරපතළ යුධ අපරාධ සිදු කළ උන් ගානට දමා තිබේ. කොටි විමුක්ති කාමීන් බවට පත්ව තිබේ. උන් අද සැළකෙන්නේ ත්‍රස්තවාදීන් ලෙස නොව දේශපාලන සිරකරුවන් ලෙසිනි. ඇත්ත කීමේ මහා පාප කර්මයට අසු වූ තිලක් මාරපනගෙන් ගැලවෙන ඇමතිකමේ බන්ධනාගාර කොටස බාර දෙන්නට යන්නේ ස්වාමිනාදන් මන්ත්‍රීවරයාටය. ඒ නිදහස ලැබෙන තුරු බන්ධනාගාරයේ ඉන්නා කොටින්ට හොඳ පාඩමක් ඉගැන්වීන්මටය.

මේවා මේ ලෙසට මේ දිශාවට සිදුවන බව අප ජනවාරි අට වැනිදාට පෙර සිට දිගින් දිගටම කීවෙමු. එවිට බොහෝ සිංහලයන් ගොනාට ඇද ගෙන සිටියේ චම්පික සහ රතන හිමි සිටින ආණ්ඩුවක් දෙමළ බෙදුම්වාදීන්ගේ ග්‍රහණයට නතු නොවන බව විශ්වාස කරමිනි. නමුත් ඔවුන් තේරුම් නොගත් අවාසනාවන්ත සත්‍යය වන්නේ මේ සියල්ල පිටිපස සිටින්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් බවයි. වෙනසට පණ දුන්නේ ඒ මහා බලවත් සුදු මහතුන් බවයි. ඒ ලෝක පරිමාණ මහා බලවතුන් ඉදිරියේ චම්පික හා රතන හිමි අතීසාරයට ගසන අමුඩයක් පමණක් බව අපි එවිට කීවෙමු. නමුත් අද මේ අමුඩ ගැලවී අතිසාරේ ගසා ගෙන යන්නේ ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවෙන් බිහි වූවන් රට පාලනය කර ගෙන යත්දීය. මේ රට නැවත බෙදෙන්න දෙන්නේ නැතැයි බොරු කයිවාරු ගසමින් සිරිසේන දිනවන්න කටයුතු කර පසුව අලියා ලකුණෙන් මහ මැතිවරණයට තරඟ කළ චම්පික උන්නැහේ අද කැබිනට්ටුව තුළ බෙරිහන් දෙන්නේ ත්‍රස්ත මර්දන පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න කියාය.

මේ විගඩම මෙතනින් නොනැවතෙනු ඇත. පාර්ලිමේන්තුව තුළ අතීතයට බලපාන පරිදි නව නීති සකසා අපේ රණ විරුවන්ට දඬුවම් දෙනු ඇත. ඔවුහු යුධ උපක්‍රම ලෙස බරපතළ යුධ අපරාධ භාවිතා කළ බව අපේ නිවට ජාතික ආණ්ඩුව යයි කියන මුත් ජනතා පරමාධිපත්‍යයට දාව නූපන් අවජාතක ආණ්ඩුව ජිනීවාහීදී පිලිගෙන අවසන්ය. ඒවා විභාග කිරීම සඳහා ලංකාවේ අධිකරණ පද්ධතිය විශ්වසනීය නොවන බව මේ ආණ්ඩුව යෝජනා කර අවසන්ය.
සෝභිත හිමිගේ දේහය අද මේ නිවට රැළ උපයෝගී කර ගන්නේ උන් වහන්සේ ජීවත්ව සිටි අවසන් අවදියේදී භාවිතා කළ කාර්යය සඳහාමය. ඒ මේ රටට එරෙහිව රට දෙකඩ කිරීමට අවැසි පරිදි දෙමළ ජාතිවාදය පෝෂණය කිරීමටය. සෝභිත හිමිගේ දේහය අද මුන් යොදා ගන්නේ එක් දිනක් තුළ කුඩා පාංශුකූලයකින් පසුව අවසන් කටයුතු කළ යුතුය යන උන්වහන්සේගේ අවසන් කැමැත්තටත් එරෙහිවය. ජීවත්ව සිටි අවසන් අවදිය වන විට තමන් වහන්සේ රටට එරෙහිව භාවිතා වූ බව උන් වහන්සේට අවබෝධ වෙමින් තිබෙන්නට ඇත. නමුත් උන් වහන්සේගේ මෘත දේහයට මුවා වී අද සාධාරණ සමාජයක් තනන්නට ගොස් හදා ගත් පරගැති දෙමුහුම් ආණ්ඩුව විසින් ත්‍රස්තවාදීන් නිදහස් කරන බව උන් වහන්සේ නොදත්හ. අද මාධ්‍යය වෙත උන් වහන්සේගේ මෘත දේහය පොම්ප කරමින් ඇත. රොටිය කරවී පිලීස්සී ගොසිනි. අද ඒ සාධාරණ සමාජය නමැති කරවී ගිය රොටිය බල්ලට දමා රත් වූ තැටියේම තෙල් දමා බටහිරයන් විසින් මෙරට සියළු ජන වර්ගයන් එම හැළියේ නටන මෝඩ කකුළුවන් පිරිසක් බවට පත් කර හමාරය. අප කාටත් එලෙස නටන්න වන්නේ තව ටික කාලයක් පමණි. විදේශීය විනිසුරන් යොදවා උන්ගේම වියදමින් නඩු අසා අප යුධ අපරාධ කළ බවත් ජාති සංහාරයක් සිදු කළ බවටත් තීන්දු කරනු ඇත. ඉන් පසු ඊළමට ඇති මඟ ඉතා කෙටි සහ පහසු එකක් බව දන්නේ මෙරට වැසියන්ගෙන් අතළොස්සක් පමණි.

අද රනිල්ලා සිරිසේනලා නිදහස් කරන කොටි ඉදිරියේදී ඊළාම් රටේ හමුදාව නියෝජනය කරනු ඇත. සෝභිත හිමිගේ මෘත දේහයත් ඒ සඳහා දායක කරගන්නට උන් දක්ෂ වූ බව අප වටහා ගත යුතුය. උන්වහන්සේට නිවන් සැප ලැබේවා!

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබත් යුතුකම
ෆේස්බුක්  පිටුව සමග එකතුවන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions