11/12/2015

ශ්‍රී ලංකාවේ වාම විප්ලවවාදීන්ගෙන් අධිරාජ්‍යවාදීන්ට මාර පණක්

කතෘ:යුතුකම     11/12/2015   No comments

ධනවාදයට, අධිරාජ්‍යවාදයට එරෙහිව හා සමාජවාදී ශ්‍රී ලංකාවක් උදෙසා විප්ලවීය ව්‍යාපාරයක් ගොඩනගන්නට තම සියලු දේ කැප කරන්නේ රෝහණ විජේවීර ය.

එපමණක් නොව ඔහු එකවර සමාන්තර දේශපාලන ක්‍රියාවලි දෙකකට පණ දුන්නේ ය. එතෙක් පැවැති සභාග වමට හා ඒ වනවිට හඳුනාගෙන සිටි ධනේෂ්වරයට එරෙහි විප්ලවීය වමක් නිර්මාණය කිරීමට ඔහු සමත් වීය. එය පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ලෙස ජන ගත වීය. එය, එකක් නොව දෙකක් කැරලි ගැසූවේ සමාජ සාධාරණත්වය උදෙසා ය. ජේ. ආර් ගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය දෝරගලා ගිය, කළගෙඩි-ලාම්පු සෙල්ලමෙන් අනතුරුව, කාලීනව සාධනීය මතවාදයකින් යුතුව දේශප්‍රේමී දේශපාලන මාවතට පිළිපන් ජනතා විමුක්ති පෙරමුණ කැලයට තල්ලු කිරීමට ජේ. ආර් ගත් තීරණයට එදා විපක්ෂයේ සිටි ධනේෂ්වරයේ අතකොළු ද ආශීර්වාද කළෝ ය.

ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට මාන බලමින් සිටි ජේ. ආර්, වරෙක ජනතා විමුක්ති පෙරමුණ හැඳින්වූයේ “සර්පයෙක්” ලෙස ය. ජනතා විමුක්ති පෙරමුණ සර්පයෙක් යන මතය බහුතර ජනමනස්ගත කිරීම කෙසේ වෙතත්, තම පාක්ෂිකයා කෙරෙහි මතයක් නිෂ්පාදනය කිරීමට මැනැවින් යොදා ගත්තේ ද යන්න විමසන කල්හි එය නිර්මාණශීලී ය. අන් දේශපාලකයින්ගෙන් බැහැර වූ වාග් උච්චාරණයෙන් යුතු ජේ. ආර්. ගේ හඬ ගැඹුරු ය. රනිල් වික්‍රමසිංහගේ එලොවටත් නැති මෙලොවටත් නැති වචන හා නපුංසක හඬට සේ නොව, විරුද්ධවාදියෙක් වුව සෝපාහාසයෙන් යුතුව ජේ. ආර් ට සවන් දුන් බවක් දැණුනි.

“ඔන්න ඔබේ පුටුව යට සරුපයෙක් ඉන්නවා... එහෙම නම් අපි කොරාන්ඩ ඕනෑ මොනොවාද....?” ජේ. ආර්. සභාවෙන් විමසන්නේ ය.

සරුපයෙක් පිළිබඳ චිත්ත රූප සිතෙහි ඇඳ ගත් ජේ. ආර්. ට සවන්දෙන්නා පිළිතුරක් දීමට මැළි නොවන්නේ ය.

“සරුපයාට තමුන්නාන්සේලා මොනොවාද කොරාන්නේ...?” ජේ. ආර්.පැහැදිලිව විමසන්නේ ය.

“මරනවා...” ජේ. ආර් ට අවැසි පිළිතුර සභාවෙන් ලැබෙන්නේ ය.

“ඔව්.. සරුපයා මරන්ඩ ඕනෑ.... ජනත විමුක්ති පෙරමුණ කියන්නෙත් මිත්‍රවරුනි... සරුපයෙක්”

ජේ. ආර්. කිසි විටෙකත් ජනතා විමුක්ති පෙරමුණ යනුවෙන් පැහැදිලිව සිංහලෙන් කීවේ නැත. ඔහු කැඩුණු සිංහලෙන් කීවේ ජනත විමුක්ති පෙරමුණ කියා ය. සමහර අවස්ථාවල, ජනත විමුක්ති පක්ෂය කියා ය. (ජනතා නොව, එනම් ජනතා යන්නෙහි, තා අකුරෙහි ඇලපිල්ල දීර්ඝව උච්චාරණය නො කළේ ය.)

ජේ. ආර්. කිසි විටෙකත් රෝහණ විජේවීර යනුවෙන් පැහැදිලිව සිංහලෙන් කීවේ නැත. ඔහු කීවේ, රෝහාන් විජෙවීර කියා ය.

ඒ ආකාරයටම ජේ. ආර්. කිසි විටෙකත් රෝහාන් විජේවීර හෝ ජවිප සාමාජිකයින් හෝ මරා දැමිය යුතු යැයි ප්‍රසිද්ධියේ කීවේ නැත. එහෙත් 1982 සිටම ඒ දෙය ඒ ආකාරයටම සිදු වි ය.

ඒවන විට, වත්මන් අගමැති රනිල්, ජේ. ආර් ගේ සුවච කීකරු සිහින කුමරා ලෙස වගකිවයුතු ඇමතිවරයෙකි. එදා ඒ ඇමතිධූර දරමින් ජේ. ආර් ගේ සිතැඟි ඉටු කිරීමට රනිල් ගත් පියවර අදත් ඔහුගේ දීප්තිමත් ඉතිහාසය ලෙස ඔවුන් විසින්ම වර ගනමින් සිටී.(එහි තවත් එක් පැතිකඩක් නිරාවරණය කරමින්, “බටලන්ද වධකාර කොමිසම“ රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමටද නිර්දේශ කරන්නේ ය.)

අවසානයේ සිය සාමාජිකයින් හෝ හිතවතුන් ලක්ෂ ගණනින් වධයට ලක් වන විට, හැට දහසක් සාක්ෂි සහිත මරා දැමීම් අතර රෝහණ විජේවීර ද මරා දැමීමට, ජේ. ආර්. ගේ අනුප්‍රාප්තිකයාගේ පාලනය ක්‍රියා කළේ ය. රණසිංහ ප්‍රේමදාස ගේ එක්සත් ජාතික පක්ෂ පාලනය ලක් දරුවන් එසේ මරා දමා, ප්‍රේමදාස ගේ අත්වල ගෑවුණු ලේ පිස දැමීමට මානසික මෙහෙයුමක් ද දියත් කළේ ය. ඉන් කියැවුණේ, විජේවීර මරා දැමීමට ප්‍රේමදාස අකමැති වූ බවත්, විජේවීර, ප්‍රේමදාස ට මුණ නොගස්වාම මරා දැමීමට රන්ජන් විජේරත්න ක්‍රියාත්මක වී ඇති බවත් ය.


ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ අති බහුතරය මරා දැමූ පසු එවකට ඇමතිවරයෙක් වූ රන්ජන් විජේරත්න විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ, “මැච් එක ඉවරයි” යනුවෙනි.

මේ සියල්ල සිදුවන්නේ විධායක ජනාධිපතිවරයෙක් යටතේ ය. එම විධායකය ඒකාධිපතියෙක් බව පක්ෂ විපක්ෂ භේදයකින් තොරවම මොර දුන්නේ ය. තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 1978 දී ජේ. ආර්. ජයවර්ධන විසින් ඇට වූ ඒකාධිපති විධායක ජනාධිපති උගුල ය. ඊට ආරෝපණය කර තිබූ විධි විධාන කිහිපයක් සරල වූවා මිස ඒ විධායක ක්‍රමයේ සමස්තය තවමත් එසේම ය.

එලෙස සංශෝධනයට ලක් කළ විධායක බලය තමන් වෙත ආරෝපණය කර ගනිමින්, මහ බැංකුවේ බැඳුම්කර වංචාව රටට අමතක කරවන්නේ එම ජේ. ආර්. ගේ බෑනා ය. මූල්‍ය අපරාධ කොට්ඨාසයක් හිතුමතේට කඩිමුඩියේ පිහිටුවා, විරුද්ධවාදීන් දඩයම් කරන්නේ එම ජේ. ආර්. ගේ බෑනා ය. තමන්ගේ පැවැත්මට අණ්ඩු හදාගන්නට, අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට අර්තකථන ලබා දෙමින් ව්‍යවස්ථාදායකය හිරිවට්ටන්නේ ද එම ජේ. ආර්. ගේ බෑනා ය. නංගී පෙන්නා අක්කා දුන්නා සේ, 20 පෙන්නා 19 සම්මත කර ගත් එම ජේ. ආර්. ගේ බෑනා මේ වනවිට ඊට අදාළව, රටම රවටා හමාර ය.


(2002 දී විධායකයට ද කොකා පෙන්වමින් වේළුපිල්ලෛ පිරභාහරන් ගේ බලහත්කාරයට දේශීයව මෙන්ම විදේශීයවද නිල පිළිගැනීමක් ලබා දෙමිනි ගිවිසුමක් අස්සන් කරන්නේ ද එම ජේ. ආර්. ගේ බෑනා ය.)

වත්මනෙහි, රට අභ්‍යන්තරයේ මේ ආකාරයට මහා අපරාධ සිදු වෙද්දී, යහ පාලනය නමින් වන ජේ. ආර්. ගේ බෑනාගේ හවුල්කාර පාලනය, ජාත්‍යන්තරය හමුවේ ද රට පාවා දෙමින් සිටී. මේ මහා අපරාධයට, තවත් පාර්ශව කිහිපයක ආශීර්වාදය හිමිවන්නේ සිහිනයකින්වත් නොපතන පරිද්දෙනි.

අතීතයේ දෙවතාවක් මහා විනාශයකට ලක්වන ජනතා විමුක්ති පෙරමුණ, ජ්. ආර්. ගේ බෑනාගේ වුවමනාවන් ඉටු කරන තැනකට පත් වී, තම පක්ෂය වෙනුවෙන් වධයට ලක් වූ හා දිවි පිදූ ලක්ෂ සංඛ්‍යාත සාමාජික සාමාජිකාවන් ද නිහීන ලෙස පාවා දෙනු ඇතැයි නුවණැත්තෝ සිහිනයකවත් නොපතති. එහෙත් එය මිහිමත සිදුවෙමින් පවතී. ඒ වෙනුවෙන් රටම නිර්වින්දනය කරවන්නට වෙර දරන මාතෘකා ද සමාජ ගතකිරීමට වත්මන් ජනතා විමුක්ති පෙරමුණ ඉතිරි වී ඇති සියල්ල දන් දෙමින් සිටි. එය දාන පාරමිතාවක් නොව, පාපී හා වෛරී ආනිශංස ඵලදීමක් බව රට හඳුනාගත යුතු නිමේෂය එළැඹී ඇත.

ව්‍යවස්ථා විරෝධී මේන්ම සදාචාර විරෝධී ක්‍රියා රැසක් ගෙවුණු මේ එකොළොස් මාසය තුළ සිදු වීය. ආර්ථිකයේ දරුණු කඩා වැටීම් ය. රටේ ස්වෛරීත්වයට එල්ල වූ අනිසි බලපෑම් ඉහළය. සේවා ආයතන තුළ දේශපාලන පළිගැනීම් මෙන්ම නුසුදුස්සන් පත් කිරීම් බහුල ය. ව්‍යාපාර හා ව්‍යාපෘති සිය ගණනින් ඇණහිට ය. රාජ්‍ය යේ ආරක්ෂාව ද අනතුරේ ය. මේවාට වගකිව යුතු පාලක හැත්තේ හෙවත් බල අධිකාරියේ පත්වීම්ද විකෘති සහගත ය.

මේ සත්‍යය අමතක කරලීමටත්, සමාජයෙන් වසන් කිරීමටත් අවශේෂ මාතෘකා රංගනයට අවස්ථා උදාකර දී තිබේ. එහි පිටපත ජේ. ආර්. ගේ බෑනා වූ අගමැති රනිල් ගේ ය. අධ්‍යක්ෂණයෙන් පමණක් නොව රංගනයෙන් ද දායකත්වය සපයන්නේ, ජේ. ආර් ට හිසරදයක් වූ, ප්‍රේමදාස විසින් නායකයාගේ සිට දස දහස් ගණනින් සාමාජිකත්වය මරා දැමූ ජනතා විමුක්ති පෙරමුණ යි.

මැතිවරණයට පෙර මේ ආදී නාටක කිහිපයක් රඟ දැක්වීය. “හයි වේ-රන් වේ”, “ලැම්බෝගිනි”, “රත්තරං අශ්වයෝ”, “හෙළිකොප්ටර් හතර” ඒ අතරින් කිහිපයකි.

මේ වනවිට අති සාර්ථක ලෙස රඟ දැක්වෙනුයේ “ඇවන්ගාර්ඩ්-මඩ්ජ්ගාර්ඩ්” ය.

එක්සත් ජාතික පක්ෂ රජයක් විසින් යළි යළිත් රට විනාශය කරා රැගෙන යන බව පැහැදිලිව පෙනෙන්නට තිබියදීත්, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් මේ ආකාරයට කටයුතු කිරීමම වර්තමානයේ සමාජ ඛේදාන්තයකට දීමට හැකි උදාහරණයයි.

එක්සත් ජාතික පක්ෂය විසින් තම නායකයා ඇතුළු ලක්ෂයකට ආසන්න අනුගාමිකයින් හෝ සාමාජිකයින් මරා දැමීම පිළිබඳ 26 වන සැමරුම මුව විට වන විට ජවිපෙ හෘද සාක්ෂිය ප්‍රශ්න කරන තැනක නතර වී තිබේ.

“නුඹලා... ගිය වර, එනම්, 2014 වසරේ ඉල් මහේ සැමරනු ලැබුවේ, එළියකන්දේ, සූරියකන්දේ සිට බටලන්ද දක්වා හෝ උලපනේ, බණ්ඩාරගම සිට බොරැල්ල කනත්ත දක්වා හෝ අවසන් කළ තරඟ ජයග්‍රහණයක රිදී ජුබිලිය ද ? ”

- ජනිත් විපුලගුණ -
2015 නොවැම්බර් 11 මාතර දී.
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com