11/04/2015

සිරිසේනලා රණ විරුවන් බේරා ගත් හැටි.

කතෘ:යුතුකම     11/04/2015   5 comments

අපි වෙනුවෙන් අපි අපිට එරෙහිව අපි
සිරිසේන මහතා ජිනීවා ගියේ නැත. ඔහු තමාගේ ආදරණීය පුත්‍ර රත්නයද කැටුව ගියේ ගියේ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සැසිය සඳහායි. එහිදී ලංකාවට එරෙහි චෝදනා සාකච්ඡා වුයේ නැත. ලංකාවට එරෙහි ක්‍රියාදාමය සිදු වූයේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය තුළය. නමුත් සිරිසේන ලංකාවට එන විට රට පුරා පෝස්ටර කටවුට් ගසා තිබුනේ "රණ විරුවන් බේරාගත් ජනපති" කියාය. මේ පච ආණ්ඩුව අපව ගොනාට අන්දවන්න දරන වෑයම එයින්ම මනාවට පැහැඳිලි වේ.

බොරුව අද මේ රටේ ප්‍රධානතම දේශපාලන උපක්‍රමය බවට පත් වී තිබේ.  'තාජුඩීන් ඝාතනය', 'භූගත මන්දිර', 'ආයුධ නැව්' ආදී තවත් ව්‍යාජ ජවනිකා ඉදිරියට ගෙන එමින් අද අප මුහුණ දී තිබෙන සැබෑ ව්‍යසනය අපගෙන් වසන් කරමින් තිබේ. ලෝකයේ කිසිදු රටක් නොකරන ආකාරයේ ගොන් කමක් වන ලංකාවට එරෙහි යෝජනාවක් ලංකාව විසින්ම ගෙන එමින් නිවට දීන ලෙස ඇමරිකානු සහ බටහිර ඉදිරියේ දණ ගසමින් රණ විරුවන් සහ රට පාවා දෙමින් එම පාවා දීමම "බේරා ගැනීම" ලෙස ප්‍රදර්ශනය කිරීම තරම් ජඩ වැඩක් තවත් ඇත්ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වරයාගේ වාර්තාවේ අපගේ රණ විරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ පහත සඳහන්  බරපතළ චෝදනා ඔබම කියවා බලන්න. අපගේ රජය් විසින්ම (ඇමරිකාව සමඟ එක්ව) මේ චෝදනා එල්ල කරන්නේ දශක තිහක කුරිරු යුද්ධයක් නිමා කරමින් ලංකාවේ දමිළ දරුවන්ගේ බෙල්ලෙන් සයනයිඩ් කරල ගලවා ඔවුන් පාසල් වෙත යන දිනක් උදා කළ වීරෝධාර ජයග්‍රාහී හමුදාවකට එරෙහිවය. මේ රාජපක්ෂගේ හෝ සිරිසේනගේ හමුදාව නොව, අපේ හමුදාවය. අපි වෙනුවෙන් ජීවිත පූජා කළ අපේ හමුදාවයි.

රජය විසින් අපගේ හමුදාවන්ට එල්ල කර ඇත්තේ ආරක්ෂක හමුදාවකට එල්ල කළ හැකි භයානකම චෝදනා බව ඔබට වැටහී යනු ඇත. වසර විස්සක් යන තුරු සාක්ෂි කරුවන් අනාවරණය නොකෙරෙන මේ සියළු අභූත චෝදනා කිසිදු ප්‍රතිවිරෝධයකින් තොරව ඉතා සාදරයෙන් අපගේ රජය විසින් පිළිගෙන, එම යෝජනාවන්හි පාර්ශව කරුවෙකු බවට පත්වීම ඇමරිකානු යටත්විජිතය පාමුල බිම වාඩි වී උන්ගෙන් තොණ්ඩුව ඉල්ලා ගෙන ගෙල ලා ගැනිමකි.

ලංකා රජය සාදරයෙන් පිළිගෙන ඇති හමුදාවට සහ රටට එරෙහි බරපතළ චෝදනා

  • නීති විරෝධී මිනීමැරුම්
  • ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් ප්‍රචණ්ඩත්වය
  •  බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම්
  • වධ හිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්
  • සාමාන්‍ය ජනතාවට සහ පොදු ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම
  • මානුෂීය ආධාර වැළැක්වීම
  • විවෘත නොවු කඳවුරුවල අභ්‍යන්තරව අවතැන් වු පුද්ගලයන් රැඳවීම
මේ සියළු චෝදනා නඟා ඇත්තේ හමුදාව අතින් සිදු වූ විනය කඩවීමේ සිද්ධීන් ලෙස නොව, ශ්‍රී ලංකා හමුදාව යුධෝපක්‍රම ලෙස මෙම අපරාධ කළ බව පෙනී යන පරිදිය. ඒ බව පැහැදිලිවීම සඳහා ඉහත ඇතැම් චෝදනා ජිනීවා වාර්තාවන්හි නඟා ඇති ආකාරය එලෙසම පරිවර්තනය කළහොත් ඒ මෙසේය.

සාමාන්‍ය ජනතාවට සහ පොදු ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම:

"යුද්ධයේ අවසාන අවදියේ දි සිදු කරන ලද බොහෝ ප්‍රහාර සටන් කිරීම පිළිබඳ අන්තර්ජාතික මානුෂීය නීතියේ මූලධර්ම වලට, විශේෂයෙන්ම වෙනස් කොට හැදින ගැනීමේ මූලධර්මවලට අනුකූල නොවු බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. රජය විසින්ම ‘සටන් මුක්ත කලාප” (No Fire Zones ) ලෙස ප්‍රකාශයට පත් කළ එල්ටිටීඊයේ පාලනය යටතේ පැවති අධික ජන ගහණයෙන් යුත් ප්‍රදේශවල මානුෂීය පහසුකම්වලට සහ රෝහල් වලට රජයේ හමුදා දිගින් දිගටම ෂෙල් ප්‍රහාර එල්ල කළ බව වාර්තාවේ සදහන් වේ. පොදු ස්ථානවලට සහ/හෝ ගැටුම්වලට සෘජු සම්බන්ධයක් නැති සාමාන්‍ය ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම අන්තර්ජාතික මානුෂිය නිතිය බරපතල උල්ලංඝණය කිරීමක් වන අතර යුද අපරාධ සේ සැලකිය හැකිය. ගැටුම්වලට කෙළින්ම සම්බන්ධ එල්ටීටීඊ සාමාජිකයන් වැඩි වශයෙන්ම සිවිල් ජනතාව සිටින ප්‍රදේශවල සිටීම සහ ගැටුම් පවතින ප්‍රදේශවල රැඳී සිටීමට සිවිල් ජනතාවට බල කිරීමේ එල්ටීටීඊ ප්‍රතිපත්තිය ද අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝණය කිරීමක් විය හැකිය. අන්තර්ජාතික මානුෂීය නිතියට රජයන් ගරු කිරීම විරුද්ධ පාර්ශ්වයේ හැසිරීම මත රඳා නොපවතින අතර එය විරුද්ධ පාර්ශ්වයේ හැසිරිම මත තීරණය ‍වන්නක් නොවේ."

(300, 000 කට අධික දෙමළ සාමාන්‍ය වැසියන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් හා ඔවුන්ව බලහත්කාරයෙන් අඟල් එදිකිරීම වැනි යුද කටයුතු සඳහා යොදවමින් එල්ටීටීය සිදු කළ මනුෂ්‍යත්වයට එරෙහි දරුණු අපරාධවලින් ඔවුන්ව නිදහස් කරමින් තම අතපය හා ජීවිතද පුදා ඉන් 290,000කට අධික සිවිල් වැසියන් මුදාගත් වීරෝධාර හමුදාව යුද අපරාධකරුවන් කර ඇති අයුරු!)

විවෘත නොවු කඳවුරුවල අභ්‍යන්තරව අවතැන් වු පුද්ගලයන් රැඳවීම:

"එල්ටීටීඊයේ හිටපු සටන්කරුවන් සාමාන්‍ය ජනතාව‍ගෙන් වෙන් කිරීම සදහා කරන ලද පරික්ෂා කිරිමේ ක්‍රියාවලිය අන්තර්ජාතික ප්‍රමිතීන් සැපිරීමට අපොහොසත් වූ අතර නරක ලෙස සැලකීම සහ අපහරණය පහසු කරවීය. විවෘත නොවු අභ්‍යන්තරව අවතැන් වුවන්ගේ කඳවුරුවල පැවති තත්වය සෞඛ්‍ය, හා ජලය හා සනීපාරක්ෂාවට ඇති අයිතිය ඇතුළත් මානව අයිතිවාසිකම් ගණනාවක් උල්ලංගනය කිරීමකි. 300,000 පමණ වන අභ්‍යන්තර අවතැන් වූවන් අන්තර්ජාතික නීතිය අනුව පිළිගත් කාලසීමාවට වඩා කඳවුරුවල රඳවා ගැනීම ඔවුන්ගේ නිදහස අහිමි කිරීමකි. අභ්‍යන්තරව අවතැන් වුවන් ඔවුන්ගේ දෙමළ වාර්ගිකත්වය නිසා සැක කරුවන් ලෙස සලකන ලද බවටත් රඳවා ගත් බවටත් විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. මෙය වෙනස් කොට සැලකිමේ සහ පීඩාවට පත් කිරීමේ මානුෂිකත්වයට එරෙහි අපරාධයක් ලෙස සැලකිය හැකිය."

(එල්.ටී.ටී.ඊ. ය විසින් බිම් බෝම්බ උතුරු පළාත පුරා වළලා සිදු කොට තිබූ යුද අපරාධ වසන් කරමින් නැවත පදිංචි කරන ජනයාගේ ආරක්ෂාවට ඒවා ඉවත් කරීමට රජයට ගතවූ කාලය අපරාධයක් බවට පත් කර ඇත.)

ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් ප්‍රචණ්ඩත්වය:

 "විමර්ශනයේ දී ඔවුන් කම්පාවට පත් කළ සොයා ගැනීමක් වූයේ රැඳවුම්කරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලද අතිශයෙන් කුරිරු ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්වයයි. එම වින්දිතයන් අතර ගැහැණුන් මෙන්ම මිනිසුන්ද වේ. සම්මුඛ සාකච්ඡා කරන ලද ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක් වූ වින්දිතයන් 30 කගේ කම්පාවට පත් කෙරෙන සාක්ෂිවලින් පෙනි යන්නේ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් හුදකලා ක්‍රියා නොව සිතාමතාම වද හිංසා පැමිණවීමේ දී අනුගමනය කරන සමාන රටාවක සහ සමාන ක්‍රම යොදා ගැනීමේ ප්‍රතිපත්තියේ කොටසකි යන්නයි. එම වාර්තාවේ, ප්‍රශ්න කිරීමේ අවස්ථාවේ දි සිදු කරනලද ලිංගික වද හිංසා සහ බොහෝ විට ප්‍රශ්න කිරීම් සිදු නොවන අවස්ථාවලදි සිදු වූ බව පෙනෙන දූෂණය කිරීම් රටාවන්ද සඳහන් වේ. ගැටුම් පැවති සමයේ හා ඉන් පසුව විවිධ ආරක්ෂක හමුදා විසින් රැඳවුම් මධ්‍යස්ථාන ගණනාවක දී ලිංගික වධ හිංසා සිදු කර ඇත. සන්නද්ධ ගැටුමට අදාල කාලයේ දි සිදු කරන ලදැයි සැලකෙන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් එකක් හෝ සම්බන්ධයෙන් නීතියෙන් වැරදිකරුවන් කර නැත."

(ලිංගික ප්‍රචණ්ඩත්වය පවා හුදකලා සිද්ධීන් ලෙස නොව යුධ උපායන් ලෙස යොදා ගත් බවට පෙන්වීමට උත්සාහ ගෙන ඇති අයුරු)

මෙම විමර්ශන වාර්තාවේ සඳහන් සියළුම චෝදනා සුපරික්ෂාකාරීව කියවා බලන විට පෙනී යන ඉතාම වැදගත් කරුණක් වන්නේ මේ සියළු වැරදි කිසියම් රටාවක් හඳුනාගත හැකි පරිදි ක්‍රමානුකූලව සැලසුම්සහගතව  සිදු කරන ලද අපරාධ බවට පෙන්වීමට ගන්නා උත්සාහයයි. එහි යටි අරුත වන්නේ මේ අපරාධවලට වගකිවයුත්තේ ඒවාට අණදුන් ඉහළ නිළධාරීන් සහ දේශපාලන අධිකාරිය බවයි.

මෙම සමුළුවෙන් පසුව ගුවන් විදුලියේ 'සුභාරතී'  වැඩ සටහනට සහභාගී වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ "අපේ අරමුණ හමුදා සොල්දාදුවන් දඩයම් කිරීම නෙමෙයි. ඔවුන්ට අණ දුන් අය හොයලා ඒගොල්ලන්ව අල්ල ගන්න ඕනා. මුලින්ම ඒගොල්ලන්ව අල්ල ගෙන, ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඒගොල්ලන්ට මොකක්ද කරන්නේ කියලා." යනුවෙනි. ඉහත චෝදනා එල්ල කර ඇති ආකාරයත් මංගල සමරවීර මහතාගේ පැහැඳිලි කිරීමත් මනාව නොපෑහේද්? මොවුන්ගේ ඉලක්කයේ ප්‍රමුඛතාවය ඇත්තේ සේනාධිනායකයා ඇතුළු ආරක්ෂක අංශයන්හි ඉහළ නිලධාරීන් බව පැහැඳිලිය.

මෙලෙස අසමජ්ජාති ලෙස තමන්ගේ රටේ රණ විරුවන් ලෝකය ඉදිරියේ ගර්හාවට සහ බරපතළ චෝදනාවට ලක් කරමින් "අපිට එරෙහිව අපි" සංකල්පය මත වැඩ කරන අතර ලංකාවේ ලයිට් කණු වල අපට සතුරු අපේ නායකයෝ එල්ලී සිටියේ රණ විරුවන් බේරා ගත්තා යැයි කියමිනි. අපි බොරුව ප්‍රෝඩාව දැක ඇත්තෙමු. නමුත් මෙවැනි හිවල් ගණයේ නීච ප්‍රෝඩාවන් අප මීට පෙර කතාන්දරයකවත් අසා තිබේද?


[යුතුකම සංවාද කවය විසින් බෙදාහරින  "දේශය අනතුරේ..: ඔබ මේ ගැන දැනුවත් ද? " පත්‍රිකාවේ මුල් කොටස ඇසුරෙන් ]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

5 comments :

  1. සිරා බල්ලා11/05/2015 2:03 PM

    බල ලෝභී කලකන්ණි බල්ලෙක් රටේ නායකය වුනාම ඔහොම ඒවා බලාපොරොත්තු වෙන්න වෙනවා

    ReplyDelete
  2. මේ සිරිසේනය වගෙ වෙ...... පුතෙක්. මු ඉපදිල තියෙන්නේ අර සන්නස්ගලය කිව්ව වගෙ ප්‍රභාකරණ්ගේ මොනවද එව්ව උගෙ අම්මගෙ ඇතුලට ගිහින්. බොරු කියාගෙන බොරුවෙන්ම අපු සිරිසේන සුනඛයා උගෙ පැවැත්මට තව තවත් බොරු නොකිය වෙන මොනව කියන්නද? උගෙ පැවැත්මට රට පාවා නොදී වෙන මොනව කරන්නද? (සැ.යු: සිරිසේන සුනඛයට "සුනඛයා" කියා ආමණ්ත්‍රණය කිරීම සුනඛයන්ට කරන බලවත් අපහසයක් වේ!)
    මීට විශ්වාසි
    යුද්දෙන් මිය ගිය රණ්විරුවෙක්

    ReplyDelete
  3. අනේ අම්මපා මමත් මුගේ බොරු බයිලා වලට රැවටිල මූට ඡන්දේ දුන්නනේ ඉතින් :'(

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions