11/05/2015

ජාති ද්‍රෝහීන් හෝ දේශ ද්‍රෝහීන් පැමිණෙන්නේ පස්මහ බැලුම් බලා නොවේ.

කතෘ:යුතුකම     11/05/2015   2 comments

සංවෘත ආර්ථිකයක් තුළ, පීඩිත සීමා මායිම් සලකුණු කළ බවට මත වැපිරූ එක්සත් ජාතික පක්ෂයේ කෛරාටික නායකයෝ 2015 මෙන්ම 1977 දීද රටේ පාලන බලය සියතට ගන්නට සමත්වූවෝය. බණ්ඩාරනායක පවුලේම සාමාජිකයින් දෙදෙනෙක් පමණක් පාර්ලිමේන්තුව නියෝජනය කළද අද මෙන්ම එදාද පවුල් ගසක් මැවීමට ඔවුහු සමත් වූහ. සේනානායක පවුල හා විජේවර්ධන පවුල විසින් කරන දේශපාලනය යට ගසා බණ්ඩාරනායක පවුල පමණක් මතු කර ගැනීමට හැකිවන ආකාරයට, අද මෙන්ම එදා ද අවශේෂ සිවිල් ව්‍යාපාරයන් නතු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකයෝ සමත් වූ හ.

ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයට, පවුල් දේශපාලනය හෙවත් එකම පවුලේ හෝ එකම වාසගම්වලට හෝ හිමිකම් කියන ලේ ඥාතීන් සම්බන්ධවීම අද ඊයේ ඇති වූවක් නොවන බව ඉතිහාසය කියැවූවන්ට නොරහසකි. එකම පවුලට සම්බන්ධ වූවන්ට රටේ පාලනය හිමිවීම රාජාණ්ඩු ක්‍රමයෙන් මෙපිටට ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල සිදු වූ බවට ද උදාහරණ ඇත. එහෙත් ලංකාවේ තරම්, අනෙකා තලා පෙළා පාලන බලය උදාරා ගැනීමේ දුෂ්ට චේතනාවෙන් එය වැපිරූ රටක් දකුණු ආසියාවේ ද නැති තරම් ය.
ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු 1931 වැනි කාලයේ සිටම පවුල් දේශපාලනය පැළපදියම් වී තිබෙන බවට සාක්ෂි ඇත.
“......නිදහසින් පසුව එක්සත් ජාතික පක්ෂය සේනානායක, කොතලාවල, ජයවර්ධන, විජේවර්ධන හා කොරයා යන පවුල් සමූහයෙහි දේශපාලන සංවිධානය ලෙසට පරිවර්තනය වූහ. එකලදී එම පක්ෂය ( යූ.එන්.පී.) මාමාලාගේ සහ බෑනලාගේ (Uncle Nephew Party) ලෙසට පක්ෂය අපහාසාත්මක ලෙස හඳුන්වා ඇත. එම පදය ශ‍්‍රීමත් ජෝන් කොතලාවලට විසින් ද වරින් වර ප‍්‍රකාශ කර ඇත. එම පක්ෂය තුල නායකත්වය සහ තීන්දු ගැනීමේ කාර්ය ඉහත සඳහන් පවුල් මත තීන්දු වී ඇත. වර්තමාන එක්සත් ජාතික පක්ෂය විජේවර්ධන, වික‍්‍රමසිංහ, ජයවර්ධන හා සේනානායක යන පවුල් වෙතින් ක‍්‍රියාත්මක වේ. එහි අනාගත නායකත්වය විජේවර්ධන පවුල වෙත ලැබිය හැකිය. ඒ අනුව තවදුරටත් එජාප යනු මාමලාගේ හා බෑනලාගේ පක්ෂය ලෙසට හැඳින්විය හැකිය....“

මෙම යථාව කෙතරම් දුරකට වත්මන් ශ්‍රී ලාංකේය සමාජයේ කතා බහට ලක් වී ඇද්ද හෝ කතාබහට ලක්වන්නේ ද හෝ පැහැදිලිවම විමසුමට බඳුන් කළ යුතුය. “රාජපක්ෂ රෙජීමය“ යන භාවිතය අපහාසාත්මක ස්වරයෙන් සමාජ ගත වූ තරමට “හංස රෙජීමය“ වත් සමාජ ගත නොවන කල් හි, මාමාලාගේ සහ බෑනලාගේ පක්ෂය (Uncle Nephew Party - UNP) යූඇන්පී ලෙසට, සමාජගත කරන්නේ කෙලෙසක යන්න ඒ විමසුමේ මුඛ්‍යාර්ථය විය යුතුය.

මෙම විමසුම පැහැදිලි කර ගැනීම සඳහා, එක්සත් ජාතික පක්ෂ අතීශය බහුතර ව්‍යවස්ථාදායක බලයක් හිමිකරගත් 1977 ට අවම වශයෙන් යා යුතුමය. එදා සජීවි අද්දැකීම් ඇති, අදත් ජීවත්වන, දේශපාලනය ගැන උනන්දුවක් දක්වන්නෝ, 1977 ජූලි මාසයේ පටන් අතීතාවර්ජනයේ ජීවත්වන්නට, දිනකට විනාඩි කිහිපයක්වත් වෙන් කර ගත හැකිනම් මේ යථාර්තයේ කිමිදිය හැකි ය.

ජන සන්නිවේදන ක්‍රියාවලිය මෙතරම් දියුණු නැති යුගයක් වූ 1977 දී, එක්සත් ජාතික පක්ෂය වැනි සෞන්දර්යයවාදී ගුණාංගයන්ගෙන් දුප්පත් පක්ෂයක්, ජනතාව ආකර්ෂණය කර ගැනීමට යොදාගත් උපක්‍රම ගැන සිතන විට පුදුම සහගතය. අද රටේ තත්ත්වය ඊට බොහෝ වෙනස් ය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට ආවේණික ගති ලක්ෂණ එතරම් වෙනස් වී නැත. අද ද එක්සත් ජාතික පක්ෂය (නායකයාගේ සිට පහළ සාමාජිකයා දක්වා) සෞන්දර්යයවාදී ගුණය අතින් අතීශය දුප්පත් පක්ෂයකි. එහෙත් අද එක්සත් ජාතික පක්ෂය ඒ දුර්ගුණය මගහරවා ගන්නේ අදාළ භාණ්ඩ හා සේවා කුලියට (Rent out) ලබා ගැනීමෙනි. පිරිස් බලය අවම පක්ෂයක් වුව ජනතා ආකර්ෂණය දිනා ගනු ලබන්නේ, එම පක්ෂය සතු සෞන්දර්යයවාදී ගුණාංග මනා ලෙස කළමනාකරණය කර ගැනීමෙනි. ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයෙන් මේ සඳහා උදාහරණ ඕනෑ තරම් ලබා දිය හැකි ය. මෙම තත්ත්වයට සාපේක්ෂව අද වන විට “හංස රෙජීමය“ ට එරෙහි බලවේග ක්‍රියාත්මක වන්නේ පැහැදිලි තුරුම්පු අවට ගැවැසෙන වටපිටාවක ය.

“මහින්ද රාජපක්ෂ පවුල් පාලනය“ යයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් ඈළි මෑළි ව තෙපළනවිට, “රාජපක්ෂ රෙජීමය“ යැයි මර හඬ තලන්නට පිරිසක්, එක්සත් ජාතික පක්ෂය විසින් කුලියට ගෙන තිබේ. අවම වශයෙන් ලක්ෂ 25 සිට අප නොදන්නා සහ අපැහැදිලි මූල්‍ය ගනු දෙනු හරහා ජනතා විමුක්ති පෙරමුණ ද එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණ සහ පැවැත්ම තහවුරු කරන භාවිතාවක නියැළී සිටී.

මේ සියල්ලට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ අධිරාජ්‍ය ගැති භාවය කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් තිබේ. එමෙන්ම ජාතිකත්වාදයට එරෙහිව, බෙදුම්වාදී මානසිකත්වය පෝෂණය කරන ක්‍රියාකාරකම් රැසකින් එක්සත් ජාතික පක්ෂය තම නිරුවත රට හමුවේ දිග හරිමින් තිබේ. වර්තමානය වන විට ගොඩනැගී ඇති සමාජ, දේශපාලනික හා ආර්ථික වර්ධනයන් තුල දී ඍජුවම නියෝ ලිබරල් හෝ මාක්ස්වාදී හෝ නොවන ඕනෑම කෙනෙකුට වුව ජාතිකවාදී විය හැකිය. නො එසේ නම්, මේ කිසිත් නැතිව ජීවත් වන්නා දේශපාලන අවලමෙක් ලෙස හැඳින්විය හැකිය. මෙවන් දේශපාලන අවලමුන් නැත්තේ නොවේ. තම අවලංකම නොදැන හෝ සඟවා ගෙන ජාතිකවාදීන් සමඟ සංවාදයට පිළිපන්නෝද සිටිය හැක.

1977 න් පසුව එක්සත් ජාතික පක්ෂය විසින් උත්තරාරෝපිත ආර්ථික හා සමාජ ශෝධක ක්‍රියාවලියෙන් බිහි වූ පිරිසක් සිටිති. එමෙන්ම එය ආදර්ශයට ගෙන ජීවන රටාව වෙනස් කරගත් පිරිසක් ද සිටිති. මෙම පිරිසෙන් බහුතරය නිත්‍ය වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මතවාදය හා එම පක්ෂය පෝෂණය කරන්නෝ වෙති. එය රටේ සංස්කෘතියට එල්ල කැර ඇත්තේ ප්‍රබල බලපෑමකි. එම පිරිසට ජාතිකත්වය නොතේරෙන වදනකි. ජාතිකවාදය නොතේරෙන වදනකි. අනගාරික ධර්මපාල, මුනිදාස කුමාරතුංග, මාර්ටින් වික්‍රමසිංහ, සුනිල් ශාන්ත, පමණක් නොව අමරදේව හා නන්දා මාලිනිය වුව ඔවුනට තුට්ටුවක වටිනාකමක් නැත්තෝය. ඒ අනුව බලන විට, නලින්ද සිල්වා සහ ගෙවිඳු කුමාරතුංග වැන්නෝ ගැන ඔවුන්ගේ අදහස් විමසුමට ළංවීමවත් අනවශ්‍ය ය. ඇතැම්විට එය බියකරු අද්දැකීමක් වන්නට ද බැරි නැත.

1977 ජූලි මාසයේ සිට කාලයේ ජීවත් වූවන්ට, දිනකට විනාඩියක්වත් මනෝකායිකව යළි එහි ජීවත්වන්නට යැයි පෙර සඳහන් කළේ, මෙම බියකරු අද්දැකීමෙන් සැබැවින්ම හානියක් සිදු කර නොගෙන ඉදිරි පියවර තබන්නට ය.

එදා ජේ ආර් ය. මෙදා ජේ ආර් ගේ බෑනා ය. එදා ප්‍රජා අයිතිය අහෝසි කළේ සිරිමා බණ්ඩාරනායක නම් වූ ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ගේ ය. මෙදා සිරගත කරන්නට වෙර දරන්නේ, ලොව භයානකම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ය. එදා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ය. මෙදා ලොව භයානකම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ආරක්ෂක සේනා සම්බන්ධීකරණය කළ හිටපු ආරක්ෂක ලේකම්, ඝෝටාභය රාජපක්ෂ ය. මේ ආදී වශයෙන් නම් වැලක් සඳහන් කළ හැක.

1977 සහ 2015 අතර සමානකම් රැසක් සේ ම, 1977 ට වඩා අනේකවාරයක් කනගාටුව දැනිය හැකි ඛේදයන් රැසක් ද වෙයි. 1977 දී හාල් පොලු, මිරිස් පොලු ආදිය ගැන පමණක් නොව බාසුමතී සහල් ගැනද කතා කළේ ය. අද කතා කරන්නේ බංකර් ගැනය. පාවාදීමට වඩා ජාතියේ ආරක්ෂාවම පාවා දී තමන්ද පාවා ගන්නා තත්ත්වයට පත්වන්නේ බංකර්, මාළිගා ලෙස හුවා දැක්වීමෙනි. මෙම හෙළි කිරීම තුළ ඇත්තේ දැඩි කුහකකමකි. එය නිහීන ය. එය තිරිසන් ය. එය තිරිසන් වන්නේම, තමන්ද එම උගුලේ හසුවන බව නොදැනෙන තරමට අමානුෂීය හැඟීමෙන් හෝ වෛරයෙන් හෝ මුසපත්ව අවිචාරවත්ව හැසිරීමෙනි.

බොහෝ සේ අක්‍රමවත්ව හා දුගඳ හමන කසළ ගොඩක්ව පැවැති කොළඹ නගරය සේම දිවයිනේ මාර්ග සහ නගර රැසක් අලංකරණය කළ රාජපක්ෂ පාලනය, ලොව භයානකම ත්‍රස්තවාදයෙන් ආරක්ෂාවීම සඳහා තැනූ බංකරය නවීකරණය කිරීම වරදක් සේ සලකා ලොවට නිරාවරණය කිරීම තරම් පහත් ක්‍රියාවකට සමාන ක්‍රියාවක්, ආරක්ෂක නියාමයන් පාර්ශවයෙන් ජේ ආර් ගේ හා ප්‍රේමදාසගේ කාලයේ දී වත් සිදු නොවන්නට ඇත.
ගැටලුව ඇත්තේ මෛත්‍රීපාල නම් පක්ෂ ද්‍රෝහියාගේ සිට රනිල් නම් ජාති ද්‍රෝහියා දක්වා නොවේ. මෙම ද්‍රෝහී ක්‍රියාවන්ගේ සැබෑ තතු දකුණේ බහුතරයක් වන තම පාක්ෂිකයින්ට වටහා දීමට අසමත් “හංස රෙජීමය“ ට එරෙහි “පසේ බුදුවරු“ වැන්නන්ගේ ය.

ආසන්න වශයෙන්, 1970 දශකයේ ශ්‍රී ලාංකේය ජනයාගේ ජීවන රටාව ඒ ආකාරයටම පැවැතිය යුතුය යන්න, සංස්කෘතීන් හා ජාතිකත්වයන් පිළිබඳ අතීතානුස්මරණ හැඟීම්බරව සිදුකරන්නන්ගේ මතය නොවේ. සංස්කෘති තුළවන අනන්‍යතා ආරක්ෂාවන සමාජ, ආර්ථික, දේශපාලනික වර්ධනයන් අත්පත් කර ගැනීමට සමත් රාජ්‍ය පාලනයක අවශ්‍යතාව ජාතිකවාදීන්ගේ අභිප්‍රායය විය යුතුය. උදාහරණයක් ලෙස, භාෂාවක් ගත හැකිය. ලොව කිසිඳු භාෂාවක් මුල් ස්වභාවයෙන්ම නොපවතී. නිරන්තරයෙන්ම භාෂාවන් විවිධ විකාශනයන් තුළ සංවර්ධනයටද බඳුන් වෙයි. එහෙත් එය ආරක්ෂා නොවන්නේ නම්, එය ලැබූ සංවර්ධනයෙන් ඵලක් නැත.

මේ තත්ත්වයන් ද සැළකිල්ලට ගනිමින් වත්මන් අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ජන සංවේදී ක්‍රියාන්විතයක් වහ වහා දියත් කළ යුතු ය. 1977 ට වඩා වැඩි වේගයකින් රට ව්‍යසනයන් ළඟා කර ගනිමින් සිටීම එයට හේතුව යි. එම ව්‍යසනය උදෙසාම කැප වූ අධිරාජ්‍ය ගැති පාලකයින් රොත්තක් සහ ඊට අනුබල දෙන අරිට්ටකීවෙණ්ඩුලා පරදන කේවට්ටයින්ද, කේවට්ටයින් පරදන අරිට්ටකීවෙණ්ඩුලා ද බුරුතු පිටින් නඩත්තුවෙමින් සිටිති. මේ තත්ත්වයට මුහුණ දීමට පමා වීම, 1977 රට කර ගත් අත් වැරැද්දට වඩා සිය දහස් ගුණයක විනාශයන් ළං කරනු ඇත. එබැවින්, රටට ආදරය කරන ඔබට 1815 ට මොහොතක් ගමන් කළ නොහැකිනම්, 1977 දිනක් ගත කිරීමට, අද ගෙවෙනා දවසින් සුළු වේලාවක්වත් වෙන් කර ගන්න. එය ඔබේ නමින් මතු උපදින දරුවන් සහ මතු යහතින් පවතින රටක් වෙනුවෙන් කරන මහත් වූ ආයෝජනයක් වනු ඇත.
 
- ජනිත් විපුලගුණ -
2015 නොවැම්බර් 05
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. බොහොම කලකිරීමෙන් ආතතියෙන් ලියපු ලිපියක් බව පේනවා, අපිකවුරුත් ඉන්නේ කලකිරීමෙන් ක්රෝධ්රයෙන් තමයි නමුත් , මේ හැගීම ඉතාම සීමා සහිත පිරිසක් අතර පමනක් ඇති දෙයක්, මේ හැගීම සාමාන්ය ජනතාව වෙත ගෙනියන්න කියලා කතුවරයා කියනවා, නමුත් මේක නොකල හැකි දෙයක්.

    සාමාන්ය ජනතාව අතිවිශාල බහුතරයක් අධිරාජ්යවාදී බලපෑම් වලට සංවේදී නැහැ, අනෙක් අතට අධිරාජ්යවාදීනුත් මෝඩ නැහැ, උනුත් මේක ඉදිරිපත් කරන්නේ අපේ රටේ යහපත සදහා, ජාතික සමගිය සහජීවනය සදහා , කියන ධනාත්මක කරුනුත්, මේක කලේ නැත්තම් අපිට ආර්ථික සම්භාධක පනවලා අරාජික කරනවා යන තර්ජනය අනියම් වශයෙන් පෙන්නලා , සාමාන්ය ජන මනස "මේක තමයි අපට තියන හොදම විකල්පය" කියන තත්වයට පත්කරලයි.

    යුද්ධකාලේ රනිල්ව මාකට් කරන්න බැරිවුනා වගේ, දැන් සාමය කාලේ ජාතිකත්වය, අන්තර්ජාතික බලපෑම් මාකට් කරන්නත් බැහැ, අපිකවුරුත් දැක්කා පාර්ලිමේන්තු මැතිවරනයෙන රනිල් ගේ පක්ෂය දිනුවා, ජනතාව රනිල්ගේ පැත්තට ආකර්ෂනය වෙලාතියන බව අපි පිලිගත් යුතුයි.
    තොප්පිගල කැලයක්, අලිමංකඩ පාමංකඩ, යුද්ධකරන ගොන්නු කතාකියපු එවුන්ට ජනතාව උඩපැන පැන චන්දේ දුන්නා.
    මංකියන්නෑ අපි ජාතිකව්යාපාරය , අධිරාජ්යවාදී බලපෑම් දේශපාලන ආයුධ නොවිය යුතුයි කියලා, ඒවාට සංවේදී පිරිසක් ඉන්නවා, අපි ඒ අයවත් ඇමතිය යුතුයි, නමුත් අපි අපේ ප්රධාන දේශපාලන ආයුධය වියයුත්තේ මොකක්ද කියන එක ගැන වාද කරකර හිටියොත් අපි එජාපය හිරවෙච්ච තැන අවුරුදු 10-15ක් හිරවෙනවා.

    මංනම් කියන්නේ අපේ ප්රධාන දේශපාලන මාතෘකා වියයුත්තේ, මීටවඩා ජනතාවට ආකර්ශනීය කරුනු, රනිල් ගේ නෝනාගේ වැඩ, රනිල් නෝනා එක්ක බුදියගන්නවාද?, බැදලා අවුරුදු විස්සක් ගිහිල්ලත් ලමයි නැත්තේ ඇයි, මේක රටට පේන්න කරන බොරුවක්ද? රනිල් නිතර නිතර රට්යන්නේ ඇයි, එහෙම ගිහින් වෙන ආශාවන් සංසිදුවා ගන්නවාද? රනිල් ගේන් නොනා වේන නෝනලා එක්ක ඔචචර ලගින් ඇසුරු කරන්නේ ඇයි, රනිල් මංගල සාගල වගේ අයට සහයෝගය දෙන්නේ ඇයි, ඒ අය සම සිතැති අය ලෙස සිතනවාද?

    ඊලගට මෛත්රීගේ කොන්ද පන නැතිකම, පවුල්වාදය, පුතා කරන්නේ මොනවද? නංගී මල්ලී කරන්නේ මොනවද, අයියී ඩඩ්ලිගේ ව්යාපාර කොහොමද පිටරටවල ගෙවල් කොහොමද?
    මේ වගේ පුද්දලික ඕපාදූප ඉතාම වැදගත්, ආචාර්ය මර්වින් සිල්වාගේ අවශ්යතාවය දැන් පේනවා නේද?

    ඊලගට ඉහවහා ගිය දූෂනය ගැනකතා කලාකි, මහබැන්කු වන්චාව, ආර්ට්ථිකය හසුරුවා ගැනීමට නොහැකිවීම වැදගත් තැන්වලට තිලක් මාරපන අර්ජුන් මහේන්ද්රන් වැනි මිත්රයන් පත්කිරීම
    රාජපක්ෂලා ගහපු ඩොලර් බිලියන් ගනන්, කේමන් දූප්ත් වල ගිනුම් , වෙනත් කෙබර කිසිම දෙයක් ඔප්පු කර ගැනීමට නොහැකිවීම
    මේ කරුනු වලට මේ බ්ලොග් එක වේදිකාවක් නොවෙයි නමුත් අපේ දේශපාලන උපාය මාර්ගය අධිරාජ්යවාදී විරෝධයට සීමා කරගත්තොත් අපිට ජයගන්න බැහැ

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ අදහස් සියල්ලම වාගේ මා පිළිගන්නා අතරම එක් කරුණක් ගැන මගේ අදහසත් කියන්න කැමතියි. "අපිකවුරුත් දැක්කා පාර්ලිමේන්තු මැතිවරනයෙන රනිල් ගේ පක්ෂය දිනුවා, ජනතාව රනිල්ගේ පැත්තට ආකර්ෂනය වෙලාතියන බව අපි පිලිගත් යුතුයි".
      මෙම කියමනට මම එකඟ නැ. අපි හැමෝම දැක්කා 48න් පස්සෙ ආපු හැම ආණ්ඩුවකම විපක්ෂයට ආසන 60ක් වගේ තමයි ලැබුනේ. නමුත් මෙවර රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ සන්ධානය ආසන 90ක් ලබා ගත්තා වාගේම ආණ්ඩුවට බහුතර ආසන ලබාගන්න බැරි උනා. එනම් 48න් පසු බලයට ආ දුර්වලතම ආණ්ඩුව මෙයයි. ඒ නිසා බලු-සිරා - පොනිල් පරයන් දිනුවේ නැ.

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions