11/04/2015

පූරක වෙස් ගත් නිවේදකයින්ට කරුණාගෙන් පාඩමක්

කතෘ:යුතුකම     11/04/2015   No comments

ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍ර යේ පූරකයින්ගේ ඇතුළාන්තය විනිවිද දැකිය හැකි අවස්ථා ගණනාවක් රුපවාහිනී සංවාදයන්හි දී දැකගැනිමට අවස්ථාව ලද මුත්, හිරු ටීවී සලකුණ එහි තවත් මානයක් විවර කිරීමට ඊයේ සමත් වීය.

2015 නොාවැම්බර් 02 වන දින රාත්‍රී විකාශය වූ කරුණා අම්මාන් සමඟ පූරකයින් යැයි වචනාර්ථයෙන් පමණක් හැඳින්විය හැකි තිදෙනෙක් කළ සංවාදයට භාෂා පරිවර්ථකයෙක් ද එක් ගැනිමට සිදුව තිබුණේ ශ්‍රී ලංකාවේ ජාතිකත්ව අතර සන්නිවේදනය හා මතවාදී පැහැදිලි කරගැනීම් සඳහා ඇති අවකාශයන් පිළිබඳව ද පණිවුඩයක් ලබා දෙමිනි.

පැහැදිලි සහ නිවැරදි මාධ්‍ය භාවිතයක නියැළෙන පූරකයෙක් යනු කවරෙක්ද යන්න තවමත් ලංකාවේ මාධ්‍ය හිමිකරුවන් හෝ ඒවායේ අංශ ප්‍රධානීන් දැන සිටීද යන්න ද ප්‍රශ්න කළ යුතු තැනක තිබේ. එවන් තත්ත්වයන් ප්‍රකට කරන අතරතුර, රටේ වැදගත්ම සංසිද්ධීන් අරබයා ඔවුන් විසින් දේශපාලකයින් ප්‍රශ්න කිරීම කෙතරම් සුදුසු ද යන්න ඉන් ගම්‍ය වෙයි. මාධ්‍ය හිමිකරුවන් මෙතැනට ගෑවෙන්නේ නිකම්ම නොවෙන බවත් කිව යුතුය. මේ වන විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන තුළ සංවාද හැසිරවීම සහ ඊට නිවේදකයින් (පූරකයින් ලෙස හැඳින්වීමට සිදුවන නිවේදකයින්) යොදවන්නේද හිමිකාරීත්වයේ ඕනෑ එපාකම් මත බව අප හොඳින්ම දන්නා කරුණක් බැවින් මාධ්‍ය හිමිකාරීත්වයේ සිතැඟි ද සැලකිල්ලට ගත යුතු මට්ටමක තිබේ.

මෙනයින්, පූරකයින් නොවන නිවේදකයින් ඉදිරියේ, දේශපාලනඥයින් නොවන දේශපාලකයින් කරන වැමෑරීම් බලමින් කල් මැරීමට මෙරට බොහෝ ප්‍රේක්ෂකයින්ට සිදුව ඇත. එය වෙනසකට ලක් කළ සංවාදයක් ලෙස 2015 නොවැම්බර් 02 වන දින හිරු ටීවී සලකුණ වැඩසටහන දක්නට ලැබුණේ නිවේදක මහත්වරුන්ගේ දක්ෂතාව නිසා නොව කරුණා අම්මාන්ගේ සම්ප්‍රාප්තිය නිසාය.

මෙම සංවාදයට එක් වූ නිවේදකයින් දෙදෙනෙකුටම දැඩිව අවශ්‍ය තිබුණේ කරුණා අම්මාන් මහින්දවාදියෙක් යන්න ප්‍රකට කරවන ප්‍රකාශ ඔහු ලවාම කියවා ගැනීමය. හාස්‍යය දනවන උපහාසාත්මක පිළිතුරුවලින් කරුණා විසින් අදාළ නිවේදකයින්ට පිළිතුරු දුන්නද ඒවා ප්‍රබලව බහුතර සිංහල පමණක් කතා කරන ප්‍රේක්ෂකයාට නොදැණෙන්නේ එවැනි පිළිතුරු බොහොමයක් ඔහු විසින් දමිළ බසින් වැහැරීම නිසාය.

“...මහින්ද අයියා නොසිටින්නට ලංකාවේ ජනතාවට නිදහසක් නෑ...“ බව කරුණා කිහිපවිටක් පැවැසීම නිවේදකයින් දෙදෙනෙක් සමාජගතකරන්නට තැත් දරන්නේම, කරුණා මහින්දවාදියෙක් ලෙස පටු කිරීමට තැත් කිරීමෙනි. ඒ සමඟම අමු ම අමු හරක් ප්‍රශ්න කිහිපයක්ම කරුණාවෙත යොමු කිරීමට රංගන නිවේදක උතුමා පසුබට නොවන්නේය. [කරුණා අම්මාන්ගේ එම අදහස් දැක්වීම  >>  ]

1980 දශකයේ දී සමූල ඝාතනයට ලක් කළ බව එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණ සහ රෝහණ විජේවීර , කිහිපවතාවක් උදාහරණයට ගනිමින් කරුණා කළ පැහැදිලි කිරීම් හමුවේ නිරුත්තරවීමට අවශේෂ නිවේදකයින් දෙපළටම සිදුවීමද විශේෂත්වයකි.

ප්‍රභාකරන් වීරයෙක් ලෙස සැළකීමට දමිළ සමාජය සූදානම් නොවීම පිළිබඳව කරුණා විසින් වෙනත් රූපවාහිනී නාලිකාවකට කර තිබූ ප්‍රකාශයක්ද වැරදියට තේරුම් ගනිමින් මහත් උජාරුවෙන් උපුටා දැක්වීමම මෙම තත්ත්වය මනාව පැහැදිලි වීය. එක්සත් ජාතික පක්ෂ විසින් සමූල ඝාතනයට වෙර දැරූ ජවිපෙ සහ විජේවීර උදාහරණයට ගැනීම නිසා ඉන් ඔබ්බට එම කරුණු කරුණාලවා පැහැදිලි කර ගැනීමට යාම හිතා මතාම පෙර කී නිවේදකයින් මඟ හැරීබව ගම්‍ය වීය.

කෙසේ වෙතත්, කරුණා සම්මුඛයට ගෙන ප්‍රශ්න කිරීම කාලෝචිත ක්‍රියාවකි. මන්ද, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව යාම, දීර්ඝ ඉතිහාසයක් ඇති දමිළ පක්ෂයක් සමග එක්වීම හා වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ඔහුගේ මතය දැන ගැනීම දේශපාලනික සමාජයට වැදගත් නිසා කරුණාගේ සම්මුඛ සාකච්ඡාව කාලෝචිතය.

රනිල් වාදයෙන් මුසපත්ව, මහින්දවාදය ලුහුබඳින්නට රිසි නිවේදක මහත්වරුන්ගේ හිත සුව පිණිස මෙවන් වැඩසටහන් තව තවත් විකාශය වන්නේ නම් අගෙයි යනුවෙන් සිතමි.

තම හිස් බව හා තම අන්තයෙන්ම අන් මත යටපත් කිරීමට වෙර දරන මාධ්‍ය සංස්කෘතියක් තුළ සුදේව වැන්නන් වචනයේ පරිසමාප්තයෙන්ම පූරකයන් වනු දැක්මත් සුබවාදී ය.


- ජනිත් විපුලගුණ -
2015 නොවැම්බර් 03

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions