11/22/2015

වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව මුල පිරූ වෙනස

කතෘ:යුතුකම     11/22/2015   4 comments

වෙනසකට මුල පුරා වසරක් ගත වී ඇති බව අගමැතිතුමා සහ ජනාධිපතිතුමා විසින් මතක් කර දීම හොඳ දෙයකි. එදා රට තිබුණ තැන සහ අද ඇති තැනත් දැන් මේ වෙනස්කම් කරන්නේ රට කොතැනට ගෙනයාමටද බවත් ඒ මතකය ඔස්සේ අපට අවබෝධ කරගත හැකිය. එදා වැස්සේ තෙමීගෙන මෝටර් සයිකලයක් පැදගෙන ආ තරුණ ජෝඩුවක් පැතුවේ තමන්ගේ ආණ්ඩුවක් තුල අඩු මිළට වාහනයක් මිළදී ගැනීමටය. අද ත්‍රී වීලර් රථයේ සිට සියළු වාහන වල මිළ ලක්‍ෂ ගණනින් වැඩිවී ඇත. සමහර වාහන දශ ලක්‍ෂ ගණනින් වැඩි වී ඇත. වාහන වලට අය කෙරෙන ආදායම් බදු වැඩි වී ඇත. ලබාගත හැකි වාහන ණය ප්‍රතිශතය සීමාවී ඇත. මෝටර් සයිකලයෙන් රථ වාහනයකට මාරුවීමට සිතා සිටි පහල මධ්‍යම පංතියේ දහස් ගණන් තරුණ ජෝඩු වල අපේක්‍ෂා භංග වී ඇත.

එසේ වුවත් මේ අවුල් ආණ්ඩුව ජනතාව ඇන්ඳීම තවමත් නවත්වා නැත. වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව ගණයේ සුප්‍රබුද්ධ රූපවාහිනී ප්‍රචාරක දැන්වීම් තවමත් ප්‍රචාරය වේ. එයින් අපට කියා දෙන්නේ ඕපන් ක්ලෝස් (විවෘත/සංවෘත) ගැන නොසිතා රට හැදිය යුතු යැයි කියාය. රවි කරණානායකගේ අය වැය මෙන්මම මේ කියන දේද සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගැනීමට අපහසු සුප්‍රබුද්ධ ගණයේ එකක් වුවද ගොනා හැරෙන්නේ කුමකටදැයි මෙරට මිනිස්සුන්ට සිතා ගත හැකිය. ඉදිරියේදී මේ අවුල් ආණ්ඩුව විසින් රටේ භෞතික සහ මිනිස් සම්පත් පමණක් නොවේ ජනතා ස්වාධිපත්‍යයද විදේශිකයින්ට සූරා කෑමට ඉඩදෙනු ඇත. එසේ නැතිව මේ ආණ්ඩුවට පැවැත්මක් නැත.

අය වැයෙන් නොකීවද මේ අවුල් ආණ්ඩුව විසින් විදේශ කළු සල්ලි මෙරටට ගෙන ඒමට ඉඩදී ඇත. ඒ මුදල් වලට පොළියක්ද ගෙවන බව සඳහන්ය. පොළිය ගෙවන්නේ කෙසේදැයි නෙකියවුණද රටේ ජනතාවගේ විශාම වැටුප්ද කොටස් වෙළද පොලේ ආයෝජනය වීමට නියමිත බව සඳහන්ය. දැන් විදේශිකයින්ට මෙරට ඉඩම් අයිති කරගැනීමට බද්දක් අය කරන්නේ නැත. තහනම්වූ කොටි හිතවාදී සංවිධාන රැසක තහනම ඉවත් කෙරී ඇත. විදේශගතව සිටි දෙමළ ජාතිවාදීන්ට දැන් නීතියානුකුලව මෙරටට පැමිණිය හැකිය. ඔවුන්ට ලඟදී නිදහස්වුනු කොටි ත්‍රස්තවාදීන් සමඟ රිසි සේ ගණුදෙනු කල හැකිය. ඒ අතර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කථා කෙරෙයි. ව්‍යවස්ථාවට අනුව පළාත් සභා මධ්‍යයට බැඳ තබාගැනීමට හැක්කේ විධායක ජනධිපති බලතල වලට පමණි. මේ සියල්ලෙන් පෙනී යන්නේ රට ආර්ථිකව සහ දේශපාලණිකව පාවා දෙමින් පවතින බව නොවේද? ඕපන් ක්ලෝස් ප්‍රචාරක දැන්වීම් වලින් ජනතාව එයට නම්මවා ගත හැකිවෙයිද? අඩු තරමින් වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව මෙරටට කල දේ පිළිබඳව මතකයක් මෙරට ජනතාවට තිබෙන තාක්කල් එය කල නොහැකි විය යුතුය.
ඊනියා වෙනසට මුල පිරුවේ දූශණය සහ භීශණය මුල් කරගෙනය. මීට වසරකට ඉහතදී යහපාලනවාදීන් ආර්ථිකය ගැන හෝ බලය බෙදීම පිළිබඳව කථා නොකිරීමට වග බලා ගත්හ. කොටින්ම ඡන්ද ප්‍රචාරක රැළි වලදී රාජපක්‍ෂ සමයේ ආර්ථික සංවර්ධනය එලෙසම කරගෙන යන බවට ජනතාවට පොරොන්දු වන්නට යහපාලනවාදීන්ට සිදුවිනි. මන්ද සාමාන්‍ය මිනිසුන්ට කෙසේ වෙතත් සාමාන්‍යයෙන් යූඑන්පියට ඡන්දය දෙනවුන්ට රාජපක්‍ෂ සමයේදී ආර්ථික අතින් අඩු පාඩුවක් නොතිබුනු බැවිනි. ඉදිරියේදී මෙරට ආර්ථික අතින් අඩු පාඩුවක් නැති පංතිය ගණනින් තව තවත් සංකෝචනය වනු ඇත. රණ විරුවන් පාවා නොදෙන බවට පමණක් නොවේ ඔවුන්ගේ ගෞරවයද ආරක්‍ෂා කෙරෙන බවට පොරොන්දු විනි. මන්ද මෙරට සාමාන්‍ය මිනිසුන් පමණක් නොවේ සාමාන්‍යයෙන් යූඑන්පියට ඡන්දය දෙනවුන් පවා රටේ ඒකීය භාවය ආරක්‍ෂාවිය යුතුය යන ස්ථාවරයේ සිටින බැවිනි.

යහපාලනවදීන් තවමත් කථා කරන්නේ දූශණය සහ භීශණය ගැනය. ඔවුන් සමහරක්ට අනුව රටේ ප්‍රධානම ප්‍රශ්ණය හිටුපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සිල් රෙදි බෙදූ හැටි සොයා ගැනීමය. ඒ අතර මහ බැංකු බැඳුම්කර වංචා සහ කළු සල්ලි ඔස්සේ මෙරට ආර්ථිකයත් ජෙනීවා අධිකරණ හරහා මෙරට ෙසේවරීභාවයත් පාවා දෙමින් පවතී. මේ කරුණු මෙලෙස සිදුවන්නේ අහම්බයෙන් වත් නොසිතු විරූ පරිදිවත් නොවේ. මේ දෑ මෙසේ සිදුවන බව ජාතිකවාදීන් විසින් ජනවාරි 8 දාට පෙර පෙන්වා දුනි. මෙරට ආර්ථිකව සහ දේශපාලණිකව යටත් කර ගැනීම ඉංදියාව සහ බටහිර රටවල අවශ්‍යතාවය වේ. වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව මෙන් යහපාලනවාදීන් ඒ බව අපට නොකියා අප එතැනට ගෙනයමින් සිටියි. වසරක් තිස්සේ මේ ජෝඩුව සමඟ ගමණක් ගිය මෙරට ජනතාවට යන්නේ කොහේදැයි දැන්වත් අවබෝධ විය යුතුය.
 

 -වංශපුර දේවගේ ජානක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. අමාරුවෙන් කාර් එකක් ගත්තත් ඒකේ නඩත්තුවෙනුත් මේ ආණ්ඩුව හූරගෙන කනවා..

    ReplyDelete
  2. Dan ithin chandera kalin balapu wahane ganna puluwan.mokada panchavida kriyawaliya kriyathmakaine. Hiks...hiks...😷

    ReplyDelete
  3. RAVI ගොනෝ..එහෙනම් කරන්න ඕනෙ හෙන ගහනවා වගේ එක පාරට මේ වගෙ මෝඩ තීරන ගන්න එක නෙමෙ..ප්‍රවාහන ප්‍රශ්න වලට විසදුම් හොයන්න ඕනෙ...ඉස්සරවෙලාම කරන්න ඕනෙ පොදු ප්‍රවාහන සේවය ගුනාත්මක කරල ක්‍රියාත්මක කරන එක. ඊට පස්සෙ මිනිස්සු තමන්ගෙ වාහන වල එන්න පෙලබෙන්නෙ නෑ..උදේකට ගිහින් බලපන් කොටුව ස්ටෙශන් එකට..මිනිස්සු ඔෆිස් එන්නෙ ජීවිතෙත් පරදුවට තියලා..ඒකත් වෙලාවට එන්නෙ නෑ..ඒක බලල එතනින්ම 138,100,101 බස් ගහන තැනට ආව නම් බලාගන්න තිබුනා බස් වල යන්න පුලුවන් කොහොමද කියලා..ඒ දේවල් හදලා තමයි ජනතාව තමන්ගෙ පුද්ගලික වාහන වලින් ඉවත් කරන්න ඕනෙ..හැම දෙනාම බලන්නෙ දුකක් නොවිද සැපට ඉන්න...එහෙනම් ඉස්සරවෙලාම යහපාලන ආන්ඩුවෙ උන් වාහන හාවිතයෙන් ඉවත් වෙන්න oඕනෙ.

    ReplyDelete
  4. ගොන් රවියෝ තොට බදු මුදල් ඔන නන් ලමයි දෙන්නෙන්ක්ට වඩ ඉන්න තම්බි පවුල් ව්ලට වැඩි වෙන ලමෛ පිලිවෙලට බදු ගහපන්කො..තොට මුලු රටම එක අවුරුද්දකින් ගොඩ දන්න බදු එකතු කර ගන්න පුලුවන්.අහින්සක සින්හල මිනිහට කෙලවන්න එපා යකෝ.සින්හල අපට අරාබියෙන්වත් ඉන්දියවෙන්වත් පිනට සල්ලි දෙන්නෙ නෑ යකො...

    අපට කෙලවන තොගෙ අය වෙයට හෙන ගහල අකුලොලම පල...

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions