11/29/2015

මොකා කීවත් ත්‍රස්‌තවාදීන් සමරන්නට නම් ඉඩ නොදිය යුතුමය.

කතෘ:යුතුකම     11/29/2015   No comments

අන්තවාදී දේශපාලනඥයන් බිහිකළ අලුත්ම ආත්ම ඝාතකයා

* පෝස්‌ටර් ගැහුවේ කොටි සමරන්නද ඊළම ගේන්නද...?
* ගුවන් හමුදාව මහවිරු දිනයේ කොටි හඬ නිහඬ කරයි...
* අලුත්ම කොටි බුද්ධි අංශ නායකයා ප්‍රංශයේ විනයාගම්...

වේලුපිල්ලේ ප්‍රභාකරන් යනු ම්ලේච්ඡ මිනිස්‌ ඝාතකයෙකි. ඉතා සරලව කිවහොත් අමුම අමු මිනී මරුවෙකි. මේ යක්‍ෂයා පොකුරු පිටින් මිනිසුන් මරා දැමීය. සිය බෙදුම්වාදය හමුවේ ඊට එරෙහි වන්නන් මරා දැමීම සඳහා මිනිස්‌ බෝම්බ නිර්මාණය කළේය.

එපමණක්‌ද නොව, තමන්ගේ ඊළාම් සිහිනය වෙනුවෙන් උතුරේ දෙමළ සොයුරු සොයුරියන්ගේ සහ දුවා දරුවන්ගේ බෙල්ලේ සයනයිඩ් කරලක්‌ එල්ලා දැතට තුවක්‌කුවක්‌ දී සටන් කරපල්ලා නැතිනම් වස කා මැරියල්ලායි අණ කළේය.

මේ යක්‍ෂයා පෙනී සිටියේ දෙමළ ජාතියේ විමුක්‌ති දායකයා ලෙසය. නමුත් ඔහුගේ අරමුණ අනෙකක්‌ විය. ඔහුට අවශ්‍ය වූයේ රටේ අන් සියලු ජාතීන් වෙත මරණය ළඟා කරන අතරේ තමන්ගේම ජාතියේ මළ මිනී මතින් රජ වීමටය. තමන් පැතූ ඊළාම් රාජ්‍යයේ රජු ලෙස ඔටුනු පැළඳීමටය.

මේ රට වැනසූ එල්ටීටීඊ ත්‍රස්‌තවාදය හමුවේ වේලුපිල්ලේ ප්‍රභාකරන් පමණක්‌ නොව ඔහු සමග සිටි පොට්‌ටු අම්මාන්, තමිල් සෙල්වම්, සුසෙයි, වැන්නන් ඇතුළු සමස්‌ත කොටි නායකත්වය සහ කාඩරයන් බහුතරයක්‌ සිටියේද ලේ ගංගා මතින් තැනෙන ඊළාම් රාජ්‍යය දැසින් දැකීමේ සිහිනයක සිරවීය.

මෙරට බෙදුම්වාදී සමස්‌ත දෙමළ දේශපාලනය වූයේද ප්‍රභාකරන්ගේ එකී ඊළාම් සිහිනය සමගය. ඊනියා දෙමළ ජාතික සන්ධානය (එවන් පක්‍ෂයක්‌ මෙරට තුළ ලියාපදිංචි වී නැත) ප්‍රභාකරන්ගේ දේශපාලන බළකාය ලෙස බිහිවීම තුළින්ම එය පැහැදිලි වන්නකි.

එසේ ඊළාම් සිහිනය තුළ නොසිටියානම් ඒ සිටියේ මිනීමරු එල්ටීටීඊ නායකත්වය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ තුවක්‌කුව අතට දුන් උතුරේ අහිංසක දරුවන් සහ ඇතැම් තරුණ තරුණියන් විය හැකිය.

ඉකුත් 2009 වසරේ මැයි මාසයේදී ආරක්‍ෂක හමුදා සමග ඇතිවූ අවසන් සටනේදී නන්දිකඩාල් කලපුවේ මැරී වැටුණේ මෙරට දෙමළ ජනතාවගේ විමුක්‌තිදායකයා ලෙස පෙනී සිටි වෙලුපිල්ලේ ප්‍රභාකරන් නමැති ඒ කාලකණ්‌ණියාය. වත්මන් බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ වචනයෙන් කිවහොත් සමස්‌ත ශ්‍රී ලාංකීය ජාති ඝාතකයාය.

එතැන් පටන් මේ රටෙන් ත්‍රස්‌තවාදය අතුගෑවී ගියේය. නමුත් ප්‍රභාකරන්ගේ දේශපාලන බළකාය ද ඇතුළත් බෙදුම්වාදී දෙමළ දේශපාලනය ඉතිරි විය. ඒ හමුවේ මේ වන විට කුමක්‌ සිදුවෙමින් තිබෙන්නේද?

මෙරට තුළ දේශපාලන වෙනසක්‌ සිදු වෙමින් වත්මන් රජය බලයට පැමිණියේ ඉකුත් ජනවාරි මාසයේදීය. මෙහිදී බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ සහායද එකී දේශපාලන වෙනසට ලැබෙමින් තිබිණ.

ඒ අනුව ඔවුන් ප්‍රභාකරන් මැරී වැටී හය වසරකට පසු ඉකුත් මැයි මාසයේ එක්‌ හඬක්‌ මතු කරන්නට විය. ඒ දෙමළ ජාතිය වෙනුවෙන් සටන් කර වීර මරණයට පත් අපගේ විරුවන් සමරන්නට අපට ඉඩ දියල්ලායි කියාය. එහිදී ඔවුන් වීර මරණයට පත් මහ විරුවා ලෙස නම් කරනු ලැබුවේ කවරෙක්‌ද?

බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ මහ විරුවා වූයේ තිස්‌ වසරක්‌ පුරා සමස්‌ත ශ්‍රී ලාංකීය ජාතීන් වෙත මරණය ළඟා කරමින් උතුරේ දෙමළ ජනතාවගේ මළ මිනී මතින් රජවෙන්නට ගිය මිනීමරු වෙලුපිල්ලේ ප්‍රභාකරන් නමැති යක්‍ෂයාය. ඔවුන් සෙසු විරුවන් යෑයි කීවේ ප්‍රභාකරන් සමග මැරී ගිය කොටි ත්‍රස්‌තවාදී රැලටය.

බෙදුම්වාදී දෙමළ දේශපාලනය මෙසේ හඬ නගද්දී වත්මන් රජය නිහඬව සිටින්නට විය. ක්‍රියාත්මක වූයේ පතෝල, වැටකොලු න්‍යාය ය. ඉතින් ඔවුහු යක්‍ෂයා මැරී වැටුණු නන්දිකඩාල් කලපු භූමියටම ගොස්‌ පහන් දල්වා කොටි සැමරූහ. මෙහිදී මෙකී කොටි යන්නට නව අර්ථකථනයක්‌ දෙන්නටද දෙමළ දේශපාලනය කටයුතු කළේය. ඒ අපගේ ඥතීන් සමරන්නෙමියි කියාය.

ඒ කතාව ඉකුත් මැයි මාසයේදී එසේ නිමාවට පත් විය. නමුත් දැන් තවත් කතාවක්‌ කරළියට පැමිණ ඇත. මිනීමරු ප්‍රභාකරන් ජීවත්ව සිටියදී ආරක්‍ෂක හමුදාවන්ගෙන් වෙඩි කා මියගිය කොටි ත්‍රස්‌තවාදීන් සැමරීම සඳහා සෑම වසරකම නොවැම්බර් මාසයේ අවසන් සතිය වෙන් කරනු ලැබිණි.

එය "මහවිරු සතිය" ලෙස නම් කරන්නටද ප්‍රභාකරන් කටයුතු කළේය. එකී සතිය තුළ උදා වන නොවැම්බර් 27 වැනිදා දිනය මහවිරු දිනය විය. එදිනට මිය ගිය කොටි සමරා පහන් දල්වමින් එවකට පැවති කොටි ගුවන් විදුලිය ඔස්‌සේ විශේෂිත කතාවක්‌ කරන්නටද ප්‍රභාකරන් පුරුදුව සිටියේය. ඒ උතුරේ පමණක්‌ නොව ජාත්‍යන්තරය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික දෙමළ වැසියන් අමතමිනි.

අවසන් මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වූ ඉකුත් 2007 වසරේ නොවැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට්‌ යානයක්‌ මගින් එල්ල කළ ප්‍රහාරයකින් කොටි ගුවන් විදුලිය සුණු විසුණු කරනු ලැබුවේද එදින ප්‍රභාකරන්ගේ මහවිරු දින කතාව විකාශය වන්නට මොහොතක්‌ තිබියදීය.

එදා එම ප්‍රහාරය මගින් ප්‍රභාකරන්ගේ අවසානය අත ළඟ බව අපේ ආරක්‍ෂක හමුදාවෝ ලෝකයට කියා පෑහ.

ප්‍රභාකරන් නම් කළ මහවිරු දිනයේ කතාව එසේ වෙද්දී බෙදුම්වාදී දෙමළ දේශපාලනය දැන් එය සමරන්නටද ඉඩ දීපල්ලා යෑයි රජයට බල කරමින් ඉකුත් සතිය පුරා හඬ නගන්නට විය. ඉකුත් බදාදා වන විට යාපනය, වව්නියාව ඇතුළු උතුරේ ප්‍රදේශ රැසක මහවිරු දිනයට එකවන ලෙස ජනතාවට දැනුම් දෙමින් පෝසටර් ව්‍යාපාරයක්‌ද දියත්ව තිබිණි. මහවිරු දිනයට එක්‌වී ඊළමට සහය පළ කරමු යෑයි යන අදහස ඒවායෙහි සඳහන් විය.

මේ අතරේ මේ සටහන තබන ඊනියා මහහවිරු දිනය යෑයි කී පසුගිය සිකුරාදා ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක්‌ යාපනයේ නල්ලූර් කෝවිල ඉදිරිපිටට පැමිණ පහන් දල්වා මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරූහ.

එහිදී උතුරේ ආරක්‍ෂක හමුදා පවසා තිබුණේ පූජනීය ස්‌ථානයක සිදු වූ පහන් දැල්වීමක්‌ නිසා එය වැළක්‌වීමට කටයුතු නොකළ බවකි. මෙසේ මිය ගිය කොටි ත්‍රස්‌තයන් සමරන්නට ඉඩ දීපන් කියමින් රජයට බල කරන බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් එහිදී අපූරු තර්කයක්‌ද ඉදිරිපත් කර තිබිණි.

ඒ 1971 පටන් සන්නද්ධ අරගලයක්‌ සිදු කළ ජනතා විමුක්‌ති පෙරමුණේ විරු සමරුවට රජය ඉඩ දෙන්නේ නම් කොටි ත්‍රස්‌තවාදීන් සමරන්නටද ඉඩ දිය යුතු යෑයි කියමිනි. මෙහිදී රජයේ පාර්ශ්වයෙන් කිසිදු හඬක්‌ මතුවනු දක්‌නට නොවීය. එහෙත් බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ ඒ කතාවට පිළිතුරක්‌ දෙන්නට අපට හැකියාව ඇත.

1971 සහ 88-89 ආදී ලෙසින් සන්නද්ධ අරගල දෙකක්‌ ක්‍රියාත්මක කළ ජනතා විමුක්‌ති පෙරමුණ ඒවා සිදු කළේ මේ රට බෙදන්නට නොව පවතින රාජ්‍ය පාලන ක්‍රමය වෙනස්‌ කරමින් සාධාරණ සමාජ ක්‍රමයක්‌ ඇති කරන්නටය.

නමුත් වෙලුපිල්ලේ ප්‍රභාකරන් නමැති මිනී මරුවා සන්නද්ධ අරගලයකටත් එහා ගිය ත්‍රස්‌තවාදයකින් තිස්‌ වසරක්‌ පුරා මේ රට වනසා දමනු ලැබුවේ ශ්‍රී ලංකා භූමිය දෙකඩ කර බිහිකරන ඊළාම් රාජ්‍යයක ඔටුනු පළඳින්නටය.

බෙදුම්වාදී දෙමළ දේශපාලනය විසින් කොටි සමරන්නට පූචානම් තර්ක ගෙන එන්නට පෙර ඒ වෙනස වටහාගත යුතුය. එහෙත් එවන් වටහාගැනීමක්‌ අද ඔවුන්ට අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ මේ බිම තුළ යළි බෙදුම්වාදය ඉස්‌මතු කර විශාලා මහ නුවරක්‌ බවට පත් කිරීමේ මාවත විවර කරන්නටය. යක්‍ෂයන් වීරයන් කර පෙන්වා මියගිය ත්‍රස්‌තවාදීන් සැමරීම වැනි දේ තුළින් උතුරේ පිපීගෙන එන තාරුණ්‍යයේ මනස විකෘති කිරීමටය.

ඉකුත් බ්‍රහස්‌පතින්දා දහඅට හැවිරිදි දෙමළ පාසල් ශිෂ්‍යයකු යාපනයේදී දුම්රියකට පැන සියදිවි නසා ගැනීමේ සිද්ධියෙන් පැහැදිලිවම කියෑවෙන්නේ අද දෙමළ දේශපාලනය නිසා උතුරේ තරුණ මනස තුළ ඇතිවෙමින් තිබෙන විකෘතියේ තරමය.

මෙකී ශිෂ්‍යයා දුම්රියට පැන තිබුණේ සිරගත කර සිටින ත්‍රස්‌තවාදී සිරකරුවන් හෙවත් ඊනියා දේශපාලන සිරකරුවන් වහා නිදහස්‌ කරනු යනුවෙන් රජයට යොමු කරන ලද ඉල්ලීමක්‌ සඳහන් ලිපියක්‌ද ලියා තබමිනි.

වත්මන් ආණ්‌ඩුව බලයට ආ දින පටන් ත්‍රස්‌තවාදී සිරකරුවන් නිදහස්‌ කරනු යන හඬ මතු කරනු ලැබුවේ බෙදුම්වාදී දෙමළ දේශපාලනය ය. ත්‍රස්‌වාදී සිරකරුවන්ට දේශපාලන සිරකරුවන් ලෙසින් අමුතු ලේබලයක්‌ අලවනු ලැබුවේද ඔවුන්ය.

සියදිව නසා ගත් තරුණ සිසුවා ලියා ඇති ලිපියෙන් මතුව තිබෙන්නේද දෙමළ දේශපාලනය නගණු ලැබූ ඒ හෙŒ දොaංකාරය ය. එසේ නම් එකී සිසුවාගේ දිවි නසා ගැනීම තුළින් මේ පැහැදිලිවම කියෑවෙන්නේ බෙදුම්වාදී දෙමළ දේශපාලනය ඔහුගේ මනස තුළට කා වද්දනු ලැබූ ව්‍යාකූලත්වයේ සහ විකෘතියේ තරම නොවේද?

මෙහිදී මියගියේ තාරුණ්‍යයේ අබියස සිටි අහිංසක පාසල් සිසුවෙකි. එහෙත් ඔහු ජීවිතයෙන් සමුගෙන ගියේ දෙමළ දේශපාලනඥයන් විසින් බිහිකරනු ලැබූ සුවිසයිඩර් කෙනකු ලෙසිනි. දෙමළ දේශපාලනයේ බෙදුම්වාදය හමුවේ අද උතුරේ තරුණ මනස විකෘති වෙමින් තිබෙන්නේ එසේය. ආණ්‌ඩුව වහා මේ කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

ආණ්‌ඩුව කියන පරිදි සහජීවනය, සමානාත්මතාවය, සම්මුතිවාදය යන වචන ඉතා ලස්‌සනය. නමුත් යාපනයේදී දුම්රියට පැන සියදිවි නසා ගත් පාසල් සිසුවා මේ පෙන්නුම් කරන්නේ ඉදිරි අවදානමක බරපතළ පෙරනිමිතිය. ඒ පෙරනිමිති අප හඳුනාගත යුතුය. මන්ද එල්ටීටීඊ ත්‍රස්‌තවාදය මේ බිමෙන් තුරන් වුවද එය තවමත් කොටි සක්‍රීයව තිබෙන නිසාය.

එල්ටීටීඊ ත්‍රස්‌තවාදය මේ මොහොතේත් ප්‍රංශයේ සහ ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වෙමින් ඇත. කොටි බුද්ධි අංශ ප්‍රධානියකුව සිටි විනායාගම් සහ සන්නද්ධ නායක දේවන් විසින් ඒ කටයුතු මෙහෙයවන්නේය.

මෙකී විනයාගම් සහ දේවන් යනු කවුරුන්ද? සේකරපිල්ලේ විනයාකමූර්ති හෙවත් විනයාගම් යනු අවසන් සටන සමයේ කොටින්ගේ පරාජය දැක මෙරටින් ඉන්දියාවට පැනගොස්‌ අවසානයේ දේශපාලන රැකවරණ මත ප්‍රංශයට පැන ගිය ත්‍රස්‌තවාදියෙකි. එදා කටුනායක ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරය සහ මහ බැංකු බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ කොටි බුද්ධි අංශ නායකයා වූයේ විනයාගම්ය.

මොහු අද ප්‍රංශයේ සිටිමින් එල්ටීටීඊ බුද්ධි ජාලය මෙහෙයවන ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේය. දේවන් යනු එල්ටීටීඊයේ අවසානයත් සමග ඉන්දියාවට පැන ගොස්‌ එහි වලසරවාක්‌ක ප්‍රදේශයේ රැඳී සිට මේ වන විටත් එල්ටීටීඊයේ සන්නද්ධ අංශය යළි සක්‍රීය කරන්නට වෙර දරන්නෙකි. ඔහු එල්ටීටීඊ සන්නද්ධ අංශයේ සිටි ප්‍රබලයෙකි.

මොවුන් දෙදෙනා පසුගිය කාලයේ මෙරට තුළ එල්ටීටීඊ ත්‍රස්‌තවාදය යළි මතු කරන්නට දැඩි උත්සාහයක නිරත වූහ. ඉන් එක්‌ අවස්‌ථාවක්‌ ලෙස කොටි පරාජය වීමත් සමග ත්‍රිකුණාමලයේදී හමුදා ඔත්තුකරුවකු ලෙස කටයුතු කළ ඊපීඩීපීයේ මුත්තු නමැත්තා ත්‍රිකුණාමල කුච්චවේලි වැව අසළදී කපා කොටා ඝාතනය කර "එල්ටීටීය නැවත ආවා ඔත්තුකරුවන්ට මරණය" ලෙසින් පත්‍රිකාවක්‌ දමා යැම පෙන්වා දිය හැකිය.

මෙහිදී දේවන් විසින් ඉන්දියාවේ සිට එවන ලද එකී ඝාතක කණ්‌ඩායම යුද සමයේ එල්ටීටීඊය විසින් ජනාධිපති කාර්යාලයට ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා සුදානම් කර තිබී පසුව නාවික හමුදා බුද්ධි අංශ මගින් ත්‍රිකුණාමලයේදී අල්ලාගනු ලැබූ කිලෝ ග්‍රෑම් 1200 ක අධිබල බෝම්බ ලොරිය පිළිබඳ ඔත්තුව දුන් ඔත්තුකරුවාද ඝාතනය කරන්නට සැළසුම් කර තිබිණි.

එකී ඝාතකයන් වූයේ ජෙයකුමාර් කරුකේෂන් හෙවත් ගෝපි, රත්නසිංහම් කෝකිලාන් හෙවත් ඉන්බම් සහ පාක්‍යතුරේ දිනේෂ් කුමාර් නමැත්තන්ය. එහෙත් පළමු ඝාතනයෙන් පසු මොවුන් කොටුකර ගැනීමට එකල ත්‍රිකුණාමලයේ සිට ක්‍රියාත්මක වූ නාවික හමුදා බුද්ධි අංශවලට හැකි විය.

තවත් අවස්‌ථාවක්‌ ලෙස ඉකුත් 2012 වසරේදී කිලිනොච්චිය කැලෑවකදී හමුදා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය ගෝපි, අප්පන් ඇතුළු කල්ලියේ සිද්ධිය පෙන්වා දිය හැකිය. එල්ටීටීඊය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඔවුන්ව එවා තිබුණේද විනයාගම් සහ දේවන් විසින් බව පසුව අනාවරණය විය.

මේ අනුව පැහැදිලිවම පෙනී යන කරුණ වන්නේ විනයාගම් සහ දේවන් විසින් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්‌තවාදය නැවත ඇතිකිරීමේ දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවය. ඔවුන්ට මෙහිදී විදේශගත දෙමළ ඩයස්‌පෝරාවෙන්ද විශාල සහායක්‌ ලැබෙන බව මේ වන විට හෙළිවී ඇත.

ඉන් ගම්‍ය වන එකම කරුණ වන්නේ කවුරු කෙසේ කීවද එල්ටීටීඊ ත්‍රස්‌තවාදය යළි මතුවීමේ අවදානමෙන් අප තවමත් මිදී නොමැති බවය. මේ අතරේ බෙදුම්වාදී දෙමළ දේශපාලනය විසින් උතුරේ තරුණ මනස විකෘති කිරීමට කරනු ලබන දේ හමුවේ මතුවට කුමකින් කුමක්‌ සිදු විය හැකිද?

විනයාගම් සහ දේවන් වැන්නවුන් තම උත්සාහය අත් නොහරිනු ඇත. එහිදී දෙමළ දේශපාලනයේ බෙදුම්වාදය හේතුවෙන් මනස විකෘතිවූ උතුරේ දරු පැටවුන් යළි උගුලේ පැටලෙනු ඇත. එවිට ජාති ඝාතනය, ජාති ඝාතනය ලෙස හඬ නගමින් උතුරේ ජනමනස තව තවත් බෙදුම්වාදය දෙසටම තල්ලු කරන්නට දෙමළ දේශපාලනයට හැකි වනු ඇත.

අවසානයට සිදු වන්නේ යළිත් උතුරේ දරුවන් බංකරයක තනි වෙද්දී විශාලා නුවර මේ බිමේ නැවත නිර්මාණය වීමය.

පිදීම සඳහා බන්දේසිය අතට ගන්නට පෙර ආණ්‌ඩුව මේ ටික වටහාගත යුතුය. ප්‍රභාකරන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ තුවක්‌කුව අතට දීම හමුවේ මියගිය දරුවකු වෙනුවෙන් අසරණ දෙමළ මාතාවක පහනක්‌ දල්වන්නේ නම් එහි අවුලක්‌ නැත. නමුත් මොකා කීවත් ත්‍රස්‌තවාදීන් සමරන්නට නම් නැවත ඉඩ නොදිය යුතුමය.

-සමන් ගමගේ  :දිවයින

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions