11/26/2015

ආණ්ඩුවෙන් අවවාදයක්...

කතෘ:යුතුකම     11/26/2015   3 comments

අයවැය ජනප‍්‍රිය අයවැයක් නොවන නමුත් ප‍්‍රතිපත්ති මූලික අයවැයක් යයි එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.  
-පුවතක්.

ආණ්ඩුවෙන් අවවාදයක්...

කට ඉස්සර කර ගනු එපා හිමියනි,
අපි පෙන්වන්නෙමු ජනප්‍රිය කර!
දමමු ඇඩ් ටීවී රේඩියෝ පත්තරවල,
ගහමු කටවුට් කොළඹ වට කර
"සංවර්ධන අයවැයක්!
බඩ නොවෙයි රට ගැන හිතමු!"

ශ්‍රීලනිපය හීලැයිනෙ හොඳටම
වීසිකර තනතුරු විපක්ෂෙට
බිලී බා ගමු ඡන්ද ටික අපි
මෙන්න ජනතාවගෙ අය වැය!

"ජනතාවනි, සතුටු වෙයව්!
ජනතා සහන පිරි සංවර්ධන අයවැය
සම්මතයි!"

තොපට නැත්නම් පාන්,
කාපියව් කේක්!

- සංඛ රන්දෙනිකුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. වාහන කැප ඉහලම පන්තියට පමණයි
    අනිත් අයට ඇයි නරක පොදු ප්‍රවාහනේ

    කාර් ගත්තු එවුනුත් දාගෙන පලයල්ලා
    තොපි වගේම බස් වල ගාටන හැල ගෙම්බෝ ටිකක්
    නැත්නම් ගෙවපල්ලා අපිට ගානක්

    අපි එහෙමයි ප්‍රතිපත්ති පෙරට දාන්නේ
    අනික් එවුන් අපේ ගානට උඩට නගින කොට

    ReplyDelete
  2. වාහන කැප ඉහලම පන්තියට පමණයි
    අනිත් අයට ඇයි නරක පොදු ප්‍රවාහනේ

    කාර් ගත්තු එවුනුත් දාගෙන පලයල්ලා
    තොපි වගේම බස් වල ගාටන හැල ගෙම්බෝ ටිකක්
    නැත්නම් ගෙවපල්ලා අපිට ගානක්

    අපි එහෙමයි ප්‍රතිපත්ති පෙරට දාන්නේ
    අනික් එවුන් අපේ ගානට උඩට නගින කොට

    ReplyDelete
  3. මෙතෙක් කල් සිදු වූයේ ශ්‍රී ලංකාවෙ වෛද්‍ය විද්‍යාල වලින් අවුරුදුපතා පිටවන 700ක් පමණ වෛද්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා අතර එක් අවුරුදු සීමාවාසික පුහුණුවෙන් පසු මෙම උපාධිධාරී වෛද්‍යවරුන්ගෙන් 90%ක් පමණම රාජ්‍ය සේවයට එක් වීමයි. මෙසේ රාජ්‍ය සේවයට එක් වන වෛද්‍යවරයෙකුගේ ආරම්භක මූලික වැටුප මෙම වසර මුල වනතුරුම වාගේ පැවතියේ මසකට රුපියල් 30,000 ක් පමන අගයකය. එසේ තිබියදීත් සීමාවාසික පුහුණුවෙන් පසු රටේ අති දුෂ්කර ප්‍රදේශයන්හි ද සේවය කරමින් මොවුන් රාජ්‍ය සේවයේම රැඳී සිටින්නේ නගරබද පහසුකම් සහිත ප්‍රදේශයන්හි පෞද්ගලික සේවයට එක් වී මීට වඩා වැටුපක් ලැබීමේ හැකියාව තිබියදී ය. වෛද්‍යවරුන් මෙසේ රාජ්‍ය සේවයේ යෙදීම කෙරෙහි ආකර්ෂණය වන හේතු අතර ප්‍රමුඛතම කරුන වන්නේ රාජ්‍ය සේවය තුල ඔවුන්ට විශ්‍රාම වැටුප් හිමිකාරත්වය ලැබීමයි. එමෙන්ම වාහන තීරු බදු සහන, විවිධ ණය පහසුකම් වැනි වරප්‍රසාද ද දහසකුත් එකක් දුෂ්කරතා මධ්‍යයේ වුවද රාජ්‍ය සේවය පිනිස වෛද්‍යවරු යොමු වීමට බෙහෙවින් බලපා ඇත.

    මෙම අය වැය හරහා විශ්‍රාම වැටුප දායකත්ව ක්‍රමයකට පරිවර්තනය වීම තුල රාජ්‍ය සේවය වෙත වෛද්‍යවරුන් ආකර්ෂනය වූ ප්‍රධානම හේතුව නිශේධනය වන අතර වාහන බලපත්‍රය අහෝසි කිරීම ද ඊට එකතු වනු ඇත. ඉදිරි අවුරුදු වලදී සුදුසුකම් සම්පූර්ණ කරන වෛද්‍යවරුන්ට (2016 වසරේ සීමාවාසික පුහුණුව අවසන් කරන වෛද්‍යවරුන්ගේ සිට) දුෂ්කරතාවයන් විඳිමින් රාජ්‍ය සේවයේ රැඳී සිටීමට විශේෂ හේතුවක් නොමැති අතර ඔවුන් වැඩි වැඩියෙන් වැඩි වැටුප් සහ දීමනා සහිත රාජ්‍ය නොවන සහ පෞද්ගලික අංශ වෙත ආකර්ෂණය වනු ඇත. ඈත දුෂ්කර රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වලට අනුයුක්ත කරනුයේ බොහෝවිට සීමාවාසික පුහුණුව අවසන්කර පළමු පත්වීම ලබන වෛද්‍යවරුන්ය. 2016 සිට රාජ්‍ය සේවයට එක්වන වෛද්‍යවරුන් ප්‍රමානය සුළු වශයෙන් හෝ අඩු වීම මේ අනුව වහාම බලපානු ඇත්තේ දුෂ්කර පලාත්වල රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන වලටය. මෙම සෞඛ්‍ය සේවාස්ථාන වල දැනටත් යම් පමණකට පවතින වෛද්‍ය හිඟය වඩ වඩාත් වැඩි වීම ඉතා ඉක්මනින්ම ජනතාවට අත් දැකීමට ලැබෙනු ඇත.

    ඉතා ඉක්මනින්ම මේ කලාපයේ අනෙකුත් රටවල දක්නට ලැබෙන අන්දමට රාජ්‍ය සේවයේ නියුතු වීමට, විශේෂයෙන් දුෂ්කර පලාත් වල සේවයට යෙදවීමට, වෛද්‍යවරුන් හිඟ වනු ඇත. දැනට සේවයේ නියුතු වෛද්‍යවරුන් විශ්‍රාම ගන්නා විට ඒ තැන ගැනීමට වෛද්‍යවරුන් ක්‍රමයෙන් අඩු වනු ඇති අතර රජයේ සෞඛ්‍ය සේවයේ ගුනාත්මක භාවය ඒ හා සමගම පිරිහී යාම වලක්වනු නොහැකි වනු ඇත. සෞඛ්‍ය සේවයට අදාල අනෙකුත් සේවක කන්ඩායම් වලද තත්ත්වය මීට සමානය. එපමනක් නොව මෙම තත්ත්වය ගුරුවරුන් සහ අධ්‍යාපන සේවය සම්බන්ධයෙන්ද මෙසේම බලපානු ඇත. රජයේ සේවාවන් ගුනාත්මකව පවත්වා ගැනීමට අවශ්‍ය මානව සම්පත නොමැතිව මේ සේවාවන් පවත්වාගෙන යා නොහැකි තැන ඉබේම පෞද්ගලික අංශයේ අවශ්‍යතාවය දැනෙනු ඇති බව නොකිව මනාය.

    එහෙත් පෞද්ගලික අංශය දුෂ්කර ගම්මාන සොයා ගොස් සෞඛ්‍ය වැනි සේවාවන් ලබා දෙන්නේ නැත. ඒ එමගින් ඔවුන්ගේ පිරිවැය වැඩි වී ලාබය අඩුවන නිසායි.

    මේ අනුව බලන කල මෙම අය වැයේ පවතින අනර්තකාරී යෝජනා රැස අතුරින් දෙකක් පමණක් ගෙන සලකා බැලූවද සෞඛ්‍ය සේවය ඇතුළු රාජ්‍ය සේවය දිය කර හැරීමේ එ ජා ප නිසඟ සිහිනය මෙම අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීම තුලින් ඔවුනට ඊලඟ ඡන්දයට පෙරම සැබෑ කරගත හැකි වනු ඇත. ඔවුන් මැතිවරන සමයේ “මාස හැටෙන් අළුත් රටක්” ගෙනෙන බව කියන්නට ඇත්තේ මේ නිසාය.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions