වෘත්තියෙන් නීතීඥවරයෙක් වූ පුටින්ගේ සැබෑ දක්ෂතාවය මතු වෙන්නේ රුසියානු ඔත්තු සේවය තුලදී. ඔහු ජර්මනිය තුලදී ඔත්තු සේවා නිලධාරියෙක් ලෙස රට වෙනුවෙන් කොයි තරම් කැප විය යුතුද කියන දේ මනාවට ඔප්පු කරනවා. වැලැඩ්මීර් පුටින් රට වෙනුවෙන් ඒ කැප කිරීම දේශපාලනයටත් අවසානයේ ආදේශ කරනවා. රුසියාවේ ජනතාව මේ කාර්යශූර බුද්ධ අංශ නිලධාරියා 2000 මැයි මාසේ 07 වැනි දා පලමු වරට ජනාධිපතිධූරට පත් කරනවා. අනතුරුව 2004 දීත් නැවතත් තමන්ගේ රට වෙනුවෙන් අභීතව තීන්දු තීරණ ගත් ජනතා නායකයාව නැවතත් රුසියානු වැසියන් ජනාදිපති පුටුවේ වාඩි කලා. ඊට පස්සේ පුටින්ගේ ගමනට හරස් වෙන්නේ රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ පිට පිට තුන් වතාවක් ජනාධිපති ධූරයට පත් වෙන්න බැහැ කියන කතාව.
2008 දී තාවකාලිකව ජනාධිපතිධූරටය සමු දෙන පුටින් 2012 දී නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් රුසියානු අසහාය නායකයාට විරුද්ධව අත්වැල් බැඳගන්නවා. හැබැයි අවසානයේ 63.71% කියා දැවැන්ත ඡන්ද ප්‍රතිශතයකින් වැලැඩ්මීර් පුටින් තුවන් වැනි වතාවටත් රුසියාවේ ජනාධිපතිධූරයට පත් වෙනවා.

අවසානයේ වැලැඩ්මීර් පුටින් රුසියාවේ අනන්‍යතාවය බවට පත් වෙනවා. එහෙමත් නැත්නම් රුසියාව නැමති රටේ හැඳුනුම්පත බවට මෙන්න මේ පුටින් පත් වෙනවා.
මේ වගේ නායකයින් ලෝකය පුරාවට ඉන්නේ සීමිත ප්‍රමාණයක්. චී මිං කියන්නේ වියට්නාම් භාෂාවෙන් ආලෝකය රැගෙන එන්නා කියන තේරුම. වචනයේ පරිසමාප්තියෙන්ම වියට්නාමයට ආලෝකය රැගෙන ආපු නායකයෙක් තමයි හෝ චී මිං. 1890 දී හෝ චී මිං උපදිනකොටත් වියට්නාමයේ අධිපත්‍යය තහවුරු කරගෙන හිටියේ ප්‍රංශ හමුදාව. හෝ චී මිං එහෙමත් නැත්නම් විප්ලවයේදී හෝ මාමා 1954 දී ප්‍රංශ හමුදාව අන්ත ලෙස පරාජය කරනවා. සිරුරෙන් කුඩා චිත්ත ධෛර්යයෙන් විශාල මේ අපූරු මිනිසා වියට්නාම් මිනිස්සුන්ට යුද්ධය සඳහා අවශ්‍ය ධෛර්යය සපයනවා. ඔහු විසින් ආරම්භ කල වියට්මින් නැමති සංවිධානයට වියට්නාමයේ සියළු දෙනා කොන්දේසි විරහිතව සහාය දෙනවා. ගරිල්ලා යුද්ධයට යන්න බැරි ගැහැණු තමන්ගේ සැමියාව බලෙන් හෝ චී මිං ගේ හමුදාවට යවනවා. ඒ ගැහැණුන් හමුදාවට අවශ්‍ය කෑම බීම හදලා දෙන්න ඉදිරිපත් වෙනවා. රටට අවශ්‍ය නායකත්වය හෝ චී මිං ලබා දෙනවා. අවසානයේ 1954 දී ප්‍රංශයත් 1975 දී ඇමරිකාවත් මේ කුඩා වියට්නාමය ඉදිරියේ පරාජය වෙනවා.

අවසානයේති හෝ චී මිං පවා වියට්නාමය කියන කුඩා රට ලෝක ඉතිහාසයේ අමරණීය බවට පත් කරලා 1969 සැප්තැම්බර් දෙවැනිදා ජීවිත ගමනින් සමුගත්තා. හැබැයි ඔහු මැරුණත් තවමත් මේ වීරයාගේ සොහොන් කොත බලන්නත් මිනිස්සු ලක්ෂ ගණන් අවුරුද්ද පුරාවට එනවා. ඔවුන් රතු මලක් ස්මාරකය ඉදිරියේ තබලා හෝ චී මිං කියන මිනිසාගේ ධෛර්යයට අගයක් ලබා දෙනවා.
ඉස්සෙල්ලාම ලියපු රුසියාවේ වැලැඩ්මීර් පුටින් වාගේම වියට්නාමයේ හෝ චී මිං අයිත් වෙන්නෙත් තමන්ගේ රටේ අනන්‍යතාවය වෙනුවෙන් නිර්භයව දේශපාලන තීන්දු ගත් නායකයින්ගේ කුලකයට. පුටින් රුසියාව කියන රටට සන්නාම තානාපතිවරයෙක් වෙනවා. හෝ චී මිං වියට්නාමය කියන රටට සන්නාම තානාපතිවරයෙක් වෙනවා. ඔවුන් කොච්චර හොඳින් තමන්ගේ යුතුකම ඉටු කලාද කිවහොත් රුසියාවට වඩා අද පුටින් ඉන්නේ ඉස්සරහින්. ඒ තමයි මහජනතාව අතරින් මතුවෙච්ච සැබෑ දේශපාලන නායකත්වය.
ඔන්න ඔය තැනට තමයි ඉරාකයේ හිටපු සදාම් හුසේන් වගේම ලිබියාවේ මුහම්මර් ගඩාෆිත් අයිති වෙන්නේ. අද වෙනකොට යන එන මං නැති ඉරාකයේත්, ලිබියාවේත් තත්වය දෙස බැලූ විට තමයි තේරුම් යන්නේ මේ නායකයින් බටහිර අධිරාජ්‍යවාදී බලපෑම් හමුවේ පවා තමන්ගේ රට අරාජික වෙන්න නොදී ගෙන ගිය පාලනයේ වටිනාකම. 1979 දී ඉරාකයේ මුල් පුටුවට පත් වෙච්ච සදාම් හුසේන් මරණය දෝතින් වැළඳගත්ත නායකයෙක්. ඔහු දහ තුන් වතාවක් මරණයෙන් බේරෙනවා. ඇමරිකානු බුද්ධි අංශ අවසානයේ පරාජය භාරගන්නවා. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක එකතු වී බටහිර රටවල් අටවපු ජන සමූල ඝාතන අවි කියන ව්‍යාජ චෝදනාවේ කොටස්කරුවෙක් බවට සදාම් පත් වෙනවා. ඇමරිකාවේ සහ යුරෝපයේ අවශ්‍යතාවයන් මත ඉරාකයේ කැරලිකාර හමුදාව සදාම් අත්අඩංගුවට ගත්තා. එහෙම අත්අඩංගුවට ගත්ත මේ නායකයා අවසානයේ එල්ලා මැරුවා.
ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තමන්ගේ අවශ්‍යතාවය දේශීය අධිකරණ යාන්ත්‍රණයක් ඔස්සේම හරි අපූරුවට කලා. ඔහුට ගෙන ආපු චෝදනාව තමයි ෂියා වැසියන් 183 දෙනෙක් සමූල ඝාතනය කිරීම. අදටත් සදාම් නැති අඩුව ඉරාකයට දැනෙනවා. ඉරාකයට තිබුණ අනන්‍යතාව ඉරාක මිනිස්සු විසින්ම නැති කර ගත්තා.

රටක ජනතාවගේ මහජන මතයෙන් නායකයෙක් උනත් ඔහුව සදාකාලික නායකයෙක් බවට පත් කරන්නේ ඉතිහාසය. වැලැඩ්මීර් පුටින්, හෝ චී මිං, සදාම් හුසේන් වගේම මුහම්මර් ගඩාෆිත් කොන්ද කෙලින් තියාගෙන රට වෙනුවෙන් තීන්දු තීරණ ගත්ත නායකයින්. අන්න ඒ නිසයි මේ චරිත ආශ්වාදනීය ලෙස මිනිස්සු වැළඳගන්නේ. ඒ තීරණ ගත්තේ හුඟක් වෙලාවට ඇමරිකාවට හා යුරෝපා නායකයින්ට විරුද්ධව. ඒත් වැදගත්ම දේ තමයි අපි මේ කතා කරන ජනමූල නායකත්වය ඉතිහාය තුළදී ඇමරිකාව වගේම එංගලන්තයෙනුත් බිහි වීම. ඒ එංගලන්තයේ වන්ටන් චර්චිල් අගමැතිවරයා හා ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා.
තමන්ගේ අනන්‍යතාවය ලෝකය හමුවේ තමන්ගේ න්‍යායපත්‍රයක් මත ඉතිරි කල නායකයෙක් තමයි එංලන්තයේ වින්ස්ටන් චර්චිල් කියන්නේ. 1939 දී ජර්මනියට එරෙහිව එංගලන්තය යුද්ධ ප්‍රකාශ කරනවා. හැබැයි ඒ ප්‍රකාශ කරපු යුද්ධයට නායකත්වය දෙන්න හිටියේ නෙවිල් චැම්බර්ලින් කියන ඇමතිවරයා. දිගින් දිගටම යුද්ධයේදී එංගලන්තය අසාර්ථක වෙද්දී චර්චිල් යුද්ධයට නායකත්වය දෙන්න ඉදිරිපත් වෙනවා. ඔහු ඉස්සෙල්ලාම එංගන්ත වැසියන්ගේ මතය තුල යුද්ධය ජයග්‍රහණය කරන්න පුලුවන් දෙයක් බවට හැඟීම ගොඩනගනවා. ඊට පස්සේ ජර්මනියට විරුද්ධව ඇමරිකාවේ රූසිවෙල්ට් හා රුසියාවේ ජෝසප් ස්ටාර්ලින් සමඟ එකතු වෙනවා අවසානයේ එංගලන්තයේ මොඩලයට චර්චිල් දෙවැනි ලෝක යුද්ධය ජයග්‍රහණය කරනවා.

මේ වගේ තව නායකයෙක් තමන් ඇමරිකාවේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්. වඩුවෙක්, ලියුම් බෙදන්නෙක්, ගොවියෙක් ලෙස ජනතාවගේ දුකත් එක්ක ජීවත් වූ ලින්කන් තමන් ජනාධිපති ලෙස පත් වූ වහාම වහල් භාවය අහෝසි කරන්න දිවි හිමියෙන් සටන් කරනවා. 1865 දී වහල් භාවය අහෝසි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා මේ නායකයා සංශෝධනය කරනවා. කුමන්ත්‍රණයක ප්‍රතිථලයක් ලෙස ලින්කන් මරා දැමුවත් ජනතා මනසින් ඔහු මරා දමන්න කිසිවෙකුටත් බැහැ. තවමත් ලෝකය තුල ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ හැඳුනුම්පත තමයි මේ ඒබ්‍රහම් ලින්කන්.
ඉතිහාසය පුරාවට ලෝකය තුල බිහි වූ අනන්ත අප්‍රමාණ නායකයින් අතර අවසානයේ සැබෑ ජන මූල නායකයින් ලෙස ඉතිරි වෙන්නේ කිහිප දෙනෙක් විතරයි. බැටිස්ටාගේ කෲර පාලනය බිඳ දමන්න නායකත්වය දුන්න පිදෙල් කස්ත්‍රෝ මෙන්ම චේ ගුවේරාත් අයිත් වෙන්නේ මෙන්න මේ නායකයින් කියන මහා කුලකය තුල ඉන්න සැබෑ නායකයින් කියන උප කුලකයට. ආජන්ටිනාවේදී උපත ලබා කිව්බාවේදී විප්ලවය කරලා අවසානයේදී බොලිවියාවේදී නොදන්නා මිනිසුන් වෙනුවෙන් ජීවිතය පූජා කරපු චේ කියන්නේ විප්ලවය කියන මහා සාධකය තුල ගොඩනැගුණු සදාකාලික අනන්‍යතාවය. වැදගත්ම දේ තමයි මේ සා චරිතයක් බවට චේ පත්වෙන්නේ අවුරුදු තිස් නවයක් වැනි කාලයකදී වීම.
නොලියපු චීනයේ මාවෝ සේතුන් වගේම ලියන ලද වැලැඩ්මීර් පුටින්, හෝ චී මිං, සදාම් හුසේන්, මුහම්මර් ගඩාෆි, චේ ගුවේරා කියන මේ සියළු දෙනාව ඉතිහාසය තුල කතා කරන්නේ එක දෙයක් නිසා. ඒ තමන් හමුවේ එන ප්‍රශ්න වලට මුහුණ දීමට ඔවුන් තුල තිබූ අපූරු ජ්‍යෙෂ්ඨත්වය හේතුවෙන්. මේ මොඩලයේ ශ්‍රී ලංකා නායකයින් බිහිවන්නේ මගේ අර්ථදැක්වීම අනුව දෙදෙනෙක් විතරයි. එක්කෙනෙක් තමයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. අනෙක් අපූරු පුද්ගලයා මහින්ද රාජපක්ෂ මැතිතුමා.
ප්‍රේමදාස මහත්තයා කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බිහි කල පොලොවේ පය ගහලා ජිවත් වෙච්ච එකම ජනමූල නායකයා. ප්‍රේමදාස මහත්තයා උතුරේ ප්‍රශ්නය ගැන වගේම දකුණේ තරුණයිනගේ නැගිටීමටත් අදේශ කල පිළිතුරු සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා.ඒ වගේම තමන්ට විරුද්ධව ඉදිරිපත් වෙච්ච දෝෂාභියෝගය හමුවේ හැසිරුණු ආකාරයට පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා. හැබැයි මොන ප්‍රශ්නය හමුවේත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ අනන්‍යතාවය නැතිකර ගන්නේ නැහැ. හැමතිස්සේම ප්‍රේමදාස මහත්තයා තමන්ගේ ලාංකික මොඩලය ආරක්ෂා කරගන්න කටයුතු කලා. තමන් හමුවට එන ප්‍රශ්න වලට උත්තර දුන්නේ තමන්ගේම න්‍යායපත්‍රයෙන්.හොඳම උදාහරණය තමයි ඉන්දියන් හමුදා ප්‍රශ්නෙදී රටේ සැබෑ ජන මහතය මොකක්ද කියන දේ ගැන ප්‍රේමදාස මහත්තයාගේ තිබුණ වැටහීම.
මේ නොවැම්බර් මාසය. ඉස්සර නොවැම්බර් සමඟ එන භීතියට හේතු වුනේ ප්‍රභාකරන්ගේ උපන් දිනය. ඒ භීතිය නැති කරලා මේ පොළොවට නිදහස උරුම කරලා දුන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 70 වැනි උපන් දිනය යෙදිලා තියෙන්නේ නොවැම්බර් 18 වැනි දාට. සුබ උපන් දිනයක් කියන ප්‍රාතමික කාරණා වලට කලින් මහින්ද රාජපක්ෂ කියන අනන්‍යතාවය මේ පොළොවට වැදගත් වෙන්නේ ඇයි කියන කාරණාවට උත්තරයක් දෙන්න ඕන. රුසියාවේ මිනිස්සුන්ට පුටින් වැදගත් වෙන්නේ පුටින්ගේ තියෙන අනන්‍යතාවය හින්දා. පිදෙල් කස්ත්‍රෝ කියුබාවට වැදගත් වුනෙත් අන්න ඒ නිසා. මහින්ද මහත්තයා ලංකාවට මේ මොහොතේ වැදගත් වෙන්නේ ඔහු සතු අපූරු ලාංකික අනන්‍යතාවය හින්දා. මහින්ද රාජපක්ෂ කියන්නේ ලාංකික මිනිසුන්ගේ හදවතින් අපේක්ෂිත මොඩලයේ ජන මූල නායකයා. මිනිස්සු තාමත් ඔහුට ආදරය කරන්නේ මෙන්න මේ නිසා.
ලංකාව කියන රටේ ජාත්‍යන්තර සන්නාම තානාපති තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වලට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න තිබ්බ උවමනාව තුලම ගැබ් වෙලා තිබුණේ මහින්ද කියන සාධකය කොච්චර වැදගත් ද කියන දේ. ඔය කියන උදාහරණය නිකමට සදාම් හුසේන්ට ආදේශ කරලා බලන්න. අද ඉරාකය ඉන්න අන්ත අසරණ තත්වය ගැන හිතලා බලන්න. මේ හැම දෙයක්ම අවසානයේ අර රබර් බෝලයක් වතුර යට ඔබාගෙන ඉඳලා අත ඇරිය ගමන් උඩට එනවා වගේ ලාංකීය සමාජය තුල උඩට එන්නේ මහින්ද රාජපක්ෂ කියන අනන්‍යතාවය. මේ සමාජය හැම දෙයක්ම සංසන්දනය කරන්නේ මහින්ද රාජපක්ෂ කියන සාධකයත් එක්ක.
මෙන්න මේක තමයි පොළොවේ මුල් බැහැපු සැබෑ ලාංකීය චින්තනය. මිනිස්සුන්ට ඕන තමන්ගේ කම කියන දේ ප්‍රේමදාස මහත්තයට පස්සේ තිබ්බ එකම නායකයා මහින්ද රාජපක්ෂ වෙන්නේ මේ නිසා.1945 නොවැම්බර් 18 වෙනිදා ඉපදුණු මහින්ද රාජපක්ෂ මැතිතුමා සදාකාලිකවම මේ පොලොවේ වලංගු දේශපාලනික සාධකයක්. එස්. මහින්ද හාමුදුරුවෝ උත්තම පුරුෂයෙන් ලියපු මේ කවිය හරියටම අදාල වෙන්නේ මෙතුමාට මිස අන් කිසිවෙකුටත් නොවේ.
මට හිමි කොටස කරන්නට කිසි කෙනෙක් නැතේ
හටගත් නියත ජාතික ආලයක් හිතේ
ඉටුකල මෙහෙය අද ලංකා මවගෙ ගතේ
ඇට ඇට මිදුළු ලේ වල කා වැදී ඇතේ
රටට උපන් දිනයක් ලබා දුන් ඔබතුමාට සුබම සුබ උපන් දිනයක්.
-නිර්මල කොතලාවල
[හිටපු නියෝජ්‍ය අමාත්‍ය]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
Apinam mahinda mahattayata hora hora kiyala elewwa dan saneepai sinhala ballanta
ReplyDelete