විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ හදිසිය පැහැදිළි සංදර්ශනයක් වූව ද එහි ශ්‍රී ලංකාවේ පැවැත්ම පිළිබඳ දැවැන්ත අනතුරක බිජු සැඟ ව තිබෙන බව අපි අවධාරණය කරමු. මියගිය සෝභිත හිමියන්ගේ ලාමක හා එනිසා ම විනාශකාරී වූ දේශපාලන ක්‍රියාකාරිත්වයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ විධායක ජනාධිපති ධුරය, එහි අතුරු ආබාධ ගැන සැලකිල්ලක් නැතිව ම අහෝසි කිරීම ය. ඊලාම්වාදීන් මෙන් ම මේ රට එක් රටක් ලෙස පැවතීමට එරෙහි ව සටන් කරන විශ්විවිද්‍යාල ආචාර්ය සංගම් පිටුපස සැඟවුණු පිරිස් හා රාජ්‍ය නොවන සංවිධාන විසින් සෝභිත හිමියන් සාන්තුවර තත්වයට උසවා තැබීමට දැන් උත්සාහ කරන්නේ ද මෙහිමිගේ මේ දේශද්‍රෝහි පෙනී සිටීම නිසා ය. ජනපති මෛත්‍රීපාලගේ හදිසි ප්‍රකාශය සේ ම ඉදිරියේ දී ද සෝභිත හිමියන්ගේ 'අරමුණ දිනවීම' නැමැති පිරුවටයට මුවා වී එකී ව්‍යාපෘථිය ක්‍රියාත්මක කිරීමට මේ පිරිස් උත්සාහ ගනු ඇත. ඒ අනුව, ජීවත් වන සෝභිත හිමිට වඩා මියගින සෝභිත හිමි වඩාත් වැඩියෙන් භයානක වීමට ද අපයෝජනය වීමට ද පුළුවන. විටෙක හිමියන්ගේ සැකසහිත මරණය ජනවාරි 08 තිර රචනයේ ම කොටසක් වීමට ද හැක.
දැනට සංදර්ශනයක් වූව ද, මෛත්‍රීපාල ධුරයෙන් යෑමට පෙර ඔහු ලවා මෙය කෙසේ හෝ අහෝසි කරගැනීමට ඒ සඳහා කැස කවන පිරිස් අනිවාර්යෙන් ම කටයුතු කරනු ඇත. එහෙත් එසේ වන්නේ ශ්‍රී ලංකාව, ඇමරිකාව හා එක් ව අප රටට ම එරෙහි ව සම්මත කළ ජිනීවා යෝජනා තුළ 13 වැනි සංශෝධනය ඉඩම් හා පොලිස් බලතල ද සහිත ව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට එකඟතාව හා කැපවීම ලිඛිතව පොරොන්දු වී ඇති භයානක මොහොතක බව අප සිහිපත් කරගත යුතු ය. 13 වැනි සංශෝධනයෙන් ඉඩම් හා පොලිස් බලතල ද 19 වැනි සංශෝධනයෙන් පාර්ලීමේන්තු බලතල ද කොමිසම් සභාවලට බෙදා හැර තිබෙන පරිසරයක ශ්‍රී ලංකාව තනි රාජ්‍යක් ලෙස පැවැත්ම දැඩි ව අනතුරට ලක්වීම මේ අනුව වැළකිය නොහැක. 13වැනි සංශෝධනය විසින් බෙදා හැරෙන බලය යළි තුලනය කරන්නේ විධායක ජනපති ධුරය මගිනි. ඒ අනුව විධායකයක් නැති රට බෙදීමට ලක් නොකොට පවත්වා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි වනු ඇත. අපගේ පාර්ලීමේන්තුව පවා දැඩි සේ අස්ථාවර ය. මේ අනුව, ඊලාම්වාදීන්ට අප රට නිරාවරණය වන මෙම ව්‍යවස්ථාමය අරාජිකබව වහා ප්‍රයෝජනයට ගෙන උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යක් ප්‍රකාශයට පත් කිරීමේ පැහැදිළි හැකියාවක් ගොඩ නැගී තිබේ. එදා සිට ම ශ්‍රි ලංකාව ඒකීය රාජ්‍යක් ලෙස පැවැත්ම මෙරට සතුරන් විසින් වෙනස් කිරීමට උත්සාහ කරන්නේ මේ අවස්ථාව උදාකර ගැනීමට ය. තමන්ට ම කියා රාජ්‍යක් නොමැති ව ලොව පුරා වෙසෙන ද්‍රවිඩ ජනතාව ජාතීවාදී පදනමින් උසිගන්වා මෙම ව්‍යාපෘථියට සහාය ලබා ගැනීම අපහසු ද නැත. ඒ අනුව, පැහැදිළිව ම උදාවෙමින් තිබෙන්නේ 30 වසරක යුද්ධයකින් දිනාගත නොහැකි වූ ඊළම ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකින් ලබා ගැනීමේ ව්‍යාපෘතිය යි. මීට එරෙහි වීමට වත්මන් රජය තුළ සිටින කිසිදු පාර්ශවයකට හැකියාව, වුවමනාව හා ධෛර්ය ද නැති බව නම් විස්වාස ය. ඔවුන් සැම සිටින්නේ බල අරගලයක දී තම පාර්ශවයේ බලය ස්ථාවර කරගන්නේ කෙසේ ද යන්න සිතමින් ය. ජාතික අභිලාෂ පිළිබඳ අවධානයන් ඔවුන්ගේ දේශපාලන වපසරිය තුළ ඇත්තේ ම නැත.
මේ අතර, අනෙත් පසින් වර්ධනය වන යුධ අපරාධ අධිකරණ හරහා ඉහත තත්වයන්ට ප්‍රතිරෝධය දැක්විය හැකි ජාතික නායකයින් සිරගත කිරීම හෝ වෙනත් මාර්ගයකින් නිහඬ කිරීම වැනි උත්සාහයන් ද අප බරපතල ලෙස සැලකිල්ලට ගත යුතු ය. මන්ද අපගේ දේශපාලන ගමන ඉන් අඩාල කළ හැකි හෙයිනි.

-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කලක සිටම අපේ රටේ ප්‍රගතිශීලි සටන් පාටයක්ව පැවතින. මෙම සටන් පාඨය ප්‍රථම වතාවට එජාපය විසින් අතට ගනු ලැබූයේ පසුගිය ජනාධිපතිවරනයේදීය. කලක් තිස්සේ ප්‍රගතිශීලීන්ගේ සටන්පාඨයක්ව පැවති නිසාම රටේ බහුතර ජනතාව ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට කොන්දේසි විරහිතව, ඉන් රටට අත්වන හොඳ හෝ නරක පිලිබඳ ප්‍රාමානික දැනුමක් නැතිව වුවද එකඟය. එම එකඟතාවය ශුෂුම්නා ප්‍රතීකයක් සෙ ජනතාවතුලින් ප්‍රකට වන්නේ, ඇඟිල්ලක් ගිනිදැල්ලක් සමග ස්පර්ශ වූ විට ඒ ගැන නොසිතාම වහාම ඇඟිල්ල ඉන් ඉවතට ඇද ගන්නා ආකාරයට අචේතනිකව ය. මෙය එජාපය සහ ඔවුන්ව දුර සිට මෙහෙයවන (ලඟදී රූපවාහිනි සංවාදයකදී බාහු ද පිලිගත් පරිදි) විදේශීය දේශපාලන "පිටපත් රචකයින්" විසින් මනාව අධ්‍යයනය කර පසුගිය ජනාධිපතිවරනයේ සිට එජාපයේද සටන් පාඨය බවට පත් කරන ලදී. බලාපොරොත්තු වූ පරිදිම බොහෝ ජනතාව විශේෂයෙන් මහ මැතිවරනයේදී අචේතනිකවම ඊට සුබදායීව ප්‍රතිචාර දක්වන ලදී.
ReplyDeleteදැන් යෙදී තිබෙන්නේ, ජනතාවතුල ප්‍රතීක ක්‍රියාවක් බවට පත්ව ඇති විධායකය අහෝසි කිරීමට පක්ෂවීම ජනතාව නොරුස්සන ජනතාව නිතැතින්ම විරුද්ධවන යෝජනා සම්මත කර ගැනීම සඳහා අයිසින් එකක් ලෙස යොදා ගැනීමේ බටහිර සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ මොහොතයි. විදෙස් විනිසුරු වරුන් ලවා මෙහි නඩු ඇසීම ඇතුලු ජිනීවාහිදී එකඟවූ රටට ද්‍රෝහීවූ යෝජනා ක්‍රියාතමක කිරීමට අවශ්‍ය නීති සංශෝධන නැමති ජනතාව නිසැකයෙන් විරුද්ධ වන පුස් කේක් ජනතාවගේ උගුරට හොරා ගිල්ලවීමට යොදා ගන්නා අයිසින් එක බවට විධායකය අහෝසි කිරීම යොදා ගැනීම මොවුන්ගේ සැලැස්මයි.