11/14/2015

පැරීසිය, ත්‍රස්තවාදය සහ කිඹුල් කඳුලු

කතෘ:යුතුකම     11/14/2015   2 comments

පැරීසියට එල්ලවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලාදැකිය යුතුය. මේ ලෝකයේ දරුණු ත්‍රස්තවාදීන් හා අහිංසක ත්‍රස්තවාදීන් කියා දෙකොටසක් නැත. සියලුම ත්‍රස්තවාදීහු දරුණු වෙති. ම්ලේච්ඡයෝ වෙති. පරපීඩකයෝ වෙති. ඔවුන් සන්නිවේදනය කරනුයේ සංවාදයෙන් නොව තුවක්කුවෙනි. බෝම්බයෙනි. අහිංසක ජනතාවගේ රුධිරය මතින් තම මාවත සඵල කරගන්නට කැසකවන ඔවුන් මනුශ්‍යත්වයටද නිගාවකි.

මීට වසර කිහිපයකට උඩදී අප රටතුලද ත්‍රස්තවාදයක් පැවතුනි. බස් රථ වල ,දුම්රියේ, පන්සලේ, පල්ලියේ මස්ජිදයේ ,පොලේ, බැංකුවේ සෑම තැනකම බෝම්බ පුපුරා ගියේය. දහස් ගනන් මිනිස්සු සතුන් සේ මහමග මියගියහ.භේදයකින් තොරව සිංහල, දෙමළ මුස්ලිම් සියල්ලෝම ලක්මව මත ලේ වගුරවමින් මියැදුනහ. වාසනාවකට අද අපි සාමයෙන් සුවසේ දිවි ගෙවමු. ඒ ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට දැඩි තීරණ ගත් සේනාධිනායක, ආරක්ෂක් ලේඛම් තුමන්ලාටද, දිවිහිමියෙන් යුධ වැදුනු ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන්ටද අප හිසනමා ආචාර කළ යුතු ය.

ලංකාවේ මානවහිමිකම් හා ප්‍රංශය

ත්‍රස්තවාදයේ රඟ දැනෙන්නට එයට මුහුන දිය යුතුය.බොහෝ විට තමාගේ එකෙකු නිරපරාදේ මැරීවැටුනතුරු ත්‍රස්තවාදය යන්න කුමක්දැයි කිසිවෙකුට නොතේරේ. ප්‍රංශය වනාහි ලංකාවේ යුධ අපරාධ සිදුවූවායැ‍යි කියමින් මානව හිමිකම් කවුන්සිලයේ අප රටට එරෙහිව ප්‍රකාශ නිකුත් කළ , අප නියෝජිතයින්ට දේශපාලන තර්ජන එල්ල කළ රටකි. ඔවුන් සැබෑලෙසම ගනු ලැබුවේ ත්‍රස්තවාදි පක්ෂපාති කඳවුර මිස ත්‍රස්තවාදී විරෝධී කඳවුර නොවේ.

ත්‍රස්තවාදය තමාගේ මවු රටද ගොදුරු කරගන්නට කැසකවන විට, තමාගේ අහිංසක රටවැසියන් අහේතුකව මවු පොලව මත අවසන් හුස්ම හෙලන විට ප්‍රංශයට "ත්‍රස්තවාදය" යනු කුමක්දැයි අවබෝධවන්නට ඇත. එහෙව් වූ සත්‍යය ඔවුනට පසක්වේවා යැයි පතමි.

කිඹුල් කඳුළු

යුද්ධයේ පිහිටෙන් දිවිගෙවූ උපන් බිමට බරක් වූ අමනයින් ද, අපව මරණයෙන් බේරාගත් යුධවිරුවන් ජාත්‍යන්තර දෙමුහුන් අධිකරණයට දක්වන තැන දක්වා ක්‍රියාකළ යහපාලන අමන රැලද ,ත්‍රස්තවාදය කරපින්නාගත් ඒ යහපාලනය ගැන පාරම්බාමින් සමාජ ජාලා වල පම්පෝරි ගැසූ ඊනියා විදග්ධ දේශපාලන විචාරකයින්ද පැරීසියේ සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදි ප්‍රහායට එරෙහිවනු දැක මට සිනා පහලවිය. ඒ එම ප්‍රහාරයට එරෙහිවීම නිසා නොවේ.

තමන්ගේ රට දෑස් ඉදිරියේ අගාධයට ඇදී යනු දැක දැකම, යුධහමුදාවේ සෙබලුන් අත්ඩංගුවට ගෙන ත්‍රස්තවාදීන් ට පොදු සමාවක් දීම පිලිබඳ මුවින් කෙල බිඳුවකුදු නොසලා , දෙමුහුන් උසාවි නොදුටුවා සේ සිට ප්‍රංශයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය පමනක් හෙලාදැකීම විහිලු සහගත නොවන්නේ ද?මෙවන් පුද්ගලයින් මේ මවුබිමේ උපන් මිනිසුන් විය හැකිද? තමන්ගේ එකා කෙරේ නැති අනුන් ගැන ඇති මේ අමුතු වූ සෙනෙහස කුමක් ද? තම මෑණියන් වුවද මුදලට විකුනන්නේ එහෙව් අජාසත්තලා, චිංචිමානවිකාවන් නොවේද?

මිනිසුන් හඳුනාගැනීමට අප තවමත් ප්‍රමාද නැත!
~ඉසුරු රන්දෙනිකුමාර~
 
යුතුකම සංවාද කවය
www.yuthukama.com 

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. මානුෂීය වශයෙන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දුක් විය යුතු නමුත්, දේශපාලන කෝණයෙන් බලන විට මෙවැන්නක් සිදුවීම අනිවාර්යයෙන් විය යුතු බව මගේ හැඟීම. අනෙකාගේ තත්වය වටහාගෙන මිසක් තමන් විසින් ස්වයං නිර්ණායක මත පිහිටා අනෙකා සම්බන්ධව තීන්දු ගැනීම නොකළයුතුය.

    ReplyDelete
  2. Copy & Paste11/15/2015 1:43 PM

    දැන් මේ ප්‍රංශ කොඩිය දාගෙන දඟළන මහත්තුරු අපේ ළිං මැඩි මානසිකත්වය ගැන පෝස්ට් දාන්න අවශ්‍ය නෑ. ඔයාලා හිතන් ඉන්නේ මේ අරහෙ මෙහෙ මිනිස්සු මැරුනම මාරු නොකරපු අය අද මේක කරපු හින්දා අපිට රිදුනා කියලා ද? ඔය වගේ සීනි බෝල කේස් ගැන ඔබතුමන්ලාට ටොකු ඇන ඇන ඉන්න තරම් නම් අපිට අහේනියක් නෑ. තමන්ට එච්චර ලොකු වටිනාකමක් දාගන්න එපා ඒවා දැකලා. ප්‍රංශ කොඩිය නෙමේ මොක දාගත්තත් අපි නම් ඕවා සත පහකට ගණන් ගන්නේ නෑ.
    මෙතන අපේ ප්‍රශ්නය උනේ සිරියාව, ඉරාකය හෝ කෙන්යාව වගේ වෙනත් රටක හැමදාම වෙන දේකට නොහැදෙන trend එකක් දැන් එක පාර ප්‍රංශෙට හැදුනෙ ඇයි කියන එකයි (ඇත්ත කතාවනෙ. මේක මේ වෙන කාගෙදෝ ට්‍රෙන්ඩ් එකක්නෙ. තමන් හිතලා කළා නෙමෙයිනෙ. අපි නම් එදා ඉඳන් දන්නවා ට්‍රෙන්ඩ් ෆලෝ කරන්න මිසක් ට්‍රෙන්ඩ් හදන්න තරම් නිර්මාණශීලිත්වයක් මේ අයට නැති බව. ඒකයි මේ කොපි කරන් දාගත්ත ට්‍රෙන්ඩ් එකක් ගැන අපිට අමරුවක් නැති බව කියන්න වෙන්නේ).
    ඔය ෆිල්ටර් එක උනත් ලස්සනට දාගෙන ඉන්නේ ඒක බුකියෙන් හදලා තියෙන හින්දානෙ. අපි අහන්නේ ඒ ප්‍රශ්නේ. ඇයි බුකිය ඕකට ට්‍රෙන්ඩ් හදලා අරවාට ෆිල්ටර් එකක්වත් නොහදන්නේ? ඒ මැරෙන උන් සුද්දො නොවෙන හින්දා ද? මොන විකාර මානව දයාවක් ද මේ? අපිත් කණගාටු වෙනවා තමයි ඒ මිනිස්සු ගැන. අපිත් මෛත්‍රී කරන්නේ "සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා" කියලා මිසක් "සීහල සත්තා භවන්තු සුඛිත්ත්තා" කියලා නෙමෙයි. හැබැයි අපිට ඒ කණගාටු වෙන විදිය කියා දුන්නෙ සකර්බර්ග් නෙමෙයි.
    ඕකයි කතාව. අපි ප්‍රශ්න කරන්නේ අනුකාරකයන්ව නෙමෙයි. උන්දැලාගේ හාම්පුතා ලව. ඒ හින්දා අපේ ප්‍රශ්න වලට අමාරුවෙන් උත්තර දෙන්න එපා. ඒවා ඔයාලට නෙමෙයි. ඒ උත්තර තව ටික දවසකින් ඔයාලගේ හාම්පුතාලම දේවි. . ඔන්න ඊයෙම කිව්වා හතර අතේ නෙළනවා කියලා. .
    Nirodha Ranasinghe- ගේ අදහසකින් උපුටා ගත්තකි (FB)

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions