-ධර්මන් වික‍්‍රමරත්න
විසි හයවන ඉල් මහ සමරුව යෙදී ඇත්‍තේ 2015 නොවැම්බර් 13වැනිදාය. ජනතා විමුක්ති පෙරමුණට පමණක් වෙනදා ඉල් මහ සමරුව පැවැත්වීමේ සින්නක්කර අයිතිය හිමිවූවද වර්තමාන තත්ත්වය එයට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. ජවිපෙ විහාර මහ දේවි උද්‍යානයේදීද පෙරටුගාමී සමාජවාදී පක්ෂය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ පීඨයේද ප්‍රධාන සමරු උත්සව දෙකක් පවත්වනු ලබයි. පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඉල්මහ විරු සැමරුම් 25ක් පමණ ඉකුත් දෙසතිය පුරා රටවටා පැවැත්වූ බවටද වාර්තා විය.
සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් යුත් ජනතා සේවක පක්ෂයද ඉල් මහ විරු සමරුවක් නව නගර ශාලාවේදී නොවැම්බර් 12වන බ්‍රහස්පතින්දා පැවැත්වූවද ඒ පිළිබද අපි නෝ කථාය. මෝ සිනාය. සෝමවංශ අමරසිංහගේ වයස නිසා ඔහුකබලෙන් ළිපට වැටෙනවාට අපි කැමති නැත. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ දරු පවුලට වසර 26ක් යනතෙක් පැල්පතක් හෝ අටවා දෙන්නට ඔහුගේ නායකත්වයෙන් යුත් ජවිපෙ සමත්වූයේ නැත. අවසානයේදී ජවිපෙ නායකත්වයෙන් එළියට විසිවී දේශපාලන කෝම්බයක් බවට පත්වූ අමරසිංහට දැන් සිදුවී ඇත්තේ අනුන්ට කල දේ තමන්ට පලදීමය. ඒකාබද්ධ විපක්ෂයට මේ වාහේලා එක්කර ගැනීම කළුවා මාරපන ගියා වාගේ වැඩක්ය. මෙයට වඩා පොඩිඅප්පුහාමි සහෝදරයාගේ ත්‍රීවිල් පක්ෂය වන දේශ විමුක්ති ජනතා පක්ෂය මරුය.
ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යාපාරය පිළිබදව සිදුකරන ඕනෑම සංවාදයකදී ජනතා විමුක්ති පෙරමුණ මඟහැර යා නොහැක. ජවිපෙ දේශපාලනය වන්නේ සමාජවාදී සමාජයක් ගොඩනැගීමය. ඒ වෙනුවෙන් ජවිපෙ කැරළි දෙකක් ගැසුවේය. ප්‍රථම කැරැල්ල වූ 1971 අප්‍රේල් 5 කැරැල්ලට ලබන වසර වන විට වසර 45කි. වසර 1971 කැරැල්ලේදී සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ නිල සංඛ්‍යාලේඛන වලට අනුව ඝාතනයට ලක්වූ කැරළිකරුවන්ගේ සංඛ්‍යාව 1,200කි. එහෙත් 1971දී මරාදමන ලද කැරළිකරුවන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්න බව කියති. ජවිපෙ ප්‍රථම කැරැල්ලවූ මෙය සෑම වසරකම අප්‍රේල් 5වැනිදා සමරන්නේ අප්‍රේල් විරු සමරුව නමිනි.
ඉල් මහ සමරුව යනු ජවිපෙ 2වැනි කැරැල්ලය. එය 1986 ආරම්භ වී 1990දී නිමාවට පත්විය. දෙවන කැරැල්ලේදී ඝාතනයට ලක්වූ හෝ අතුරුදහන් වූ පිරිස 41,813කි. ඉන් 6,577ක් ජවිපෙ විරෝධීන් ලෙස සලකා ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය මගින් ඝාතනය කර තිබිණි. වාම කණ්ඩායම් කිහිපයක නායකත්වයෙන් ආරම්භ කරන ලද ප්‍රා සංවිධානය මගින් ඝාතනය කරන ලද ජවිපෙ සාමාජිකයින්ගේ සහ හිතවතුන්ගේ සංඛ්‍යාව 1,222කි. ඉතිරි 34,014ක් ආරක්ෂක අංශ සහ අතුරු සන්නද්ධ කණ්ඩායම් මගින් ඝාතනය කරන ලද හෝ අතුරුදහන් වූ පිරිස වේ. එහෙත් නිල නොවන වාර්තා කියන්නේ ජවිපෙ 2වැනි කැරැල්ලේ ඝාතනයට ලක්වූ පිරිස 60,000කට ආසන්න බවය.
ජනතා විමුක්ති පෙරමුණ ජාතිකවාදය සහ සමාජවාදය පෙරටුකරගෙන උපාය උපක්‍රමයන්හි විටින් විට යෙදුනේය. කවුරුන් කෙසේ අවලාද නැගුවද වසර 1965 සිට ජනතා විමුක්ති පෙරමුණ යම් කාර්යභාරයක් ඉටුකර ඇති බව පිළිගත යුතුය. ජවිපෙ නියෝජනය කල එම ගාමක බලවේගයට අනාගත කාර්යභාරයක්ද තිබෙන බව සැබෑය. බෙදියෑම් සහ විභේද කිරීම් තුළින් ධනපති බලවේග විසින් එය ඛණ්ඩනය කල නමුදු ජනතා විමුක්ති පෙරමුණ මුළුමනින්ම විනාශ කිරීමට එජාප හෝ ශ්‍රිලනිප ආණ්ඩුවට නොහැකි විය. එදා ජවිපෙ යනු රටේ නිර්ධන පාන්තික දේශපාලන හිඩැස සමාජය තුළ අවිඥානිකව සම්පූර්ණ කරන රැඩිකල් ව්‍යාපාරයක්ද වේ. එම හිඩැස ඇති කරන ලද්දේ මෙරට සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන පක්ෂවල සහ වෘත්තීය සමිති ඇතැම් නායකයින් විසිනි. වර්තමානයේ ජවිපෙ මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයද එම දේශපාලන හිඩැස පිරවීමට යම් ආකාරයක උත්සාහයක් දරමින් සිටී.
මෙම 1971 අප්‍රේල් කැරැල්ලට සහ 1986/90 කැරළි දෙකටම නායකත්වය දුන්නේ රෝහණ විජේවීරය. වසර 1971 අප්‍රේල් 5 කැරැල්ල ඇරඹෙන විට ඔහුගේ වයස අවුරුදු 28කි. ජවිපෙ දෙවන කැරැල්ලේදී විජේවීර එජාප ආණ්ඩුව මගින් 1989 නොවැම්බර් 12වැනිදා අත්අඩංගුවට ගෙන 1989 නොවැම්බර් 13වැනිදා තිරස්ථීන ලෙස ඝාතනය කරන විට ඔහුගේ වයස 46කි. රෝහණ විජේවිර යනු තවත් එක් පුද්ගලයෙකු නොවේ. ඔහු ලාංකේය දේශපාලනය උඩු යටිකුරු කල දේශපාලඥයෙකි. විජේවීරගේ නායකත්වයෙන් බලය ලබාගැනීමට යෙදූ උපක්‍රම සහ එල්බගත් උපායන්ගේ ප්‍රශස්තභාවය පිළිබදව විවිධාකාර මතභේද තිබුණද විප්ලවීය ජීව ගුණයෙන් සහ ජවිපෙ දර්ශනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල සහ සූදානම්ව සිටි සාමාජිකයින් දස දහස් ගණනක් විජේවීරගේ නායකත්වය වටා සිටි බව පිළිගත යුතුය.
රොහණ විජේවීර විසින්ම පොළොව කොටා, පස පෙරළා, බිජු වපුරා අරඹනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණ ගමන් කළේ වීජේවීරගේ දෘෂ්ටිය සහ දේශපාලනය තුළය. බත්දුන් පියා යැයි කියා ඩඩ්ලි සේනානායක මියගිය පසුව එම නාමය වළලා දැමූ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයින් මෙන් සහ මහින්ද චින්තනයේ රැස් වලලු වලින් අලෝකමත් වෙමින් කලෙක බැබළී පසුව මහින්ද රාජපක්ෂ ජනපති තනතුරින් ඉවත්වීමෙන් මහින්ද චින්තනය අකා මකා දැමීමට තැත්කල සහ කරන ශ්‍රිලනිප ඇතැම් නායකයින් මෙන් ජවිපෙ වත්මන් නායකත්වයද රෝහණ විජේවීර ගේ ප්‍රතිපත්ති අමතකකර කටයුතු කරනු පෙනේ. එහෙත් රෝහණ විජේවිරගේ ප්‍රතිපත්තිවලින් තොරව ජවිපෙට අනාගතයක් නොමැති බව ඉතිහාසය දැන් සාක්ෂි දරමින් සිටී.
ජාතික ගැටළුව තුළ වල්මත්වී සිටි මෙරට සමාජයට එහි ඓතිහාසික මූලයන් වටහා ගැනීමට හැකිවූයේ විජේවීර විසින් රචිත 1985 මාර්තු මස ඉදිරිපත් කල පිටු 315ක වාර්තාවෙනි. ද්‍රවිඩ ඊළාම් සංකල්පය ජාතික ප්‍රශ්නයට විසදුමක් නොවන බවත් බෙදුම්වාදී ත්‍රස්තවාදය පමණක් නොව බෙදුම්වාදි ප්‍රෙඩරල් ක්‍රමයද පරාජයකර ඒකිය රටක් තුළ ජාතික සමානාත්මය, ජාතික සමගිය සහ ජාතික විශ්වාසය ගොඩනැගිය යුතු බවද එමගින් අවධාරණය කළේය. එමෙන්ම එජාපය සහ ශ්‍රිලනිපය එකම කාසියේ දෙපැත්ත බවද ඔවුන්ගේ අරමුණ පවතින ධනපති ක්‍රමය රැකගැනීම බවද විජේවිර එදා පෙන්වා දුන්නේය. වර්තමානයේ ජාතික ආණ්ඩුවක් යැයි කියාගන්නා ජාති(ක) ආණ්ඩුවක් පිහිටුවිමේ අනතුර කලින්ම දුටුවේද ඔහුය.
ජනතා විමුක්ති පෙරමුණට දැන් වසර 50කි. රෝහණ විජේවීර ජවිපෙ උපතට පණ දුන්නේ මුට්ට කර ගසමිනි. එහෙත් වර්තමානයේ ජවිපෙට එවැනි කැපකිරීම් අවශ්‍ය නැත. ඒ නවීන ලෝකය විසින් මාක්ස්වාදය උඩු යටිකුරු කර ඇති බැවිනි. අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයා වශයෙන් පත්වූයේ 2014පෙබරවාරි 2වැනිදාය. එයට පෙර ආරම්භයේ සිට ඒ දක්වා ජවිපෙ නායකයින් වූයේ රෝහණ විජේවීර, සමන් පියසිරි ප්‍රනාන්දු,ලලිත් විජේරත්න සහ සෝමවංශ අමරසිංහය. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂද ජවිපෙට රුපියල් ලක්ෂ 25ක් දුන්බව වරෙක කියා සිටියේය. මෙවැනි කරුණු කාරනා රැසක් නිසා ජවිපෙ නායකත්වය සහ එජාපය අතර ඇති ආලයේ තරම රටට නොතේරෙනවා නොවේ.
වර්තමානයේ ජවිපෙ සියල්ල වෙනස් කරමින් සිටිති. ජවිපෙ අද ගමන් කරනුයේ විජේවීර ගේ සමාජ විප්ලවයේ න්‍යායික සහ ප්‍රායෝගික භාවිතය තුළ නොවේ. ජවිපෙ 2001දී පරිවාස ආණ්ඩුවක් ගොඩ නැගුවේය. එය 2004දී චන්ද්‍රිකා සමඟ සභාග ආණ්ඩුවක් දක්වා වර්ධනය විය. 2005 මහින්ද රාජපක්ෂ සමඟ සභාගයක්ද ගැසුවේය. එම ක්‍රියාමාර්ගයේ දිගුවක් ලෙස 2010 ජනාධිපතිවරණයේදි සරත් ෆොන්සේකා සමඟ සභාගයකටද එක්විය. දැන් එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයටත් ඉහළින් ඇති 'මොකද්දෝ බලයක්' ඇත. තමන්ගේ ඉතිහාසය දෙස විවෘතව සහ අවංකව බැලීමට නොහැකිවීම ජවිපෙ ඇති උපන්ගෙයි රෝගයකි.
එමෙන්ම එදා ඉන්දු ලංකා ගිවිසුම මගින් සම්මත කල 13වැනි සංශෝධනයට එරෙහිව විජේවීරගේ නායකත්වයෙන් දස දහස් සංඛ්‍යාතික තරුණයින් මරු වැලඳ ගනිද්දී එයටත් එහා යන එනම් 13වැනි සංශෝධනයට වඩා බලවත් පාලන ක්‍රමයක් උතුරු නැගෙනහිරට ලබාදීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටී. මේ ප්‍රෙඩරල් ක්‍රමය පිළිබදව ජවිපෙ අද වන තුරු මුනිවත රැකීමෙන් පසක් කල හැක්කේ 13ටත් එහාට උතුරට බලය බෙදන යෝජනාවකට ජවිපෙ අමනාපයක් නැති බවය. මව්බිමේ ස්වාධීනත්වය වනසන ජිනීවා උගුලට තවමත් හොරගල් අසුලනු බවක් පෙනේ.
බොහෝ ජාතික වැදගත්කමක් යුත් ප්‍රශ්න කල්තියා අවබෝධකර ගැනීමට ජවිපෙ නිර්මාතෘ විජේවීර සමත් විය. ඉන්දියානු මැදිහත්වීමේ අනතුර ඔහු කල්තියා දුටුවේය. අද එය ඉන්දියානු රෝ සංවිධානය හරහා නිල නොවන මට්ටමෙන් එළිපිටම ක්‍රියාත්මක වේ. තව ටික කලක් ගතවුවහොත් රෝ සංවිධානයට ශ්‍රී ලංකාවට කලහැකි බලපෑම ශ්‍රක්‍රයාගේ පුතා වයිමා ආවත් නතර කිරීමට නොහැකි වනු ඇත. එහෙත් අද ඉන්දීය පමණක් නොව ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ බලපෑමට ජවිපෙ නතුවී තිබීම කණගාටුවකි. එජාප ආණ්ඩුවකට සෘජුව හෝ වක්‍රව සහායදීම යනු අධිරාජ්‍යවාදීන්ගේ උපාය උපක්‍රමවලට දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොදුරුවීමකි. කුමන සංතෝෂමක් මේ සඳහා ලැබුණද එය දස දහස් ගණනක් ජීවිත පිදූ ඉල් මහ විරුවන්ට කල සාහසික ක්‍රියාවකි. නිගරුවකි. මහා ඛේදවාචකයකි.
ජවිපෙ දැන් අතගසා ඇත්තේ ධනවාදය සුරක්ෂිත කිරීම සඳහා ස්ථාපිතවන දක්ෂිනාංශික දොල පිදේනි දේශපාලනයකටය. ජවිපෙ සිදුකරනුයේ මේවාට එරෙහිව පන්ති බලවේග සූදානම් කිරීම නොව මේවාට උඩගෙඩි දීම සඳහා දෛනිකව මාධ්‍ය සංදර්ශන පැවැත්වීමය. කලින් කීවාක් මෙන් නොවැම්බර් 13 ඉල් මහ විරු සමරුවට වසර 26කි. ජවිපෙ 2වැනි කැරැල්ලේදී මියගිය එම දස දහස් සංඛ්‍යාත කැරළිකරුවන් වෙනුවෙන් ජවිපෙට සිදුකල හැකි හොඳම සහ ඉහළම ගෞරවය වන්නේ විජේවීර විවරකල මංපෙත් ඔස්සේ ඉන්දියානු සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයටත් ද්‍රවිඩ බෙදුම්වාදයටත් එරෙහිව යළි නිවැරදි සටන් මගට පිවිසීමය. සමාජ විප්ලවය හැකි උපරිම මට්ටමින් සාර්ථක කර ගැනීම සඳහා දක්ෂිනාංශයට එරෙහිව සටන් කිරීමය.

රිවිර මුරගල තීරු ලිපිය - 129
2015 නොවැම්බර් 13සිකුරාදා
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .