11/23/2015

ලක්‌ මාතාව විළියෙන් ඇඹරෙද්දී ජාතික ආරක්‍ෂාවේ ඇඳුම් ගලවා බැලීම

කතෘ:යුතුකම     11/23/2015   No comments

දැන් ගෙවී යමින් තිබෙන්නේ භිහිසුණු ත්‍රස්‌තවාදී ප්‍රහාරයක්‌ හමුවේ ප්‍රංශයේ ජනතාව භීතියෙන් මුසපත්ව සිටියදී ප්‍රංශ රජය සිරියානු අයිඑස්‌ රාජ්‍යයට බෝම්බ වැසි වස්‌සවන මොහොතකි.

එහෙත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙහිදී ප්‍රංශයට කියන්නට අපට කතාවක්‌ ඇත. ඒ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට ගහන්නට ගොස්‌ ඇන ගන්නේ නැතිව වහාම උන් සමග සාකච්ඡා කර ප්‍රශ්නය ගොඩින් බේරා ගනිල්ලායි කියාය.

මන්ද තිස්‌ වසරක්‌ පුරා මේ රටට ශාපයක්‌ වූ එල්ටීටීඊය සමග යුද වදිද්දී ශ්‍රී ලංකාවට පැමිණි එවකට ප්‍රංශයේ විදේශ ලේකම්වරයා වූ බර්නාඩ් කුෂ්නර් අපට කියා දුන්නේ ඒ පාඩමය.

බර්නාඩ් කුෂ්නර් එදා ඩේවිඩ් මිලිබෑන්ඩ් සමග හදිසියේම ශ්‍රී ලංකාවට ආවේය. ඒ වන විට එල්ටීටීඊයට එරෙහිව සටන් කළ අපේ රණවිරුවෝ ජයග්‍රාහී මාවතට ප්‍රවේශ වී සිටියහ.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මැදමුලනට ගොස්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ ප්‍රංශ විදේශ ලේකම්වරයා හා මිලිබෑන්ඩ් ඇතුළු තුන්කට්‌ටුවක්‌ ජනාධිපතිවරයාට කියා සිටියේ යුද්ධය නතර කර සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසද ගන්නා ලෙසය.

එහිදී මැදමුලන වත්තේ ගසක්‌ යටදී ඔවුන්ට බෙලිමල් කෝප්පයක්‌ සමග කිතුල් හකුරු කෑල්ලක්‌ දුන් මහින්ද කීවේ “අවසානය දකින තුරු සටන අතහරින්නේ නැහැ.. මේක අපේ ප්‍රශ්නයක්‌.. ඔයාලා යන්න” කියාය. අවසානයේ කුෂ්නර්ලා මුහුණු බෙරි කරගෙන පිටව ගියහ.

ඒ මහින්දගේ හැටිය. එහෙත් දැන් ත්‍රස්‌තවාදයෙන් බැට කා සිරියාවේ අයිඑස්‌ ත්‍රස්‌තයන්ට බෝම්බ හෙලනුයේ එදා අපට එසේ උපදෙස්‌ දුන් ප්‍රංශය ය. තථාගත බුදු හිමියන් දෙසූ දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය ලොප් කරන්නට ජගතෙක්‌ ලෝකයේ නැත. එය පරම සත්‍යයකි. අද ප්‍රංශය අත්විඳ ඇත්තේ පරම සත්‍යයේ ප්‍රතිඵල නොවේද?

තෙවරක්‌ බුදු පා පහස ලද මේ පිං බිමට අතපොවනා කිසිවකුටත් ඉන් ගැලවී යා නොහැකි වනු ඇත. අප එසේ කියන්නේ ප්‍රභාකරන් වනසා එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ වරදට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර කඳවුර මේ මොහොතේත් අපට රිදවමින් සිටින නිසාය.

අතුරුදන් වූවන් පිළිබඳ සොයන්නට වසර 15 කට පසු ඉකුත් දා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්‌ඩායම ශ්‍රී ලංකාව තුළ හිඳමින් සිදු කළ අපූරු විමර්ශනයෙන් කියෑවුණේද එකී රිදවීමේ කතාවේ අලුත්ම පරිච්ඡේදය ය.

එක්‌සත්ජාතීන්ගේ මෙකී ක්‍රියාකාරී කණ්‌ඩායම් මීට පෙර අවස්‌ථා තුනකදී ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ 1991, 1992 සහ 1999 වර්ෂවලදීය. නමුත් එදා ඔවුන් මෙරටට පැමිණ මොන විමර්ශනයක්‌ සිදු කළද 1991 සහ 1992 සංචාරයන්හිදී බටලන්ද වැනි තැන්වලද ගියාද යන්න සැක සහිතය. නමුත් මෙදා ගමනේදී නම් ඔවුන් ගෙඩියේ පොත්ත පමණක්‌ නොව ගෙඩිය තුළ වූ ඇටේ පිළිබඳවද විමර්ශන කළ බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණ.

ඔවුහු ඉකුත් 9 වැනිදා සිට 18 වැනිදා දක්‌වා ශ්‍රී ලංකාව තුළ සිදු කළ විමර්ශනයේදී කිලිනොච්චියට ගියහ. මන්නාරම, යාපනය, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාරටද ගියහ. ඒ අතරේ ඇඟ බේරා ගන්නටදොa ගාල්ලටද ගියහ.

ඒ සියලු සංචාරයන්හිදී ඔවුන් සොයා බැලුවේ ශ්‍රී ලංකාවේ සිදුව ඇති පුද්ගල අතුරුදන්වීම් පිළිබඳවය. 1991 දී සහ 92 දීත් මෙවන් විමර්ශන කණ්‌ඩායම් ශ්‍රී ලංකාවට පැමිණියේ නම් මෙවර ඔවුන් ගාල්ලට ගියේ ඇයිදැයි යන්නද ප්‍රශ්නයකි.

මොකද දකුණේ කොල්ලන් කෙල්ලන් බුරුතුපිටින් අතුරුදන් වූ 1991-92 ට පෙර වර්ෂ වූ 88-89 කාලයේ වන නිසාය.

ඒ කෙසේ වෙතත් ත්‍රිකුණාමලයට ගිය ගමනේදී ජාතික ආරක්‍ෂාවේ රෙද්ද උස්‌සා නොබැලිය යුතු තැන් බලන්නටද ආණ්‌ඩුව ඔවුන්ට ඉඩ දී තිබුණේ ශ්‍රී ලංකා මාතාව විළියෙන් ඇඹරෙද්දීය.

ත්‍රිකුණාමල සංචාරයේදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ තිබූ රහසිගත තැන් වෙත මෙකී එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස කැඳවාගෙන යන්නට ඔවුන්ට මග පෙන්වූ සීඅයිඩීය කටයුතු කර තිබිණි.

සීඅයිඩීය එසේ සිදු කළේ කාගේ බහටද යන්න තවමත් අභිරහසකිs. එහෙත් එය සිදු විය. ත්‍රිකුණාමලයට ගිය එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස නාවික කඳවුරේ තිබූ රහසිගත ගොඩනැගිල්ලක්‌ද පරීක්‍ෂා කළහ. එහි තිබු කුරුටු සටහන්ද ඔවුන්ගේ නිරීක්‍ෂණයට ලක්‌ විය.

අපි තිස්‌ වසරයක්‌ බිහිසුණු ත්‍රස්‌තවාදයකින් බැට කෑ රාජ්‍යයක්‌ වෙමු. එවන් ත්‍රස්‌තවාදයක්‌ අවසන් කිරීමේදී අතට හසුවන සතුරාගෙන් ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය වූ සාමාන්‍ය තත්ත්වයකි. එහිදී රඳවා ගැනීම්ද සිදු වේ. එහෙත් ඒ රඳවා ගැනීම් කොට්‌ට, මෙට්‌ට ඇඳ ඇතිරිලි දැමූ රෝසමල් යහනා මත තබා කළ නොහැකිය. එය සිදු කළ යුත්තේ සතුරාගේ සියලු බලාපොරොත්තු සුන් කර මානසික පරිවර්තනයකට ලක්‌ වන පරිදිය.

ගෙවී ගිය යුද්ධයේදී අපේ රණවිරුවන් එසේ කළේ නම් එය සිදු කරනු ලැබුවේ පෞද්ගලික අභිමතාර්ථ හමුවේ නොව දේශයේ විමුක්‌තිය උදෙසාය. ඉතින් එසේ ක්‍රියාත්මක වූ හමුදා කඳවුරක ජාතික ආරක්‍ෂාවට හෙට දිනයේද වැදගත් විය හැකි තැන් විජාතිකයන්ට දිගහැර පෙන්වීමට තරම් ආණ්‌ඩුව බොළඳ වූයේ කුමක්‌ නිසාද? වල්ගය පෑගිලාවත්ද?

එලෙස දින දහයකට ආසන්න කාලයක්‌ සිය විමර්ශනය සිදු කළ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයෝ අවසානයේ ඉකුත් 18 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක්‌ද පවත්වා මෙරටින් පිටව ගියහ.

මෙවර එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් ලෙස මෙරට අතුරුදන් වූවන් ගැන සොයන්නට ශ්‍රී ලංකාවට පැමිණි බර්නාඩ් දුහයිමේ, තේ උන් බයික්‌ ෂා සහ ඒරියල් ඩුලිට්‌ස්‌කි නමැති තිදෙනා එකී මාධ්‍ය සාකච්ඡාවේදී කිවේ කුමක්‌ද?

“ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා තවමත් අතුරුදන් වූවන්ගේ ඥතීන්ට හිරිහැර කරනවා.. එය වහා නතර විය යුතුයි.. එසේම ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ රහසිගත රැඳවුම් ස්‌ථානයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබෙනවා.. එහි 2010 වසරේදීත් පුද්ගලයන් රඳවා සිටි බව බිත්තිවල තිබූ කුරුටු සටහන් මගින් පැහැදිලි වුණා..

“අප ඉකුත් කාලයේ ශ්‍රී ලංකාවේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥතීන් දෙසීය දෙනකු පමණ හමුවී සාකච්ඡා කළා.. ඒ සාධක යොදාගෙන ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට වාර්තාවක්‌ ඉදිරිපත් කරනු ලබනවා..

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන් යෝජනා කර ඇති දෙමුහුන් අධිකරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක විය යුතුයි කියා අප සිදු කළ නිරීක්‍ෂණ අනුව නිර්දේශ කරනවා. එය සිදු කළ යුතුයි.. එහිදී වරදකරුවන්ට දඬුවම් දිය යුතුයි. එල්ටීටීඊය මෙන්ම ශ්‍රී ලංකා හමුදාවනුත් මානව අයිතීන් කඩකරමින් කටයුතු කර තිබෙනවා..”

මේ සටහන් වූයේ ඔවුන් මාධ්‍ය සාකච්ඡාවේදී තමන්ගේ විමර්ශනය පිළිබඳ කළ අනාවරණය ය. මෙහිදී පැහැදිලිවම ඔවුන් කියන කරුණක්‌ ඇත. එනම් එල්ටිටීඊය මෙන්ම හමුදාවනුත් වැරදි කර ඇති නිසා දඬුවම් දිය යුතු බවය. එහෙත් දඬුවම් දෙන්නට දැන් එල්ටීටීඊයක්‌ ඇත්තේ කොහෙද? ඒ අනුව මොවුන් මේ පැහැදිලිවම කියනුයේ රට බේරාගත් රණවිරුවා දන්ගෙඩියට යෑවිය යුතු බව නොවේද?

එසේම ඔවුන් මෙහිදී කියන බරපතළම කරුණ වන්නේ ශ්‍රී ලංකාවේදී සිදු කළ විමර්ශනයේ වාර්තාව ලබන සැප්තැම්බරයේදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන්නේ යෑයි යන්නය.

ඇමරිකාව ප්‍රධාන විජාතික කඳවුරේ බහට කන් නොදී ත්‍රස්‌තවාදය පරාජය කිරීම හමුවේ පසුගිය කාලයේ ඇමරිකාව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ගෙන එනු ලැබූ යෝජනාවකට අනුව එවකට මානව හිමිකම් ප්‍රධානී නවනීදන් පිල්ලේ විසින් මෙරට මානව හිමිකම් සහ යුද අපරාධ පිළිබඳ සොයන්නට කමිටුවක්‌ පත් කරනු ලැබිණි.

එහෙත් ඒ කමිටුවට එදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්‌ථාවක්‌ නොවීය. ඔවුන් සිය විමර්ශනය සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවෙන් පිටත සිටය. එහෙයින් එහිදී ලබාගත් සාක්‍ෂි පිළිබඳ යම් ගැටලුකාරී බවක්‌ ඇති වී තිබිණ.

කුමන චෝදනාව අපට එරෙහිව කළද ඔවුනට බලහත්කාරය යොදවා කරන දෙයක්‌ මිස කිසිවක්‌ තහවුරු කිරීමට අවස්‌ථාවක්‌ නොවීය.

නමුත් දැන් ඒ ගැටලුව නැත. අතුරුදන් වූවන් පිළිබඳ සොයන්නට මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ විමර්ශකයන් ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙන් ඒ ප්‍රශ්නයද විසඳී යනු ඇත. ආණ්‌ඩුව මේ ජාත්‍යන්තරයට විවර කර දී තිබෙන්නේ ඒ මාර්ගය නොවේද?

ඉතින් නුදුරේදීම සියල්ල ඇරඹෙනු ඇත. ජාත්‍යන්තරය අපෙන් ගතයුතු වාඩුව තර්කානුකූලව ගනු ඇත. රට බේරාගත් රණවිරුවා දඟගෙට යද්දී බෙදුම්වාදය යළි දළුලා වැඩෙනු ඇත. සියල්ල හමුවේ අරාජික වූ ශ්‍රී ලංකාවක්‌ බිහිවනු ඇත. අපට දීනයන් සේ බලා සිටීමට සිදු වනු ඇත. ඉන් එහා කිසිත් සිදු නොවන්නේය. මේ රටේ ජනතාව ජනවාරි අටවැනිදා වෙනස සිදු කළේ එය දකින්නද?

මේ හමුවේ අවසන් වශයෙන් කියන්නට දෙයක්‌ද අපට ඇත. එදා ජුදාස්‌ යේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේ පාවා දුන්නේ කාසි මල්ලකටය. නමුත් අවසානයේ ජුදාස්‌ට සිදු වූයේ කල්වාරි කැලයේ ගසක එල්ලී සියදිවි නසා ගන්නටය. අද සිදුවෙමින් තිබෙන සියල්ල තුළ යහපාලනය මේ ගමන් කරමින් සිටිනුයේ ද එවන් වූ දේශපාලන දිවි නසා ගැනීමක්‌ වෙත නොවේද?

සමන් ගමගේ
දිවයින

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions