11/22/2015

රනිල්-සිරිසේන නිවට ආණ්ඩුව ඊළමට අළුතෙන්ම තනා දුන් කෙටි පාර

කතෘ:යුතුකම     11/22/2015   3 comments

ඊළමට යන අළුත්, කෙටි පාරක් රනිල් සිරිසේන ආණ්ඩුව ලව්වා බටහිරයන් විසින් තනා ගත් ආකාරය...


  • සිරිසේන මහාතාගේ ජනවාරි 8 ජයග්‍රහනයෙන් පසු 2015 පෙබරවාරි 10 වන දින උතුරු පළාත් සභාව  විසින් සිංහල ආණ්ඩුව විසින් 1948 වසරේ සිට දිගින් දිගටම ද්‍රවිඩයන් ජාතිඝාතනය (Genocide) සිදු කෙරෙමින් පවතින බවටත් ඒ පිළිබඳව එක්සත් ජාතීන් මැදිහත්ව විමර්ශනය කළ යුතු බවටත් යෝජනාවක් සම්මත කර ගත්තේය. මහින්ද රාජපක්ෂ සමයේ දෙවරක්ම මෙවන් යෝජනා උතුරු පළාත් සභාවට ඉදිරිපත් වුවද විග්නේෂ්වරන්ගේ මැදිහත් වීමෙන් ඉන් ජාතිඝාතන චෝදනා ඉවත් කළේය. එහි බරපතළකම දන්නා ඔහුට මහින්ද සමයේ එහි දේශපාලන ප්‍රතිවිපාක ගැන අවබෝධයක් විය. නමුත් බටහිරගැති රූකඩ ජනපති කෙනෙකු පත් වී මසක් ගත වන තැන විග්නේෂ්වරන් විසින්ම එම යෝජනාව සභාවට ඉදිරිපත් කරන ලදී.
  • සිරිසේන මහතා ජනාධිපති වූ විගස ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට පැමිණි BBC හි චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදී කැලම් මැක්‍රේගේ අවසන් විඩියෝ පටයෙන් ඔහු කියන්නට උත්සාහ දරන්නේ කුමක්ද? සිංහල හමුදාව ඉදිරියට ඇදෙනවාත් සමඟම සිවිල් වැසියන් වෙසෙන පෙදෙස් වලට ප්‍රහාර එල්ල කරමින් ඔවුන් තව තව උතුරට පළවා හරිමින් අවසානයේ සියළුම දෙමළ වැසියන් වෙඩි මුක්ත කලාපය නමින් නම් කළ වර්ග කිලෝමීටර කිහිපයක භූමි භාගයකට චේතනාන්විතව කොටු කළ බවයි. එසේ සියළුම දෙමළ වැසියන් එක පොදියකට දමා ඔවුන් වෙත චේතනාන්විතව බර අවි යොදාගෙන පහර දුන් බවයි. වෙඩි මුක්ත කලාපය යනු සිංහලයන් විසින් ද්‍රවිඩයන් සමූහ වශයෙන් මරා දැමූ භූමිය බව ඔහුගේ නිගමනයයි. ඒ චිත්‍රපටයේ නම "No Fire Zone: The killing field of Sri Lanka" වන්නේ එබැවිනි. ඔහු දැනටමත් අර දෙමුහුන් අධිකරණය ඉදිරියේ තමා සාක්ෂි දෙන බව පවසා ඇත.
  • විදේශිකයන් විනිසුරන් වූ දෙමුහුම් අධිකරණය තුළ කැලම් මැක්‍රේලා වැන්නන්ගේ සාක්ෂි සමඟින් 'නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ' ක්‍රමයට නඩු අසන අතරේ ලංකා රජය විසින් දෙමළ වැසියන් සිතාමතා සැලසුම් සහගතව ජාතිඝාතනය (Genocide) කළේය යන ඉතා බරපතළ සාවද්‍ය නිගමනයකට එළැඹීම ඔවුන්ගේ සැලසුම බව පැහැඳිලිය. මේවාට වියදම දරන්නේ අපට එරෙහි බටහිර රටවල් මඟිනි. සුද්දන්ට නිකන් සල්ලි පුච්චන්න පිස්සු නැත. පිස්සු අපිට එරෙහිවම මේවා යෝජනා කළ අපටය.
  • එස්. ශර්වානන්ද හිටපු අගවිනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය පත් කළ සත්‍යය සෙවීමේ කොමිසමේ වාර්තාවේ 1983 ජූලි සිද්ධීන්ගෙන් ද්‍රවිඩ වැසියන් 350කට වඩා ඝාතනය වූ බවට සාක්ෂි නැති බව පැහැඳිලිව දක්වා තිබියදීත් විග්නේස්වරන්ගේ මේ යෝජනාවට ඇතුලත් කර ඇති ද්‍රවිඩයන් 3000ක් ඝාතනය කළේය යන සාවද්‍ය චෝදනාවන් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවට ඇතුලත්ව අපේ රජයද සාදරයෙන් පිළිගෙන ඇත. මේ කෙබර, කෙබර ලෙස පෙන්වා දීමට ලංකා රජයට කිසිදු වුවමනාවක් නොවීය. ඔවුන් කළේ "යර්ස් සර්" කියා ඒවා පිලිගැනීම පමණි. වැටත් නියරත් ගොයම් කෑහ. දැන් මෙවැනි කෙබරද දිගින් දිගටම සිංහලයන් විසින් දෙමළ ජාතිකයන් ඝාතනය කරන්නේය යන චෝදනා සනාථ කිරීමට යොදා ගැනෙනු ඇත.
  • මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ කාර්ය භාර නිලධාරින්ට සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ නිත්‍ය නියෝජිතවරයාට, ළමා සහ යුධ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයාට, කෲර වද හිංසනය සහ අත්තනෝමතික සිර කර තැබීම් පිලිබඳ ක්‍රියාකාරී කමිටුවට ලංකාවට පැමිණීමට අපගේ නිවට රජය ආරාධනා කර තිබේ. මේ රොත්ත බුරුත්තම ඇවිත් කරන්න යන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට අපහසුද? ඔවුන් දැන් ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය වටලමින් වැඩ පටන්ගත් ආකාරය ඔබ අසන්නට ඇත.
  • උතුරු පළාත් සභාව තුළ ලංකා රජය මඟින් 1948 සිට දිගින් දිගටම ද්‍රවිඩයන් ජාතිඝාතනය වූ බව සම්මත වීම, කැලම් මැක්‍රේගේ වීඩියෝව, සත්‍ය සෙවීමේ කොමිසම, දෙමුහුම් අධිකරණය හා ලංකාව තුළ පිහිටුවෙන මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ක්ෂේත්‍ර කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් යන මේ සියල්ල එක පෙළට තබා ගත් විට අපට ඉදිරිය තේරුම් ගැනීම අපහසු නැත.

ඊළමට අඩි දෙකයි..

  • ජාති ඝාතන චෝදනා දෙමුහුම් අධිකරණය තුළ සනාථ වන විට 13 බලාත්මක වීම තුළ(13 පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව අපගේ රජය යෝජනා කර ඇත.)  උතුරු හා නැගෙනහිර දෙපාළත විසින් වෙන වෙනම සම්මත කර ගන්නා යෝජනා දෙකක් මඟින් එම පළාත් සභා දෙක එක් කර ගෙන තිබෙනු ඇත. ඒ අනෙකකට නොව නව ඊළාම් රාජ්‍යයේ දේශසීමා රේඛාව අන්තර්ජාතිකව පිළිගත හැකි ලෙස නිර්මාණය කර ගැනුම සඳහාය.
  • සිය පළාත් සභාව තුළ සම්මත කර ගැනෙනා අණ පනත් තුළින් මධ්‍යම ආණ්ඩුවේ පාලනයෙන් හැකිතාක් ස්වාධීන වීමට මෙම නව "උතුරු-නැගෙනහිර පළාත් ආණ්ඩුව" කටයුතු කරනු ඇත. ඊට අමතරව මධ්‍යම ආණ්ඩුව සමඟ එම ප්‍රදේශයන්හි පිහිටි ත්‍රිකුණාමල වරාය සහ තෙල් ටැංකි ආදී සම්පත් පිළිබඳව නොයෙකුත් ආකාරයේ ගැටුම් නිර්මාණය කර ගැනෙනු ඇත. මහවැලි ගඟේ ජලයෙහි අයිතිය පිළිබඳවද ගැටුම් නිර්මාණය වනු ඇත.
  • දැනටමත් පුළුල් ජාතික සංවාදයකින් තොරව කඳුකරයෙහි ආරම්භ කර ඇති නව ගම්මාන සහ නගර නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය මධ්‍යම පළාත උතුරු-නැගෙනහිර පළාත් හා එක්කර ගැනීමේ ප්‍රයත්නයක් හා ඒකාබද්ධ කෙරෙනු ඇත.
  • ජාති ඝානත චෝදනා පදනම ලෙස ගනිමින් ඒ වන විට එක් පළාත් සභාවක් වන උතුරු-නැගෙනහිර වෙනම රටක් බවට ප්‍රකාශ කරනු ඇත. මහජන ආරක්ෂක පනත අහෝසි කර තැබීමට රජය එකඟ වීම වැදගත් වන්නේ ජනපතිට ඊට එරෙහිව මැදිහත් වන්න යැයි ජනතා බලපෑමක් එල්ල වීම වැලැක්වීමටය. කිසිවෙකුට ඊට එරෙහිව කළ හැකි යමක් ඉතිරි නොකිරීමටය. එදා වර්ධරාජා පෙරුමාල්ට වූ බාධාව මෙදා විග්නේෂ්වරන්ට ඇති නොවන බවට බටහිරයන් වගබලාගෙන තිබේ. කොහොමටත් තම වුවමනාවන් ඉටුකරවා ගැනීම සඳහාම බටහිරයන් විසින් පත්කරගෙන ඇති ජනපති ඊට මැදිහත් නොවනු ඇත.
  • සිංහලයන් විසින්  1948 සිට දිගින් දිගටම ද්‍රවිඩයන් ජාති  ඝාතනය කරන ලදැයි දෙමුහුන් අධිකරණය තුළ තහවුරු කෙරෙන නිසා ඒ "අසාධාරණයට එරෙහිව" එල්.ටී.ටී.ඊ සංවිධානයේ සටන සාධාරණ "විමුක්ති සටනක්" යැයි අර්ථකතනය කෙරෙනු ඇත. ත්‍රස්ත මර්ධන පනත අහෝසි කිරීම නිසා නිදහස ලබන  එල්.ටී.ටී.ඊ  සාමාජිකයින් ඒ නව ආණ්ඩුව තුළ රණ විරුවන් බවට පරිවර්තනය වන්නේ අපගේ රණ විරුවන් අපරාධකරුවන් ලෙස චෝදනා ලැබ සිරගත වන අතරය. ඇතැම් විට එදා වර්ධරාජා පෙරුමාල් මෙන් මෙදා විග්නේෂ්වරන් විසින් පිහිටුවනු ලබන දෙමළ ඊළාම් හමුදාවේ සේවයට ඔවුන් බඳවා ගැනෙනු ඇත. ඒ වන විටත් 13 පූර්ණ වශයෙන් බලාත්මක වීමත් සමඟ පළාතේ මහ ඇමති වරයාගේ අණසකට නතුවන පාළාත් පොලිස් සේවයට මෙම  එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් බඳවා තිබෙනු ඇත.
  • එසේ ප්‍රකාශයට පත් කරන ලද වෙනම රටට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අපහසු නොවනු ඇත්තේ  ලංකා රාජ්‍යයේද පූර්ණ එකඟත්වය මත පිහිටවූ දෙමුහුම් අධිකරණයක් මඟින් ජාතිඝාතන චෝදනා තහවුරු කර තිබෙන තත්වයක් නිසාවෙනි. කිසියම් ජන කොට්ටාසයක් රජයක් අතින් ජාතිඝාතන ක්‍රියාවන්ට ලක් වන්නේ නම් හෝ ජන වර්ගයක් තුරන් කර දැමීමේ අභිමතාර්තයෙන් යුක්තව ක්‍රියා කෙරෙන්නේ නම් හෝ එම ජනතාවට එම රාජ්‍යය තුළ ආරක්ෂාවක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගනියි. ඒ අනුව තමන් ජීවත්වන උතුරු-නැගෙනහිර ප්‍රදේශ වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටීමේ හැකියාවක් විවර වනු ඇත. ඇමරිකාව ඇතුළු බටහිර බලවේග දින ගනිමින් සිටින්නේ එම දිනය එළැඹෙන තුරුය. 

සදාකාලිකව ලේ හලාගන්නා යුද බිමක් යළි කුමකටද? ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද?

  • දැයේ දුවා දරුවන් විසි හත්දසහක් ජීවිත පරිත්‍යාග කර බේරා ගත් අපගේ මවුබිම දෙකඩ වන තෙක් අප කුසීතව බලා සිටිනවාද? සදාකාලිකවම ලේ වගුරුවන ගැටුම් සහිත දෙරටක් බවට පත් කෙරුනු අඳුරු  යුගයක්ද ඒ අසීමිත වූ කැප කිරීමෙන් පසුවත් අප උරුම කර ගන්නේ?
  • මේ පුංචි යුතුකම ඔබ මඟහැර ගියොත් එහි වන්දිය පක්ෂ පාට ජාති භේදයකින් තොරව විඳින්නට සිදු වනු නියතය.
  • මේ මහා අනතුර ගැන දැනුවත් වන්න. ඔබේ මිතුරා, අසල්වැසියා දැනුවත් කරන්න. ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ, පූජකතුමා සමඟ සාකච්ඡා කරන්න. පක්ෂ පාට භේදයකින් තොරව ඔබ පත් කළ මහජන නියෝජිතයින් හමුවී මේ මහා පාප කර්මයට පාර්ලිමේන්තුව තුළදී කිසිදු අයුරකින් දායක වීමෙන් වැලකී සිටිය යුතු බව අවධාරණය කරන්න.

සම්බන්ධිත ලිපි:

[යුතුකම සංවාද කවය විසින් බෙදාහරින  "දේශය අනතුරේ..: ඔබ මේ ගැන දැනුවත් ද? " පත්‍රිකාවේ අවසන් කොටස ඇසුරෙන් ]
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
 (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. විමලසේන11/22/2015 11:49 PM

    අපගේ මව්බිම ඉතාම තීරණාත්මක කඩඉමකට ලඟා වී ඇත. අපරාධ යුධ අධිකරණය පිහිටුවහොත් එතනින් එහාට වැඩේ ආපසු හරවනවා බොරුය. සම්පූර්ණ ක්‍රියාදාමයට තව වසර 2ක් පමණ ගත වේ යයි සිතමි. නමුත් රට දෙකඩ වී ලේ විලක් බවට එම දෙරට පත්වනවාද නැත්ද යන්න තව මාස දෙක තුනක් ඇතුළත මෙම විශේෂ අධිකරණය පිහිටුවීමට හැකියාව ලැබේද නැත්ද යන්න මත තීරණය වේ.

    ReplyDelete
  2. Please create a FB page YouTube channel and link these all articles/ audios/videos together. Please do that for the sake of our mother Lanka

    ReplyDelete
  3. කමක් නැ මහින්ද පැරදුනානේ........

    අනේ අම්මප දැන් කොළඹ රස්සාව කරන්නත් බයයි. ගමේ යන්න හිතෙනවා.. කොයි වෙලේ පුපුරයිද දන්නෙ නනේ.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions