
ජිනීවා - නිව්යෝක් පටලවා ජනතාව ගොනාට අන්දන යහපාලන ඇම්බැට්ටයන්ගේ දීන පාවාදීම පිලිබඳ මොහාන් සමරනායක මහතාගේ විවරණය.
වෙනම රාජ්‍යක් සඳහා දශක කිහිපයක් තිස්සේ බෙදුම්වාදීන් ගෙන ආ පියවර දැන් ඔවුන්ට ජයග්‍රහණය ලැබෙන ඉම දක්වා පැමිණ ඇතැයි ද , ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන් සම්පූර්ණ අතුගා දැමීමේ මෙහෙයුම බටහිර රටවල අභිප්‍රායන්ට අනුව නතර නොකිරීම නිසා හිටපු රාජ්‍ය නායකයාට සහ ත්‍රිවිද හමුදාවට එරෙහිව යුධ අපරාධ චෝදනා නගා පළිගැනීමේ ක්‍රියාවලියක නිතරව ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.
යුතුකම සංවාද කවයේ සංවිධානත්වයෙන් පසුගියදා ගම්පහ සණස ශාලාවේදී පැවැත්වූ " බිල්ලො ඇවිත් " සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් පවත්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සැසිය ඇමතීමට ඇමරිකාවට ගොස් පැමිණෙද්දී "ජිනීවා දිනා එන අපේ ජනාධිපතිතුමාට ආචාරය" පුද කරමින් මෙරට ලයිට් කණුවක් ගානේ කටවුට් ගැසුවේ ආණ්ඩුවේ බලධාරීන්ට ජිනීවා - නිව්යෝක් පැටලුණු නිසා නොවන බවත් ඒ ජිනීවා පාවාදීම ජනතාවගෙන් වසන් කිරීමේ උත්සාහයක් බවත් ඔහු පෙන්වා දෙයි.
ලෝකය පුරා බටහිර ජාතීන් සිදුකරමින් තිබෙන මානව හිමිකම් අහිමි කිරීමේ දුෂ්ඨ ක්‍රියාකාරකම් පිළිබඳ නෑසූකන්ව සිටින මානව හිමිකම් කොමිෂම් ලංකාව පසුපස පන්නන්නේ ඉන්දියන් සාගරයේ අතිශය වැදගත් සංධිස්ථානයක පිහිටවා තිබෙන ශ්‍රී ලංකාව තමන්ගේ භූ දේශපාලන අභිලාෂයන්ට යටත් කර තමන්ට හීළෑ රටක් බවට පත් කිරගැනීමට බවද මොහාන් සමරනායක මහතා ජාත්‍යන්තර සාධක සහිතව පෙන්වා දෙයි. තමන්ට හීළෑ කරගැනීමට නම් මෙරට අස්ථාවර බෙදුණු රටක් ලෙස පැවතීම ඔවුන්ට අවශ්‍ය හෙයින් නිවට දීන ආණ්ඩුවක් ඇටවීමට ඔවුන්ගේ සහයෝගය ලැබුණු බවත් ලෝකයේ තමන්ගේ රටට එරෙහිව කටයුතු කරන අරුම පුදුම දීන ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුව බවද , 1815 උඩරට ගිවිසුම පවා පරදවන දීන පාවාදීමකට කටයුතු කළ මේ ආණ්ඩුව තමන්ගේ බල ලෝභය උදෙසා රට ඉතිහාසයේ පත් කර ඇති අඳුරුතම ව්‍යසනය වෙත යොමු කර ඇතැයිද පෙන්වා දෙයි.
ඒ පිළිබඳ පැහැදිලි කරන මොහාන් සමනායක මහතා " මේ රට ඇතුලේ ස්වෛරී ආණ්ඩුවක් තිබුණොත් , නිවහල් ආණ්ඩුවක් තිබුනොත් බටහිරයන්ට මේ රට ඔවුන්ට අවශ්‍ය පරිදි පාවිච්චි කරන්න බෑ.ඒ නිසා තමයි ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන් කියන දේ එහෙයි කියල ඉටු කරන නිවට පාලකයො ඉන්න ආණ්ඩුවක්. ඔවුන් එහෙම ආණ්ඩුවක් ගෙනාවා.ඒ ආණ්ඩුව තමන්ගේ සුවච කිකරු භාවය ප්‍රදර්ශනය කළා පසුගිය ජිනීවා සමුළුවෙදි. රටට විරුද්ධව ගෙන ආ දුෂ්ඨ යෝජනාවකට සම අනුග්‍රහය දැක්වීමෙන්.දොන් ජුවන් ධර්මපාල වගේ පාලකයො ලෝකයේ ඕන තරම් හිටිය සතුරන්ගෙන් තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන නිසා රටවල් පාවා දීපු.නමුත් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී තමන්ගේ රටට එරෙහිව යෝජනාවක් සම්මත කරපු කිසිම රටක් ලෝක ඉතිහාසයේ නෑ.මේක තමයි ඒ ද්‍රෝහී පාවාදීම කරපු එකම දුෂ්ඨ ආණ්ඩුව."
මොහාන් සමරනායක මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය මෙතනින් >>
සටහන : යටියන ප්‍රදීප් කුමාර
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .