වීදියට බැස සිය අයිතිවාසිකම් ඉල්ලන සිසුනට, පොලිසියෙන් කඳ, බඩ සහ හිස පුරා කෑමට ලැබුණු බැටන් ප්‍රහාරය ගැන සුවිශාල අනුකම්පාවක් සමාජයෙන් ලැබී තිබෙන බව පෙනී යයි. පොලීසියේ මෑත කාලීන ක්‍රියා කලාපය ද සමාජයට, එය කෙරෙහි ඔක්‌කාරය ජනිත කර තිබීම නිසා, ශිෂ්‍ය අරගලයට ලැබුණු අනුකම්පාව තවත් ඉහළ ගියේය. එක දිගට ගුටි කෑම නිසා වැටුණු, සිසුවියගේ හිස මතට පොලිස් නිලධාරියකු විසින් එල්ල කළ බැටන් පහර මාධ්‍ය මගින් ප්‍රචාරය වීම මගින් ශිෂ්‍යයන්ට අනුකම්පාව ලැබෙන දිසාවට තත්ත්වය තව තවත් තල්ලු වී ගියේය. එක් අතකින් මෙවැනි මර්දනීය තත්ත්වයන් පිළිබඳව සමාජය සැලකිල්ල යොමු කර තිබීම වැදගත්ය. හදවත පතුලේ මානව හිමිකම් කොටා ගත්තාසේ අද හැසිරෙන සමහරු, '87 - '89 කාලයේදී, ඉගෙන ගන්නා ඔලූවලට ඇණ පහර සහ එහි කඳ මුලට ටයර් මාල දමා සතුටු වූ ආකාරය දෙස බලන විට, මේ ආරම්භයක් පමණක් දැයි සැක සිතෙන්නට ද බැරිය.
එහෙත් සියලු වගකීම් පොලීසිය පිට පමණක් දමා සෑහීමට පත්වීමට සිතන්නේ නම්, එතන ද ප්‍රශ්නයක් පවතින බව සිහි තබා ගත යුතුය.
උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමාව සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය පහසුවෙන් විසඳිය හැක්‌කක් නොවේ. එය බරපතළ ගණයේ අධ්‍යාපන ප්‍රශ්නයක් නොව පරිපාලන සහ ගණකාධිකාරී ක්‍ෂේත්‍රය සම්බන්ධ බරපතළ ගැටලුවකි. ප්‍රථමයෙන්ම බලන විට පෙනී යන්නේ, උසස් ඩිප්ලෝමාවක් සඳහා උපාධියකට සමාන පිළිගැනීමක් ලබාදෙන්නේ කෙසේද යන්නය. මෙය කාලයෙන් කාලයට මතුව එන අර්බුදයක් පමණක් නොව, එක් කාලයකදී උපාධියට සමාන පිළිගැනීම ලබා දෙන සහ තව කාලයකට එම පිළිගැනීම අහෝසි කරන ආදී ලෙස විවිධාකාරයේ පිළිතුරු ලැබෙන සටනකි.
අයිතීන් ඉල්ලා හඩ නැගීමට තිබෙන අයිතිය සමාජයේ පැවැත්මට අත්‍යාවශඨ වන්නාසේම, එය ලබා ගැනීම සඳහා තිබෙන මාර්ගය ද අයිතීන් ඉල්ලන්නන් විසින් පැහැදිලිව දත යුතුය. ශිෂ්‍ය අයිතීන් යන වචනය ඇසෙන විටම එය අතිශය රසවත් මස් වැදැල්ලක් සේ ගෙන ඒවා බුදිමින් තම දේශපාලන බඩ සාය නිවා ගන්නට පියඹා එන ගිජු ලිහිණියන් පිරිසට මෙවැනි ප්‍රශ්න රසවත්ය. ප්‍රධාන මාවත් වැසෙන සේ තද බද වේලාව බලා පාරට සිසුන් බැස්‌සවීම ඔවුන්ගේ මාසික දේශපාලනික ක්‍රියාවලියේ කොටසකි. සමස්‌තය දෙස බලා ප්‍රශ්නය ගැන කතා කිරීම පැත්තක තබා සිය ආහාරය වූ අර්බුදය නඩත්තු කිරීම මෙම දේශපාලන ව්‍යාපාරයේ ගතිකයය. මීට පෙර කාලයේදී මෙහි තනි අයිතිය ජවිපෙට ලැබී තිබුණත්, පෙරටුගාමී කණ්‌ඩායම ජවිපෙන් කැඩී වෙනම පක්‌ෂයක් ලෙස බිහිවීමත් සමග එයට ද මෙහි අයිතියක් හිමි විය. ශිෂ්‍ය අරගලය නම් ඉහඳ දේශපාලන පිටියේ, විටින් විට නොතබන්නේ නම් මෙම ව්‍යාපාරයන්ගේ පැවැත්ම මීටත් වඩා අසීරුවන්නට ඉඩ තිබුණි.
ශිෂ්‍යයන් සිය සීමාව ඉක්‌මවා ගොස් ඉල්ලීම් දිනා ගන්නට යැම විසින් නිර්මාණය කර ඇත්තේ ඔවුන් විසඳන ලෙස ඉල්ලන ප්‍රශ්නයටත් වඩා බරපතළ ප්‍රශ්නය උද්ගත වීමය. උසස් අධ්‍යාපනය සඳහා තිබෙන ගැහැට විස¹ ගැනීම සඳහා සරසවි ශිෂ්‍යයන් එළඹී ඇති සටන් මාවත විසින් සමාජයට ගොස් ඇති පණිවිඩය බරපතලය. පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට එරෙහිව සිදු කරනා විදි සටන් මගින් මධ්‍යම පන්තිය එළඹී ඇති තීරණය නම්, පවතින රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය අකාර්යක්‌ෂම, වර්ජන සහ උද්ඝෝෂණ සදහා කාලය නාස්‌ති කරන යාන්ත්‍රණයක් ලෙසය. මේ නිසා සිය දරුවා, විදේශීය හෝ මෙරට පුද්ගලික විශ්වවිද්‍යාලයක් වෙත යොමු කරවීම ඔවුනගේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. මෙවැනි ලෙස තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා වන අරගලකාරී උත්සාහය මගින් සමාජයට ලබා දෙන පණිවිඩය තේරුම් ගැනීම ද සිසුන්ගේ පැත්තෙන් සිතා බැලිය යුතුය. ශිෂ්‍ය පෙළපාලි එක දිගට ආ පළියට එහි සියලු දෙනා හමුවී සාකච්ඡා පවත්වන්නට, ප්‍රජාතන්ත්‍රවාදය උතුරා යන දේශයක වුවත් පාලකයන්ට හැකියාවක් නැත. එසේම ප්‍රශ්නයක් රැගෙන ආ සැනින් එය විසඳීම ද පහසු නැත. පාලකයන් සියලු දෙනාම පාහේ මෙවැනි තරුණ කණ්‌ඩායම හරි ප්‍රශ්න විස¹ ජනප්‍රිය වීමට කැමතිය. ඒවා ඇදි ඇදී යැමට හේතුව වන්නේ, ශිෂ්‍යයන් ඉල්ලීම ඉටු කරන විට, වෙනත් පාර්ශවයක් එයින් තමනට වන අසාධාරණය කියාගෙන වීදි බැසීමය. එන්.ඩී.ටී. පාඨමාලාව සහ මොරටුව විශ්ව විද්‍යාලය අතර පැවතියේ එවැනි තත්ත්වයකි.
අනෙක් අතට නිට්‌ශේ කියූ ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළ හැක්‌කේ අනෙකාගේ නහයට තම අත නොගෑවෙන පරිදිය. සරසවි ශිෂ්‍යයන් තම උද්ඝෝෂණ භුමිය ලෙස තෝරා ගන්නේ කොළඹ සහ ඒ අවට තද බද පිරි මංමාවත්ය. ඒවා දෛනිකව යන එන වාහන සඳහා ද ප්‍රමාණවත් නැත. පසුගියදා ප්‍රහාරයට ලක්‌වූ සිසුන් විසින් සිය උද්ඝෝෂණ භුමිය ලෙස තෝරා ගෙන තිබුණේ, වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කාර්යාලය වෙත යැමය. එය රෝහල් චතුරශ්‍රය පවතින ප්‍රදේශයය. හදිසි අනතුරු අංශය වැනි ඉක්‌මනින් පිවිසිය යුතු ආයතන ඒ ආසන්නයේ පිහිටා තිබේ. උද්ඝෝෂකයන් සිය ඉල්ලීම් දිනා ගැනීමට යන අතරේ තව තිදෙනකුගේ අයිතිවාසිකම් ඒ සඳහා බලහත්කාරයෙන් යට පත් කර තිබෙනවා ඇද්ද, යන්න ගැන ඒ පසුබිම විමසා දැන ගත හැකිය. ශිෂ්‍යයන් විසින් කලක් තිස්‌සේ අන් සියලූ ආකාරයෙන් විරෝධතා දක්‌වා අවසානයේ පාරට බැස්‌සා වුවත් එයින් පීඩාවට ලක්‌වන ප්‍රමාණය සුළු පටු නැත. එයින් බොහෝ දෙනකුට මේ ප්‍රශ්නයේ අදාළතාවයක් ද නොතිබෙනා ඇත. එසේ නම් ඒ සඳහා තිබෙන නියාමනය කුමක්‌ද...?
අමානුෂික ආකාරය දක්‌වා දුර දිග යන්නේ, මේ සඳහා යොදන පොලිස් පිළියමය. රාජපක්‌ෂ ආණ්‌ඩුවේ මුල් කාලයේදී, ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණ සඳහා සානුකම්පිතව බලන ආකාරයක් තිබුණි. එහි අවසානය වූයේ අරලියගහ මන්දිරය දක්‌වාම ශිෂ්‍යයන් පෙළපාලි ගත වී පැමිණීමය. වෙනකක් තබා ත්‍රස්‌තවාදය සමග දැවැන්ත සටනක් සිදුවන කාලයේදී, ආරක්‌ෂක මණ්‌ඩල රැස්‌වීම පැවැත්වෙන අවස්‌ථාවල පවා අරලියගහ මන්දිරය වට කර ශිෂ්‍යයන් උද්ඝෝෂණ කිරීමෙන් හමුදා ප්‍රධානීන්ට ඒ සඳහා නියමිත වේලාවට සහභාගි වන්නට නොහැකි තත්ත්වයන් පවා උදා විය. පෙළපාලියක ද නිමාවක් තිබිය යුතුය. මේ වන විට බොහෝ ශිෂ්‍ය පෙළපාලි සිය නිමවා ඉල්ලා සිටින්නේ, පොලිස් ප්‍රහාරයකිනි. සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා යන ශිෂ්‍යයන්ට එය වේදනාත්මක වූවත් සිය දේශපාලන අරමුණ සඳහා ශිෂ්‍යයන් භාවිත කරන්නට එයට වඩා සනීපයක් නැත. පසුදා සිට තමන්ගේ සංදර්ශනය පෙන්විය හැක්‌කේ එවැනි ශිෂ්‍යයාය - පොලිස් ගැටුමකින් බව ඔවුන් හොඳටම දනී. පෙළපාලියක මුල් අවස්‌ථාවේදී පොලිසිය විසින් පොලූ අතට ගන්නේ නැත. දැනුම් දිම්, බාධක, වතුර ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර ආදිය යොදවා එයින්ද පෙළපාලිය නොනවත්වන්නේ නම් පොලීසිය ඊළඟ පියවර අතට ගනී. එසේ නොකර පෙළපාලිකරුවන් සීමාව ඉක්‌මවා ගියහොත් එහි වගකීම ඇත්තේ ද පොලිසියටය. ප්‍රජාතන්ත්‍රවාදය භුක්‌ති විඳ එය පැසිස්‌ට්‌වාදී මාවතක් දක්‌වා දිවෙන්නේ ඒ නිසාය.
ප්‍රජාතන්ත්‍රවාදිව බලන විට පෙළපාලි යැම අයිතියකි. එම අයිතිය බැටන් ප්‍රහාර යොදා මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව යැමකි. නමුත්
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා ගැනීම සඳහා ද සීමාවන් පවතී. ඒ සඳහා පැසිස්‌ට්‌වාදී ආකාරයෙන් එළඹෙන විට ලැබෙන ප්‍රතිචාරය ද එවැනිමය. පොලිසියෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තුවීමට තමන් ප්‍රජාතන්ත්‍රවාදී දැයි ශිෂ්‍යයන් කල්පනා කර බැලිය යුතුය.
උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමාව හදාරන සිසුන්ගේ පෙළපාලියට එල්ල වූ පොලිස් ප්‍රහාරයේ තරම මැන බැලිය යුත්තේ මේ පසුබිම ද සැලකිල්ලට ගෙනය. කෙසේ වෙතත් පොලීසිය පිට දමා මෙයින් ගැලවී යැමට හංස රෙජීමයට නම් අවකාශයක් නැත්තේමය. රාජපක්‌ෂ ආණ්‌ඩු කාලයේදී, ශිෂ්‍ය පෙළපාලිවලට පහර දෙන විට තමන් බලයට පත් වුවහොත් එවැනි මර්දන නොකරන බවට සපථ කරමින් බලයට පැමිණි ඔවුන්, මේ කරන්නේ කුමක්‌ද...? 'පෙළපාලි එන්නට පෙර අපි ප්‍රශ්න විසඳනවා...' යෑයි එදා කෑ මොර දුන් මේ පිරිස අද බැටන් පොලු, සිසුවියන්ගේ හිස මත, බාවා ඉටු කරනු ඇත්තේ ඒ පොරොන්දුව ඉටු කිරීමද...?
ජවිපෙ විසින් මෙම පොලිස් ප්‍රහාරය හෙළා දුටුවේය. රටම පොලිස් රාජ්‍යයක් වී, විරුද්ධවාදීන් හිතු මතේ පොලිසි ගානේ, උසාවි ගානේ ගෙන යන විට ඒ ගැන 'තව මදි..' යෑයි හඬ නගන ජවිපෙම බැටන් ප්‍රහාරය ඊට වඩා බරට ගෙන ඇත්තේ, තමනට අවශ්‍ය ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය, අර්ථකථනය කිරීමේ අයිතියක් ඔවුන් සතුව තිබෙන නිසා වන්නට බැරිය.
-මනෝඡ් අබයදීර

[දිවයින]
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .