11/07/2015

චීන සහයෝගය අහිමි කළ අඳබාල මෙගා ටෙලි දේශපාලනය..

කතෘ:යුතුකම     11/07/2015   No comments

'පහුගිය දේවල් සේරම අමතක කරලා, අපට උදව් කරන්න කියලා, අපි චීනෙන් ඉල්ලා සිටිනවා'. රවි කරුණානායක/South China Morning Post/18.10.2015

මෙවර ඉදිරිපත් කිරීමට නියමිත අයවැය, මෙරට දේශපාලන ඉතිහාසයේ අති දුෂ්කරම අයවැය වන බව, ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබේ. එසේම, ඉදිරි අයවැයෙන් අධික බදු පැනවීමට සූදානම් කෙරෙන බවත්, ආරංචි මාර්ග පවසයි.

2010දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 36%ක් වූ විදේශ අයවැය, 2013දී 65%ක් වී තිබිණි. මේ වසර අවසානය වන විට එය 94%ක් වීමට නියමිත ය‍.

රාජපක්ෂ පාලනයේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති චීන ආධාර යටතේ සිදු කෙරුණු බව ප්‍රකට ය. එයින් වඩාත් ගොඩ නැගුණේ යටිතල සංවර්ධන කටයුතු ය. පසුව එයම ඔවුන්‍ ගේ බලය අහිමි වීමට හේතු වූයේ, 'රාජපක්ෂ පාලනය අන්ත දූෂිත පාලනයක් ලෙස' විරුද්ධ පාක්ෂිකයන් විසින් හංවඩු ගසන ලද නිසා ය. එයට පක්ෂ ව, රාජපක්ෂ පාලනයේ බොහෝ ප්‍රබල තනතුරු දැරූ පුද්ගලයෝ ද, කරුණු කීහ.

දැන්, රාජපක්ෂ පාලනය පෙරළා දමා වසරක් සපිරෙන්නට ආසන්න ය. අලුත් ආණ්ඩුවේ අමණකම වූයේ, පොදු ජනතාව ගොනාට ඇන්දවීම සඳහා, කතන්දර කියමින් කල් මැරීම ය. එයින් සිදු වූ එක් බලවත් හානියක් නම්, චීන රජයේ හොඳහිත පඵදු වීම ය. ඒ සමඟම ඔවුන් ගේ සංවර්ධන ව්‍යාපෘති ද නතර කෙරිණි.

දැන්, රනිල්-මෛත්‍රී ආණ්ඩුව අමාරුවේ වැටී තිබෙන බව පෙනේ. නිසි මූල්‍ය සැලසුමකින් තොර ව, හුදෙක් 'කතන්දර මාමාලා' බවට පමණක් පත් වූ වර්තමාන නායකයන් දැමූ සද්ද, දැන් හිස් කෝම්බ බවට පත් වෙමින් තිබෙනු දැකිය හැකි ය. කුරුණෑගලට රැගෙන එන බව කියමින්, අත්සන් තැබූවා යයි පැවසුණු වොක්ස්වැගන් ව්‍යාපෘතිය, තවමත් නැත. ඒ, එක් නිදර්ශනයක් පමණි.

රාජපක්ෂ පාලනයේ දූෂණ සහ වංචා තිබෙන බව පෙන්වා දිය යුතු වූයේ ඡන්ද ගරානයට නොවේ. රාජ්‍ය සකස් කිරීමට ය. පිස්කල් ප්‍රතිපත්තිය එයින් ප්‍රධාන ය. වර්තමාන ආණ්ඩුව නො කළේත්, නො කරන්නේත් එයම ය.

ඒ වෙනුවට ඔවුහු, බටහිර මර උගුලක පැටලී සිටිති. බලයට සහ තනතුරුවලට තිබුණු අධික කෑදරකම නිසා, විවිධ තානාපති කාර්යාල සහ NGO දුන් ලනු කෑ වර්තමාන පාලකයෝ, රට හදන දේශපාලනය වෙනුවට අඳබාල 'මෙගා ටෙලි දේශපාලනය' තෝරා ගත් හ. ඒ සඳහා විවිධ මාධ්‍ය සංදර්ශන තබමින් සියලුම ටෙලිවිෂන් නාලිකාවල ගුවන් පැය හැකි තරම් කාබාසිනියා කළ හ. පුහු වීරකම් පෑම, ඔවුන් ගේ විනෝදාංශය වී තිබිණි.

එහෙත් කල්යත්, කල්යත් ම බටහිර රටවල්, චීනය විරසක කරවීමට කටයුතු කළා මිස, මෙරටට ලබා දුන් ඉටි ගෙඩියක්නැති බව පැහැදිලි වෙමින් තිබේ. එයට දඩමීමා කර ගැනුණේ 'දෙමල අරගලය' නමින් ප්‍රචලිත ව තිබෙන, කෘත්‍රිම අර්බුදය පශ්චාත් යුද සමයෙන් පසු බෙදුම්වාදය දක්වා යළිත් උත්සන්න කිරීමෙනි. 
අද, සියල්ලේ යථාර්ථය ඉස්මතු වෙමින් තිබේ.
චීනය, පෙනුනාට වඩා ලොකු වෙමින් පෙනෙන්නේ ඒ නිසා ය.
 
- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions