11/28/2015

විරුවන් සැමරීමේ විමුක්තිදායක මානසිකත්වය අධිරාජ්‍යවාදීන්ගේ මනදොළ සපුරයි ?

කතෘ:යුතුකම     11/28/2015   No comments

නොවැම්බරය යනු ශ්‍රී ලංකා දේශපාලනයට වැදගත් විරු සැමරුම් දෙකකට පාදක මාසයයි.

විරුවන් සැමරීමේ අර්ථයෙන්, මියගිය හෝ මරාදැමුණු කිසිවෙකුත් ස්මරණයට මම විරුද්ධ නොවෙමි. ඒ තත්ත්වයට පත් වූ මනුෂ්‍ය යෙක් නොව තිරිසන් සත්ත්වයෙකු වුව ස්මරණය කිරීමේ වරදක් මම නොදකිමි. එය ඕනෑම සත්ත්වයෙකුගේ හැකියාවයි. තම පරපුරේ හෝ තමන් හිතෛෂී වූ හෝ එකෙකුගේ වියෝව හමුවේ තැවෙන, වැළපෙන මනුෂ්‍යයින් පමණක් නොව සත්ත්වයින් පවා අපි දැක ඇත්තෙමු. ඒ මගින් ලොවට පෙන්නුම් කරන්නේ ඔවුනොවුන්ගේ සන්තානයයි. මේ අරුතින් ගත් කළ, තම මනසේ යම් ඉඩකට හිමිකම් කියූවෙකු ගේ වියෝව ස්මරණයෙ හි වරදක් නැත. ඊට අවමන් නො කළ යුතු ය. අවහිර නොකළ යුතු ය.

මේ සියල්ල කැටි වන්නේ කුමන භාෂා ව්‍යවහාරයක වුව එකම වදනක් තුළ ය. එය නම් දේශපාලනය යි. දේශපාලනය යන වදනින් තොරව ආහාරයක් ගැනවත් සාකච්ඡාවට බඳුන් කිරීමේ හැකියාවක් නැත. මෙය තවත් කෙටියෙන් පවසන්නේ නම්, දේශපාලනයෙන් තොරව ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේවත් හැකියාවක් නැත.

දේශපාලනය යනු ස්මරණයන්ගෙන් පිරුණු අධ්‍යයන සමූහයකි. එම අධ්‍යයනයන් අනන්තය. ගෙවෙන සෑම තත්පරයක්ම හෙවත් අතීතයට එක්වන්නේ දේශපාලනික නිමේෂයන් ය. ස්මරණයන් ද දේශපාලනික බව දැන් පැහැදිලි ය. වෙනත් වචනවලින් දක්වතොත්, “...ඉතිහාසය මහාර්ඝවනුයේ දේශපාලන විද්‍යාව නිසා ය... ” එමෙන්ම, දේශපාලනයෙන් ඇති සම්බන්ධයෙන් ඉවත් වු වහාම ඉතිහාසය නීරස සාහිත්‍යයක් වන බව හා දේශපාලනය ඉතිහාසය මගින් ඔප් නොනැංවූ කල ග්‍රාම්‍ය ස්වරූපයක් ගන්නා බව ද කියා තිබේ.

ස්මරණය ද අතීතයෙන් උකහා ගන්නා දේශපාලනික ක්‍රියාවකි. ස්මරණය සුබවාදී දේ කෙරෙහි මෙන්ම අසුබවාදී දේ කෙරෙහිද විය හැකිව තිබේ. උදාහරණයක් ලෙස යුද ස්මරණ හැඳින්විය හැක. යුද්ධය යන වදනම අමිහිරිය. යුද්ධය බිහිසුණු ය. යුද මතකයන් වුව අමිහිරි ය. සුන්දර යුද්ධ ලොව කෙතැනකවත් තිබිය නොහැක.

මෙය යම් සමාජ ස්ථරයක අගැයීමට ලක්වන විටම දෝෂාරෝපණයට බඳුන් වන්නේ නම් එය විමසුමට ලක් කළ යුතු කරුණකි. මේ විමසුම කෙබඳු විය යුතු ද ? එයම පැනකි.

මිනිසාගේ හැසිරීමේ හොඳ-නරක හා මිනිසා ක්‍රියා කරන්නේ කවර පරමාර්ථයෙන් ද යන්න පිළිබඳවත් විමසුමට ලක් කෙරෙන විද්‍යාත්මක පසුබිමක් වෙයි. මෙය අතීතයේ දී හැඳින්වූයේ ආචාර විද්‍යාව ලෙස ය. සදාචාරාත්මකව කටයුතු කිරීමට කෙනෙකු බැඳෙන්නේ කුමක් මත පිහිටා ද ? නිවැරදි ක්‍රියාව යන්නෙන් අප අදහස් කරන්නේ කුමක්ද ? වැරදි ක්‍රියාවක් හා නිවැරදි ක්‍රියාවක් හඳුනාගන්නේ කෙසේ ද ? ආචාර විද්‍යාව පිළිතුරු සපයන ප්‍රශ්න සමහරකි.

දේශපාලන චින්තකයන් ට අනුව රාජ්‍ය යේ අරමුණ සදාචාරාත්මක වටිනාකමින් යුක්ත විය යුතු ය. ඇරිස්ටෝටල්ට අනුව, ජීවිතය නිසා රාජ්‍යය ඇතිවන අතර, එය රඳා පවතින්නේ යහපත් ජීවිතය සඳහා ය. මෙය පවත්වා ගැනීමට නම්, රාජ්‍යය ප්‍රගතිගාමී ලෙස මිනිසාගේ මුලික අයිතිවාසිකම් පිළිගෙන ආරක්ෂා කළ යුතුය. යම් හෙයකින් රාජ්‍යය පුද්ගලයා සතු මෙම මූලික අයිතිවාසිකම් පිළිනොගන්නේ නම් පුද්ගලයාට රාජ්‍ය සහයෝගීතා වර්ජනය කිරීමට හෝ රාජ්‍යයට විරුද්ධව නැගීසිටීමට හෝ සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ සමාජය තුල රාජ්‍යයට විරුද්ධව නැගී සිටි අවස්ථා ගණනාවක් ලිඛිත ඉතිහාසයෙහි වෙයි. ස්වදේශීය බල අධිකාරයේ පංගුකාරීත්වය උදෙසා මෙන්ම, විදෙස් ආධිපත්‍යයට හෙවත් අධිරාජ්‍යවාදයට එරෙහිවද ඈත අතීතයේ ශ්‍රී ලංකාව තුල අරගල තිබී ඇත. යටත්විජිතවාදයට එරෙහි අරගලය සුහද බෙදාහදා ගැනීමකින් කෙළවර වූ බවක් සංකේතවත් කරන දිනය වන්නේ 1948 පබරවාරි 04 වන දින යි. එහෙත් එහි නෛතික බැඳීම් තව දුරටත් පැවැති හෙයින් එය අහෝසි කිරීමට වෙර දැරූ ව්‍යවස්ථාමය සැකිල්ලක් ක්‍රියාත්මක වන්නේ 1972 මැයි මස 22 වන දින සිට ය.

සෑම පසෙකින්ම මුහුදෙන් වට වට වූ දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වීමට නම් දියුණු ලොව සම්බන්ධතා නිසි කළමනාකරණයකට ලක්කර ගත යුතු වෙයි. කාර්මික විප්ලවයෙන් අනතුරුව, තාක්ෂණික හා විශ්ව කේන්ද්‍රීය විප්ලවය ලොව සන්නිවේදනයේ දැවැන්ත විපර්යාස අත්පත් කර ගන්නට වීය. එහෙත් ඊට පිය තබන්නට පෙර සිටම ශ්‍රී ලාංකේය සමාජයේ දේශපාලනික කණ්ඩායම් සන්නද්ධ අරගල මාවතට පිළිපන්හ. 1953 හර්තාලය ගොඩින් බේරාගැනීමට සමත් වුව ද, 1971 දී ජනතා විමුක්ති පෙරමුණේ සන්නනද්ධ කැරැල්ල, වෙස්ට්මිනිස්ටර් පාලන ක්‍රමයේ ජනප්‍රිය ආණ්ඩුවකට එල්ල කළ අතුල් පහරක් ලෙස නවමු අද්දැකීම් ගෙන ආවේ ය. ඉන් අනතුරුව සෑම අප්‍රේල් 05 වන දිනක්ම ජනතා විමුක්ති පෙරමුණ අප්‍රේල් විරුවන් සැමරුමට සූදානම් වන දිනයක් ලෙසට පත් වීය. ඔවුන්ට අනුව රාජ්‍යයට එරෙහි සටනේ දී මළ තම සාමාජිකත්වය වීරත්වයෙහි ළා සලකති.

උතුරේ සන්නද්ධ නැගිටීමේ සංඛේතාත්මක ආරම්භයක් ලෙස දැක්විය හැකි, යාපනයේ හිටපු නගරාධිපති ඇල්‍ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය සිදුවන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලෙන් වසරක් ගිය විටය. එය පසුකාලිනව වර්ධනය වන්නේ ජවිපෙ සන්නද්ධ අරගලයේ අරමුණුවලට වඩා හාත්පසින්ම වෙනස් අරමුණු මුල් කර ගෙනය. හුදෙක් එය ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍ය සංකල්පයක් ලෙස ලොව හමුවේම ප්‍රකට වීය. ප්‍රභාකරන්ගේ දෙමළ ඊළාම් කොටි සංවිධානයේ මුඛ්‍ය අරමුණ වෙනම රාජ්‍යයක්ම වීය. ඒ වෙනුවෙන් ඔවුනට පක්ෂව වූ විදෙස් මැදිහත්වීම් අපමණ ය. එය ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් වසර හයක් ඉක්ම ගිය අද (2015 නොවැම්බර්) දක්වාම පැහැදිලි ක්‍රියාන්විතයකි. මේ තත්ත්වයද විද්‍යාත්මක දේශපාලනයෙන් උගනිමු.

“...ඇරිස්ටෝටල් දක්වන පරිදි පැළෑටි, සත්ත්වයින්, උපකරණ ආදියට මෙන්ම රාජ්‍යයන්ට ද ඒවායේ ප්‍රමාණය පිළිබඳව සීමාවක් තිබිය යුතු ය. ඒවා කිසිවක් අතිශයින් කුඩා වූ කල් හි හෝ අතිශයින් විශාල වූ කල් හි ස්වභාවික බලය රඳාගත නොහැකි වීම නිසා ඒවායේ නැතිවීමක් හෝ කැළැල්වීමක් සිදුවෙයි. නිදසුනක් ලෙස, බඹයක දිගකින් යුතු යාත්‍රාවක් නැවක් ලෙස නොගත යුත්තේ ය. සැතපුම් කාලක් දිග නැවක් ද එසේම ය. එහෙත් යම්කිසි ප්‍රමාණයක දිග් වූ හෝ කුඩා වූ නැව් තිබිය හැක. ඒවා යාත්‍රා කිරීමද නුසුදුසු ය.

එමෙන්ම රාජ්‍යයක් බොහෝ කුඩා වුවහොත් එහි රාජ්‍යයකට අවශ්‍ය ගුණාංගයක් වන ස්වයංපෝෂිත බවක් ඇතිවිය නො හැක. බොහෝ විශාල සංඛ්‍යාවකින් යුතු කල් හි ද ස්වයංපෝෂිත වුවත් පාලනයේ දුෂ්කරතා ඇතිවිය හැක. රාජ්‍යය කුඩා වුවහොත් ආරක්ෂා රහිත ය. එවන් රාජ්‍ය බලවත් යැයි සලකන රාජ්‍යයන්ගේ ගොදුරු වීමේ තර්ජනයෙන් පෙළෙනු ඇත....”

දියුණුවෙමින් පවතින ආසියානු කලාපයේ මර්මස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවට මේ න්‍යායාත්මක පැහැදිලි කිරීම මනාව ගැලපෙන බව දැන් සුපැහැදිලිය. කුඩා දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව බෙදුම්වාදය පරාජයට පත් කළ යුත්තේ එ බැවිනි. මේ ආකාරයට බෙදුම්වාදය පැහැදිලි කරගන්නවා මිස දමිළ විමුක්ති අරගලයේ කොටසක් හෝ එයම ලෙස විග්‍රහ කර ගැනීම අනුවණ කමකි.

රාජ්‍යයක් තුළ පවත්නා විවිධ ප්‍රවණතා දඩමීමා කර ගනිමින් යම් රටක් යටත් කරගන්නට ඊට වඩා බලවත් රාජ්‍යයන් පොර බදිති. අනාදිමත් කාලයක එය සිදු වූ සේම, දැනුදු ලොව පුරා එය සිදුවෙමින් පවතී. ප්‍රමාණයෙන් කුඩා වුවද ආර්ථික, සමාජයීය දේශපාලන ස්ථාවරයක් ඇති රාජ්‍ය පහසුවෙන් යටත් කරගැනීමට බලවත් රාජ්‍යයන්ට නො හැකි වූ අවස්ථාද පවතී. කියුබාව ඊට උදාහරණයකි. ඒ සුවි‍ශේෂී දේශපාලනික හා කලාපීය භූගෝලීය සාධක මත බවත් අමතක නොකළ යුතු ය.

“කියුබානු විප්ලවයේ මාතාව ලෙස සැලකෙනුයේ මොන්කාඩා බැරැක්කයට එල්ල කරන ලද ප්‍රහාරයයි. එය ඉතාම පහසුවෙන් මර්දනය කිරීමට බැටිස්ටා රජයට පහසු වූයේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද ජූලි 26 ව්‍යාපාරය නමින් යුත් කුඩා කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන ලද අදූරදර්ශී, තරුණ ගැටවරයන්ගේ බොළඳ ක්‍රියාවක් නිසා බව කියුබානු ඉතිහාසයේ ඇතැම් තන්හි ද සඳහන් ය. එහෙත් එහි පරමාර්ථ කැපවීම හා අවංකත්වය යන ගුණාංගයන් විසින් ද එයින් ලැබූ අත්දැකීම් හා විප්ලවීය පෞරුෂය ද යන සියල්ල හේතුවෙන් ෆිදෙල් කැස්ත්‍රෝට පසුව කියුබානු විප්ලවය යන නාමය කියුබානු ඉතිහාසයට එකතු කිරීමට හැකි වූ නිසාවෙන් මොන්කාඩා ප්‍රහාරය යනු කියුබානු විප්ලවයේ මාතාව (mother of Cuban revolution) බවට පත්ව ඇත. ”

අප්‍රේල් විරුවන්, ඉල්මහ විරුවන් සේ ම, මහ විරු දිනය සැමරීමට ඒ ඒ සංවිධානවලට අවකාශ උදාවූයේ ලංකාවේ ආණ්ඩුවල සහ ඒ ආණ්ඩු කර වූ පක්ෂවල වැරදි නිසාය. ආණ්ඩුවලට බාහිර සංවිධානයන් ද ඊට වගකිව යුතු ය. ඈත-මෑත ඉතිහාසය ඊට දෙස් දෙයි.

අනගාරික ධර්මපාලතුමා ජාතික ආගමික ප්‍ර බෝධය කුළුගන්වමින් ව්‍යාපාරයක්දියත් කළේය. එහෙත් ඊට එරෙහි බලවේගයන් ධර්මපාලතුමන්ට ශ්‍රී ලංකාවේ වාසය කිරීමද එපා කරවන තැනට වැඩ සැළැස්වීය. අධිරාජ්‍යවාදයට එරෙහිව ටිබෙට් ජාතික සිකීමයේ මහින්ද හිමියන්ගේ පබැඳුමෙන් ඔද වැඩුණු ජාතියක කොටසක් හෝ අනගාරික ධර්මපාලතුමන්ට එරෙහි වන්නේ ඇයිද යන්න තවමත් නොවිසඳුණු ගැටළුවකි. අධිරාජ්‍යගැති පසුගාමී මානසිකත්වයට වහල්වීම ඊට හේතුවක් විය හැකිය.

මෑත දේශපාලන ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ තුළ ද අධිරාජ්‍ය ගැති නායකත්වයන්ට එරෙහිව කැරැලි ඇති නොවූ වා යැයි කිව නොහැක. සියයට සියයක්ම මේ පක්ෂ තුළ ක්‍රියාත්මක වු රැඩිකල් කණ්ඩායම් හි මතය අධිරාජ්‍යගැති භාවයෙන් මිදුණු බවක් සනාථ කළ නොහැකි හෝ පිළිගත නොහැකි වුවත්, එම රැඩිකල් කණ්ඩායම් ඒ ඒ අවස්ථාවල ඒ ඒ පක්ෂතුළ ජයගත්තානම් සාපේක්ෂව රටට සුබදායක ප්‍රතිඵල ගෙන දෙන්නට ඉඩ තිබුණි.

රනිල් වික්‍රමසිංහට එරෙහිව කරුණාරත්න ජයසූරිය සහ ශිරාල් ලක්තිලක කණ්ඩායම ගැසූ කැරැල්ල ජය ගත්තේ නම්, එම පක්ෂයේ හැසිරීම මීට වඩා වෙනස් වන්නට ඉඩ නොතිබුණා යැයි කිව නො හැක. “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැනි ආර්ථික සැලසුම්වලට වඩා දුරදිග ගිය යටි අරමුණුවලින් ගහන වූ රනිල් වික්‍රමසිංහ වැන්නෙකුට වඩා කරූ ජයසූරිය වෙනස් කර ගත හැකිව තිබුණි.

කුමන්ත්‍රණකාරී ලෙස දින සියයකට ආණ්ඩුවක් අටවා ගත් රනිල් වික්‍රමසිංහ, මාස අටකට පසු යළිත් වතාවක් කුමන්ත්‍රණකාරීවම බහුතර බලයක් ව්‍යවස්ථාදායකයේ රඳවා ගන්නේ නරක ආදර්ශ රැසක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එකතු කරමිනි. අරමුණ සුබවාදීනම් බලය මේ ආකරයටම වුව කම් නැතත් ගැටළුව ඇත්තේ එම බලය උපයෝගී කරගෙන කරනු ලබන කාර්යයේ ය.

ජනතා විමුක්ති පෙරමුණ තුළ ඇති වූයේ එක්සත් ජාතික පක්ෂය තුළ වූ කරැල්ලට සමාන එකක් නො වූවත්, අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම අතට බලය හුවමාරුවීමට වඩා කුමාර් ගුණරත්නම් ගේ කණ්ඩායමට බලය ගියා නම් ඇති විය හැකිව තුබූ තත්ත්වය දැන් ඇස් පනාපිටම රඟ දැක්වෙමින් තිබේ. පෙර සූදානමකින් යුතුව ප්‍රශ්න අසන හා ප්‍රශ්නවලට පිළිතුරු දෙන අනුර සහ රනිල් පාර්ලිමේන්තුවේ දී දකින විට සිනහ නොඉපදෙන්නේ දේශපාලනික කා හට ද ? ඒ ප්‍රදර්ශනාත්මක තලයයි. පැහැදිලිව දර්ශනය නොවන ජුගුප්සාජනක දේ රනිල්ගේ එජාපය හා අනුරගේ ජවිපෙය අතර සිදුවෙමින් පවතී. එය ඉතා නිවැරදිව වචන තුනකින් ලොවටම කීවේ ජනතා විමුක්ති පෙරමුණට පුනරුත්පත්තිය ලබා දුන් එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ යි. ඔහු අනුර කුමාර හැඳින්වූයේ “රතු අලිපැටියා ” ලෙස ය.

මේ අනුව සැබෑ දේශප්‍රේමී බලවේගයක කොටස්කරුවන් අතීත විරුවන් සැමරීම හා අනෙකාගේ සැමරුම් අතර පරස්පරයක් ඇති බව පැහැදිලිය. අධිරාජ්‍යවාදයේ වුවමනා ඉටු කරන විරු සැමරුමකින් තොරව, සැබෑ ලෙසම ජාතිකවාදීන්ගේ විරු සැමරුමක කොටස්කරුවෙක් වූවා නම් කෙතරම් අගේවත් දැයි සිතන්නට කාලයයි.

-ජනිත් විපුලගුණ -
2015 නොවැම්බර් 28

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions