11/03/2015

හමුදාවට එරෙහි තවත් විභාග අනවශ්‍ය ය

කතෘ:යුතුකම     11/03/2015   No comments

පරණගම කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කෙරී ඇත. පරණගම වාර්තාව කොමිසම් වාර්තාවකි. එය විනිශ්චය සභාවකින් ඉදිරිපත්වූ තීරණයක් නො වේ. පරණගම කොමිසම යනුවෙන් ජනතාව අතර ප්‍රචලිත මෙම කොමිසම පත්කරනු ලැබුයේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශයක් මත එකි වාර්තාවේ ඇතුළත් සමහර කරුණු ගැන ද විභාග කිරීමට ය.

පරණගම වාර්තාවෙන් නැවතත් නිර්දෙශ ඉදිරිපත් කෙරෙයි. වාර්තවෙන් ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙරට නීතිය යටතේ ක්‍රියාත්මක වන විනිශ්චය සභාවලට පැවරෙයි. පරණගම වාර්තාවෙන් ජාත්‍යන්තර උපදේශකයන් සහභාගි කරගැනීම නිර්දේශ කෙරෙන මුත් ජාත්‍යන්තර විනිශ්චයකාරයන් සහභාගි කරවා ගත යුතු යැයි නිර්දේශ නො කෙරෙයි. ඒ අර්ථයෙන් ගත්කළ පරණගම වාර්තාව ආණ්ඩුව ද සහභාගි වී ඇමරිකාව හා එංගලන්තය සමග ඉදිරිපත් කළ ජෙනීවා යෝජනා මෙන් බරපතළ නැත.

පරණගම වාර්තාවෙන් දරුස්මාන් වාර්තාව තදින් විවේචනය කර ප්‍රතික්‍ෂෙප කෙරෙයි. එමෙන් ම කොටි සංවිධානය 3,00,000 ජනතාවක් මිනිස් පළිහක් ලෙස යොදාගත් බව ද රෝහල් තම කඳවුරු ලෙස යොදා ගනිමින් ශ්‍රි ලංකා හමුදාව උභතෝකෝටිකයට පත්කළ බවත් සඳහන් වෙයි. කෙසේ වෙතත් පරණගම වාරතාවෙන් දෙමළ ජනයා සමූලඝාතනය කළ බවට කියැවෙන ප්‍රකාශ ප්‍රතික්‍ෂෙප වෙයි. පරණගම වාර්තාවට අමුණා ඇති ජෝන් හෝම්ස් වාර්තාව මේ සම්බන්ධයෙන් වඩාත් ප්‍රබල නිගමනයකට එළඹෙයි. ඒ වාර්තාවෙන් කියැවෙන්නේ හමුදාව අවිචාරවත් ලෙස පහර නුදුන් බවත් හමුදාවේ පහරදීම් තම අරමුණ සම්බන්ධයෙන් ගත්කල මනා සංකලනයකින් යුක්ත වූ බවත් ය. කෙටියෙන් කියන්නේ නම් හෝම්ස් හමුදාව යුද්්ධාපරාධ කෙළේ ය යන චෝදනාවෙන් නිදහස් කරයි. මෙහි දී සඳහන් කළ යුත්තක් නම් ජෝන් හෝම්ස් හිටපු මේජර් ජෙනරල් වරයකු බවත් ඔහුට ජාත්‍යන්තර ව බහුල අත්දැකීම් තිබෙන බවත් ය.

ජෝන් හෝම්ස් විදේශිකයකි. එසේ විදේශිකයන් සහභාගි කරවා ගැනීමට හැකිනම් විදේශීය විනිසුරුවන් යොදා ගැනීමේ වරද කුමක් දැයි ආණ්ඩුවේ වගකිව යුත්තන් ප්‍රශ්න කරනු දැකිය හැකි ය. කිරඇල්ල ඇමතිවරයාගේ බසින් නම් ඕනෑම ගොනකුට ප්‍රශ්න කළ හැකි ය. මේ ප්‍රශ්නය අසන්නේ උපදේශකයන් හා විනිසුරුවන් අතර වෙනස නොදන්නා අය ය. ඔවුන් සියල්ලන් ම ගොනුන් යැයි මම නො කියමි. එහෙත් කොහේ නමුත් පටලැවීමක් සිදු වී ඇති බව පැහැදිලි ය. විදේශීය නීති උපදේශකයන් පත්කරන ලෙස ඉල්ලා සිටියේ පරණගම කොමිසම ම ය. ඒ බව වාර්තාවේ 54 වැනි ඡෙදයෙහි සඳහන් වෙයි. ඒ අනුව ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා (නුවර විසූ සුප්‍රසිද්ධ ජොර්ජ් ද සිල්වා මහතාගේ මුණුබුරෙකි, කීර්තිමත් නීතිවේදියෙකි, යුද්ධාපරාධ පිළිබඳ පරීක්‍ෂණ ගණනාවකට සහභාගි වී ඇත, යුද්ධාපරාධ නීතිය පිළිබඳ විශාරදයෙකි), ශ්‍රීමත් ජෙෆ්‍රි නයිස්, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන් ආදී පිරිසක් පරණගම කොමිසමේ ජාත්‍යන්තර උපදේශකයන් ලෙස පත්කරනු ලැබූහ. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා ද වෙයි. හෝම්ස් වාර්තාවෙන් මෙන් ම අනෙක් වාර්තාවලින් ද ඉදිරිපත් කෙරෙන්නේ ඒ ඒ අයගේ මතය බව අවධාරණය කළ යුතු වන්නේ වාරතා යැයි කී විට වෙනත් අදහස් ගම්‍ය විය හැකි බැවිනි. පරණගම කොමිසමේ වාර්තාවට හෝම්ස් වාර්තාව අමුණා ඇති නමුත් අනෙක් වාර්තා අමුණා නැත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. මේ වාර්තා ඔක්තෝම්බර් 18 වැනි දා අයිලන්ඩ් පුවත්පතෙහි පළවිණි. ඒකාබද්ධ විප’ක්‍ෂය ඒ වාර්තා සියල්ල සිංහලට පරිවර්තනය කර ප්‍රසිද්ධ කරන්නේ නම් මැනවි.

ශ්‍රී ලංකා හමුදාවට විරුද්ධව ජාත්‍යන්තරයේ ඇමරිකාව ප්‍රමුඛ ඇතැම් රටවල් චෝදනා ඉදිරිපත් කරන බැවින් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර උපදේශ (නෛතික, හමුදාමය ආදී වශයෙන්) ගැනීමේ වරදක් නැත. පරණගම වාර්තාවෙන් හා උපදේශන වාර්තාවලින් පැහැදිලි වන කරුණ නම් කොටි සංවිධානය වුවමනාවෙන් තුන්ලක්‍ෂයකට අධික මිනිස් පළිහක් යොදාගෙන ඇති බවත් ඔවුන් වුමනාවෙන් ම රෝහල් වැනි ස්ථාන තම යුද්ධ කටයුතු සඳහා යොදාගත් බවත් ය. කොටි සංවිධානයේ මෙම සැලැස්මට මුහුණ දීම හමුදාවට උභතෝකෝටික ප්‍රශ්නයක් විය. ඕනෑම ගොනකුට යුද්ධ කළ නොහැකි බව ඕනෑම ගොනකුට වුව ද තේරුම් ගිය යුත්තේ මෙවැනි අවස්ථාවලට ද හමුදාවන්ට මුහුණ පෑමට සිදුවන බැවිනි.


මෙවැනි අවස්ථාවක හමුදාව කළ යුතතේ කුමක් ද? අපි ඒ ප්‍රශ්නය විවෘතව සලකා බලමු. කොටි උපක්‍රම හමුවේ හමුදාව කුමක් කළ යුතුව තිබිණි ද? ඔවුන්ට ඉලක්කයක් තිබිණි. ඒ කොටි පරාජය කිරීම ය. ඒ ඉලක්කය මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් හමුදාවට ලැබුණු එකක් විය. හමුදාවට කොටින්ට ජයග්‍රහණය ලබා දී පසුබැසිය නො හැකි ය. ඒ අතර සිවිල් වැසියන්ට ඉලක්ක කර පහර දීමට ද නොහැකි ය. හමුදාවක් එවැනි අවස්ථාවක දී කළ යුත්තේ සිවිල් වැසියන්ට අවම හානියක් සිදුවන සේ සතුරාට පහර දිය යුතු ය. අපේ හමුදාව කර ඇත්තේ එය බව ඉහත කී වාර්තාවලින් සනාථ වෙයි. ඉතා පැහැදිලිව ම හමුදාව තම අභිමානයත් ගෞරවයත් ආරක්‍ෂා කර ගනිමින් ආචාර ධර්මවලට එකඟ සටන් කර ඇත. පරණගම වාර්තාවෙන් හා අනෙක් වාර්තාවලින් කියැවෙන්නේ අපේ හමුදාව යුද්ධාපරාධ චෝදනාවලින් නිදහස්වන බව ය. තවත් විභාග කිරීමට ඇත්තේ කුමක් ද? සුදු කොඩි කතාව මත පදනම් වී අගමැති අභූත චෝදනා ව්‍යංගයෙන් ඉදිරිපත් කරයි. අගමැතිට තමා 2005 දී ජනාධිපතිවරණයෙන් පැරදුණු බව පිළිගැනීම ප්‍රශ්නයක් වී ඇත. සුදු කොඩි කතාව පදනම් වන්නේ පුලිදේවන් විදේශීය වාර්තාකාරියකට කෙළේ යැයි කියන ප්‍රකාශයක් මත ය. අද පුලිදේවන් නැත. අප විදේශීය වාර්තාකාරිය විශ්වාස කළ යුතු ද?

හමුදාව පිළිබඳ ව යුද්ධාපරාධ විනිශ්චය කළ යුතු යැයි අද කියන්නෝ කවරහු ද? ඔවුහු එක්කෝ කොටි සංවිධානයට ආධාර කළ අය වෙති. සම්බනධන්ලා සුමන්දිරන්ලා කොටි වෙනුවෙන් පෙනී සිටියහ. ආනන්දි වැන්නෝ් කොටි සංවිධානයේ සාමාජිකයෝ වූහ. රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයෝ හා ඊනියා සිවිල් සමාජයේ අය කොටි වෙනුවෙන් ආවැඩූ අය වෙති. එක්සත් ජාතික පක්‍ෂයේ නායකයෝ, වත්මන් අගමැති (තොප්පිගල), මුදල් ඇමති (කිලිනොච්චි), ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක (ඕනෑම ගොනකුට සංවිධායක විය හැකි ද) ආදීහු, හමුදාවට සමච්චල් කළහ.

මේ කිසිවෙක් හමුදාවේ ජයග්‍රහණය නො පැතූහ. ඔවුන් කියා සිටියේ ප්‍රභාකරන් පැරදවිය නොහැකි බවත් ඊනියා සාම සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳීය යුතු බවත් ය. කෙටියෙන් කිවහොත් ඔවුහු දෙමළ ජාතිවදයට දොළ පිදේනි දීමට සූදානමින් සිටියෝ ය. හමුදාවට අවමන් කළ අගමැති ප්‍රධාන අයට අද අවශ්‍ය කිනම් ක්‍රමයකින් නමුත් හමුදාවට දඬුවම් කිරීම ය. අපේ ව්‍යවස්ථාවට පිටින් ගොස් ජාත්‍යන්තර විනිසුරුවන් නීතිඥයන් ඇතුළුව අධිකරණ විනිශ්චය සභා පිහිටුවීමට ඔවුහු ඇමරිකාව සමග අත්වැල් බැඳගත්හ. ඒ පසුපස එංගලන්තය ද වෙයි. හමුදාාවට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට ඉන්දියාවට අවභ්‍ය නැතැයි සිතිය හැක්කේ එ ජා ප නායකයන්ට මෙන් නොව ඔවුන්ට ප්‍රභාකරන් ඝාතනය කිරීමට අවශ්‍ය වූ නිසා ය. (2014 අප්‍රේල් 16 හෝ එ ආසන්න දිනයක හෝ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතෙහි පළවූ වාර්තාවක් අනුව ඉන්දියන් හමුදා මෙරටින් යෑමෙන් පසුවත් කොටි පැරදවීමට සටන් කර ඇත). හමුදාවට දඬුවම් කිරීමේ දොළදුකක් ඇති ආණ්ඩුව ජාත්‍යන්තර විනිශ්චයකාරයන් පත්කිරීමට එකඟ වීමෙන් මෙරට අධිකරණයට අපහාස කර ඇත් ද යන්න සොයා බැලිය යුතු ය.

කොමිසමකට විදේශීය නීති උපදේශකයන් ලබා ගැනීම එකකි. මෙරට ව්‍යවස්ථාවේ 105 (1) ඡෙදයෙහි සඳහන් නොවන අධිකරණයක් පිහිටුවා විදේශීය විනිසුරුවන් පත්කිරීම තවත් එකකි. ඒ දෙකම එකක් යැයි කියමින් එ ජා ප නායකයෝ ජනතාව මුළා කරති. ආණ්ඩුව තම ජීවිත පූජාවෙන් සටන් කළ හමුදාව යුද්ධාපරාධ නොකළ බව ජාත්‍යන්තරයට ජෙනීවාහි දී හෝ තූත්තුකුඩියේ දී හෝ කිව යුතු ය. තම තනතුරු රැකගැනීම සඳහා ඇමරිකාවට හා එංගලන්තයට හිස නැමීම නිවටකමක් මිස රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රාහිකත්වයක් නො වේ.

නලින් ද සිල්වා
[2015 11 01]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com