11/19/2015

විකිලීක්‌ස්‌ මගින් නිෂ්ප්‍රභ වන යුද අපරාධ චෝදනා

කතෘ:යුතුකම     11/19/2015   No comments

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 2014 ජුලි 15 දින පත් කරනා ලද පැහැර ගැනීම් සහ අතුරුදන් වීම් පිළිබඳව පැමිණිලි විභාග කිරීමට කටයුතු කළ මැක්‌ස්‌වල් පරණගම කොමිසමේ 2 වැනි බල අධිකාරිය, රාජපක්‍ෂ රජය යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කළ දුර්වල සහ කනගාටු තත්ත්වය මනාවට හෙළි කර ඇත.

දෙවැනි බල අධිකාරිය විසින් මෛත්‍රීපාල - වික්‍රමසිංහ රජයේ අවධානයට යොමු කර ඇති නිරීක්‍ෂණ සහ නිගමන යුද අපරාධ සම්බන්ධයෙන් මෙතෙක්‌ ශ්‍රී ලංකාව කරන ලද සාර්ථකම ක්‍රියාදාමයයි. හිටපු මහ අධිකරණ විනිසුරු පරණගම මහතාගේ අත්සනින් මෑතකදී නිකුත් කරන ලද එම වාර්තාව පසුගිය රජය විසින් නොසලකා හරින ලද 'විකිලීක්‌ස්‌' වෙබ් අඩවිය හෙළිදරව් කළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස්‌ ලියවිලි ශ්‍රී ලංකාවේ දේශපාලන සහ හමුදා නායකත්වයන්ට නඟන මානව හිමිකම් කඩකිරීම් චෝදනා නිෂ්ප්‍රභ කිරීමට යොදාගත හැකි ආකාරය ඉතාම පැහැදිලිව පෙන්නුම් කර ඇත.

මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ප්‍රථමයෙන් 'විකිලීක්‌ස්‌' වෙබ් අඩවිය කුමක්‌ දැයි දැනගැනීමට අවශ්‍යයි.

ඇමරිකානු යුද හමුදා සාමාජිකයකු වන සාජන්ට්‌ බ්රැඩ්ලි මැනින් විසින් ඇමරිකානු තානාපති කාර්යාලය විසින් වොෂින්ටනයට යවනා ලද රහස්‍ය තානාපති වාර්තා දසදහස්‌ ගණනාවක්‌ 2010 දී විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය මගින් ලෝකයට හෙළිදරව් කරන ලදී. එම හෙළිදරව් කළ ලිපි ගොන්න අතරට කොළඹ, නවදිල්ලිය, ලන්ඩනය සහ ජිනීවා ඇමරිකානු තානාපති කාර්යාල ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව කරන ලද ප්‍රකාශ ඇතුළත් විය.

ඒවා අධ්‍යයනය කිරීමේදී පෙනී ගියේ දෙමළ ජනතාව සමූල ඝාතනය කිරීමට හෝ හතරවැනි ඊළාම් යුද්ධය දඩමීමා කරගෙන වන්නියේ කොටු වූ ලක්‍ෂ තුනක්‌ පමණ වන දෙමළ ජනතාවක්‌ ඝාතනය කිරීමේ උවමනාවක්‌ හමුදාවට නොතිබූ බවය. පුදුමයකට කාරණයක්‌ වන්නේ 2012, 2013 සහ 2014 වසරවල ශ්‍රී ලංකාව නිගාවට පත් කරනා යෝජනා ජිනීවා නුවර සම්මත වන අවස්‌ථාවලදී පවා පසුගිය රජය තමුන් අත තිබූ තුරුම්පු පාවිච්චි නොකිරීමයි. පරණගම වාර්තාව පෙන්නා දී තිබෙන පසුගිය රජයේ නොහැකියාව ඇත්ත ලෙසම මෙම රජයට එල්ල කරනා දරුණු අතුල් පහරකි. මෙම ඉහළ වාර්තා සම්පාදනය කිරීමට විදේශිකයන් කරනා ලද මෙහෙය අගය කොට සැලකිය යුතුය. ඩෙස්‌මන්ඩ් සිල්වා (මහා බ්‍රිතාන්‍යය) ජෙµaරි නයිස්‌ (මහා බ්‍රිතාන්‍යය), මහාචාර්ය ඩේවිඩ් එම්. ක්‍රේන් (ඇමරිකාව) සහ ඔවුන්ට නොමඳ සහායක්‌ ලබාදුන් රෙඩ්නි ඩික්‌සන් (මහා බ්‍රිතාන්‍යය, ද. අප්‍රිකාව), මහාචාර්ය මයිකල් නිව්ටන් (ඇමරිකාව), කමාන්ඩර් විලියම් ෙµන්ඩ්රික්‌ (කැනඩාව) මහාචාර්ය නීනා ජෝගසන් සහ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස්‌ (මහා බ්‍රිතාන්‍යය) කරන ලද මෙහෙය නොවන්නට පරණගම කොමිසම ද අසාර්ථක වීමට ඉඩ තිබිණි.

නමුත් මෙම දෙමුහුන් පරීක්‍ෂණ මණ්‌ඩලය හෙළිදරව් කළ සැබෑ තත්ත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ පාවිච්චි කිරීමේ අවස්‌ථාව දැන් ඇත්තේ මෛත්‍රීපාල - වික්‍රමසිංහ රජයටයි. එය නොපිරිහෙලා ඉටුකරතැයි මේ රටේ අති බහුතර ජනතාවගේ බලාපොරොත්තුවයි.

පරණගම වාර්තාව පෙන්නා දෙන පරිදි, විකිලීක්‌ස්‌ හතරවන ඊළාම් යුද්ධයේදී (2006 අගෝස්‌තු - මැයි 2009) සහ ඊට පසු කාලය පිළිබඳ කරන හෙළිදරව්, ශ්‍රී ලංකාවට එරෙහිව කරනා ලද ප්‍රධානතම චෝදනාව වන සාමාන්‍ය වැසියන් 40,000 අවසන් සටනේදී හිතාමතා ඝාතනය කළ බව සහ රජය වන්නියේ දමිළ ජනතාව සමූල ඝාතනය කිරීමේ ප්‍රයත්නයක යෙදුණු බව පැහැදිලිව බොරු කර ඇත.

පරණගම වාර්තාව පෙන්නා දෙන පරිදි මහා බ්‍රිතාන්‍යය අධිකරණ පද්ධතිය මෑතකදී (2014 මැයි) විකිලීක්‌ස්‌ වාර්තා අධිකරණයක්‌ තුළ පිළිගත හැකි බව කරුණු සහිතව පෙන්නාදී ඇත. විකිලීක්‌ස්‌ හෙළිදරව් ශ්‍රී ලංකාවේ වාසියට හේතුවන බව මෙම ලියුම්කරු ඇතුළු අනෙකුත් මාධ්‍ය පුන පුනා පෙන්වා දුන්නත්, පසුගිය රජය කිසිදු සැලකිල්ලක්‌ දැක්‌වූයේ නැත. විකිලීක්‌ස්‌හි ශ්‍රී ලංකාවට එරෙහිව නැඟෙන චෝදනාවලට පිළිතුරක්‌ වන බව මෙම ලියුම්කරු පෙන්නා දුන්නේ පරණගම කොමිසමේ දෙවැනි බලඅධිකාරිය පත්කිරීමට පසුගිය රජය හීනයකින්වත් නොසිතූ කාලකදීය. එය සාක්‍ෂි සහිතව ඔප්පු කළ හැකිය.

පරණගම වාර්තාව මෙම ලියුම්කරු The Island පුවත්පතට සපයන ලද ලිපි අධ්‍යයනය කර ඇති බව සඳහන් කර ඇත. 2009 මැයි යුද්ධය අවසන් වී සති කිහිපයකට පසුව ජිනීවා සිටින ඇමරිකානු තානාපති කලින්ට්‌ විලියම්සන් මහතා රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවනා ලද රහස්‌ ලිපියක සඳහන් වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව සාමාන්‍ය වැසියන් සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත හේතුවෙන් යුද්ධය වැඩි කාලයක්‌ පැවතුණ බවත් වැඩි හමුදා භටයන් සංඛ්‍යාවක්‌ මියගිය බවත්ය. ඉතාම වැදගත් කරුණ වන්නේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ඉහළම නිලධාරියකු වන ඩී. මාස්‌යෝ මහතා ඇමරිකානු තානාපතිවරයාට කරන ලද ප්‍රකාශයන් මත පදනම් වී ඇති බවය. ඔක්‌තෝබර් මස 30 වැනිදා මෙම ලියුම්කරු 'දිවයින පුවත්පතේ පළ කරන ලද ලිපියකින් පෙන්නා දුන්නේ ජාත්‍යන්තර රතුකුරුස නියෝජිතයන් 2009 මැයි දෙවැනි සතිය වනතුරුත් පුදුමාතලන් අවසන් සටන් කලාපයට පැමිණිය බවය. එම තත්ත්වය මත ඩී. මායියෝ මහතාගේ ප්‍රකාශය කෙසේ වෙතත් යෝජිත යුද අධිකරණයට බැහැර කළ නොහැක. ලංකාවට අදාළ සියලු විකිලීක්‌ස්‌ වාර්තා එම අධිකරණය හමුවට ගෙන ඒම මෙම රජයේ වගකීමයි. යහපාලන රජය එම අවශ්‍යතාව සපුරා ගනු ඇති බව ජනතාවගේ විශ්වාසයයි.

2014 ජුලි 9 දින ජිනීවා නුවර තානාපති විලියම්සන් සහ ඩී. මායියෝ අතර වූ රාජ්‍ය අදහස්‌ හුවමාරු කර ගැනීම, තානාපතිවරයා රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා යවන්නේ ජුලි 15 දිනය. එම වාර්තාව අනුව ශ්‍රී ලංකා හමුදාව බරපතළ ප්‍රහාර සාමාන්‍ය වැසියන් වෙසෙන පෙදෙස්‌වලට එල්ල කළත්, ජාත්‍යන්තර රතුකුරුසිය දැනුම් දුන් සෑම අවස්‌ථාවෙදිම එම ප්‍රහාර කළ බවත්ය. විශේෂයෙන්ම කිසිදු අවස්‌ථාවක දෙමළ ජන සමූල ඝාතනයන් කිරීම උත්සාහ නොකළ බවද සඳහන් කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔයෑ ෂික්‌බා පුවත්පත මෙම ලියුම්කරු ලියූ ලිපියක්‌ පරණගම වාර්තාවේ සඳහන් කර ඇත.

පරණගම වාර්තාව විකිලීක්‌ස්‌ වාර්තාව විශාල ප්‍රමාණයක්‌ පිළිබඳ සඳහන් කර ඇති අතර එම වාර්තා ශ්‍රී ලංකාවට එරෙහිව තැනුණු යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභ කිරීමට යොදාගත හැකි බව පරණගම වාර්තාව පෙන්වාදී ඇත. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව ඉතාම කිට්‌ටුවෙන් කටයුතු කරන මෙම අවස්‌ථාවේ විකිලීක්‌ස්‌ වාර්තා යෝජිත යුද අධිකරණයේ යොදාගත හැකිය.

විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයන් වන්නේ මෙම රහස්‌ වාර්තා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව යුද සමයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව හෙළිදරව් කර ඇත. එම වාර්තා එවකට ශ්‍රී ලංකා රජය මුහුණ දුන් තත්ත්වය මැනවින් පෙන්නුම් කර ඇත.

ලන්ඩන් නුවරින් යවන ලද ලංකාව සම්බන්ධ තානාපති වාර්තාවක සඳහන් වන්නේ 2009 මහා බ්‍රිතාන්‍යය පාලනය කළ කම්කරු පක්‍ෂය අවසන් සටනේදී කොටි සංවිධානය බේරා ගැනීමට ඉදිරිපත් වූයේ එහි වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක්‌ ඇති බ්‍රිතාන්‍ය ජාතිකයන් සතුටු කිරීමට බවය. මහ මැතිවරණයකට මුහුණදී සිටි කම්කරු පක්‍ෂය එලෙස හැසිරීම පුදුමයක්‌ නොවන අතර එවකට බ්‍රිතාන්‍ය රජය අනුගමනය කළ ක්‍රියාදාමය ඇමරිකානු තානාපති කාර්යාලය ඉතාම හොඳින් පැහැදිලි කර ඇත.

නවදිල්ලි නුවර තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලය යවන රහස්‌ වාර්තාවක සඳහන් වන්නේ මහින්ද රාජපක්‍ෂ රජය චීනය සමග කටයුතු කරන ආකාරය සහ චීනය ලංකාවේ කරන ආයෝජන සම්බන්ධයෙන් ඉන්දියාව ඇමරිකාවේ ඔත්තු සේවා පිහිට පැතූ ආකාරයයි.

කොළඹින් නිකුත් කරන ලද තවත් වාර්තාවක සඳහන් වන්නේ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ සභාපති බෂීර් සේගුඩාවුඩ් 2009 අගභාගයේදී මහින්ද රාජපක්‍ෂ මහතා 2010 ජනවාරි ජනපතිවරණයෙන් පරාජය කිරීමේ සැලසුම් තානාපති කාර්යාලය සමග සාකච්ඡා කළ අන්දමයි. එම වාර්තාවේ සඳහන් වන තවත් කරුණක්‌ වන්නේ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා රාජපක්‍ෂ සහ ජනරාල් සරත් ෙµdන්සේකා මහතා එක හා සමාන නරක පුද්ගලයන් බවත් නමුත් රාජපක්‍ෂ මහතාට 2010 ජනවාරි ඡන්දයේදී සහයෝගය පළකරන්නේ නොදන්න යකාට වඩා දන්නා යකා හොඳ නිසා බවත්ය.

බොහෝ කාලයක්‌ ගතවී ඇතත් විකිලීක්‌ස්‌ මගින් කළ හෙළිදරව් අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවක්‌ ඇත. එම අධ්‍යයනය යුද සමයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබිඹු කිරීමට යොදා ගැනීමේ හැකියාව තිබෙන බව පරණගම වාර්තාව පෙන්වා දී ඇත.

පරණගම වාර්තාව යෝජනා කර ඇත්තේ චැනල් 4 නාලිකාව ඇතුළු අනෙකුත් කණ්‌ඩායම් විසින් යුද හමුදාවට එරෙහිව කරන ලද චෝදනා පරීක්‍ෂා කළ යුතු බවය. එම අතරට විශේෂයෙන්ම යටත් වන කොටි සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය ඝාතනය කිරීම අදාළ චෝදනා පරීක්‍ෂණයට භාජන කළ යුතු බව සඳහන් කර ඇත. එලෙස චැනල් 4 නාලිකාව කරනා ලද එම චෝදනාව සහ පුද්ගලයන් 100 දෙනකු යටත් වූ පසු අතුරුදන් වීම පිළිබඳව නැඟෙන චෝදනා සියල්ල පරීක්‍ෂා කළ යුතු බව ඉතා දැඩිව පවසා ඇත. එම චෝදනා පිළිගත හැකි තත්ත්වයක තිබෙන බවද පරණගම කොමිසම වාර්තා කර ඇත.

ඉතාම පැහැදිලිව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජය ජනසංහාරයක නොයෙදුණු බවය. නමුත් යම් සෙබළුන් යුද අපරාධ කළ බව පැවැසෙන චෝදනා ඉතාම දැඩිව පරීක්‍ෂා කළ යුතු බවත්ය.

පරණගම වාර්තාව පැහැදිලිවම කිසිදු පාර්ශ්වයකට සුදු හුණු ගෑමට කළ උත්සාහයන් නොවේ. එය එසේ වූයේ එය දෙමුහුන් යාන්ත්‍රණයක්‌ වූ නිසාවෙනි.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ
[දිවයින]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions