11/08/2015

භික්ෂු දේශපාලනයේ සෝභිත ලකුණ

කතෘ:යුතුකම     11/08/2015   1 comment

මාදුළුවාවේ සෝභිත හිමියෝ අපවත් වී ඇත්තාහ. උන්වහන්සේට සුඛෝපභෝගී මරණයක් මෙන්ම සුඛෝපභෝගී ආදාහන පූජෝත්සවයක්ද හිමිවී ඇත. නමුත් උන්වහන්සේ පිළිබදව මට ඇතිවන්නේ කණගාටුවකි.

මාදුළුවාවේ හිමියෝ ජාතික දේශපාලනයේ මෙන්ම ජාතිකත්ව දේශපාලනයේද පතාක යෝධයෙකු වූහ. උන් වහන්සේ දේශපාලනය කලේ අද ඊයේ හෝ වස් කාලයට පමනක් නොවේ. එම පරිචය විසින් ගොඩනගාගත් ප්‍රතිරූපය ප්‍රභාශ්වරය. භික්ෂුවක් ලෙස සිටිමින් චීවරයේ සීමාව නොයික්මවා රටේ දේශපාලන, සංස්කෘතික ධාරාව තුළ ගමන් කළ හැකි සීමාව කොතෙක්ද යන්නට මාදුළුවාවේ සෝභිත භික්ෂු චරිතය අපට ජීවමාන උදාහරණයක් සපයයි.

බුදුරජාණන් වහන්සේ වදාළේ ගොහොරු මඩෙන් මතුවී පිපෙන නළුමක් ලෙසින් භික්ෂුව සමාජය පරිහරණය කළ යුතු බවයි. අතීත සිංහල භික්ෂු සම්ප්‍රදාය තුළ භික්ෂුව සංස්කෘතික නායකත්වය දරමින් රජුට නිසි මග පෙන්වූහ. විද්‍යාලංකාර ප්‍රකාශනය තුළින් එය වර්ථමානයට උචිත ලෙස සම්මත විය. මා දකින්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් එම නියමයන් සම්ප්‍රදායන් කඩ නොකොට සමාජය දේශපාලනය පරිහරණය කළ භික්ෂුවක් ලෙසටය. උන්වහන්සේ මෑතකාලීනව උර දුන් දේශපාලන ප්‍රවාහයේ සාර්ථකත්වයට උන් වහන්සේ විසින් ලබා දෙන ලද දායකත්වය එයයි. එලෙසින් මනා කොට සම්ප්‍රදාය තුළ සිටිමින් සමාජය පරිහරණය කරන භික්ෂුවකට පරිහාණියට පත්වී ඇතැයි කියන ලාංකීය සමාජය තුළ අද දවසේ පවා ඉටු කළ හැකි කාර්‍යය, රටට සමාජයට කළ හැකි බලපෑම පිළිබද ජීවමාන සාක්ෂියක් සෝභිත හිමියන් අපට ඉතිරිකර ගොස් ඇත.

අද රටේ කප්පරක් ප්‍රශ්න ගොඩ ගැසී ඇත. එම ප්‍රශ්න හමුවේ නිහඩව නිරුත්තරව ඇස් පියාගෙන සිටීම ලාංකීය සිංහල බෞද්ධ භික්ෂු සම්ප්‍රදාය නොවේ. එම වගකීම හිස මත දරාගෙන පැමිනි බොහෝ භික්ෂුන් පසුගිය සමයේ තමාත් තම වරිගයත් නහගනිමින් භික්ෂු ප්‍රතිරූපය කිළිටි කරනු පසුගිය දශක කිහිපය තුළම අපි අත් දුටුවෙමු. භික්ෂුව හක් ගෙඩි බෙලි කටු ගණනට වැටෙමින් නිරුවත් වන අයුරු බලා සිටියෙමු. තමන් වහන්සේ විසින් දැරිය යුතු සංස්කෘතික නායකත්වයත් දේශපාලන උපදේශකත්වයත් හරිගැටි හදුනා නොගත් එම භික්ෂුන් අතර සෝභිත හිමියෝ මිණි පහනක් ලෙසින් දිදුලති. භික්ෂු සම්ප්‍රදායත්, අතීත භාවිතාවත් තුළින් ඔප කරගත් උන්වහන්සේගේ ඒ ප්‍රභාශ්වර චරිතයට මම ගරු කරමි. උන්වහන්සේට නිවන් සුව පතමි.

නමුත් එපමනකින් අපට සතුටු විය නොහැකිය. වාරියපොල සුමංගල හිමියන්ගේ මරණය සුවදායක නොවිණි. කුඩාපොල හිමියන්‍ට අත් වූයේ ඉතා බියකරු ඛේදජනක මරණයකි. අප භික්ෂු වංශය ඔප කළ බොහෝ හිමිවරුන්ගේ මරණය සුඛෝපභෝගී නොවිණි. නමුත් ඒ උදාර හිමිවරුන් තම උත්තුංග ප්‍රාණය මේ රටේ වා තලයට මුදා හැරියේ සසුන පවතින තුරා පහළවන බොදු හදවත් තුළ නොනැසෙන ලෙසින් ලැගුම් ගනිමිනි. එම උදාරතර වරම මාදුළුවාවේ සෝභිත හිමියන්ට අහිමි බව ස්ථිරය. මේ මොහොතේ රට ගිලී ඇත්තේ අදුරු ආගාධයකය. ඉදිරි වසර කීපය තුළ මරුවා රජයන නියත විනාශයක් රට ඉදිරියේ ලියැවී අවසානය. වෛමාටවත් එය වෙනස් කළ හැකියැයි නොසිතමි. සෝභිත හිමියන්ගේ ප්‍රභාශ්වර චරිතයේ ආලෝකය ලැබුනේ එවන් සාපයක් වෙත රට කැදවාගෙන යන දේශද්‍රෝහීන්ගේ මාවතටය. කැලේ ගසක් නැසුමට කැලේ ගසක් න්‍යායෙන් අපව නැසීමට අපේම චීවරය මැනවින් උපස්ථම්භක විය.

භික්ෂුවක් සතුවිය යුතු සංයමයෙන් සම්ප්‍රදායෙන් ඔපවත් වුවද කුමක් හෝ අවාසනාවක් හේතුවෙන් තමන්වහන්සේගෙන් තම වර්ගයාට ඉටුවියයුතු මෙහෙවර කුමක්ද යන්න සෝභිත හිමියන්ට අමතක විය. වාරියපොල සුමංගල, කුඩාපොල, සර
කර, හික්කඩුවේ සුමංගල, යක්කඩුවේ, මඩිහේ යති පරපුර ගත් මග කුමක්ද යන්න උන්වහන්සේට අමතක විය. බුදු දහම වැනසීමට පැමිනෙන මාර බලවේග පිලිබද උන්වහන්සේට අමතක විය. එබැවින් සදාකාලිකව බොදු හදවත් තුළ ලැගුම් ගැනීමේ වරම උන්වහන්සේට හිමි නැත. මරුවාගේ තුරුලේ සාධාර සමාජයක් පැවතිය නොහැකිය යන සරළ න්‍යාය ජාතිකත්ව දේශපාලනයේ පහන් ටැඹක් වූ සෝභිත හිමියන්ට නොවැටහීම තරම් අභාග්‍යයක් තවත් නැත. උන්වහන්සේ පැතූ සාධාරනත්වය කිසිදා උන්වහන්සේ සුරතල් කළ මාර පැටවුන්ගෙන් අපට නොලැබුනද මරු තුරුලේදී උන්වහන්සේට හෝ ඒ සැනසුම ලැබේවායි පතමි.

-ඉඳුනිල්  ප්‍රසන්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. මහත්මයා, සුඛෝපභෝගී කියන්නේ ගතට සිතට දැනෙන සුවය කියන තේරුම නේද? පුද්ගලයකු අභාවයට පත්වන අවස්ථාවේදී, එම පුද්ගලයාට දැනෙන සුඛෝපභෝගිත්වය කුමක්ද? එසේම, අභාවයට පත්වීමෙන් පසු, තමන් වෙනුවෙන් පැවැත්වෙන අවමංගල්‍ය උත්සවය, කොපමණ ඉහළ මට්ටමකින් සිදුකලත්, අභාවයට පත් පුද්ගලයාට එහි සුඛෝපභෝගී බවක් දැනෙන්නේ නැහැ නේද?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions