11/25/2015

ත්‍රස්ත භීතිය රජයන යුගයක් යලි ඉල්ලන් කෑම

කතෘ:යුතුකම     11/25/2015   1 comment


ත්‍රස්තවාදයේ ආදීනව පැරිසියේ ප්‍රහාරවලින් පසු යලිත් බටහිර හා බටහිරගැති මාධ්‍යය ජාලයන් හරහා ලොව පුරා රැව්දෙන්නට පටන්ගෙන තිබේ. එහෙත් ඒ දිනවලම ලෙබනනයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය, පසු ගිය මස ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ රෝහලකට බෝම්බ දමා සිදුකල මිනිස් ඝාතන, ඊට සති කිහිපයකට පෙර සව්දි අරාබි-ඇමරිකානු හමුදා සoධානය යේමනයේ රෝහලකට බෝම්බ දමා සිදුකල මිනිස් ඝාතන ආදිය නිකම්ම ප්‍රවෘත්ති කණ්ඩයකට පමනක් සීමාවිය.

කෙසේ වෙතත් ශිෂ්ට සම්පන්න ලෝකය ප්‍රoශයට එල්ලවූ මෙම බියගුළු ත්‍රස්ත ප්‍රහාරය මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල සිදුකරන සියලුම ත්‍රස්ත ප්‍රහාර රටේ තරාතිරම (ලොකු, කුඩා, බලවත්, දුබලවත් ආදී වසයෙන්) නොබලා එකහෙලාම හෙලාදකිනු නොඅනුමානය.

ත්‍රස්තවාදීන් අද ලොව පුරා මෙතරම් බලවත් විමට මූලික වි ඇත්තේ තම ගෝලීය අරමුණු ඉටුකර ගැනීම උදෙසා ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රoශය, බ්‍රීතාන්‍යය ඇතුලු බටහිර රටවල් ද තම කලාපීය හා දේශපාලනික අරමුණු ඉටුකර ගැනීම උදෙසා අප අසල් වැසි ඉන්දියාව වැනි රටවල්ද ත්‍රස්තවාදීන් පිලිබඳව අනුගමනය කරන දෙබිඩි ප්‍රතිපත්තිය යි.

ඇෆ්ගනිස්ථානයේ සිටි සෝවියට් හමුදාවන්ට එරෙහිව සටන් කිරිම සදහා1970 දී අමෙරිකා එක්සත් ජනපදය පුහුණුකොට යෙදවූ ඔසාමා බින් ලාඩන් හා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ඇමරිකාව 2001 සැප්තැම්බර් 11 දී ඉල්ලන් කැවේය.

අපේ හමුදාවන්ට එරෙහිව සටන් කිරිම සදහා 1983 දී ඉන්දියාව පුහුණුකොට යෙදවූ ප්‍රභාකරන්ගේ හා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ඉන්දියාව1991 මැයි 21දා ඉල්ලන් කැවේය.

පැරිසිය, ලොව පුරා විසිරී සිටින ත්‍රස්ත කණ්ඩායම්ල ‍ක්‍රියාකාරී කේන්‍ද්‍රස්ථානයක් බව රහසක් නොවේ. ඒ අනුව අද ත්‍රස්ත භීතියෙන් පෙලෙන ප්‍රoශය, බ්‍රීතාන්‍යය ඇතුලු බටහිර රටවල් වල පාලකයන් කරඇත්තේ ද එක්තරා විදියක ඉල්ලන් කෑමක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

බටහිර ගැති අපේ පාලකයෝද විවිද අවස්ථාවල ත්‍රස්තවාදීන්ගෙන් ඉල්ලන් කෑ අවස්ථා තිබේ. වරක් ‍ ප්‍රේමදාස ජනාධිපතිවරයා කොටින්ට ආයුධ දී ඉල්ලන් කෑ වේය. එල්.ටී.ටී ත්‍රස්තවාදීන් ට ඊනියා 'පැකේජ්' දී සනසවන්නට ගොස් චන්ද්‍රිකා ජනාධිපතිවරිය ඇසක් අහිමිකර ගනිමින් ඉල්ලන් කෑ වේය.

එල්.ටී.ටී ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් ගසමින්, ඔවුන්ගේ පාලන ප්‍රදේශ පිළිගනිමින්, ත්‍රස්තවාදීන් රටේ ආරක්ෂක හමුදා සමඟ සමතත්වයේ ලමින්, ගුවන් හමුදාව ලවා ඔවුනට සියලු ආරක්ෂාව සහිත ගුවන් ගමන් පවා සලසමින්, රටේ ආරක්ෂක ලේකම්වරයා ත්‍රස්තවාදී නායකයින්ට 'මචo' කියා අමතමින්, රටේ පොලීසිය මිලේනියම් සිටි වැනි හමුදා බුද්ධි අoශ ඒකකයන් වටලමින් ත්‍රස්තවාදීන් පිනවීමට ගොස් ඉල්ලන් කෑ හැටිත් අද බොහෝ දෙනෙකුට මතක නැති ගානය.

සුප්‍රකට 9/11 ත්‍රස්ත ප්‍රහාරයත් සමගම එවකට ඇමරිකානු ජනාධිපතිව සිටි ජෝර්ජ් බුෂ්ගේ ප්‍රකාශය අනුකරණය කරමින් ප්‍රoශ ජනාධිපතිවරයාද ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශකර ඇත. ප්‍රoශ ජනාධිපතිවරයාගේ සංත්‍රාසය අන් කවරෙකුටත් වඩා ශ්‍රී ලoකාවාසී අපට දැනෙන්නේ අප 30 වසරක් පුරාම එවැනි සංත්‍රාසයෙන් දිනපතාම පෙළුන බැවිනි.

එසේවුවද, බටහිර රටවල් අපිට නොකියා කියන දෙයක් නම් මිනිස් ජීවිත යනු ඔවුන්ගේ (බටහිරයන්ගේ) ජීවිත පමණක් බැවින් මිනිස් ඝාතන ප්‍රහාරයන් වැලැක්වීම සදහා යුද්ධ කිරීමට ඔවුනට පමණක් සාධාරණ අයිතියක් ඇතිබවය. ඔවුන්ගේ වර්ගකිරීම අනුව බලවත් බටහිරයන්ට පහර දෙනවිට ත්‍රස්තවාදියා, ‘ත්‍රස්තවාදියෙකු' වේ. අපි වැනි කුඩා රටකට පහර දෙනවිට ත්‍රස්තවාදියා ‘සටන් කාමියෙකු'වේ.

ඒ බව සනාථ කරමින්, අසූව දශකයේ මුල් භාගයේ දී යැoකි ඩිකී නමින් විරුදාවලී ලත් බටහිර ගැති ජනාධිපතිවරයෙක් අපට සිටියදීත්, අප රටේ ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක් වෙමින් සිදුවූ ජීවිත හා දේපල විනාශයන් බටහිර රටවල් සත පහකට තරම්වත් ගනන් ගත්තේ නැත.

ඔවුන් අපේ පාලකයින්ට දිගටම කීවේත් කියා දුන්නේත් ත්‍රස්තවාදීන් සමඟ ඊනියා සාම ගිවිසුම්, සුනාමි ගිවිසුම් ආදිය ගසන සැටි මිස ත්‍රස්තවාදීන්ගේ මිනිස් ඝාතන ප්‍රහාරයන් වැලැක්වීම සදහා යුධ වැදීමට නොවේ. අද මෙන්ම අසූවේ දශකයේ සිට 2005 වන තෙක්ම අපේ පාලකයින් මෙන්ම පාලිකාවද කලේ බටහිරයන්ගේ පදයට නැටීමය.

එදා 2009 අ‍ප්‍රේල් මස ත්‍රස්තවාදී නායකයින් මුදාගැනීමේ අරමුනෙන්, ආරක්ෂක හමුදා මෙහෙයුම් නතර කරන ලෙසට බල කිරීමට පැමිණි ප්‍රoශ හා බ්‍රීතාන්‍යය විදේශ ඇමති වරුන්ගේ පදයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇහුම්කන් දුන්නේ නම් අද අප රටේ තත්වය කෙබඳුවේද? රට ත්‍රස්තවාදයෙන් මුදවාගත් මහින්ද රාජපක්‍ෂ පරාජය කොට තමන්ගේ පදයට නටන රෑකඩ පාලනයක් බිහි කිරීම බටහිරයන්ගේ හා අසල්වැසි ඉන්දියාවේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බව අද රහසක් නොවේ.

මෙම රෑකඩ දේශද්‍රෝහීන් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී තමන්ගේම රටේ ත්‍රිවිද හමුදාවට එරෙහිව යුද්ධ අපරාධ චෝදනා නගමින් රටට එරෙහිව යෝජනාවක් සම්මත කරගනී.

තවද, එක්‌සත් ජාතීන්ගේ දූත මණ්‌ඩලය ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර පරීක්‍ෂා කර එහි වධකාගාරයක්‌ තිබූ බවට මුළු ලොවටම ප්‍රකාශ කිරීමට රහස් පොලීසියේ සහයද ලබා දෙමින්, දිවි පරදුවට තබා සටන්කොට ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් අපේ හමුදාවන් පවාදෙයි.

බටහිර රටවල්, ත්‍රස්තවාදීන් පමණක් නොව ත්‍රස්තවාදියෙකු යයි සැක කරන සෑම ප්‍රානියෙකුම පරලොව යවද්දී, වත්මන් දේශද්‍රෝහී පාලනය තම කෙටි කාලීන පැවැත්ම ගැන පමනක් සිතා දරුණු ප්‍රහාර වලට වග කිවයුතු කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරමින් සිටී. කොටි ත්‍රස්තවාදීන් නිදහස ඉල්ලා උපවාස කරති. නිදහස් වී යන මෙම ම්ලේච්ඡයින් යලි සන්නද්ධ නොවේයයි තිබෙන සහතිකය කුමක්ද?

වත්මන් පාලකයින් කොටි ත්‍රස්තවාදීන් හා රන විරුවන් පිළිබඳව දක්වන අදූරදර්ශී ආකල්පය අත නොහැරියොත් හෝ පරගැති පාලනයේ වෙනසක් සිදු නොවුවහොත් රට යලිත් 2009 ට පෙර පැවති ත්‍රස්ත භීතිය, සංත්‍රාසය රජයන යුගයක් ඉල්ලන් කෑම වැඩි ඈතක නොවේ.

-එස්. අකුරුගොඩ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ලගදීම ඉල්ලන් කයි එතකොට අහමු වෙනස සැපද කියලා

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions