11/10/2015

පාවඩයන්ගේ පාවා දීම...

කතෘ:යුතුකම     11/10/2015   1 comment

  • ලංකාවේ එහෙම උනාට වෙන රටවල එහෙම වෙන්නේ නැත. ඕනෑම රටක රජයක් තම රටට එරෙහිව යෝජනා ඉදිරිපත් කරන්නේ නැත. ලෝකයේ පළමු වතාවට රටක් විසින් එම රටටම එරෙහිව යෝජනාවක් ගෙන ඒම මෙවර ජිනීවාහිදී සිදු විය.  නමුත් ඒ අරුම පුදුම නිවට රට බවට අපේ රට අද ලෝකයා ඉදිරියේ නිග්‍රහයට පාත්‍ර වී හමාරය. ජිනීවාහිදී දණ ගසා යටත් වීම පිළිබඳ සතුට පල කරන්න ඔබාමා ජයග්‍රාහි හැඟීමෙන් නිව්යෝක්හිදී සිරිසේනට මහපට ඇඟිල්ල දිගු කර පෙන්වන්නේ ඒ නිසාය. ඔබාමලාගේ ජයග්‍රහනය ලංකාවේද ජයග්‍රහනයක් විය හැකිද?

  • ලංකාව මතින් වැටී  ඇතී අධිරාජ්‍යවාදී ගමනට ඕනෑ කරන පාවඩ දෙකකි අපේ සිරිසේන සහ රනිල් දෙදෙන. තමනට රිසි සේ මේ ලක් දෙරණ මත මේ පාවඩ එලා ගත හැකි අයුරින් ඔවුන් මෙහෙයවා ගැනීමට සියල්ල සැළසුම් කර ඇත.  සුද්දන්ගේ පාවඩ බවට පත්වීම මේ පාවඩයන් විසින් අපට පෙන්වන්නේ "ලෝකය දිනුවා" යන සන්නාම නාමය යටතේය.
  • බටහිරයන් ඉදිරියේ මේ පාවඩයන් දණ ගසා යටත් වී ඇති පරිමාණය යමෙකුට විශ්වාස කළ නොහැකි මට්ටමට නිවටය. දීනය.
  • මේ පාවඩයන් විසින් ඇස් හිස් මස් සහ ජීවිත පරිත්‍යාග කරමින් මේ රට නොමිනිස් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගත් රණ විරුවන් විසින් පහත සඳහන් අපරාධ යුධ උපක්‍රම ලෙස (හුදු කේවළ සිද්ධීන් ලෙස නොවේ) සිදු කළේය යන සාහසික සාවද්‍ය චෝදනාව ඉමහත් සාදරයෙන් පිලිගෙන ඇත.

    • නීති විරෝධී මිනීමැරුම්
    • ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් ප්‍රචණ්ඩත්වය
    •  බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම්
    • වධ හිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්
    • සාමාන්‍ය ජනතාවට සහ පොදු ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම
    • මානුෂීය ආධාර වැළැක්වීම
    • විවෘත නොවු කඳවුරුවල අභ්‍යන්තරව අවතැන් වු පුද්ගලයන් රැඳවීම
  • ඉහත යුධ අපරාධයන්ට දඬුවම් කිරීම සඳහා ලංකාවේ වත්මන් නීතිය ප්‍රමාණවත් නොවන බවද මේ පාවඩයන් පිලිගෙන ඇත. ඉහත චෝදනා සියල්ලටම දඬුවම් දීමට ලංකාවේ නීතිය ප්‍රමාණවත් වුවත් ඒවා පද්ධතියක් ලෙස යුධ උපක්‍රම ලෙස භාවිතා කළේය යන වරද සඳහාය අලුතින් නීති වුමනා වී ඇත්තේ.

  • සාධාරණ විනිශ්චයක් ලබා දීමට ලංකාවේ පවතින අධිකරණ පද්ධතියද විශ්වසනීය නොවන බවද පිළිගෙන, ඒ බව අනෙක් රටවලටද යෝජනා කරන පාර්ශවකරුවකු බවටද අපගේ රජය පත්විය. 
  • ඉහත පිළිගැනීම් මත පදනම්ව, මෙම ක්‍රියාදාමය හුදෙක් අපරාධ සිදු වූවා යයි පිළිගෙන විදේශීය විනිසුරන්, අභිචෝදකයන් සහ විත්තියේ නීතීඥයන් යොදවා, අළුතෙන් නීති සකස් කර, දැනට පවතින අධිකරණ පද්ධතියට එපිටින් යාන්ත්‍රණයක් පිහිටුවා කරන රණවිරු දඩයමකින් අවසන් වන්නක් නොවේ. එය සමස්ථ ක්‍රියාදාමය තුළ එක අංගයක් පමණි. 
  • ත්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු බව රජය පිළිගෙන ඇත. ඒ මඟින් දැනට එම පනත යටතේ අත්අඩංගුවට පත්ව රාජ්‍ය නායකයන් ඝාතනය, ආගමික සිද්ධස්ථානවලට පහරදීම, සියගණන් සිවිල් වැසියන් මරාදැමීම ආදිය සඳහා දඬුවම් ලැබ සිටින සියළුම ත්‍රස්තවාදීන්ට නිදහස ලබෙනු ඇත. එපමණක් නොව, යළි ත්‍රස්තක්‍රියා හිස එසවුවහොත් අධිකරණයේ අවසරයකින් තොරව ඊට එරෙහිව පියවර ගැනීමට සන්නද්ධ හමුදාවන්ට ඇති හැකියාවද ඒ හා අහෝසි වනු ඇත.
  • මහජන ආරක්ෂක පනත අහෝසි කිරීමට හා සංශෝධනය යන දෙකටම රජය එකඟ වී ඇත. අහෝසි කළත් සංශෝධනය කළත් එහි අරමුණ පැහැඳිලිය. 1987 දී වර්ධරාජා පෙරුමාල් විසින් 'උතුරු නැගෙනහිර පළාත් සභාව' ඊළාම් කොඩි ඔසවා පළාත් ආණ්ඩුවක් ලෙස ප්‍රකාශ කරමින් දෙමළ ජාතික හමුදාවක් තනන විට, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එම පළාත් සභාව නිෂ්ක්‍රිය කිරීමට අවශ්‍ය විධිවිධාන සැපයූවේ මෙම මහජන ආරක්ෂක පනත මඟිනි. එය අහෝසි කර හෝ මොට කර හෝ දැමීම මඟින් ජනාධිපතිට ජාතික ආරක්ෂාවට බලපෑමක් ඇතවන වස්ථාවකදී ඊට මැදිහත් වීමට ඇති ඉඩ අහෝසිවනු ඇත.  බෙදුම්වාදීන්ට එය නොබෝ දිනකින්  බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.
  • එපමණක් නොව, අප වෙත ඉන්දියාව විසින් බලෙන් පැවරූ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමටද අපගේ වත්මන් රජය ඇමරිකාව හා එක්ව යෝජනා කරගෙන ඇත. මෙතෙක් කිසිදු රජයක් ඉඩම් බලතල සහ පොලිස් බලතල පළාත්සභාවලට ලබා දෙමින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොකළේ එමඟින් රට දෙකඩ වීම පියවර ගණනාවකින් ඉදිරියට යන බැවිනි.
  • විදෙස් නැතිනම් දෙමුහුම් අධිකරණයට අමතරව සත්‍ය සෙවීමේ කොමිසමක්ද ඇති කෙරේ. රජයේ ඇතැම්හු මෙම සම්පූර්ණ ක්‍රියාදමයම සත්‍ය සෙවීමේ කොමිසමක් පමණක් යැයි පවසන්නේ වාර්තාවේ එම කොටස පමණක් කියවා ඇති නිසා නොව, ඔබ නොමඟ යැවීමේ දුර්දාන්ත කුහක චේතනාවෙන් යුක්තවය. මෙම සත්‍ය සෙවීමේ කොමිසම හරහා තව දුරටත් විදෙස් මැදිහත් වීමක් සහිතව රට තුළ සාක්ෂි එකතු කර අර දෙමුහුම් අධිකරණයට ඒවා සැපයීමේ අවස්ථාව උද්ගත වේ. ඒ සියළු කරුණු ශ්‍රී ලංකා රජය තවදුරටත් බෙලහීන කර අසරණ කරනු පිණිස ජාත්‍යන්තරව භාවිත කරනු ඇත.
  • අපගේ රට යටත් කර ගැනීමේ ක්‍රියාවලිය කොතරම් බරපතළද යත් මෙසේ අළුතින් නීති පනවා පිහිටුවන්නට නියමිත අධිකරණ ඇතුළු අනෙකුත් ආයතනයන්ට විදේශිකයන් ඇතුලත් කිරීමෙන් පමණක් ඔවුහූ සෑහීමකට පත් වී නැත. මේ සියල්ල  විමර්ශනය, අධීක්ෂණය සහ පාලනය කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් වරයාගේ ක්ෂේත්‍ර කාර්යාලයක් ලංකාව තුළ පිහිටුවීමටද අපගේ රජය එකඟ වී ඇත. එමඟින් බටහිර බලවේගවලට රට තුළ ස්ථිර ලෙස රැදී සිටීමේ හා පාලනය කිරීමේ අවස්ථාව උදා වේ.
  • උතුරින් හමුදා ඉවත් කිරීම, ආරක්ෂක හමුදා සංඛ්‍යාත්මකව කුඩා කිරීම සහ ආරක්ෂක අංශවල බරපතළ ප්‍රතිසංස්කරණ සිදු කිරීමද අපගේ රජය සාදරයෙන් පිළිගනු ලැබ ඇත. සන්නද්ධ හමුදාවන්හි සියළු උසස්වීම්, විදේශීය පුහුණු අවස්ථා ආදිය ලැබෙනු ඇත්තේ රට නොතකා හරින ප්‍රමාණයටය.
  • "අපි වෙනුවෙන් අපි" වෙනුවට "අපට එරෙහිව අපි" යන අරුම පුදුම සංකල්පයක් මේ පාවඩයන් හරහා කරළියට පැමිණ ඇති බව පක්ෂ පාට භේදයෙන් තොරව ඔබට පෙනී යා යුතුය.
  • මේ සියළු යටත්වීම හරහා ඊළම වෙත අළුත් කෙටි පාරක් ගොඩනගා ගැනීමට හැකියාව මේ පාවඩයන් විසින් විවර කර දී තිබේ.
  • ඊළම වෙත යාමට අළුතෙන් සාද ගත් කෙටි ගමන් මඟ මීළඟ ලිපියෙන් පෙන්වා දෙන්නෙමු.
[යුතුකම සංවාද කවය විසින් බෙදාහරින  "දේශය අනතුරේ..: ඔබ මේ ගැන දැනුවත් ද? " පත්‍රිකාවේ මුල් කොටස ඇසුරෙන් ]

සම්බන්ධිත ලිපි:
සිරිසේනලා රණ විරුවන් බේරා ගත් හැටි

යුතුකම සංවාද කවය
www.yuthukama.com ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. විමලසේන11/11/2015 6:59 AM

    පාදඩ පාවඩයෝ..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions