එදා රජ දවස ඔද තෙජසින් පිරුනු
මෙදා නිවටයින් රජ පුටුවල වැටුනු
නිදා හිඳින තුරු ජාතික පෙම බිඳුනු
කදා වළලු ගෙනයති එලිපිට නපුරෝ
රටක් බෙදන්නට හැල්මේ පොර බැඳුනු
එහෙත් නිවට පාළකයන් නිදි වැදුනු
කටින් බතල හිටවන්නට දිව නැමුනු
වදන් වලට විතරද අද තැන ලැබුනු?
දෙකට නැමෙන දුටු විට සුදු මහත්තුරු
විකට රැඟුම් දෙති පටවා දහක් බොරු
කපටකමින් රට වනසන මෙහෙම හොරු
සැපට තවත් කනවද විස පැණි හකුරු?
රටක් බෙදන බෙදුම්වාදයේ නපුරු
රඟන්නේ තවත් අද ලිප නටන තුරු
හුඹස් වලට වී බඩ කට රැකෙන තුරු
තපස් රකිමුදැයි රට ගිණි තියන තුරු?
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
බලාගෙන හිටපියව් මරාට කෙළවෙන හැටි
ReplyDeleteබලාගෙන හිටපියව් නාමලා එල්ලුම්ගස් යන හැටි
බලාගෙන හිටපියව් යෝශිතයා හිරේ යන හැටි
බලාගෙන හිටපියව් ගෝටයි බැසිලයි එක මාන්චුව දාගෙන හිරේ යනහැටි.