6/19/2016

වෘක මෙහෙයුම්වලට නොරැටෙනු!!

කතෘ:යුතුකම     6/19/2016   No comments

-නාමල් උඩලමත්ත-
වෘක මෙහෙයුම්වලට නොරැටෙනු!!


ඔවුන් පැතුවේ මෙයමය...!!!


2015 සිරිසේන යොදා කළ 1815 පන්නයේ මහා පාවාදීමට පසු මේ යහපාලන උගතුන්ගේ එකම අරමුණ වූයේ ආණ්ඩුවේ රට විනාශ කිරීමේ වැඩපිළිවෙළ රිසි සේ හැල්මෙි කරගෙන යාමට සරු බිමක් සැකසීමය. ඒ සඳහා යහපාලන උගතුන් පසුගිය මැතිවරණයට යොදා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණය.

එහෙත් මධ්‍යස්ථ වෙස්ගත් මේ කල්ලිය තමන් රවටා තමන් සමඟ රටද තම දරු මුනුබුරන්ගේ අනාගතය ද පතුළ නොපෙනෙන අගාධයකට විසි කර ඇති බව රටත් සමඟ වේගයෙන් ප්‍රපාතයට ඇදී යමින් වුව ජනතාව අවබෝධ කර ගෙන තිබිණි. එහෙයින් ජවිපෙ ලවා විපක්ෂය හයිජැක් කිරීමේ මෙහෙයුම අසාර්ථක විය. ආසන තිහට හතළිහට ගණන් හැදූ ජවිපෙ ආසන 4-5ට සීමා කිරීමට ජනතාව තීන්දු කළ හෙයිනි.

දැන් කල්ලිය නැවත වටයකින් කුරුමානම් අල්ලන්නේ විපක්ෂය හයිජැක් කිරීමටමය. ආණ්ඩුවේ ජනතා විරෝධි දේශද්‍රෝහි වැඩපිළිවෙළ හමුවේ ආණ්ඩුවෙන් ඈත් වන ජනතාව විපක්ෂ බලවේල සමඟ එක් වනු වළකා ඔවුන් සඳහා දේශපාලන අවතැන් කඳවුරක් තැනීම මේ මෙහෙයුමේ එකම අරමුණයි. එවිට ආණ්ඩුවට යහතින් තව කලක් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් යෝජිත ව්‍යවස්ථාව ඔස්සේ බුදු දහමට හිමි නෛතික ප්‍රමුඛත්වය අහිමි කර සමලිංගික ෆෙඩරල් රාජ්‍යයක් තැනිය හැකි ය. ඉන් ඔබ්බට උතුරුකරේ ආසියාවේ ඊශ්‍රායලය හැදීම බටහිර සහ ඇමරිකාව භාරගනු ඇත. එකල්හි දකුණේ පලස්තීනය නිර්මාණය වනු ඇත.

එසේ නොමැතිව මේ කල්ලිය සැබවින්ම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයෙන් යහපාලනය පැතුවේ නම් ඔවුන් මේ රටේ මෑත කාලීන ඉතිහාසය පවා නොදත් දිළිඳු දේශපාලන විඥානයක් හිමි අසරණයෝ ටිකකි. උඳු වපරා මුං පැතූ, දිඹුල් ගහෙන් මල් පැතූ, ගණිකාවකගෙන් කුමරි බඹසර පැතූ තවමත් කනා බල්ලන් ගහන මේ පිරිස කළ යුත්තේ රටට මඟ කීමට පෙර තමන් නිසි මඟ සොයා ගැනීමය.

ඔවුන් තමන් රැවටූ ආණ්ඩුවට එරෙහිව පාරට බැසිය යුතුය. ආණ්ඩුවේ ද්‍රෝහී ක්‍රියාවලට රටට දැනෙන ලෙස නිසි බරින් එරෙහි විය යුතුය. වැට් බදු නැංවීමට, වාහන බදු නැංවීමට, පාසල් නිල ඇඳුම් කප්පාදුවට, රටේ ජාතික ආරක්ෂාව විනාශ කිරීමට, එට්කා ගිවිසුම හරහා රට ඉන්දීය කොලනියක් කිරීමට, මහබංකු වංචාවට, මැති ඇමතිලාගේ සුපිරි වාහන මේනියාවට, හොරු දූෂිත යැයි හංවඩු ගැසූ අයට මැති ඇමතිකම් සහ සංවිධායක ධූර ලබා දීමට එරෙහි විය යුතුය. එහෙත් ඊට එරෙහිව නඟන්නේ ජාමේ බේරා ගැනීමට බලු කෙඳිරිල්ලක් පමණි. ඒ කිසිවක් නොකර මෙදා මේ අය කිරීමට සැරසෙන්‍නේ රට විශාලා මහනුවරක් බවට පත්ව ඇති යුගයක බොරු චෝදනා නඟමින් මහින්දට බනිමින් ජනතා අැසට වැලි ගසා නියමින් සහ අනියමින් ආණ්ඩුව රැකීමටය. ඒ ජනතා ද්‍රෝහි මෙහෙයුම පරාජය කළ යුතුව ඇත. රට දැය සමය නාමයෙන් දවල් වැටුණු වළේ රෑ නොවැටිය යුතුමය..

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions