6/15/2016

ශ්‍රී ලංකාව තව බෙදිය හැකිද?

කතෘ:යුතුකම     6/15/2016   No comments

-ශ්‍රී රෝහණ -
දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායකයින් දැන් තරඟෙට මෙන් වෙනම දෙමළ පළාතක් ලංකාව තුල පිහිටුවීමට වෙර දරති. සම්බන්ධන් විපක්ෂ නායකට අනුව උතුරු නැගෙනහිර දෙමළ පළාතකුත්, නැගෙනහිර මුස්ලිම් කළාපයකුත් එයට අමතරව ඌව පළාතේ දෙමළ ජනයාට වෙනම පළාතකුත් අවශ්‍යය. තවද අන් පලාත් හයේ සිංහළ, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජා, කේරළ (මලයාලම්), චෙට්ටි,පාර්සි,බෝරා ඇතුලු සියලු දෙන එකට ජීවත් විය යුතුය.

පළාත් හයක එකට ජීවත්වෙන්ටත් අනිත් පළාත් තුනේ වෙනමම ජාතියක් ලෙස වෙනම රටක් ඉල්ලන්නේ කුමක් සඳහාද?දෙමළ හා මුස්ලිම් බහුතරය ජීවත්වන්නේ උතුරු නැගෙනහිරෙන් පිට බව ඕනෑම අයෙක් පිළිගනී. අගනුවර ජන අනුපාතය අනුව බහුතරය මුස්ලිම්ද,දෙවනුව දෙමළද, සිංහළ ජනඅනුපාතය සුලු තරය වන අතර එය 20% පමණ වේ. මේ අනුව යන්තම් වැටහීමක් ඇති අයෙකුට තේරෙන දෙයනම් ශ්‍රී ලංකාව තුල දෙමළ හා මුස්ලිම් ජන කොටසට ඕනෑම තැනක පදිංචිවී තම දෛනික කටයුතු කරගැනීමට නිඳහස ඇති බවය.

TNA ලංකාවේ අනාගත සිතියම 2016 ජනවාරී

2016 මැයි වනවිට දෙමළ ජාතික සන්ධානය තම නිජබිම් ලෙස ඌව හා කොළඹඳ එකතු කර ඇත. නව යෝජනා ලෙස ඉදිරියට සඹරගමුව, නුවරඑළිය,මධ්‍යම හා මාතලේ උතුරු නැගෙනනහිරට එකතු කිරීමට වුව යෝජනා ආවට පුදුම විය යුතු නෑ. අද ඉල්ලන බලතල අනුව ඔවුන් ඉතාම ඉක්මනින් මෙරටින් වෙන්වී දෙමළ රට (Tamil Nadu) සමඟ එක්වී මෙරටේ ඓතිහාසික සිංහළේ ගෝකණ්ණ (ත්‍රීකුණාමළ) වරාය ඇමරිකානු යුද්ධ උන්මන්තකයින්ට පැවරීමේ න්‍යාය පත්ත්‍රයට අනුව වැඩ කරන අතර එයට සිංහළ බෞද්ධ විරෝධී රනිල්,චන්ද්‍රිකා හවුල අවශ්ය සියලු පහසුකම් සළසනු ලැබේ.






ශ්‍රී ලංකාවේ අනාගත සිතියම 2016 මැයි
ශ්‍රී ලංකාව කැබැලි පහකට කැඩීමට උතුරු පළාත් සභාව ඉදිරිපත් කළ දේශපාලන විසඳුමයි.මේ දේශපාලන විසඳුම යටතේ ශ්‍රී ලංකාව මෙලෙස කැබැලි වේ.

1. උතුරු නැගෙනහිර ප්‍රාන්ත රාජ්‍යය
2. උතුරු නැගෙනහිර මුස්‌ලිම් කලාපීය කවුන්සිලය
3. උඩරට ද්‍රවිඩ කලාපීය කවුන්සිලය
4. මහ කොළඹ ප්‍රදේශය

නුදුරු අනාගතයේ අප රට වෙන්කර දකුණු ආසියාවේ යුගෝස්ලෝවියා පන්නයට රටවල් තුනක් හෝ පහක් කළද පුදුම වියයුතු නැත. එසේත් නොවී ලාංකික සිංහළයින්ට පලස්තීන පන්නයේ තම මව්බිම තුල අනාතයින් වීම වුව පුදුමයට හේතුවක් නොවේ. එසේ වුවොත් අනාගතය කෙසේ වේද?


භූමි ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් 196 න් 121 වන ස්ථානයේය.196 වන ස්ථානය ව.සැ භාගයක් වන වතිකානූ නගරයයි. මේ අනුව බලන විට අප භූමියෙන් කුඩා රාජ්‍යකි.

විශාලත්වය
රට
ව.කිමී
1
රුසියාව
17,098,242
2
කැනඩාව
9,889,000
3
චීනය
9,388,211
4
ඇඑජ
9,147,420
5
බ්‍රසීලය
8.515.767
6
ඔස්ට්‍රේලියාව
7,692,024
7
ඉන්දියාව
3,287,590

119
අයර්ලන්තය
71,273
120
ජෝර්ජියාව
69,701
121
ශ්‍රීලංකාව
65,611
122
ලිතුවේනියා
65,201
123
ලැට්වියා
64,589

මෙය තවත් දුරට බැලුවොත් විදේශිකයින් සසඳන ආකාරයට ඔස්ට්‍රේලියාවේ කුඩා දුපතක්වන ටැස්මේනියාවද ලංකාවට වඩා විශාලය. එසේත් නැතිනම් ඉන්දියාවෙන් 1/50 කි. එසේම තමිල්(දෙමළ) නිජබිමවූ තමිල් රට (Tamil Nadu=රට) ව.කි 130,058 කි. අප රට මෙන් දෙගුණයක් විශාලය.අපේ රට තමිල් නිජබිමෙන් 1/2 කි.

ලෝක ජනගහන ඝනත්වය වැඩිම රටවල් දත්ත අනුව ශ්‍රී ලංකාව ලෝකයේ අධික ජනඝනත්වය ඇති රටවල් සියයෙන් දහතුන්වන ස්ථානය ගනී. එය වර්ඝ කි.මී ජනගහනය 309 කි. දැන් මෙය ව.කි.මී ජනඝනත්වය 325කි. ජනගහනය දෙගුන වන විට ජනඝනත්වය ව.කි 600+ දක්වා වැඩි වේ. එසේ වුවත් ඊළමට උඩගෙඩි දෙන කැනඩාවේ ජනඝනත්වය ව.කි.මී 4 පමණද,ඔස්ට්‍රේලියාවේ 3 ,ඇ.එ.ජ 34 , ද.අප්‍රිකාවේ 43, ප්‍රංරශයේ 118, ස්විට්සර්ලන්තය 201, එංගලන්තය 262 වී අපේ රට බෙදීමට අවවාද දීමය.
ජනඝනත්වය අනුව බස්නාහිර, මධ්‍යම,දකුණ හා සඹරගමුව ඉතා අධික ජනාධික පළාත් වන අතර ව.කි.මී 400 පමණ වේ.මෙය ලෝක මට්මෙන් වුව ඉතා අධිකය. ජනගහනය දෙගුන වන විට ජනඝනත්වය ව.කි 800+ දක්වා වැඩි වේ.

2012 ජනගහණ සංඛ්‍යාලේඛනයට අනුව
පළාත
අඟනුවර
භූමිය ව.කි.මී
අභ්‍යන්තර ජලය ව.කි.මී
ජනගහනය
ජන ඝනත්වය ව.කි.මී
මධ්‍යම
මහනුවර
5,575
99
2,571,557
461
නැගෙනහිර
ත්‍රීකුණාමලය
9,361
635
1,555,510
166
උ.මැද
අනුරාධපුරය
9,741
731
1,266,663
130
උතුර
යාපනය
8,290
594
1,061,315
128
වයඹ
කුරුණෑගල
7,506
382
2,380,861
317
සඹරගමුව
රත්නපුරය
4,921
47
1,928,655
392
දකුණ
ගාල්ල
5,383
161
2,477,285
460
ඌව
බදුල්ල
8,335
165
1,266,463
152
බස්නාහිර
කොළඹ
3,593
91
5,851,130
1,628
එකතුව

62,705
2,905
20,359,439
325

උතුර නැගෙනහිර ඌව ශ්‍රී ලංකාවෙන් වෙන්කර ඊළම පිහිටවුවොත්?
පළාත
අඟනුවර
භූමිය ව.කි.මී
අභ්‍යන්තර ජලය ව.කි.මී
ජනගහනය
ජන ඝනත්වය ව.කි.මී
නැගෙනහිර
ත්‍රීකුණාමලය
9,361
635
1,555,510
166
උතුර
යාපනය
8,290
594
1,061,315
128
ඌව
බදුල්ල
8,335
165
1,266,463
152
එකතුව

25986
1394
3,883,288
149
අනිත් පළාත් හය

36,719
1511
1,6476,151
448

වගාබිම්, ස්වාභාවික වනාන්තර, අභයභූමි, මඩවගුරු, ගංගාධාර හා ජලපෝෂිත ප්‍රදේශ කදුකරයට තවත් භූමිය අත්හළ විට අනාගත පරපුරට ජීවත්වීමට ඉතිරිවන්නේ ඉතා කුඩා භූමි ප්‍රදේශයක් සහිත රටකි.දැනටමත් බස්නාහිර ඉඩම් හිඟය.ඉතා සරුසාර වගාබිම්,කුඹුරු හා පොල්ඉඩම් කට්ටිකර දිනපතාම විකුණයි. මධ්‍යම හා කදුරට ජනවර්ධනය අනුව පිරීගොස් ඇත. අරණායක නායයෑම නියම උදාහරණයකි. සිංහළයින් පණපිටින් වැළලීමට පටන්ගෙන ඇත.

අනාගතයේ ජනගහන වර්ධනය සමඟ දැනට ඇති නැගෙනහිර,උතුර උතුරු මැදද, වව්නියා හා මන්නාරම් දිස්ත්‍රීක්ක අනිවාර්යයෙන් අනාගතය සඳහා තබාගත යුතුය.මේ ප්‍රදේශ අතීත රජ රටය. මන්නාරම දිස්ත්‍රීක්කයේ ඇති අතීත ලෝකයේ තුන්වෙනි උසම ගොඩනැගීම වූ ජේතවනාරාමය සෑදු මහසෙන් රජුගේ යෝධ වැවද දෙමළ ජාතිවාදීන් පෙරියනම්කුලම් ලෙස නම් ගසාගෙන ඊනියා දෙමළ නිඡ බිමට ඈදාගෙන ඇත. නැගෙනහිර පළාතත් ත්‍රීකුණාමලය වරාය ලන්දේසි පාලන සමයේත් උඩරට රජු යටතේය පාලනයවූයේ. හොඳම උදාහරණය නම් එකළ සියම් රටේ උපාලී භික්ෂූන් වහන්සේ ඇතුලු 500 නමක් මෙරටට නැව් මගින් වැඩියේ ත්‍රීකුණාමල වරායෙනි.එය දෙමළ නිජබිම නම් වැලිවිට සරණංකර සංඝරාජ තුමාට සියමෙන් භික්ෂූන් වැඩම්මවීමට පුලුවන්ද?දෙමළ ජාතිවාදී ගෝත්‍රවාදයේ පන්දම් හමුදාව වූ NGO බත්බැලයන්ට ඇමරිකන් ඩොලර් සරණං ගච්චාමී වී රට බෙදීමට ඕනෑ වූවාට එය බහුතර මතය නොවේ.දැනටමත් මේ පළාත් වලින් ව.කි.මී 25000 පමණ දෙමළ ජාතිවාදී ගෝත්‍රවාදී, ව්‍යාප්තවාදයට බිලිදීමට රනිල්, සිරිසේන, චන්ද්‍රිකා යම පාලනය එකඟවී පිඹුරුපත් සාදා හමාරය.

ව්‍යවස්ථා සංශෝධනය කිසිම මැතිවරණයකින් එක ආසනයිකින් ජන්ද 300 ගත නොහැකි මධ්‍යම පළාතේ ලසසප නායකයන් වූ චන්ද්‍රිකාගේ දෙපාවැඳ ලබාගත් ජනාධිපති නීතීඟ්ඳ පදවිය ආරෝපන කරගත් ජයම්පති වික්‍රමරත්නගේ හා ඔහුගේ ඇඹිත්තයා ලාල් විජේනායක නමින් ආවද එය 2002 නෝර්වේ හරහා ආ රනිල්-ප්‍රභාකරන් ගිවිසුමම වෙනත් ලෙසකින් එළිදැක්වීමකි. එසේත් නැතහොත් දෙමළ ජාතිවාදී ගෝත්රවාදයේ පියා වූ චෙල්වා ගේ වඩ්ඩුක්කොඩේ (වඩුගොඩ) යෝජනාමය.හාසයනම් චෙල්වාට වෙනම දෙමළ රටක් ඕනෑ වූවාට ජාතික කොඩියේ සිංහ ළකුණ ඉවත්කිරීම ඒ යෝජනාවල නොවීය. මෙවර එවරට වඩා දරුණුය. එවර පළාත් දෙකකි.මෙවර පළාත් තුනක් හා කොළඹද ඉල්ලයි. මේ සියලු ජාතිවාදී දොළ පිදේණි දෙන ගමන් සිංහළ පළාත් බෙදාගෙන කෑමඳ අවශ්‍යය. අවසානයේ සිංහළයට එක්කෝ මුහුඳට පැනීම, නැතිනම් තම රටේ සරණාගත වීම, නැතිනම් දෙමළ රටේ (Tamil Nadu)යටත් වැසියෝ වීම හෝ මුස්ලිම් වීමද ඉතුරුවන්නේ?




[යුතුකම පාඨක ලිපියකි]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions