6/19/2016

මීට අවුරුදු 6300 කට පෙර අපේ රටේ මිනිස්සු ධාන්‍ය පරිභෝජනය කළා - මහාචාර්ය රාජ් සෝමදේව

කතෘ:යුතුකම     6/19/2016   No comments

1986 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබද මුලික උපාධියත් (බී.ඒ. ගගෞරව) 1994 දී දර්ශනපති (MPhil ) උපාධියත් දිනූ මහාචාර්ය රාජ් සෝමදේව මහතා 2006 ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයෙන් (PhD) ආචාර්ය උපාධිය දිනා ගත්තේය. තත්විෂය පොහොණි කළ ප්‍රමාණික විද්වතෙකු වූ එතුමා දැනට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රධානයාද වෙයි. ක්‍රමගත සම්ප්‍රදාය ප්‍රශ්න කළ රාජ් සෝමදේව මහතා මෙරට පූර්ව ඓතිහාසික යුගයේ සිදුවූ ශිෂ්ටාචාරගත විකාශනය ගවේෂණය කිරීමට පහළොස් වසරක පර්යේෂණ ව්‍යෘතියක් දියත් කළේය. මේ එම දුෂ්කර ව්‍යායාමය අගයනු වස් වටමඬල කළ සංවාදයේ සංක්ෂිප්ත සටහනයි.

-සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි


ඔබ අපේ රටේ ශිෂ්ටාචාරගත උරුමය මතුකර ගැනීමට ඉමහත් කැප කිරීමක්‌ කරන විද්වතෙක්‌. මුලින්ම පැහැදිළි කළොත් අපේ රටේ ඉතිහාසය හා පුරාවිද්‍යාව හැදෑරීමේ ඇති වැදගත්කම කුමක්‌ද?

අපේ රටේ පමණක් නොව ඕනෑම රටක, සමාජයේ වෙසෙන පුරවැසියන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න අපිට පුළුවන් වෙන්නේ ඒ රටේ උරුමය ගැන මැනවින් හදාරලා ඒ පුරවැසියන් දැනුවත් කිරීමෙන්. අපි දන්නවා අපේ රටේ ඉතිහාසය අවුරුදු 2,500ක් පමණ පරණයි කියල කියන්න අපි පුරුදු වෙලා ඉන්නවා. එහෙම කියලා අපි ඒක ස්මරණය කරමින් ඉන්නවා. නමුත් අවුරුදු 2,500ක් නෙවෙයි ඊට වැඩිය ආපස්සට අවුරුදු 1,25,000ක් වගේ කාලයක් විහිදී යන ඉතිහාසයක් අපට තියෙනවා.

අපි ඉතිහාසය කියල කියන්නේ යම්කිසි භූමියක මිනිසුන් ජීවත් වීම පටන් ගත්ත කාලයට. ඒ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් අත්දැකීම් තමයි අපි ඉතිහාසය කියල කියන්නේ. මේ රට පහුගිය අවුරුදු හත්දහසෙම ඉන්දියානු ප්‍රධාන භූමියෙන් කැඩිලා ස්වාධීන දූපතක් හැටියට පැවතුණා. ඒ අවුරුදු 7,000 ඇතුළත සාගරයෙන් වටවෙච්ච මේ භූමි කඬේ අපිටම ආවේණික වූ සම්ප්‍රදායන්, දැනුම් පද්ධති අපි ගොඩනගා ගත්තා. ඒ නිසා අපේ දේශීයත්වයක් අපට ආවේණික ලෙස ගොඩ නැගුණා. ඒ දේශීයත්වයෙන් පිළිඹිමු කරන්නේ මේ රටේ මේ පස්වල, මේ කඳුවල, මේ ගස්යට, මේ කොළ මල් අනුභව කරලා සහජීවනයෙන් කාර්යක්ෂමව සහ සරලව ජීවත් වෙන්න පුළුවන් වඩාම තර්කානුකූල පහසුම ක්‍රමය කුමක්ද කියන එක.

ඇත්තෙන්ම ඒ අවුරුදු 7,000ක පැරණි දැනුම අපි පටන් ගන්නේ අවුරුදු 1,25,000 කට එපිට කාලයක ඉඳලා. දැනට සාක්ෂි සහිතව පුරා විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් ඔප්පු කරල තියෙනවා මීට අවුරුදු එක් ලක්ෂ විසිපන්දාහකට එපිට කාලයකදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල, පතිරාජවෙල, මිනිහාගල්කන්ද වගේ දකුණේ වෙරළ තීරයයේ ප්‍රදේශවලට ආදී හෝමෝ සාපියන්වරු ගොඩ බැස්සා කියලා. එතැන් පටන් මේ රටේ මිනිසුන් වාසය කිරීම පටන් ගත්තා. ඒසා කාලයක් තිස්සේ අපි මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න සුදුසු තර්කානුකූල පියවර ගොඩ නඟා ගත්තා. දැනුම් පද්ධති ගොඩ නැගුවා. ඊට පස්සෙ අපි ඉන්දියානු භූමිකඩෙන් වෙන් වූ පසු අපේ අනන්‍යතාව තව දුරටත් තහවුරු වුනා. ඒ නිසා අපේ සමාජය සුවපත් කරන්න, අපේ සමාජය සංතුලනය කරන්න වඩා යෝග්‍ය තර්කානුකූල දැනුම අන්තර්ගත වෙන්නෙ ඒ පසුගිය අවුරුදු දහස් ගණනක කාලය තුළ. එයත් මැනවින් සොයා බලා ජනතාවට පැහැදිලි කරල දිය යුතුයි.

ඒ වගේම අපි දන්නවා අවුරුදු 300කට ආසන්න කාලයක් තිස්සේ අපි යුරෝපීන් ජාතීන් තුනකට යටත්ව සිටියා. ඒ යටත් වූ කාලය තුළ අවුරුදු දහස් ගණනක් පැරණි අපේ දැනුම සමහරක් අතුරුදහන් වුනා. අනිත් පැත්තෙන් සමහරකගෙ මුහුණුවර මුළුමනින්ම වෙනස් වුනා. ඒ නිසා අපට නැවතත් සිද්ධ වෙලා තියෙනවා ඒ දැනුම ගවේෂණය කරන්න. පුරාවිද්‍යාව කියන්නෙත් ඉතිහාසය සොයන තවත් විෂයයක්. මේ දෙකෙන්ම ගොඩ නඟන්නේ රටේ පුරවැසියන්ගේ ඉතිහාසය. මේ ඉතිහාසය හැදෑරීම අපිට ප්‍රයෝජනවත් වෙන්නෙ වඩා සරලව සහ වඩා ඵලදායිව ජීවත් වෙන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න.

අපේ රටේ ඉතිහාසය අධ්‍යයනය කරද්දි අපට හමුවන චරිත අතරින් ප්‍රධාන චරිත දෙකක්‌ තමයි, බලංගොඩ මානවයා සහ විජය කුමරයා. මේ දෙදෙනා අතර සිදුවී ඇත්තේ කුමක්‌ද?
අපේ රටේ ඉතිහාසය ගත්තම එහි එක කාලයක් එනම් ක්‍රි.පු. 600 දක්වා නියෝජනය කරනවා විජය කුමාරයා. ඊළගට බලංගොඩ මානවයා අවුරුදු 12,500 දක්වා ඈත කාලයක් නියෝජනය කරනවා. මේ අවුරුදු 12500 යි මීට අවුරුදු 2500 කට කලින් යුගයයි අතර තියෙන පරතරය ගැන ඇත්තෙන්ම අපි කිසිවක් දන්නේ නෑ. අපි දැනට අවුරුදු 9ක් තිස්සේ ලංකා ඉතිහාසයේ තියෙන මේ කළු කොටස විග‍්‍රහ කරන්න, තේරුම් කරන්න, පර්යේෂණ මාලාවක් දියත් කර තිබෙනවා. ඒ කොටස ගැන ඉගෙන ගැනීම ඉතාම වැදගත්. ඊට හේතුව තමයි ගල් යුගයක ඉදලා ඉතිහාස යුගයකට පරිවර්තනය වෙන එක අපිට හදාරන්න පුළුවන් මේ අදුරු කාලපරිච්ඡේදය ඉගෙන ගැනීමෙන් පමණයි. මේ කාල පරිච්ඡේදය තුළ හුගක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. දඩයක්කාරයෝ යම්කිසි විදියකට ගොවියන් බවට පරිවර්තනය වීමේ පියවරක් අරන් තියෙනවා. ඒ නිසා අපි ඒක ගැන සොයමින් ඉන්නවා.

ඔබ මේ සඳහා අවුරුදු පහළොවේ ව්‍යාපෘතිය නමින් පර්යේෂණ ව්‍යාපෘතියක්‌ දියත් කළා. ඒ පිළිබඳ සඳහන් කළොත්...?
ලංකා ඉතිහාසයේ තිබෙන මේ අදුරු කාල පරිච්ඡේදය සෙවීම සදහා 2006 දී විතර අපි කල්පනා කළා අලුත් පර්යේෂණ ව්‍යාපෘතියක් දියත් කරන්න. අපි හිතුවා අඩුම තරමේ මේක විසදන්න අවුරුදු 15 ක් වත් යයි කියලා. දැන් අපි එයින් අවුරුදු 9 ක්ම ගත කරලා තියෙනවා. තව අවුරුදු හයක් ඉදිරියට තියෙනවා. නමුත් මට හිතෙනවා අවුරුදු පහළොවෙන්වත් මේ වැඩේ කරන්න බැරි වෙයි අපට ලැබී තිබෙන සාක්ෂි අනුව. පහුගිය අවුරුදු 9 තුළ අපට ලැබී තිබෙන සාක්ෂි ඉතාම සුබවාදී ඒවා. ඇත්තෙන්ම බලංගොඩ මානවයා එක තැනම පල්වෙවී ඉන්නේ නැතුව මේ ඉතිහාසය දෙසට යම්කිසි තල්ලුවීමක් සිදුවුනා කියන කාරණාව තහවුරු කරන්න අවශ්‍ය කරන සුන්බුන් සාධක දැන් අපට හම්බවෙලා තියෙනවා. මේ අපේ පර්යේෂණ අවම වශයෙන් ඉදිරියටත් තව අවුරුදු 6ක් කරන්න තියෙනවා. මං හිතනවා මේ අවුරුදු 06 දී අපට යම්කිසි විදිහේ මග පෙන්විමක් ලැබෙයි මේ ගල් යුගයේ හිටපු මිනිස්සු දිර්ඝ කාලයක් කොහොමද මේ රටේ ඉතිහසයට ඇතුල් වෙන්නේ කියන එක ගැන.

මේ පර්යේෂණ ක්‍රියාවලියේ එක කොටසක් ලෙස කූරගල පර්යේෂණයෙත් නිරාවරණය වූ කරුණු මොනවද?
මේ පර්යේෂණ අපි හුගක් කේන්ද්‍රගත කරලා තියෙන්නෙ මධ්‍ය කදුකරයේ දකුණු බෑවුම් ප‍්‍රදේශයට. ඒක අපි නියැදියක් හැටියටයි අරන් තියෙන්නෙ.මොකද මේ උඩ කඳු බෑවුම්වල ඉදලා පහළට එන කොට අපිට දේශගුණික කලාප කිහිපයක් පසු කරන්න පුළුවන් වෙනවා. ඉන් අපට පුළුවන් වෙනවා මේ පැරණි මිනිස්සු එකිනෙකට වෙනස් දේශගුනික කලාපවලට අනුවර්තනය වුනේ කොහොමද කියලා දැනගන්න. එය වැදගත් කාරණයක්. ඉතින් අපි පර්යේෂණ කටයුතුවල එක් කොටසක් වශයෙන් කූරගල, කල්තොට, දියවින්න , වැලිපොත්තේයා ය, පුහුල් යාය වගේ මධ්‍ය කදුකරයේ බෑවුම, රුහුණේ තැනිතලාවට ඒකතුවන ඒ මොහොර ප‍්‍රදේශය අපි ගවේෂණය කලා.
ඒවගේම කූරගල කදුවැටියේ තියෙන ගල්ගුහා අපි පරික්ෂා කළා. අපිට හුගක් දේවල් ඒකේදි දැක ගන්න පුලූවන් වුණා. අපි එක්තරා සෙල් ලිපියක් පිටපත් කලා, ඒ සෙල් ලිපියේ තියෙන්නේ බෞද්ධ භික්ෂුන්ට පුජා කරපු ලෙනක් පිලිබද පුවතක්. එහි වැදගත්ම දේ තමයි එම සෙල් ලිපිය යට "යගෂ" කියලා වචනයක් කොටලා තියෙනවා. ඉන් අදහස් කරන්නෙ "යකුන්ගේ " කියෙන අර්ථයයි. ඒ කියන්නෙ ඒ සෙල් ලිපිය කරවා තිබෙන අය තමන් හදුන්වාගෙන තිබෙන්නේ යක්ෂයින් හැටියටයි. ඒ නිසා අපි පුරාවිද්‍යාත්මක සාධක හා සාහිත්‍ය සාධක කියන දෙකම එකට බද්ධ කරලා මේ අපේ ස්වදේශික ප‍්‍රජාව බුදුදහම පිලිබඳ දැනීම විතරක් නෙමෙයි ලෝහ නිෂ්පාදනය කලේ කොහොමද, ශාක පරිභෝජනය කලේ කොයි විදිහටද, ඇයි එහෙම කළේ මොන කාලවලද කියන එක පිලිබදව ගැටළු නිරාකරණය කිරීම තමයි අපේ අවුරුදු 15 වේ ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ බවට පත්වෙලා තියෙන්නේ.

මේ දිනවල කරමින් සිටින් පර්යේෂණ මොනවාද?

මේ දිනවල අපි අතගහලා තිබෙනවා අර අපි 2015 ලූණුගල්ගේ ගල් ගුහාවෙන් සොයාගත්ත ධාන්‍ය ඇට පිටිපස්සේ පන්නන්න. අපිට වුවමනා වුණා මේක මේ ගල්ගුහාවේ වෙච්ච අහඹු සිද්ධියක් ද කියලා බලන්න. බොහෝ දෙනා එහෙම කියන්නත් පටන් ගත්තා. ඊට පස්සේ අපි මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 20 වෙනිදා ආරම්භ කළා බලංගොඩ වියළි කලාපයට අයිති දියවින්න උඩුපියන් ගල්ගේ කියන ගල්ගුහාව පරික්ෂා කරන්න.ඇත්තෙන්ම ඒ ගල්ගුහාව 1936 දී ආචාර්ය පි.පි දැරණියගල මහතා විසින් කැණිම් කරලා තියෙනවා. ඔහු ඉතා කෙටි වාර්තාවක් ලියලා තිබුණා ඒකෙන් ධ්‍යානය ඇට හම්බ වු බව සඳහන් කරලා. ඉතින් අපි ක‍්‍රමවත්ව ඒක පරීක්ෂා කලා. ඇත්තෙන්ම අපිට හම්බවුණා පිළිස්සිච්ච ධාන්‍ය ඇට. විශේෂයෙන්ම වී ඇට තුනක් අපිට හම්බවුණා. ඉතින් එක ඉතාම වැදගත් සාක්ෂියක්. ඒ ස්ථරයේම තිබිලා ගල් මෙවලම් හම්බවුණා, ආභරණ හැටියට පළදපු කහදගල් වලින් හදපු තැලි දෙකක් හම්බවුණ.ඉතින් අපි මේ දිනවල කරන්නේ අර අපේ ප‍්‍රධාන පර්යේෂණ ප‍්‍රශ්ණය වූ මේ රටේ ආදී මිනිසුන් ඒ කියන්නේ විජය ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ ඊට වඩා අවුරුදු සිය ගණනක් දහස් ගණනක් එපිට හිටපු ආදී මානවයින් කොහොමද තමන්ගේ කැලෑ ජිවීතය අතැරලා ග‍්‍රාමීය ජිවීතයකට පරිවර්තනය වෙන්න මහන්සි ගත්තේ කියන එක හොයන්න. ඒක දේශියත්වය පිළිබද වැදගත් කාල පරිච්ඡේදයක් වගේම දේශීය අනන්‍යතාවය පිලිබඳ වැදගත් ප‍්‍රශ්නයක්. අපි මේ දිනවල ඒ වැදගත් ප‍්‍රශ්නය පස්සේ පන්නමින් ඊට අදාල ස්ථාන කැණීම් කිරීම් හා ගවේෂණය කිරීම් සිදු කරමින් සිටිනවා.

ඉදිරියේ දී කිරීමට නියමිත පර්යේෂණ මොනවාද?

ඉදිරියට මේ පර්යේෂණ ව්‍යාපෘතිය තව අපට අඩුම තරමේ ස්ථාන 05ක් හෝ 06 ක් පරීක්ෂා කළ යුතුව තිබෙනවා. සාමාන්‍යයෙන් එක් තැනක් හෝ තැන් දෙකක් පරික්ෂා කිරීමෙන් ලොකු නිගමනයකට එළඹෙන්න අමාරුයි. ඒ නිසා අපිට නියමිතව තිබෙනවා මේ අවුරුද්දේ ජුලි මාසයේ නෙළුම් කුඹුර, පනාන කියන ගම් අතර තිබෙන පරගහ මඩිත්ත කියන ගල්ගුහාව කැනීම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉලූක්කුඹුරේ කඳු බෑවුමක තිබෙනවා අලූගල්ගේ කියලා ගුහාවක්. ඉතාම දුෂ්කරයි ඒකට ලංවෙන්න . නමුත් අපි සැලසුම් කරලා තියෙනවා ඒ ගල් ගුහාවත් කැණීමට ලක් කරලා කාල නිර්ණයට අවශ්‍ය කරන අගුරු සොයාගන්න. ඒ වගේම ඒ අගුරුත් එක්ක තියෙන අනිත් පුරාවස්තු මොනවාද කියලා පරීක්ෂා කරන්න. එතකොට අපිට මේ අවුරුද්දේ තව තැන් දෙකක් තියෙනවා පරීක්ෂා කරන්න. ඉලුක් කුඹුරේ ලුණුගල්ගේ නැවත පරීක්ෂා කල යුතුයි. මොකද එතැනදි අපිට 2015 දී මිනිස් දතක් හම්බවෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා එතැන ඇට සැකිල්ලක් තිබෙන්න පුළුවන් කියලා. එය සොයා ගන්න පුළුවන් වුණොත් අපිට මේ මිනිසුන්ගේ ජීව විද්‍යාත්මක අනන්‍යතාවය කොහොමද කියලා පරික්ෂා කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා 2015 අවුරුද්දේ තව කැනීම් 3ක් අපිට නියමිතයි පරගහ මඩිත්ත, අලූගල්ගේ හා ලූණුගල්ගේ , බලංගොඩ ඉලූක් කුඹුර හා පනාන කියන ප‍්‍රදේශවල.

ඔබ කාලාන්තරයක්‌ තිස්‌සේ මහත් වෙහෙසක්‌ ගෙන පර්යේෂණ සිදුකළේ මේ රටේ නියම උරුමක්‌කාරයන්ගේ අනන්‍යතාවය සොයායැමේ අදහසින්. මේ ස්‌වදේශික අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ඔබේ පර්යේෂණ තුළින් මෙතෙක්‌ නිරාවරණය වී ඇති සුවිශේෂ කරුණු මොනවාද?

අපට සැකයක් තිබුනා අපේ රටේ හිටපු අර පුරාණ ගල් යුගයේ මිනිස්සු, වෙනත් වචන වලින් කියනවා නම් බලංගොඩ මානවයා යම්කිසි කාලයකදී ශිෂ්ටාචාර මාවතට එන්නේ නැතුවම යම් කිසි කාලයකදී පසු බැහැලා ගියා කියලා. ඒ කියන්නේ ඔහු වනගත වෙලා ඒ වෙනුවට විදේශයකින් ආව ප්‍රජාවක් විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙන් හෝ උතුරු කොටසෙන් ආව යම් කිසි ප්‍රජාවක් යකඩ භාවිතය, වී වගාව අශ්වයන් වැනි දේවල් ලංකාවට ගෙනල්ලා අපේ රටේ සංස්කෘතිය දියුණු කරලා ඒගොල්ලෝ ආධිපත්‍යය දරාගෙන ඉදිරියට ආ බව.

නමුත් අපේ මේ අවුරුදු 15කට සැලසුම් කරපු ව්‍යාපෘතියේන් ගෙවුණු අවුරුදු 09 තුළම ඊට එරෙහිව දැනුමක් නිශ්පාදනය කළා. ඒ කුමක්ද කිව්වොත්, අර සම්ප්‍රදායිකව හිතුවා වගේ බලංගොඩ මානවයාගේ පරම්පරාව පසු බැහැල ගියේ නැහැ කියන එක සනාත කළා. ඔවුන් යම්කිසි උත්සාහයක් දැරුවා ඔවුන්ගේ දඩයම් ජීවිතය, සංචාරක ජීවිතය අතහැරලා ඒ වෙනුවට යම් කිසි ඉදිරියකට එන්න. ඒ ඉදිරියට එන එක අපට පෙන්නන්න පුලුවන් වුණා. ඔවුන් දඩයමට අමතරව ශාක ආහාර, ඇට වර්ග පරිභෝජනය කරන්න පුරුදු වුනා කියන කාරණය පෙන්නන් පුළුවන් වුණා. 2015 දී අපි බලංගොඩ ඉලුක් කුඹුර , ලුණුගල්ගේ කියන ස්ථානයේ ගල් ගුහාවේ කරපු කැණීමෙන් අපට සොයා ගන්න පුළුවන් වුණා පිලිස්සී ගිය වී ඇට සමග ධාන්‍ය වර්ග 35ක්. ධාන්‍ය වර්ගම නෙවෙයි ඇට වර්ග 35ක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ අතර වීත් තියනවා. ඒ සමහර ඇට වර්ග අපි පරීක්ෂා කරලා අඳුනගන්න මහන්සි අරන් තියනවා. ඒ සමහර ඒව අද බෙහෙත් ද්‍රව්‍ය හැටියට පාවිච්චි කරන ඒවා. උදාහරණයක් හැටියට වලඳ සහල්, කුඩු මිරිස්ස, වල් අබ වගේ ඇට වර්ග එතන තියනවා.

ඒකෙන් අපට පේනවා මේ සිංහල වෙදකමට අයිති ඥානය, එහෙම නැත්නම් මෙයින් පරිභෝජනය කිරීමට හැකි ධාන්‍ය මොනවද කියන දැනුම ඉස්සෙල්ලම අත්හදා බලන්න පටන් ගත්තේ මේ ලුණුගල්ගේ හිටපු මිනිස්සු. අපි ඒ පිච්චිච්ච ධන්‍ය ඇටම විදේශ විද්‍යාගාර වලට යවලා මේක විද්‍යාත්මකව කාල නිර්ණය කළා. ඒ විද්‍යාගාර වලින් අපට කියල තියනවා මේ සාධක අවුරුදු 6300ක් අවම වශයෙන් පරණයි කියන එක. ඒකෙන් අපට තේරෙනවා මීට 6300කට එපිට කාලයේදී මේ රටේ හිටිය මිනිස්සු මේ ධාන්‍ය ඇට වර්ග ආහාර ලෙස පරිභෝජනය කරන්න පටන් ගත්තයි කියන එක. ඒක තමයි මේ අවරුදු 9ක කාලය තුළ අපි නිෂ්පාදනය කරපු දැනුමේ පළවෙනිම දේ.

අනෙක් අතට ඔවුන් තාක්ෂණය වෙනස් කරල තියනවා. සම්ප්‍රදායික ගල් ආයුධ වෙනුවට අලුත් ගල් ආයුධ හදන්න පටන් අරන් තියනවා. පබළු වර්ග හදලා තියනවා. ගල් වලින් ගෙලේ පළඳින්න පුලුවන් තැලි හදලා තියනවා. ඉතින් අපේ පැරණි සමාජයේ අවුරුදු ලක්ෂ ගණනක් මේ රටේ ජීවත් වෙච්චි හෝමෝසාපියන්වරු ඉතිහාසය දෙසට, ශිෂ්ඨාචාරය දෙසට තල්ලු වෙනවා කියන එක ඉතාම ප්‍රගතිශීලි අදහසක්. ඒක එතෙක් දැනගෙන හිටියේත් නැහැ විශ්වාස කලේත් නැහැ. ඇත්තෙන්ම මේ දේශීයත්වය අරන් එන්නේ අර අවුරුදු ලක්ෂ ගණනක් අපේ රටේ ජීවත් වෙච්ච ඒ දඩයම් යුගයේ ප්‍රජාව බව අපි මේ ව්‍යාපෘතියෙදි කිව්වා. ඔවුන් ගොවියන් වෙන්න තැත් කළා.ඒත් මොනවා හරි හේතුවක් නිසා ඔවුන්ගේ ඒ වෑයම අපේ ඉතිහාසයට ඇතුළත් වෙලා රචනා වුනේ නැහැ.

පුරාවිද්‍යා පර්යේෂණයක්‌ වෙනුවෙන් එක කැණීමක්‌ සඳහා විශාල මුදලක්‌ වැය කරන්නට වෙනවා. එබඳු පිරිවැයක්‌ යන්නේ කුමන කාරණා සඳහාද ?

කැණීමක් කරන්න අඩුම තරමේ සති හයක කාලයක්වත් අපි ක්ෂේත්‍රයේ ගත කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි අවුරුද්දේ පායන කාලේ මාස තුනක් විතර කැණීමකට ගන්නවා. නමුත් අපි සති 6 කින් කඩිනමින් සීමිත කැණීමක් නිම කළොත් අපට පුහුණු පුරා විද්‍යාඥයන් හෝ ශිෂ්‍යයන් අඩු ගණනේ හය දෙනෙක්වත් යොදවා ගන්න වෙනවා. පස් ප්‍රවාහනය වගේ නොයෙක් නොයෙක් කරණාවලට කම්කරුවන් හතර දෙනෙකුවත් යොදා ගන්න වෙනවා. කම්කරුවකුට දවසකට රුපියල් 1000 ගානේ දවස් හතලිස් පහකට විශාල මුදලක් ගෙවන්න වෙනවා. කැණීම් කරන්න යන අයට නවාතැන්, ආහාර ආදියට වියදම් කරන්න වෙනවා. කොළඹ ඉඳලා බඩු එකවරක් ගෙනයන්න ආපසු ගෙනඑන්න වාහනයක් අවශ්‍ය වෙනවා.

ඒ වගේ වියදම් අපි පරිස්සමෙන් පිරිමසා ගත්තත්, අපට පිරිමසා ගන්නට බැරි වියදම් වගයක් තියෙනවා. ඒ තමයි අපේ ද්‍රව්‍ය කාල නිර්ණය සඳහා වන වියදම්. කාල නිර්ණය කරන කොට වඩා විශ්වාසදායක විද්‍යාගාරයකට එය යැවිය යුතුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටා තිබෙන Beta Analytics කියන ආයතනය. ඒ ආයතනය කාබන්, එහෙම නැත්නම් වෙනත් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් කාල නිර්ණය කිරීමට අය කරන මුදල අපට පුළුවන් අන්තර්ජාලයට ගිහින් හොයා ගන්න. ඒ ගාස්තු ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

අපි අඟුරු සාම්පලයක් යැව්වට පස්සේ දින නිර්ණය කරන්න ක්‍රම දෙකක් තිබෙනවා. එකක් සම්මත කාබන් දින නිර්ණය. ඒකට අපට ග්රෑම් විස්සක ද්‍රව්‍ය අවශ්‍යයි. පුරාවිද්‍යා කැණීමකදී අපට විශ්වාස නෑ හැම වෙලාවේම ග්රෑම් විස්සක් හොයා ගන්න පුළුවන් වෙයි කියලා. පස් දිය කරලා, පස් පා කරලා අපට ඊට අඩු ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා AMS (Accelerated Maas Spectrometry)කියලා. ඒකට ඕනෑ මිලි ග්රෑම් නවයක් වැනි ඉතා කුඩා ප්‍රමාණයක්. බොහෝ අවස්ථාවල අඟුරු හිඟ නිසා මේ AMS ක්‍රමය භාවිතා කරන්න වෙනවා.AMS ක්‍රමය සඳහා සාම්පලයකට ඩොලර් 680 ක් වියදම් කරන්න වෙනවා. රුපියල් වලින් නම් 90,000 ක් විතර. කැණීමකදී එක සාම්පලයක් පමණක් දින නිර්ණය කිරීම කිසිසෙත් ප්‍රමාණවත් නෑ

විද්‍යාත්මකව. අඩුම තරමේ සාම්පල තුනක්වත් දින නිර්ණය කරන්න ඕන. ඊට අමතරව, කුරියර් සේවා සඳහා ගාස්තු, ඒවා යැවීමට පෙර ITI ආයතනයෙන් සහතිකයක් ලබා ගන්නා ඕන මේවා අහස් යන්ත්‍රයේ ගෙන යන්න නම් පුපුරණ ද්‍රව්‍ය නෙමෙයි කියලා. ඊට රු.9000 ක් විතර වියදම් දැරිය යුතු වෙනවා. ඒ වගේම වෙනත් විශ්ලේෂණ කටයුතු තියෙනවා. උදාහරණයක් විදියට සතුන්ගේ ඇට කටු ලැබුණාම ඒවා පරීක්ෂා කිරීම සඳහා වෙනත් ආයතනවලට ගෙවන්න ඕන. සති හයක කැණීමක් කළාම අපට අවම වශයෙන් රුපියල් ලක්ෂ හයක් විතරක් මුදලක් වියදම් කරන්න වෙනවා.

මේ නිසාම තරුණ පිරිසක්‌ අපේ උරුමය රාඡ් සෝමදේව පුරාවිද්‍යා පර්යේෂණ අරමුදල නමින් සංචිතයක්‌ මුහුණු පොත ඔස්‌සේ ඇති කරගෙන තිබෙනවා. එහි අරමුණ ඔබේ මේ පර්යේෂණ කටයුතුවලට මුල්‍යමය සම්මාදමක්‌ ලබාදීම. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

 අපි පහුගිය අවුරුදු නවයක කාලය තුළ කරපු වැඩ කටයුතු දැක පැහැදී විදේශගතව බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරන ශ්‍රී ලාංකිකයින් අපට කතා කළා. ඔවුන් කිව්වේ අපි දුර බැහැර ඉන්න නිසා මේවට ඇවිත් භෞතිකව උදව් කරන්න පුළුවන් කමක් නෑ ඒත් වියදම්වන ප්‍රතිපාදන වලට යම් උරදීමක් කරන්න පුළුවන්. ඒ සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන අයට ඒ සදහා අවස්ථාවක් ලැබෙන්න යම් අරමුදලක් පිහිටුවාගෙන යාමේ වැදගත්කම සදහන් කළා. මම මුල් අවස්ථාවේ ඒකට එතරම් එකගතාවක් දැක්වූයේ නැහැ. ඉතින් ඒ ගොල්ලෝ ඉතාම උවමනාවෙන් ඇහුවා මේ පර්යේෂණ වැඩවලට කැමැත්තෙන් යම් ප්‍රතිපාදනයක් දීලා ඊට දායක වෙන්න පුළුවන් කොයි විදිහටද කියලා. පසුව මම ඉතාම සද්භාවයෙන් කරන මේ කටයුත්ත ගැන අවබෝධකරගෙන සාකච්ඡා කරලා එයාලට මම එකගතාවයක් ලබා දුන්නා. යම් කෙනෙක් ස්වේච්ඡාවෙන්ම මීට දායක වෙන්න කැමති නම් ඒ සඳහා ගිණුමක් ආරම්භ කරලා එය ඉතා පාරදෘශ්‍ය ආකාරයකට පවත්වාගෙන යාම සුදුසුයි කියලා. ඒ ගොල්ලන්ගේ ඉල්ලීම මත මම බැංකු ගිණුමක් විවෘත්ත කරලා ඒ විස්තර අපේ උරුමය සංවිධානයේ අයට ලබා දුන්නා. මොකද එවැනි සංචිතයක් පවත්වාගෙන යාම සුදුසුයි කියලා සමහර අවස්ථාවල මටත් කල්පනා වෙලා තියෙනවා. ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතාවය නිසා සමහර අවස්ථාවල අගුරු සාම්පල් මම ගෙදර තියාගෙන ඉදලා තියෙනවා මාස දෙක තුන.ඒ නිසා රටට ආදරය කරන මේ වගෙ පිරිසක් දෙයක් කරන්ට ඉදිරිපත් වීම මම හිතනවා ඒක ඇත්තෙන්ම තමන්ගේ මාතෘ භූමියේ අතීතය උරුමය සෙවීමට දක්වන විශාල උපකාරයක් කියලා. මොකද අපේ රටේ මේ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන තිබුණත් මේ වගේ කටයුතු සඳහා ප්‍රතිපාදන යෙදවීමේ ප්‍රමුඛතාවයක් නෑ. නොලැබෙනවා නෙවෙයි ලැබෙනවා. එය ප්‍රමාණවත් නෑ. නමුත් මේ තරුණ පිරිස අවබෝධ කරගෙන තිබෙනවා මේ රටේ උරුමය රැකගැනීම රජයට අයිති කාරණයක් පමණක් නෙවෙයි ඒකට පුරවැසියන් හැටියට තමන්ටත් වගකීමක් තිබෙන බව. මේ ගැන කල්පනා කරලා බලලා කවුරු හරි ස්වේච්ඡාවෙන් දායක වෙන්න කැමති නම් අපේ උරුමය සංවිධානය මුලික කරගෙන කරන්න. මේක බොහොම පාරදෘශ්‍යයි. විවෘතයි. මගේ අධීක්ෂණයට එය හැමවෙලාවෙම ලක්වෙනවා.

අපේ උරුමය පේජ් එකට මේ ලින්ක් එකින් (https://www.facebook.com/apea.urumaya/) පිවිසිය හැකියි 

.2016.06.02.දිවයින
රත්තනදෙණියේ මේධානන්ද හිමි

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions