6/16/2016

පළාත් සභා අහෝසි කිරිමෙන් ෆෙඩරල් සටන නවත්වමු - ගැටෙඕ නාහිමිගෙන් රටටම අවවාදයක්‌

කතෘ:යුතුකම     6/16/2016   No comments

-පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති
කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමි
-

පසුගිය සතියේ ද්‍රවිඩ එක්‌සත් පෙරමුණේ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජීලිංගම් වැනි සගයින් රැස්‌කොට ඔවුන්ට දුන් උපදේශයක්‌ පුවත් පතක දක්‌නට ලැබිණි. එහිදී ඔහු කියා සිටින්නේ අපට මේ රජයෙන් ෆෙඩරල් පාලනයක්‌ ලබා ගත හැකියි, එබැවින් දකුණ කලබල කරන කිසිදු ප්‍රකාශයක්‌ නොකර නිහඬව සිටින්න යන අදහසක්‌ එහි ඇතුළත්ව තිබෙනවා. දකුණේ සිංහලයන්ගේ දෑසට වැලි ගසා සූක්‍ෂම ලෙස රජයේ උපකාරයෙන් එය ලබා ගත හැකි බවට ඉඟියක්‌ එහි අන්තර්ගතව ඇති බවද පැහැදිලියි.

තිස්‌ වසරක බියකරු යුද්ධය අවසන් කොට රට එක්‌සේසත් කරමින් ඉතිහාසයට එක්‌ වූ ජාතික නායකයා මහින්ද රාජපක්‍ෂයයි. ඔහු ඇතුළු වීරෝධාර රණවිරුවන් වසර තිහක සාපයෙන් රට ගලවා නොගන්නට අද පාරාම්බාන අයට රටක්‌ කරන්න ඉතිරි වන්නේ පරලොව පමණයි. එබැවින් රණවිරුවන් දිවිපුදා දුන් දේශය යළිත් ඡන්දය උදෙසා පාවා දීමට යමෙක්‌ ක්‍රියා කරන්නේ නම් එය හෙණ පුපුරන අපරාධයක්‌ වනු නොඅනුමානය.

ඉන්දියාව යනු ලොව විශාලතම රාජ්‍යයි. එහි ප්‍රාන්ත රාජ්‍යයන් තිබීම ගැටළුවක්‌ නොවේ. හේතුව ජාතීන් සමුහයක්‌, භාෂා සිය ගණනක්‌ පවතින බැවිනි. එය මධ්‍යම රජයට පාලනය කළ නොහැකි තරම්ය. එහෙත් ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය ප්‍රාන්තයටත් වඩා කුඩා දිවයිනකි. මේ රටේ ඵෙයිතිහාසික, සාමාජික, ආර්ථික හා දේශපාලනික රටාව තුළ රට බෙදීම කිසිසේත් සාධාරණ නොවන්නේය. ඉතිහාසය පුqරාම දකුණු ඉන්දිය පාලකයන් මේ රට අල්ලා ගැනීමට, බෙදා ගැනීමට යත්න දැරුවත් මේ තත්වය තේරුම් ගත් දූරදර්ශි පාලකයින් වරින් වර බිහි වීම නිසාම ඔවුන්ගේ පටු අපේක්‍ෂා ඉටු කර ගැනීමට නොහැකි විය.

ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආර්. සම්බන්ධන් හා උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරම් පමණක්‌ නොව මුස්‌ලිම් ජාතික ඇමැතිවරයෙක්‌ද උත්සාහ දරන්නේ උතුරටත්, කන්ද උඩ රටටත් දෙමළ රාජ්‍ය දෙකකුත්, නැගෙනහිරට මුස්‌ලිම් රාජ්‍යයක්‌ ලබා දී දකුණේ සිංහල, දෙමළ, මුස්‌ලිම් තුන් වර්ගයටම අයත් රාජ්‍යයක්‌ ඇති කරන්නයි. උතුරට, නැගෙනහිරට, කදු රටට දෙමළ භාෂාව කථා කරන ජාතීවාදී තනි අයිතියක්‌ ලබා දී දකුණ අච්චාරු දමන්නයි ඔවුන්ගේ අදහස. මෙය කොතරම් සාධාරණද? මේ රටේ මුස්‌ලිම්වරු සියල්ලෝම සිය ගම් බිම්, ව්‍යාපාර හැර දමා නැගෙනහිරටත්, ද්‍රවිඩ සියල්ලෝම උතුරටත් යන්න කීවොත් එයට කැමැති වනවාද? එසේ නම් එය තරමක්‌ සාධාරණය, එහෙත් එය කළ හැකිද? එබැවින් අමනයන්ගේ ෆෙඩරල් යෝජනාවන්ගේ යටි අරමුණ වන්නේ මේරට යළිත් භීෂණයකට ලක්‌ කිරීමද? නොමග ගිය දෙමළ තරුණයන් යුධ මානසිකත්වයෙන් ගලවා පුනරුප්ථාපනය කොට රැකියා ලබා දී සිදු කළ මානව හිතවාදී සාමකාමී විසදුමට විස කැවීමට මේ ජාතිවාදී, අන්තවාදී මහලු ද්‍රවිඩ නායකයන් උත්සාහ දරන බව නොපෙනේද?

ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන සිවාජීලිංගම් නිතරම කථා කරන්නේ හදපුරවා ගත් ජාති වෛරයෙන්ය. ඔහුට අවශ්‍යව ඇත්තේ තරුණ පිරිස සමග යළි අවි අතට ගැනීමටය. කළ යුත්තේ පවතින රජයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගෙන උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීම නොවේද? ද්‍රවිඩයන්ට කියා රටක්‌
නැති අඩුව ඉන්දියාවෙන් පිරිමසා නොගෙන කිසිදා නොවැටෙන එකක්‌ පසු පස හබා යැමෙන් සිදු වන්නේ ද්‍රවිඩ ජනතාවටම ද්‍රෝහී වීමකි.

ඡන්ද සමයේ යහපාලනය විසින් ඡන්දය ලබා ගැනීම උදෙසා ෆෙඩරල් පොරොන්දු ලබා දුන් බවට ඇති රාවය දැන් කරළියට ඒමෙන් පෙනී යන්නේ එය සැබෑවක්‌ බවද?

කොටි සංවිධානය වසර තිහක්‌ ගෙන ගිය යුද්ධය සාධාරණ බව සම්බන්ධන් පවසන්නේය. එය රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය කිරීමෙන් නොවේද? මහඇමති විග්නේශ්වරම් මේ රට තුළ වෙනත් රජයකට හෝ බලය බෙදීමකට එකග නොවන බවට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඉදිරියේ දිවුරා ප්‍රකාශ කර ඇත. එබැවින් ෆෙඩරල් රාජ්‍යයක්‌ උදෙසා කථා කීරීම, අනුබල දීම, රාජ්‍යෙද්‍රෝහී කුමන්ත්‍රණයකි. දැන් ඔවුන් අත්අඩංගුවට ගත යුතු නොවේද?

ජාතීවාදීව ප්‍රශ්න විසදිය නොහැකිය. එහෙත් වර්ගයා අනුව රට බෙදුවොත් සිදු වන්නේ එක්‌ වර්ගයක්‌ විනාශ වන තුරුම යුධ කල කෝලාහල ඇති වීමයි. ඇතැම් මෝඩ සිංහල නායකයෝත් රාජ්‍ය නොවන සංවිධාන වලට මුවා වී ෆෙඩරල් දෙන්න, බලය බෙදන්න ඕන කියනවා. අපි යෝජනා කරන්නේ ඔවුන්ද මේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව කථා කරන නිසා දේශෙද්‍රdaහීන් බවය.

අප වරින් වර පුවත් පත් මගින් කියා සිටියා ජාතික කොඩිය, ජාතික ගීය, වෙනස්‌ කිරීමට කථා කරන අය ක්‍රමයෙන් අත පොවන්නේ රට බෙදා වෙන්කරන තැනකට බව. එය සැබෑවක්‌ දැයි ජනතාව සැකෙන් බලා සිටින්නේ අවශ්‍ය වෙලාවට සතුරා කවුරුන්දැයි හදුනා ගැනීමේ අභිලාශයෙනි.

සම්බන්ධන්, විග්නේශ්වරම්, සිවාජීලිංගම් මේ ත්‍රිත්වය එදා දොරෙඅප්පා, අමිර්තලිංගම් වැනි මහා ද්‍රවිඩ නායකයින් ඝාතනය කළ අන්දම දැන නොසිටියෝද? නයින්ට කිරි පොවා හදන අය තමන්ව පළමුවෙන් දෂ්ඨ කළ හැකි බව අමතක නොකරන්න.

අප පවතින රජයට අවධාරනය කරන්නේ යළි යුද්ධයකට රට ගෙන යන වැඩට උඩ ගෙඩි දෙන අයට නොරැවටෙන ලෙසයි. එල්.ටී.ටී.ඊ. යුද්ධ සමයේදී හිටපු ජාතික නායකයන් ඝාතනය කළ අන්දම අමතක නොකළ යුතුයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තම සහෝදර ගෝඨාභය රාජපක්‌ෂ මහතා සමග යුධ රහස්‌ රකිමින් සිදු කළ ක්‍රියාදාමය නිසා රට ගලවා ගත හැකි විය. මේ නිසා දැනට රට කරවන නායකයින්ටද ජීවත් වීමට අයිතිය ලැබුණි. වඩමාරච්චිය කිලිනොච්චිය ලෙසත්, අලිමංකඩ පාමංකඩ ලෙසත් යුධ මෙහෙයුම් හෑල්ලු කළ අය ආරක්‍ෂා වී ඇත්තේත් ඒ නිසයි. එබැවින් යළි යුද්ධයකට ගියොත් ඹගභගඡ හෝ ශ්‍රී ලංකා කියා බේදයක්‌ ඔවුනට නැත. සියල්ලෝම ඝාතනය කරනු ඇත. එබැවින් අප හැමදාම කියන දේ යලි රජයට සිහි කරන්න කැමතියි. උතුරේ ආරක්‍ෂක කඳවුරු එකක්‌ වත් ඉවත් නොකරන්න. බුද්ධි අංශ යළි සුරක්‍ෂිත කරන්න. සාමාන්‍ය ජනතාවට වෙනත් තැන්වල ඉඩ කඩම් දී නිවාස තනා දෙන්න. රැකියා හා පහසුකම් ලබා දෙන්න. කිසිවෙක්‌ එයට විරුද්ධ නැත. රට බෙදීම යනු මුළු මහත් සිංහලයන්ම මරණය කරා ගෙන යන යෝජනාවකි. මේ ගැන දේශපාලන, පක්‍ෂ පාට නොතකා සියල්ලෝම විමසිල්ලෙන් සිටිය යුතුය.

පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ සුළු ජාතීන්ට ලොව කිසිදු රටක නොලැබෙන තරම් වරප්‍රසාද ලැබී තිබේ. මීට වඩා දේත් ලබා දෙන්න ඇතැම් නායක නායිකාවන්ට අදහස්‌ පහල වී තිබේ. ඔවුන්ගේ පාරම්පරික දේපළ බෙදා දෙනවා වගේ රට බෙදා දෙන්න සිතීම බරපතළ කාරණයක්‌. එය ජනතාවගේ උත්තරීතර අයිතියක්‌. එබැවින් රට බෙදීම, ෆෙඩරල් ගැන කථා කරන කපටි දේශපාලකයින්ගේ අදහස්‌ පරාජය කරන ලෙස දේශ හිතෛෂි මහජන නියෝජිතයන්ගෙන් ද ඉල්ලා සිටින්න කැමතියි.

එක්‌තරා පුවත්පතකට සිවාජීලිංගම් මහතා කියා තිබෙනවා වත්මන් ආණ්‌ඩුව මහජනතාවගේ අශ්‍යතා ඉටු කරන්නේ නැති බව. එය විශ්වාස කළ නොහැකියි. පසුගිය ආණ්‌ඩුව වැඩියෙන්ම කළේ උතුර සංවර්ධනය කිරීමයි. (උතුර වසන්තය) උතුරේ මංමාවත් බලන විට එය විශ්මිත සංවර්ධනයකි. මේ රජයත් දකුණට වඩා උතුරට සම්පත් ලබා දෙනවා. ජාත්‍යන්තරයෙනුත් ඔවුන්ට සහන ලැබෙනවා. එබැවින් ද්‍රවිඩ නායකයින්ට තිබෙන්නේ ද්‍රවිඩ ජනතාව මුලා කොට ප්‍රභාකරන්ට බැරි වුණ බලය තමන් ලබා ගෙන වැජඹෙන්නයි.

ඇතැම් විට දේශපාලකයන් බලය උදෙසා ඉටු කළ නොහැකි පොරොන්දු ලබා දෙන බවද අපි දනිමු. යහපාලකයන් එසේ පොරොන්දුවක්‌ දී ඇත්නම් එය ඉටු නොකළාය කියා ජනතා විරෝධයක්‌ පැන නගින්නේ නැත. එබැවින් යහපාලන රජය ෆෙඩරල් යෝජනාව නොවිමසාම ප්‍රතික්‌ක්‍ෂේප කළ යුතුය. රජය කළ යුත්තේ උතුරේ සංවර්ධන කටයුතු සාධාරණව ඉටු කිරීමයි. අන්තවාදී ද්‍රවිඩ දේශපාලකයන් අතළොස්‌සකගේ පටු අදහස්‌වලට ඉඩ නොදීමයි. හැකි නම් පළාත් සභා බලයත් ආපසු පවරා ගන්න. එදා ප්‍රේමදාස යුගයේ උතුරු පළාත් මහ ඇමති වර්ධරාජා පෙරුමාල් ඊළාම් ප්‍රකාශයට පත් කළ අවස්‌ථාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඔහුට රට හැර යන ලෙස තීරණ ගැනීමට ක්‍රියා කළ අන්දම ආදර්ශයට ගත යුතුය. උතුරේ මහඇමති ධුරය ජාතිවාදය අවුලන නිලයකි. එබැවින් සියලු පළාත් සභා අහෝසි කර ප්‍රාදේශීය සභා මගින් පළාත් සංවර්ධනයට පියවර ගන්නේ නම් සුදුසුයි. ෙ-.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා ඇටවු පළාත් සභා උගුල සුදු අලියෙක්‌ නිසා එය අහෝසි කොට දැනට රටට දැරිය නොහැකි තරම් බරක්‌ වන අමාත්‍ය මණ්‌ඩලය මගින් රට සංවර්ධනයට ක්‍රියා කරන්නේ නම් රටට ඉමහත් මුදල් සම්භාරයක්‌ ඉතිරි වනවා පමණක්‌ නොව පළාත් මට්‌ටමින් සිදු වන මෙවන් රටට අහිතකර බෙදුම්වාදී පටු අදහස්‌ වලටද ඉඩ නොලැබෙනු ඇත.

විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් තම සගයන් පිරිසක්‌ සමග උතුරේ කිලිනොච්චි ගජබා හමුදා මූලස්‌ථානයේ මාර්ග බාධකද ඉවත් කරමින් බලහත්කාරයෙන්a ඇතුල් වීම ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගෞරවයට බරපතළ හානියකි. ලොවම මවිත කළ ත්‍රස්‌ත්‍රවාදය මුලිනුපුටා දැමීමට ක්‍රියා කළ හමුදාවක්‌ මෙතරම් නිවට තත්වයකට ඇද දැමීම බරපතළ වරදකි. ආරක්‍ෂක හමුදාව හමුදා නීතියට අනුව කඳවුරකට අනවසරයෙන් ඇතුල් වන්නන්ට එරෙහිව ඒ මොහොතේම පියවර නොගෙන පොලීසියේ පිහිට පැතීමද විහිළුවට කරුණකි. හිතුවක්‌කාර ලෙස යළිත් රට භීෂණයක්‌ කරා ගෙන යැමට ක්‍රියා කරමින් සිටින සම්බන්ධන් මහතා මේ රටේ පාර්ලිමේන්තුවේ වැදගත්ම නිලයක්‌ වන විපක්‍ෂ නායක ධූරයෙන් බැහැර කිරීමට විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ක්‍රියා කළ යුතුය. ද්‍රවිඩ නායකයින් දැන් දැන් සිදු කරනු ලබන ජාතීවාදී ක්‍රියාකාරකම් දෙස බලන විට ෆෙඩරල් ලබා දුන්නොත් මේ රටට දෙවියන්ගේම පිහිටයි' මේවා මේ පිළිබඳව වහ වහාම රජයේ අවධානය යොමු කළ යුතු බව අවධාරණය කරමි.
[Divaina]

-යුතුකම සංවාද කවය-
www.yuthukama.com
Like us on facebook :  https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions