-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-
ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් වාර්තාව කියවන විට නැගෙන ප්‍රධාන දුබලතා දෙකක් පෙන්වා දිය හැකි ය. එකක් නම් අදාළ වාර්තා කතුවරුන් මෙන්ම ඊට අදහස් එකතු කළ පුද්ගලයින් හා සංවිධාන ද පළාත් සභා ක්‍රමය නොමැති ලංකාවක් ගැන සිතීමට දක්වා ඇති නොහැකියාවයි. දෙවැනි දුබලතාව මතුව පෙනෙන්නේ පළමුවැන්නේ ම දිගුවක් ලෙස ය. එනම් අදාළ සංශෝධන සියල්ල ම පාහේ වාර්ගික රේඛා මතින් සැදුම්ලත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා වන පූර්ව නිගමනයක සිට සිය සිතුවිලි මෙහෙයවා ඇති බවයි. පළමු දුබලතාව හෙවත් පළාත් සභාව පවත්වා ගැනීමේ දැඩි රුචිය තේරුම් ගැනීමට හැකි එක් තර්කයක් වන්නේ වත්මන් රජය විසින් ඉන්දියාව පිනවීමට හා එහි උදහසට ලක්වීමට ඇතිි දැඩි භීතිය බව කල්පනා කළ හැකි ය. අනෙක නම් පළාත් සභා ක්‍රමය හරහා දමිළ ජනයාට දී තිබෙන ව්‍යාජ බලය බෙදීම් අපේක්‍ෂා තුළ දමිළයා මතු නොව කතුවරුන් ද හිරවීම ය. ඒ අනුව, ව්‍යවස්ථා සංශෝධනයක් දෙස විවෘත මනසකින් බැලීමට කතුවරුන් නොපෙළඹී ඇත.
ඇත්ත වශයෙන් ම ලංකාවට පළාත් සභා ඇවැසි ද? පළාත් සභා නොමැති ව බලය බෙදිය නොහැකි ද? මේ ප්‍රශ්න දෙක ම එකිනෙකට සම්බන්ධ ය. බොහෝ අය පළාත් සභා ක්‍රමය අනුදකින්නේ බලය බෙදීමේ ක්‍රමයක් ලෙස ය. මෙසේ බලය බෙදන්නේ අන් පදනමක් මත නොව වාර්ගික පදනමින්ය යන්න මෙහි ඇති අනෙත් කොන්දේසියයි.
අප මේ කටු අකුලෙන් මිදිය යුතු ය. එනම් පළාත් සභාව නොමැති- ඇත්ත හා ප්‍රායෝගික-වාර්ගික සීමා ඉක්මවා ගිය බලය බෙදීමකට යාමට අවශ්‍ය නව චින්තනයක් දෙස හැරිය යුතු කාලය එලඹ තිබේ. ලාල් විජේනායක කමිටුවෙන් යෝජිත ලෙස බලය බෙදීමකට ගියහොත් නැති ප්‍රශ්න ඇති වී රට එක ම එක අවුල් ජාලාවක් වීමේ විභවතාවක් නිරීක්‍ෂණය වීම නව ප්‍රවේශයක් ගැනීමට අපව උනන්දු කරන කාරණාව ය. මන්ද එහි එන බොහෝ නිර්දේශ සිදුකොට ඇත්තේ රෝග නිධානය දෙස බලා නොව රෝග ලක්‍ෂණ දෙස බලා ය.
වාර්ගික අභිලාෂ සන්තර්පනය උදෙසා නොව පුරවැසි අභිලාෂ සනසන බලය බෙදීමේ ක්‍රමයක් අපට නැති ද? තිබේ. මෙහි දී අපට නිතැතින් ම සිහියට නැගෙන්නේ ලංකාවේ පෙර පැවති ග්‍රාම රාජ්‍ය සංකල්පයයි. ඉහත වාර්තාවේ දී මේ සංකල්පය පිළිබඳ ද අදහස් දක්වා තිබේ. එහෙත් එහි ගැටළුව නම් ඊට සමාන්තර ව පළාත් සභා ක්‍රමය ද පවත්වා ගැනීමට වන යෝජනාව ය. ග්‍රාමීය තලයට බලය බෙදන්නේ නම් තවදුරටත් පළාත් සභා ආරක්‍ෂා කර ගැනීමේ අර්ථය කුමක් ද? එය තේරුම්ගත හැකි ආකාර දෙකක් තිබේ. ඉහත දැක් වූ ඉන්දියානු පිනවීමට අමතර ව ග්‍රාම රාජ්‍ය වෙත බෙදන බලය පළාත් සභා හරහා නැවත ආපසුු ගැනීමයි. එසේත් නැතිනම් අතිශය වියදම්කාරී පළාත් සභා ක්‍රමය තුළ නඩත්තු වන නිලධාරී හා දේශපාලන පන්තියේ අභිලාෂ ආරක්‍ෂා කිරීම ය.
පළාත් සභා ක්‍රමය අහෝසි කොට ග්‍රාම රාජ්‍ය මත වන ප්‍රායෝගික බලය බෙදීමකට යාම තුළ ලංකාවේ වෙසෙන සෑම ජනවර්ගයකට ම සාධාරණය ඉෂ්ට වේ. වාර්තාමේ ම එන ලෙස උතුරු නැගෙනහිර එකතු කිරීමකට මුස්ලිම් ජනයාගෙන් මෙන් ම නැගෙනහිර සිංහල ජනයාගෙන් ද මතුවන විරෝධය හරහා නැගෙන ගැටළුව ද එසේ කරන්නේ නම් මුස්ලිම් ජනයාට වෙනම කලාපයක් හා කඳුකර ඉන්දියානු දමිළයාට වෙනම කලාපයක් ද ඉල්ලීමේ ගැටළුව ද මේ හරහා සමනය වේ. ජනවර්ගය නොව, පුරවැසියා වැදගත් කොට සලකන ග්‍රාම රාජ්‍ය හරහා රාජ්‍යකරණය තුළ පුරවැසියා ප්‍රායෝගික ව බලගැන්වෙන අතර තම අන්‍යතාව පවත්වා ගන්නා අතර ම ඔහුට නියම ශ්‍රී ලංකිකයෙකු ලෙස නැගී සිටීමේ නිදහස හා අවකාශ උදාවේ.
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .