6/29/2016

ඒකාබද්ධ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුනි-- මොහොතක් සිතන්න

කතෘ:යුතුකම     6/29/2016   No comments


පහුගිය දිනවල ඔබතුමන්ලා ගැන පිලිබඳ නොයෙකුත් මාදිලියේ වාර්තා පළවිය. සැබවින්ම සිදුවන්නේ කුමක්ද යන්නවත් සිදුවුයේ කුමක්ද යනවග වත් සාමාන්‍ය මිනිසුන් වන අපටසහතික ව දැනගත හැකි මගක් නැත. එහෙත් පලවූ වාර්තා අප ව මේ රටේ අනාගතය ගැන කනස්සල්ලටපත්කරවන සුළු විය. වත්මන් ආණ්ඩුව පරාජය කරවීමෙන් සාමාන්‍ය මිනිසුන් වන අපට කිසිදු පුද්ගලික වරප්‍රසාදයක් ලැබෙන්නේ නැත. එවැනි වරප්‍රසාද නැතත් අපගේ කටුක ජිවිත තවත් කටුක කරගනිමින් දේශපාලනය සඳහා දඅපි යම් කාලයක් යොදවමු. මෙවැනි මිනිසුන් කෙතරම් සිටිනවා ද ? අපට මෙය රට වෙනුවෙන් ඊටත් වඩා රට වෙනුවෙන් ජිවිත දුන් විරුවන් වෙනුවෙන් කල යුතු යුතුකමකි. මේ විරුවෝ, මේ උතුම් මානවයෝ රට වෙනුවෙන් ජිවිත දුන්හ. අපට එවන් ධෛර්යයක් නොතිබුණි. එහෙත් අපට එස් මහින්ද හිමියන් කි පරිදි අඩු තරමින්රට වෙනුවෙන් දිවියෙන් කොටසක් කැපකළ හැක. ඔබත් එසේ යයි සිතමු.

මුලින් කී ලෙස ම අපි සියල්ල නොදනිමු. විවිධ නම් ඇසේ. වෙනත් පක්ෂ පිලිබඳ ඇසේ. මෛත්‍රිපාල ජනාධිපති සමග සාකච්චා ගැන ඇසේ. අප වෙනුවෙන් පෙනී සිටිය යුත්තන් සී සී කඩ විසිරේදෝ යයි සැකයක්බයක්අපට ඇතිවේ. එසේ නොවේවා.එහෙත් අපට කීමට සිතෙන දේ කීමට සිතුවෙමු.

මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදය නිමකිරීමට දුන් නායකත්වය ගැන අපට ඇත්තේ යම් ගරුත්වයක් ද එපමණ ම ගරුත්වයක්පසුගිය පරාජයෙන් පසුතර්ජන ගර්ජන මැද තමන්ගේත් පවුලේත් ජිවිත ආරක්ෂාව නොතකා අප වෙනුවෙන් නායකත්වය දීමට එතුමන් ඉදිරිපත් වීම පිලිබඳ ව අප සතුව තිබිය යුතු ය. මෛත්‍රිපාල මහතා මවරක් කි ලෙස විපක්ෂයේ දේශපාලන කුහකයන් කුමක් කීවත් එතුමා මේ යුගයේ වීරයා ය.

එහෙත් වීරයෙකු වුවත් පසුගිය ආණ්ඩු කාලයේ කල කී සැමදෙය ම අපට ඇගයීමට නොහැක.අප කතා කරන්නේ යහපාලන ආණ්ඩුවේ සිටින දුශිතයන්ගේ චෝදනා පිලිබඳ නොවේ. මහින්ද රාජපක්ෂ මහතාට සියල්ල කාර්යක්ෂම ව සිදුකිරීමට අවශ්‍ය වු බව අපට පෙනේ. ඒ එතුමන්ගේ හැටි විය යුතු ය. ගෝඨාබය රාජපක්ෂ මහතාත් බැසිල් රාජපක්ෂ මහතාත් ඔහුගේ සොයුරන් ය. එමෙන් ම ඔවුන් අතිදක්ෂයන් බව ද පැහැදිලි ය. තම සොහොයුරන් නිසා සන්නිවෙදනයද ඉතා පහසු හා කාර්යක්ෂම වන්නට ඇත. ඔවුනට හැකි උපරිම වගකීම් ප්‍රමාණයක් ලබා දීමෙන් මහින්ද රාජපක්ෂ මහතාට ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය සංවර්ධන හා වෙනත් ව්‍යාපෘති මෙහෙයවීමට සහ සාර්ථක ව නිමකිරීමටහැකි වන්නට ඇත. එය එසේ වීම පුදුමයක් නොවෙයි. ගැමුණු කුමරු යුද්ධ කරන විට සාලිය කුමරු රට අස්වැද්දිය. එහෙත් එදවස දේශපාලන බලය සම්මතයක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට ගියනිසා ගැමුණු රජු සාලිය කුමාරයාට වගකීම් පැවරීම දේශපාලන ප්‍රශ්න වලට මුලිකවන්නක් නොවී ය. රජක්‍රමය අප හෙලා දකින්නේ නැත. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකයෙකි. පක්ෂ නායකයකු පක්ෂයේ බොහෝ දෙනා අතර වගකීම් බෙදාහල යුතු ය. එසේ නොවීමෙන් ඉබේ ම අනෙකුත් මන්ත්‍රීවරුන් ආධිපත්‍යකට නතු වේ.

මහින්ද - බැසිල් - ගෝඨාබය සොහොයුරන් රටකාර්යක්ෂම වඉහලට එසවූ බව සත්‍ය ය. එහෙත් ඔවුන්ගෙන් පසු රට ඉහලට එසවීමට දෙවන පෙළ නායකයන් ට වගකීම් ලබාදී ඔවුන් ඉහලට ගත යුතු ය. ඒ සඳහා කාර්යක්ෂමතාව කැපකළ යුතු නම් රටේ අනාගතය වෙනුවෙන් එය කැප කල යුතු ය.එයරට වෙනුවෙන් අනාගත ආයෝජනයකි.නොඑසේ නම් තිස් වසරක යුද්ධයක් නිම කල නායකයා සිව් වසරකින් ගෙදර යාම වැනි තත්වයක් නැවත උද්ගත වී 2020 ආණ්ඩු බලය ලබා ගැනීම පවා සිහිනයක් විය හැක. මෙය සංවේදී ප්‍රශ්නයකි. එසේ නොවේ යයි කිව නොහැක.

රාජපක්ෂ කෙනෙකු මීළඟ ජනාධිපති වීම ගැන අපේ කිසිදු ප්‍රශ්නයක් නැත. බැසිල් රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතු වලට දායක වීම ගැන ද අපේ කිසිදු ප්‍රශ්නයක් නැත. යහපාලන රජයේ චෝදනා අපට වැදගත් නැත. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දුක්ගැනවිලි වලට සවන්දී බලතුලනයක් ඇතිකරගැනීම සුදුසු ය. ඔවුන් මත අතීතයේදී යම් ආධිපත්යක් තිබුණේ නම් ඉදිරියේදී එසේ නොවිය යුතු ය. ආණ්ඩුවක් වුවත් පක්ෂයක් වුවත් සංවිධානයක් වුවත් මධ්‍යගත ආධිපත්යකින් ක්‍රියාකරනවිට වැඩකටයුතු කාර්යක්ෂම ය. පහුගිය ආණ්ඩුවේ කාර්යක්ෂමතාවේ රහස එය බවට සැකයක් නැත. පහුගිය ආණ්ඩුව ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේය. එහෙත් ජනතාව ඉල්ලු සංවර්ධනය දීම සඳහා අවශ්‍ය කාර්යක්ෂමතාව අත්කරගැනීම සඳහා දෙවන පෙළකට වගකීම් භාරදී මීළඟ නායකත්වයට පුහුණු කිරීමේ අනාගත ආයෝජනය මගහැරුනි. මෙය නැවත මගහැරුණහොත් පුපුරා යාම් සිදු නොවනු ඇති ද ?

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ද අප ඉල්ලා සිටින්නේ සාකච්ඡා කර ප්‍රශ්න විසඳාගෙන බලතල බෙදාහදාගෙන කැපවී සංවිධානය වීඑකට එකතුවී මහබලයක් වී මේ ආණ්ඩුවට විරුද්ධ ව නැගී සිටින ලෙස ය. අපට මේ ආණ්ඩුවේ දේශද්‍රෝහී වැඩපිළිවෙල ආණ්ඩුව සමගම පරාජය කිරීමට අවශ්‍ය ය. ඒ සඳහා ඔබ අපට අවශ්‍ය ය. ඇත්තෙන් ම අවශ්‍ය ය. කිසිදු ආකාරයක වෙන්වීමක් අපට සතුට ගෙනදෙන්නේ නැත. පළාත් පාලන චන්දය සඳහා ඔබ සැවොම එකම පෙරමුණක් ලෙස මෛත්රිපාල ජනාධිපතිගෙන් වෙන්වී තරග කරනු දැකීම අපේ අපේක්ෂාවයි. අප වෙන ම ගොඩනැගිය යුතු නොවේ ද ? අනාගතයේ දිනෙක මේ ආණ්ඩුව පෙරලීමේ සටනට කවුරුන් සමග එකතුවීමට සිදුවුවත් ඒ අවස්ථාවේදී අපට කේවල් කිරීමේ බලයක් ලැබෙන්නේ අප ශක්තිමත්ව වෙන ම ගොඩනැගී සිටියහොත් නොවේ ද ? එසේ නොවුවහොත් අගෝස්තු 17 මෙන්ම නැවත රැවටී අපේක්ෂභංග වී ශ්‍රී ල නි පැ එජාප සමගිය තුල දියවී ගොස් මේ රටේ රණවිරුවන් අප උර මත පැවරු වගකීම අපට ඉෂ්ට කිරීමට නොහැකි වනවා නොවේ ද ? මේ ආණ්ඩුව මෙහෙයවන බෙදුම්වාදී අපේක්ෂා ඉටුවනවා නොවේ ද?

එනිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුනි එක්වෙනු මැනවි!! දිවිදුන් රණවිරුවන්ගේ නාමයෙන්!!!

-රට සුරකින තරුණ පවුර වෙනුවෙන් 
[යුතුකම පාඨක ලිපියකි]

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions