6/07/2016

විග්නේෂ්වරන් හදන්නේ රට යළිත් ගිනි තියන්නයි

කතෘ:යුතුකම     6/07/2016   No comments

-ජාතික ආරක්‌ෂාව ගැන ආණ්‌ඩුවට ප්‍රතිපත්තියක්‌ නෑ-
ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

උතුරු නැගෙනහිර දෙපළාත වෙනුවෙන් උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මාලාවෙන් රට කොටස්‌ ගණනාවකට කැඩී යැමේ අවදානමක්‌ මතුව ඇතැයි ඇතමුන් බිය පළ කරති. වෙනම ජාතික කොඩියක්‌, ප්‍රාන්ත පාර්ලිමේන්තු ඇතුළු යෝජනා රැසක්‌ ඊට ඇතුළත් වෙතත් ආණ්‌ඩුව ඊට කිසිදු ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත. උතුරේ මහ ඇමතිවරයා සහ උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති මේ යෝජනා අපේ රටේ ජාතික සමගියට බලවත් බාධාවක්‌ විය හැකි බව ප්‍රකාශ කරන ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරමින් තිබෙන අවස්‌ථාවක මෙවැනි මතභේදාත්මක යෝජනා ඉදිරිපත් වීම ආණ්‌ඩුව බලවත් දුෂ්කරතාවකට පත්කිරීමක්‌ ලෙස ද හඳුන්වයි. උතුරු පළාත් සභාව සහ උතුරේ මහ ඇමතිවරයාගේ දේශපාලන යෝජනා පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.

උතුරු පළාත් සභාව අලුත් ජාතික කොඩියක්‌, ප්‍රාන්ත පාර්ලිමේන්තුවක්‌ ඇතුළු යෝජනා ගණනාවක්‌ ඉදිරිපත් කර තිබෙනවා. මහ ඇමති විග්නේෂ්වරන් මහතාත් පසුගියදා ඊට සමාන යෝජනා මාලාවක්‌ ඉදිරිපත් කළා. උතුරු පළාත් සභාවත් උතුරේ මහ ඇමැතිවරයාත් මොකක්‌ද මේ කරන්න හදන්නෙ?

විශිෂ්ට විනිශ්චයකාරතුමකු දේශපාලන චරිතයක්‌ බවට පත්වීමෙන් ඔහු සිය ප්‍රතිරූපයට බලවත් ලෙස හානි සිදුකරගෙන තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් විශ්‍රාම යැමෙන් පසු දේශපාලන ක්‌ෂේත්‍රයට පිවිසීමෙන් මෙවැනි අද්භූත පුද්ගලයින් බවට පත්වීමට ඉඩ තිබෙනවා. ඔහු උතුරේ මහ ඇමති වශයෙන් පත්වූයේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආධාර ඇතිවයි. අද ඔහු එම පක්‌ෂය තුළ ගැටුම් ඇතිකිරීමටත් සිංහල ජනතාව කුපිත කිරීමටත් උතුරේ පළාත් සභාව තුළම තමන්ට විරුද්ධවාදීන් ඇති කර ගැනීමටත් ඔහු ක්‍රියාකරමින් සිටිනවා. ඔහු අද මේ අනුගමනය කරන්නේ මේ රටේ ජනවර්ග අතර තිබෙන සහෝදරත්වය පළුදු වන ක්‍රියාමාර්ගයකි. පෙඩරල් වාදය පංගුවලට බෙදා ක්‍රියාත්මක කිරීමට ගන්නා පියවරකි.

ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට පියවර ගනිමින් සිටින අවස්‌ථාවකයි උතුරේ මහඇමතිවරයා මේ මතභේදාත්මක යෝජනා ඉදිරිපත් කරන්නේ...

නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරන අවස්‌ථාවක මෙවැනි යෝජනා කරන්නේ රජය බලවත් දුෂ්කරතාවන්ට පත්කිරීමටයි. මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීම තුළින් ලෝක ප්‍රජාවගේ අවධානය ඔවුන් වෙත යොමුකරවා ගැනීමටත් ඒ ඔස්‌සේ ඔවුන්ගේ අරමුණු යම් ප්‍රමාණයකට හෝ ඉටුකර ගැනීමත් ඔවුන් සිතනවා විය හැකියි.

ජී. එස්‌. පී. සහනය රටට නැවත ලබාදෙන්නට නම් ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු බවටත් අත්අඩංගුවේ සිටින කොටි සැකකරුවන් නිදහස්‌ කළ යුතු බවටත් යුරෝපා සංගමය කොන්දේසි ඉදිරිපත් කර තිබුණා. මෙම කොන්දේසි ඉටුකිරීම ජාතික ආරක්‌ෂාවට අනතුරක්‌ නොවේද?

ඇමරිකාව ඇතුළු බලවත් රටවල ක්‍රියාත්මක වන ත්‍රස්‌තවාදී මර්දන නීති අපේ රටේ ත්‍රස්‌ත මර්දන නීතිවලට වඩා බොහෝ බලවත්. නමුත් යුරෝපා සංගමය හෝ වෙනත් කිසිවෙක්‌ එම නීති රිති ඉවත් කළ යුතු බවට හෝ ලිහිල් කළ යුතු බවට යෝජනා ගෙන එන්නේ නෑ. නමුත් අපේ රටට ඔවුන් මේ කොන්දේසි පනවන්නේ අඩු තරමින් ඉවත් කළ යුතු නීති වෙනුවට යම් ආදේශනයක්‌ හෝ කළ යුතු බවට හෝ යෝජනාවක්‌ පවා නොකරමිනුයි. යුරෝපා රටවල් මෙවැනි යෝජනා අපේ රටට ගෙන එන්නේ එම රටවල සිටින ඡන්ද බලය ද හිමි දහස්‌ ගණනක්‌ වන ද්‍රවිඩ ජනතාව සතුටු කිරීමටයි. එම නිසා මේ අවස්‌ථාවේ ආණ්‌ඩුව ඉතාම කල්පනාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු වන්නේ යම් යම් සහන ලබාදෙන මුවාවෙන් ඉදිරිපත් කරන මේ කොන්දේසි නිසා රටේ ජාතික ආරක්‌ෂාව බරපතළ අනතුරකට ලක්‌ විය හැකි නිසාය. රටේ ජාතික ආරක්‌ෂාවට උපරිම අවධානය යොමු කළ යුතු අතර ද්‍රවිඩ ජනතාව ඇතුළු අනෙකුත් සුළු ජාතීන් ආරක්‌ෂා කිරීම ද ආණ්‌ඩුවේ ප්‍රධාන වගකීමක්‌ වන්නේ මේ යෝජනා හා කොන්දේසි දෙස ලෝකයම බලා සිටින නිසාය.

එය එසේ වුවත් උතුරු පළාත් සභාව හෝ විග්නේෂ්වරන් ගෙන එන යෝජනා ගැන ආණ්‌ඩුව නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන බවක්‌ පෙනෙන්නට තිබෙනවා?

මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව බිඳදැමීමට මේ ආණ්‌ඩුවට හැකිවූයේ උතුරේ සහ නැගෙනහිර ඡන්දවලිනුයි. මීළඟ මැතිවරණයකදී වුවත් මේ දෙමළ හා මුස්‌ලිම් ඡන්ද මේ ආණ්‌ඩුවට ඉතාමත් වැදගත්. උතුරේ මහඇමතිවරයාගේ සහ උතුරු පළාත් සභාවේ මතභේදාත්මක යෝජනා මාලාව සම්බන්ධයෙන් ආණ්‌ඩුව මුනිවත රකින්නේ උතුරු නැගෙනහිර දෙමළ හා මුස්‌ලිම් ඡන්ද රැකගැනීමේ අරමුණින් බව මගේ අදහසයි. මේ නිහඬ බව බලවත් අවදානමක්‌ විය හැකි වන්නේ එය රටේ ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌ විය හැකි නිසාය. නමුත් ආණ්‌ඩුවට මේ පිළිබඳ ප්‍රතිපත්තියක්‌ තිබෙන බවක්‌ පෙනෙන්නට නෑ. මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවට ජනතාව අතර අප්‍රසාදයට පත්වන්නට වසර හත අටක්‌ ගතවුවත් මෙම ආණ්‌ඩුව මාස අටක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ එම තත්ත්වයට පත්වූ බවක්‌ පෙනේ.

සාකච්ඡා කළේ පාලිත සේනානායක
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions