බැඳුම්කර නිකුතුව මගඩියක් නොවේ; එහෙත් එය මගඩියක් කරගෙන තිබේ
මහ බැංකුවට පිළිතුරක්
-ශ්‍යාම් නුවන් ගනේවත්ත-
'ඇවිල්ල ඇවිල්ලා... බැඳුම්කර මගඩිය - 2 ඇවිල්ලා' මැයෙන් මේ ලියුම්කරු විසින් 2015.04.24 වැනිදා 'දිවයින ඉරිදා සංග්‍රහය'ට ලියන ලද ලිපියට ලියපු අයකුගේ නමක් නැති පිළිතුරක් මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් අප පුවත්පතේ ප්‍රධාන කතෘතුමන්ට එවා තිබුණි. නිර්නාමික ලිපියක් නිසා එය කවර නමින් පළ කරන්නේදැයි මහ බැංකුවෙන් විමසු විට පවසා තිබුණේ එය මහ බැංකුවේ නමින් පළ කරන ලෙසය. ඒ අනුව එය පසුගිය ඉරිදා දිවයින පුවත්පතේ 'භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව මගඩියක් ද?' මැයෙන් එම ලිපිය ලියු අය විසින් යොදා තිබු සිරසින්ම පළ කර තිබුණි. තමන්ගේ නමින් එය නොලියා මහ බැංකුවේ ගෞරවනීය නමට මුවා වී එම ලිපිය ලියා තිබුණේ තම නමින් එය ලිවීමට පිට කොන්දක් නැති නිසා විය හැකිය. එහෙත් එම පුද්ගලයාට අපගේ විශේෂ ස්‌තුතිය පළ කළ යුතුව තිබේ. එයට හේතුව එම පිළිතුර හරහා චෝදනාවට ලක්‌ව ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර මගඩිය ගැන තවදුරටත් සාකච්ජා කිරීමට සහ, ඒ ගැන මහජනතාව තවදුරටත් දැනුම්වත් කිරීමට ඔහු අපට ඉඩකඩ සලසා දුන් බැවිනි. මහ බැංකුව ඉතා ගෞරවනීය ආයතනයකි. මහ බැංකුව සහ එහි නිලධාරීන් පිළිබඳව විශාල ගෞරවයක් අප තුළ තිබේ. ඒ නිසා යම් කිසි අකටයුත්තක් නිසා මහ බැංකුවේ ගෞරවය කෙලෙසෙනවානම් ඒ ගැන අපට කණගාටුවක් තිබේ. ඒ පිළිබඳව හෙළි කිරීම, එවැනි දේ විවේචනය කිරීම මහ බැංකුවේ ගෞරවය ආරක්‌ෂා කිරීම වෙනුවෙන් කරන මෙහෙවරක් බව අපගේ හැගීමය. ඒ නිසා පොදුවේ මහ බැංකුව හෝ එහි නිලධාරීන් ගැන අපට ප්‍රශ්නයක් නැත. එහෙත් මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය තුළ යම් වැරදි දෙයක් වෙනවානම්, ඒවා යම් නිලධාරියෙක් හෝ නිලධාරීන් පිරිසක් සාධාරණීකරණය කරනවානම්, ඒ සම්බන්ධයෙන් නම් අපට ප්‍රශ්නයක් ඇත. අපගේ විරෝධය, විවේචනය ඒ වෙනුවෙනි. ඒ නිසා මේ පිළිතුරු ලිපිය පොදුවේ මහ බැංකුවට සිදු කරන පිළිතුරු දීමකට වඩා මහ බැංකුවේ ගෞරවණීය නාමයට මුවා වී දැනට චෝදනා එල්ල වී ඇති වංචනික ක්‍රියා රකින පුද්ගලයෙකුට ලබා දෙන පිළිතුරක් වශයෙන් සැළකිය යුතුයá සැළකුව මැනවි.
මේ ලියුම්කරුගේ ලිපිය ගැන මහ බැංකු රචකයාගේ පිළිතුරෙහි පළමු පරිච්ඡේදයේම සඳහන් කර ඇත්තේ එම ලිපිය තුළ රාජ්‍ය ණය වෙළෙඳපොළ ක්‍රමවේදයන් සහ ක්‍රියාපටිපාටීන් පිළිබඳවත්, වෙළෙඳපොළ හැසිරීම් රටාවන් පිළිබඳවත් වැරදි මත ඇතුළත් වන බවයි. එහෙත් මාගේ ලිපියේ ඇති ඒ වැරදි මත මොනවාද යන්න මහ බැංකු රචකයාගේ පිළිතුරෙහි කිසිදු තැනක සඳහන් නොවේ. ඒ වෙනුවට රජයට අවශ්‍ය මුදල් සපයා දීම සහ එහිදී අනුගමනය කරන ක්‍රමවේද ගැන දීර්ග විස්‌තරයක් කරමින් භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසි පිළිබඳ ගනු ලබන තීරණයන් මහ බැංකු අධිපතිතුමාගේ හෝ වෙනත් ඒක පුද්ගල තීරණයක් නොවන බවත්, එය ටෙන්ඩර් කමිටු සාමාජිකයන්ගේ සාමූහික තීරණයක් බවත් කියයි. මේ අනුව මහ බැංකු අධිපතිවරයා භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසි පිළිබඳ ගනු ලබන තීරණ වලට කිසිදු සම්බන්ධයක් නැති බව පෙන්වා දීමට මහ බැංකු රචකයා උත්සාහ කළත් ඇත්ත තත්වය කුමක්‌ද? සාමාන්‍යයෙන් සිදු විය යුතු ක්‍රමවේදය එය වුවත් මහ බැංකු ආරංචිමාර්ග වලින් ලැබෙන තොරතුරු අනුවත් ගිය වසරේ (2015) ඉමහත් ලෙස ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර නිකුතුවේදී (2015.02.27 දින රටට ප්‍රසිද්ධ වූ තොරතුරු අනුවත් ඔය කියන ටෙන්ඩර් කමිටුව තිබෙන නමුත් ප්‍රායෝගිකව අදාළ තීන්දු ගැනීමේ ක්‍රියාවලිය එම නිසි ක්‍රමවේදය අනුව සිදුව නැති බව පැහැදිලි විය. ඒ අනුව මේ ලියුම්කරු විසින්ම ගීය වසරේ බැඳුම්කර නිකුතුව ගැන ලියන ලද ලිපියක, බැඳුම්කර වෙන්දේසි පිළිබඳ ගනු ලබන තීරණ ටෙන්ඩර් කමිටු සාමාජිකයන්ගේ සාමූහික තීරණයක් ද යන්නට පිළිතුරු ඇතුළත් වෙයි. ඒ මෙසේයි.
'2015 පෙබරවාරි 27 දින සිදු කළ 30 අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මුලින් ලබා ගැනීමට අපේක්‌ෂා කළ ණය ප්‍රමාණය රු. බිලියනයකි. එනම් කෝටි සියයකි. එහෙත් වෙන්දේසියේදී රු. බිලියන 10.058 ක වටිනාකමක් සඳහා වන ලංසු පිළිගෙන තිබේ. සාමාන්‍යයෙන් මීට පෙරත් බැඳුම්කර වෙන්දේසිවලදී මුලින් ලබාගැනීමට අපේක්‌ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමක් සඳහා ලංසු පිළිගෙන ඇති බව සැබෑය. එහෙත් නිකුත් කළ අගය මෙන් දස ගුණයකටත් වඩා ලංසු පිළිගැනීම නම් සාමාන්‍ය තත්ත්වයක් නොවේ. ඒ තුළ වැඩි පොලියට ඉදිරිපත් කර තිබූ ලංසුද මහ බැංකුව විසින් පිළිගැනීම හරහා වෙන්දේසියේදී තීරණය වූ සාමාන්‍ය පොලිය සියයට 11.73 ක් දක්‌වා ඉහළ යැම සිදුවිය. දැන් බිලියන 10 ක් දක්‌වා වන ලංසු පිළිගැනීමට තීරණය කළේ කවුද සහ කාගේ උපදෙස් මතද යන්න පිළිබඳ තොරතුරු මේ වන විට හෙළිදරව් වී තිබේ. පසුගියදා ජනතා විමුක්‌ති පෙරමුණේ මාධ්‍ය හමුවකදීද ප්‍රකාශ කෙරුණේ මහ බැංකු අධිපතිවරයා රු. බිලියන 10 ක් දක්‌වා මුදල් රැස්‌කරන ලෙස උපදෙස් ලබාදුන් බවට, රාජ්‍ය ණය අධිකාරීවරිය (එවකට සිටි) අදාළ ලේඛනයක සටහනක් තබා ඇති බවයි. එම සටහන ඇතුළත් ලේඛනය මාධ්‍යයටද පෙන්වනු ලැබිණි. එම සටහන බැඳුම්කර නිකුතුව ගැන විමර්ශනය කරන්නට පත්කළ කෝප් කමිටුවේ සාමාජික සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ම මේ වන විට දැක ඇත. එසේම රු. බිලියන 10 ක් දක්‌වා අරමුදල් රැස් කිරීමට මහ බැංකු අධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවට මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරිවරිය සටහනක් යොදා ඇති බව මේ වන විට මාධ්‍ය හරහා මේ රටේ මහජනතාව ද දන්නා කාරණයකි. දැන් එය සැඟවිය නොහැකිය. රු. බිලයන 10 ක් දක්‌වා අරමුදල් රැස් කිරීමේ තීරණය මහ බැංකුවේ ටෙන්ඩර් කමිටුව විසින් ගත් තීන්දුවක් බවටත්, ඒ සඳහා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සම්බන්ධයක් නොමැති බවටත් ලෝකයට පෙන්වා දීමට බරපතළ උත්සාහයක් තිබුණද එය මේ වන විට අසාර්ථක වී තිබේ. එයට හොඳම සාක්‌ෂිය වන්න් රාජ්‍ය ණය අධිකාරිවරිය තැබූ මේ සටහනයි. ඇය මෙවැනි සටහනක් තබන්නට ඇත්තේද අනුන්ගේ පව් තමන්ට කරගසන්නට වේ යෑයි සිතා, මතු ආරක්‌ෂාවට විය හැකිය. ඒ නිසා පොලී අනුපාතය ඉහළ යැමට තුඩු දුන්නේ වැඩි පොලියකට ඉදිරිපත්ව තිබූ ලංසුද ඇතුළත්ව රු. බිලියන 10 දක්‌වා අරමුදල් රැස් කිරීමට මහ බැංකු අධිපතිවරයා දුන් උපදෙස් නිසා නොවේද? තියරියට අනුව නම් මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් මණ්‌ඩලයේ සාමාජිකයකු නොවන බවත්, මේ තීරණය ගෙන ඇත්තේ ටෙන්ඩර් මණ්‌ඩලය විසින් බවටත් කියා සිටින්නට පුළුවන. එහෙත් එය එසේ නොවන බව මේ වන විට රට වැසියාට හෙළිදරව් වී අවසන්ය. (දිවයින ඉරිදා සංග්‍රහය - 2015.07.12)
මේ නිසා ඕනෑ තරම් ක්‍රමවේද තිබුණත් ප්‍රායෝගිකව වැඩ සිදු වන්නේ ඒ අනුව නොවේ නම් ඒ ඇත්ත තත්වය හෙළි කිරීම කිසිසේත්ම රාජ්‍ය ණය වෙළෙඳපොළ ක්‍රමවේදයන් සහ ක්‍රියාපටිපාටීන් පිළිබඳවත්, වෙළෙඳපොළ හැසිරීම් රටාවන් පිළිබඳවත් වැරදි මත ඉදිරිපත් කිරීමක් ලෙස සඳහන් කළ නොහැකිය. එය රටට පැහැදිලි වුයේද මහ බැංකුවේ හිටපු රාජ්‍ය ණය අධිකාරිවරියගේම සටහනක් තුළිනි. ඒ නිසා මහ රචකයාගේ මේ පිළිතුර උසස්‌පෙළ වාණිජ සිසුන්ට තියරි සපයන මුලික ආර්ථික විද්‍යා මුලධර්ම විග්‍රහ කරන පොතක පරිච්ඡේදයකට නම් හොදය. මහජනතාව ශාස්‌ත්‍රීයව මුලා කිරීමට මෙමගින් උත්සාහ කළත් විෂය දන්නා අයට බොරු කළ නොහැකිය. එහෙත් කණගාටුවට කරුණ වන්නේ මහ බැංකුවේ විෂය දන්නා අයම ඇත්ත දැන දැනම මෙසේ මහජනතාව මුලා කරමින් අක්‍රමිකතා රකින පිළිවෙතක් අනුගමනය කිරීමයි. භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව කිසිසේත්ම මගඩියක් නොවේ. එවැන්නක් අප කිසිවිටෙකත් කියා නැත. එහෙත් නිසි ක්‍රමවේදය අනුගමනය නොකරමින් සහ පොළී අනුපාත ඔය තරම් වැඩි වීමට ඉඩ නොලැබෙන පරිදි ලංසු පිළිගැනීමට අවස්‌ථාව තිබියදී, එසේ නොකිරීමෙන් මේ මගඩිය සිදුවන බව එල්ල වී ඇති චෝදනාවයි. අපගේ ලිපියෙහි ප්‍රශ්න කර තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව ඔය කියන පරිදි උපරිම විනිවිදභාවයෙන්, නිසි ක්‍රමවේදයට අනුව සිදු කළේ නම් පහත සඳහන් කරුණු මේ රටේ මහජනතාවට හෙළි කරන ලෙස අපි මහ බැංකු රචකයාට කියා සිටිමු. මහ බැංකුව කාගේවත් පුද්ගලික බුදලයක් නොවේ. එය මුදල් නීති පනත අනුව පිහිටවූ ස්‌වාධීන රාජ්‍ය මූල්‍ය ආයතනයකි. එවැනි ආයතනක මහජනතාවට බලපාන තීන්දු තීරණ පිළිබඳ විස්‌තර දැන ගැනීමට, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහතික කර ඇති මුලික මිනිස් අයිතිවාසිකමක් වන තොරතුරු දන ගැනීමේ අයිතිය යටතේ මේ රටේ සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබේ. ඒ මහජන අයිතිය මුදල් නීති පනතට මුවා වී උල්ලංඝනය කරන්නට කිසිදු මහ බැංකු නිලධාරියෙකුට අයිතියක් ඇතැයි අපි නොසිතමු. මේ සියල්ල රජය කියන යහපාලනයට එකඟවිය නොහැකි බව ද අපේ හැගීමයි. ඒ නිසා පහත ප්‍රශ්න වලට පිළිතුරු දෙන ලෙස අපි මහ බැංකු රචකයාට කියා සිටිමු.
1. මාර්තු 29 දින සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී බැඳුම්කර මිලදී ගත් ප්‍රාථමික නියෝජිත ආයතන සහ ඒවාට හිමිවූ වටිනාකම් මොනවාද?
2. එම ප්‍රාථමික නියෝජිත ආයතනවලට හිමි වූ පොළී අනුපාත මොනවාද?
3. එදින නිකුත් කළ භාණ්‌ඩාගාර බැඳුම්කර ද්විතියික වෙළෙඳපොළේ දී සේවක අර්ථසාධක අරමුදල විසින් මිලදී ගෙන තිබේද?
4. එසේ මිලදී ගෙන තිබේ නම් ඒ කවර පොලී අනුපාත යටතේ කවර වටිනාකමක් ද ?
5.එසේම ගිය වසරේ එනම් 2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ බැඳුම්කරවල ද්විතියික වෙළෙඳපොළ ගනුදෙනු මොනවාද?
6. ඒවා ද්විතියික වෙළෙඳපොළේ දී සේවක අර්ථසාධක අරමුදල විසින් මිලදී ගෙන තිබේද? එසේ නම් ඒ කවර දිනවල, කවර ප්‍රමාණයක් කවර පොලී අනුපාත යටතේද?
චෝදනා එල්ල වී ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් නිසි ක්‍රමවේදයට අනුව සිදු වී ඇත්නම්, ඒවායේ කිසිදු වරදක් සිදු වී නැත්නම් මහ බැංකුවට මේ තොරතුරු හෙළි කිරීමට ප්‍රශ්නයක් තිබිය නොහැකිය. ඒ නිසා මහ බැංකුව මේ තොරතුරු හෙළි කළ යුතුව ඇති අතර, එම තොරතුරු දැන ගැනීමට මහජනතාවටද අයිතියක් ඇති බව අපගේ අදහසයි. මේ බැඳුම්කර අක්‍රමිකතා නිසා ඉහළ යන පොළියේ බර දරන්නට සිදු වන්නේ මහජනතාවටය. ඒ නිසා මහජනතාවට මේ තොරතුරු වසන් කීරීමට මහ බැංකුවට අයිතියක් තිබිය නොහැකිය. එහෙත් මහජනතාවට තබා, මහ බැංකුවේ මුදල් මණ්‌ඩල සාමාජිකයන්ට පවා මේ තොරතුරු නොදී සිටීමේ උත්සාහයක් ඇතැයි දැනගන්නට තිබෙන අතර එය ඇත්තක් නම් බරපතල තත්වයකි. එනම් දැනට චෝදනාවට ලක්‌ව ඇති පසුගිය මාර්තු 29 දින සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ විස්‌තර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් මුදල් මණ්‌ඩල සාමාජිකයන් ඉල්ලීමක් කර ඇතැයි ද මේ ලිපිය ලියමින් සිටින මොහොත වන විටත් එම තොරතුරු අදාළ මුදල් මණ්‌ඩල සාමාජිකයන්ට පවා ලබා දී නැතැයිද අපට මහ බැංකු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. ඒ නිසා මහ බැංකු මුදල් මණ්‌ඩල සාමාජිකයන්ට එම තොරතුරු මේ වන විට ලබා දී තිබේද සහ එසේ ලබා දී නැත්නම් ඊට හේතුව කුමක්‌ද යන්නත් මේ රටේ මහජනතාව වෙනුවෙන් අප දැනගැනීමට කැමතිය. මේ අතර ලංකා වාණිජ මණ්‌ඩලයේ හිටපු සභාපතිවරයෙකු වූ චන්ද්‍රd ජයරත්න මහතාද මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ ලේකම්ට, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාටද පිටපත් සහිතව ඉකුත් අප්‍රේල් 19 දින ලිපියක් යවමින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ තොරතුරු දින 14 ක් තුළ ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
කවරක් නමුත් මෑතදී මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහ බැංකුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ මුදල් නීති පනත අනුව බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ ආයතනික තොරතුරු (සබාසඩසාම්ක සබදෙරප්එසදබ) ලබා දීමට බාධාවක් පවතින බවයි. එහෙත් මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ තවත් උසස් නිලධාරීන් පිරිසකගෙන් විමසු විට ඔවුන්ගෙන් අපට දැනගන්නට ලැබුණේ මුදල් නීති පනත අනුව එවැනි බාධාවක් නැති බවත්, එසේම යම් වංචාවක්, අක්‍රමිකතාවක් සැඟවීමට කිසිසේත්ම නීතියේ ආවරණයක් ලබා ගැනීමට ඉඩක් නොමැති බවයි. එසේම මුදල් නීති පනතෙන් ඇත්ත වශයෙන්ම එවැනි තොරතුරු ලබා දීමේ බාධාවක් තිබේ නම් ඒ කවර වගන්තියක් යටතේද යන්නත් මහජනතාවට පැහැදිලි කරන ලෙස අපි මහ බැංකුවට කියා සිටිමු. එහෙත් අපගේ අදහස වන්නේ වැරද්දක් කිරීමට හෝ වැරද්දක් වසා ගැනීමට කිසිදු නීතියක ආවරණයක් ලබා ගැනීමට හැකියාවක් තිබිය යුතු නැති බවයි.
මාර්තු 29 වන දින කරන ලද බැඳුම්කර නිකුතුවෙහි පසුබිම පිළිබඳ කරුණු දක්‌වමින් මහ බැංකුව එවූ ලිපියේ මෙසේද සඳහන්ය.
'රාජ්‍ය භාණ්‌ඩාගාරය විසින් 2016 වසරේ අප්‍රේල් මාසයට අදාළව සකස් කරනු ලැබූ මුදල් ප්‍රවාහ සැලසුම අනුව අප්‍රේල් මස තුළ දේශීය සහ විදේශීය රාජ්‍ය ණය ගෙවීම් සඳහා අරමුදල් අවශ්‍යතාවය රුපියල් බිලියන 122 ක් වූ අතර අප්‍රේල් 01 වන දිනට අවම වශයෙන් රුපියල් බිලියන 105 ක් අවශ්‍ය වන බවට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව දැනුම්වත් කොට තිබුණි. මෙම තත්ත්වය තුළ එකවර රුපියල් බිලියන 105 ක් සඳහා ලංසු කැඳවුවහොත් වෙළෙඳපොළ පොලී අනුපාත විශාල වශයෙන් ඉහළ යාමේ අවදානමක් පැවතුණු බැවින්, උපායශීලී පිළිවෙතක් අනුගමනය කළ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එක් වෙන්දේසියක් පවත්වනු වෙනුවට මාර්තු 24, 29 සහ 31 යන දිනයන්හිදී වෙන්දේසි 03 ක් පවත්වමින් අදියර තුනකදී අවශ්‍ය මුදල් රැස් කර ගැනීමට තීරණය කරන ලදී.'
මේ කියන රාජ්‍ය ණය අවශ්‍යතාව හදිසියේම මහ බැංකුවට දැනගන්නට ලැබුණු දෙයක් ලෙස පෙන්වා දෙමින් මහජනයා මුලා කරන්නට උත්සාහ කළත් ඇත්ත එය නොවේ. එසේ නම් ඇත්ත කුමක්‌ද? එනම් බැඳුම්කර නිකුත් කරන අවස්‌ථාවේම ඒවා පරිණත වන, එනම් මුදල් ගෙවීමට සිදුවන දින ගැන මහ බැංකුව දන්නා බවයි. මහ බැංකුව පමණක් නොව එය මුල්‍ය වෙළෙදපොළේ බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ තොරතුරකි. එය අමුතු දෙයක් නොවේ. එම ණය අවශ්‍යතාව හදිසියේම පහළ වූ ඉලක්‌කමක් නොවේ. ඒ නිසා එවැනි පරිණත වන බැඳුම්කර වලට අවශ්‍ය ගෙවීම් කිරීමට අවශ්‍ය මුදල්, පොලී අනුපාත අනවශ්‍ය ලෙස ඉහළ නොයන පරිදි රැස් කරගැනීමට මහ බැංකුවට දිගුකාලීන වැඩපිළිවෙලක්, සැලසුමක් තිබිය යුතුය. මහ බැංකුව කියන මේ රු. බිලියන 105 න් රු බිලියන 90 ක් පමණම පරිණත වූ බැඳුම්කරයකට ගෙවීමට තිබු ණය සහ පොළී මුදල් බව මුල්‍ය වෙළදපොළ නියෝජිතයෝ පෙන්වා දෙති. එසේම පොළී අනුපාත අනවශ්‍ය ලෙස ඉහළ යාම වලක්‌වා ගැනීම සඳහා ඉහල පොළී අනුපාත යටතේ ඉදිරිපත්ව ඇති ලංසු පිළිගන්නවා වෙනුවට එම රාජ්‍ය ණය අවශ්‍යතාවෙන් කොටසක් රාජ්‍ය බැංකුවලින් අයිරා පහසුකම් ලෙස ලබා ගැනීමේ ඉඩකඩ ද තිබේ. එසේම සේවක අර්ථසාධක අරමුදලටද පවතින වෙළෙඳපොළ පොලී අනුපාත යටතේ ලංසු ඉදිරිපත් කොට රජයට ණය සැපයිය හැකිය. ඒ නිසා අදාළ ණය අවශ්‍යතා සපුරා ගැනීමට දිගුකාලීනව සැලසුම් නොකිරීම සහ පවතින විකල්ප අවස්‌ථා නිසි ලෙස උපායශීලීව ප්‍රයෝජනයට නොගැනීම නිසාද වෙළෙඳපොළ තුළ ඉහළ පොලියක් තීරණය වීමට හේතු වී තිබේ. එසේ ඉහළ පොලියකට නිකුත් කළ බැඳුම්කර, ඊට දින කිහිපයකට පසු ඊට අඩු පොලියකට ද්විතියික වෙළෙඳපොළේ දී විකුණා අති විශාල අයුතු ලාභයක් ඇතැම් ප්‍රථමික නියෝජිත ආයතන ලබන බවටද චෝදනාවක් තිබේ. තවත් චෝදනාවක් නම් ද්විතියික වෙළෙඳපොළේ දී සේවක අර්ථසාධක අරමුදල විසින් ඊට අඩු පොළියකට එම බැඳුම්කරම මිලදී ගෙන තිබෙන බවයි. එම චෝදනා වැරදි නම්, මහ බැංකුවට ඒ ගැන කිව හැකිය. එසේම මහ බැංකුවෙන් අප ඇසු ඉහත ප්‍රශ්න වලට පිළිතුරු දීමට ද පුළුවන.
මහ බැංකුවෙන් එවූ පිළිතුර ලියු රචකයා අදාළ ලිපිය ලියූ මේ ලියුම්කරුගේ අදාළ විෂය අවබෝධය ගැනද ප්‍රශ්න කර තිබේ. ඒ මෙසේය.
'එවැනි විශ්ලේෂණයන් හි යෙදෙන්නන්ට වෙළෙඳපොළ පිළිබඳ නිසි හා නිරවද්‍ය දත්ත හා එහි ක්‍රියා පිළිවෙත් පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, එසේ නොමැති අය විසින් කරන අදහස් දැක්‌වීම් මගින් සිදුවන්නේ අර්ධ සත්‍ය හෝ සම්පූර්ණ අසත්‍ය සමාජගත වීමත්, වෙළෙඳපොළ පිළිබඳ සමාජය තුළ විවිධ දුර්මත පැතිර යෑමත් පමණි.
මේ සම්බන්ධයෙන්ද යමක් කිව යුතුය. මේ ලියුම්කරු මුල්‍ය වෙළෙඳපොළ කටයුතු ගැන විශේෂඥයෙක් නොවුනත්, අප මේ ලිපි ලියන්නේ නිකන්ම හිතට එන අදහස් අනුව නොවන බව කිව යුතුය. එනම් මේ පිළිබඳ විශේෂඥ දැනුම ඇති මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ විෂය පිළිබඳ විශේෂඥ දැනුම ඇති දැනටමත් සේවයේ සිටින සහ මහ බැංකුවේ හිටපු ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් සමග සාකච්ඡා කිරීමෙන් පසු මහජනතාව වෙනුවෙන් අප මේවා ලියනු ලබයි. ඒ නිසා අප මේ විශ්ලේෂණ සිදු කරනුයේ මේ සිදුවීම් ගැන එම විශේෂඥ දැනුම ඇති මුල්‍ය වෙළෙදපොළ නියෝජිතයන් මෙන්ම මහ බැංකුවේ සිටින සහ හිටපු නිලධාරීන් සමග ද සාකච්ඡා කිරීමෙන් පසුවය. මහ බැංකුවේ ලිපි රචකයා කියන පරිදි නම් ඒ අයටද මේ විෂය ගැන අවබෝධයක් තිබිය නොහැකිය. චන්ද්‍රd වික්‍රමසිංහ මහතා මේ ගැන ප්‍රශ්න කරන්නේද නිවැරදි අවබෝධයකින් තොරව විය යුතුය. එසේම මුල්‍ය වෙළදපොළ කටයුතු ගැන විශේෂඥයන්a නොවන මාධ්‍යවේදීන් මේ ගැන ලිපි නොලිවිය යුතු බවට මේ තුළ කිසියම් අනියම් බලපෑමක්‌ද කර ඇති බව පෙනේ. චෝදනා එල්ල වී ඇති මුල්‍ය අක්‍රමිකතා යටගැසීමට සහය දෙන, මේ ලිපි රචකයා එවැනි දෙයක් අදහස් කළද මහ බැංකුවේ බොහෝ දෙනෙක් අපගේ මාධ්‍ය මෙහෙවර අගය කරමින් නිරන්තරයෙන්ම සුභ පතන බවද කිව යුතුය. ඇතැම් විට මෙවැනි අක්‍රමිකතා ගැන මාධ්‍යවේදීන් මුලින්ම දැනුම්වත් කරන්නේද ඉහත කී මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් සහ මහ බැංකුවේම මෙවැනි අක්‍රමිකතා වලට එරෙහි ඇතැම් නිලධාරීන්මය. එහෙත් අද මහ බැංකු නිලධාරීහු සාමාන්‍ය දුරකථන මාර්ග ඔස්‌සේ කතා බස් කිරීමට අසීමිත බියක් දක්‌වති. ඒ නිසා මේ ගැන තොරතුරු ගැනීමේදී විශේෂ උපක්‍රම භාවිතා කිරීමටද වත්මන් රාජ්‍ය පාලනය තුළ ඇතැයි කියන සුපිරි මාධ්‍ය නිදහසට සහ යහපාලනයට පින් සිදුවන්නට අපට සිදුව ඇත. මෙවැනි විශ්ලේෂණ කරන්නට මේ ලියුම්කරුට ඇති අවබෝධය ගැන ද අනියමින් ප්‍රශ්න කිරීමක් මහ බැංකු පිළිතුරු ලිපියේ ඇතුළත් වුවත් මේ ලියුම්කරුගේ ආර්ථික ලිපි රචනා කිරීමේ සුදුසුකම් ගැන මා විසින්ම අදහස් දැක්‌වීම සුදුසු නොවේ. ඒ ගැන හිටපු මහ බැංකු අධිපතිවරු, ආචාර්ය උතුම් හේරත් මහතා ඇතුළු හිටපු නියෝජ්‍ය අධිපතිවරු, දැනට සිටින නියෝජ්‍ය අධිපතිවරු දක්‌වා ඇති අදහස් අමුතුවෙන් උපුටා දැක්‌විය යුතු නැත. ඒ ගැන මහ බැංකුවේ කව්රුත් දනිති. එහෙත් මහ බැංකු රචකයාට අනුව නම් මේ විෂය ගැන වර්තමානයේ අප රටේ තිබෙන ප්‍රධාන සිංහල ජාතික පුවත්පත් තුළ අපට වඩා මේ ගැන විෂය අවබෝධය තිබෙන වෘත්තීය පත්‍රකලාවේදීන් ඔහු දන්නවා විය යුතුය. අදාළ මහ බැංකු පිළිතුරේ ආරම්භයේම සඳහන් වාක්‍ය වන්නේ '2016 අප්‍රේල් මස 24 වැනි දින 'දිවයින' ඉරිදා පුවත්පතෙහි ශ්‍යාම් නුවන් ගනේවත්ත නම් මහතකු නමින් පළ වූ ලිපිය මගින් මහ බැංකු බැඳුම්කර මගඩියක් පිළිබඳ සාකච්ඡා කර තිබුණි' යන්නයි. මේ ලියුම්කරු විසින් ලියන ලද ලිපියක් යයි නොකියමින් ශ්‍යාම් නුවන් ගනේවත්ත නම් මහතකු නමින් පළ වූ ලිපිය යයි හදුන්වා දීමේ තේරුම ද අපට වටහා ගැනීමට අපහසු නැත. ඒ නිසා නමක් නොමැතිව මහ බැංකුවේ නමට මුවා වී පිළිතුරු ලියන එම පුද්ගලයාට කිව යුත්තේ මේ ලියුම්කරුගේ නමින් පළ වූ එම ලිපිය ලියුවේ මේ ලියුම්කරු විසින්ම බවයි.
එසේම වත්මන් මහ බැංකු අධිපති ලක්‌ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය ලබන ජුනි මාසයෙන් අවසන් වේ. ඔහු පත් වුයේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්‌වීම නිසා ඇති වූ පුරප්පාඩුවට , ඔහුගේ ධූර කාලයේ ඉතිරි කාලය සඳහාය. එය ජූනි මාසයෙන් අවසන් වන නිසා නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීමේ අවස්‌ථාව දැන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට උදා වී තිබේ. ඒ නිසා ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ලක්‌ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතාම නැවතත් මහ බැංකු අධිපති ධූරයට පත් කළ හැකිය. එසේ නැතහොත් ඔහුට වෙනත් අයෙක් මහ බැංකු අධිපති ධූරයට පත් කළ හැකිය. ජනාධිපතිවරයා විශ්වාස කරන සහ මහජනතාවට පොරොන්දු වූ යහපාලන මුලධර්ම අනුව ලක්‌ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා නැවත මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීම කෙතරම් උචිතද යන්න තම හෘද සාක්‌ෂියට අනුව ජනාධිපතිවරයාටම තීරණය කළ හැකිය. ඒ අනුව ජනාධිපතිවරයා ඇත්තවශයෙන්ම වංචාවට, දුෂණයට විරුද්ධ ද යන්නත් කාට කාටත් දැක බලා ගත හැකිය. මේ චෝදනා එල්ල වී ඇති බැඳුම්කර මගඩි නිසා රජයේ ණය පොලී වියදම ඉහළ යයි. රාජ්‍ය ණය පොළී වියදම් දරන්නේ මහජන බදු මුදලින් වන බැවින් මෙහි බර දරන්නේ මහජනතාව විසිනි. මේ බැඳුම්කර මගඩිය තුළ කාගේ ඩීල් තිබේද නැද්ද කියා අප දන්නේ නැත. එහෙත් කිව යුතු වන්නේ කාගේ ඩීල් තිබුණත් නැතත් රටේ මහජනතාවට මේ පාඩුව විඳින්නට සිදුව ඇති බවයි. එනම් තමන් වගකිවයුතු නැති පාපකර්මයක විපාක විඳින්නට මහජනතාවට සිදුව තිබේ. ඒ විපාක වලින් මේ රටේ මහජනතාව ගලවා ගැනීමේ අවස්‌ථාව ලබන ජුනි මස අගදී ජනාධිපතිවරයාට උදා වන්නේය. ජනාධිපතිවරයා කුමක් කරනු ඇතිදැයි සමස්‌ත රටවැසියාම බලා සිටිති. වැට් බද්දට එරෙහිව පොළොන්නරුවේ කළ කතාව මෙන් ගැලරිය පිනවන්නට පමණක් කතා කර වැඩක් නැත. තමා විසින්ම කරන පත්වීම් කිරීමටවත් ජනාධිපතිවරයාට තීරණ ගැනීමට බලයක් තිබේද යන්න ලබන මස අගදී අපට දැක බලා ගත හැකිය. රජයේ දේපළ උලාකන උන්දැලා ඊළඟ ආත්මවලදී උපදින්නේ බල්ලන්, කපුටන් වෙලා යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ (2015) ජුලි මස 07 වැනිදා, කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මූලස්‌ථානයේදී පැවැති එම දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර උත්සවය අමතමින් ප්‍රකාශ කළ බව අපට මතකය. රජයේ දේපළ උලා කන අය ඊළඟ ආත්මවලදී බල්ලන්, කපුටන් වී උපදිනවාය කියන කාරණය ශ්‍රී පාද අඩවියේ නිශ්ශංකමල්ල සෙල්ලිපියේ පැහැදිලිවම සඳහන් වන බව ද ජනාධිපතිවරයා පවසා තිබුණි. මේ අක්‍රමිකතා රකිමින් මහජනයා ශාස්‌ත්‍රීයව මුලා කරන නිලධාරීන්ට කවර කර්ම විපාක වලට මුහුණ දීමට සිදු වන්නේදැයි කියා නම් අප දන්නේ නැත. එලෝ වශයෙන් කෙසේ වෙතත් මෙලෝ වශයෙන් දිට්‌ඨ ධම්මවේදනීය කර්ම විපාක වලට මුහුණ දීමට ඒ අයද සුදානමින් සිටිය යුතුය.
[Divaina]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .