6/10/2016

පනස් හයේ ජයග්‍රහණය බණ්ඩාරනායකගේ ද අනගාරික ධර්මපාලතුමා ගේ ද ?

කතෘ:යුතුකම     6/10/2016   No comments

ගුණදාස අමරසේකර මහතා 1956 ජයග්‍රහණය සහ අනගාරික ධර්මපාලතුමා මේ රටේ සිදුකල කාර්යභාරය පිලිබඳ ස්වාධින අදහස් පළකරන්නේ හැත්තෑව දශකයේ සිටයි. ඉංග්‍රීසින්ට යටත්වූ පරාධීන ජාතියක් තම සැබෑ නිදහස 1956 දී ලබාගැනීමේ නව ගමනේ දැවැන්ත නායකයා වු අනගාරික ධර්මපාලතුමා පිලිබඳ ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද’ යන්නෙන් එතුමා ලියු විශිෂ්ට විචාර ග්‍රන්ථය ලංකාවේ සියලු දේශහිතෛෂීන් විසින් කියවිය යුත්තකි. එතුමාගේ ගනඳුරු මැදියම දකිනෙමි අරුනළු වැනි කෘති වල මේ පිලිබඳ තවදුරටත් සාකච්ඡා කෙරේ. නලින් ද සිල්වා මහතා විසින් ගුණදාස අමරසේකරයන් හැදින්වෙනු ලබන්නේ මහාවංශයේ අනගාරික ධර්මපාල යුගය සටහන් කල වියත් පඬිවරයා ලෙසයි. යුතුකම සංවාද කවය විසින් සංවිධානය කෙරුණු ‘සම්මුතිවාදී ආණ්ඩුව 56 අවසානය ද ?’ සම්මන්ත්‍රණයේදී අමරසේකර මහතා මේ පිලිබඳ දැක්වූ අදහස් අප සැම ගේ අවධානයට යොමු විය යුතු ය .

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැරදුණේ ඔවුන් 1956 ජයග්‍රහණය හුදෙක් බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණයක් ලෙස ගැනීම නිසයි. මේක බණ්ඩාරනායක මහත්තයාගේ ජයග්‍රහණයක් නෙමෙයි. මේක පටන් ගත්තේ විසිවෙනි සියවසේ මුල දශකයේ අනගාරික ධර්මපාතුමා විසින් අවදි කෙරුණු ජාතික බලවේග විසින් ’
‘අනගාරික ධර්මපාලතුමා තිස්දාහක් අමධ්‍යප ව්‍යාපාර කාර්යාල ආරම්භ කරා. එතුමා මෙය කලේ ඉතා ම නිවැරදි අවබෝධයකින්’
‘ සී අයි ඩි එක ඉංග්‍රීසි ආණ්ඩුවට දැනුම් දුන්නේ මේවා අමධ්‍යප කාර්යාල නෙමේ - මේවා ඉංග්‍රීසි ආණ්ඩුව පෙරලීමේ කාර්යාල බවයි. එවැනි බලසම්පන්න තත්වයක් තිබුණා’
අනගාරික ධර්මපාලතුමා ගොඩනැගු ජාතික ව්‍යාපාරය කඩාකප්පල් කරදැමීමට ඉංග්‍රීසින් 1915 මරක්කල කෝලාහලය යොදා ගත් අයුරු අමරසේකර මහතා මෙහිදී විස්තර කලේ ය. එය අදට ද සැහෙන වලංගු බව අප සිහිතබා ගත යුතු නොවේ ද ?

සිංහල මරක්කල කෝලාහලයේ නාමයෙන් මර්දනය කර යටපත් කර දැමුව ද අනගාරික ධර්මපාලතුමා විසින් ආමන්ත්‍රණය කරනු ලැබ ගම් නියම්ගම් පුරා ඔද වැඩී නැගුණු වසර 2000 ක සිට පැවත එන අඛණ්ඩ සිංහල ජාතිකත්වය 1956 දී ජයග්‍රහණය කල අයුරු අමරසේකර මහතා මෙහිදී අප හමුවේ තබයි. සම්පුර්ණ කතාව පහලින් දැක්වෙන සබැදියෙන් නැරඹිය හැක. 




යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions