6/29/2016

අනාගමික රාජ්‍ය මිත්‍යාව

කතෘ:යුතුකම     6/29/2016   1 comment



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබද මහජන අදහස් විමසිමේ කමිටු වාර්තාව, සභාපති ලාල් විජේනායක මහතා අගමැතිවරයාට භාර දී තිබේ. විසි දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව රට පුරා සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මහජන අදහස් විමසා සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඒ අතර එක් ප්‍ර‍මුඛ යෝජනාවක් වන්නේ ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බවය. මෙය ලංකාවට කිසිසේත් නොගැලපෙන යෝජනාවක් බව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි ගාල්ලේ ජනාධිපතිවරයා ද සහභාගී වූ උත්සව සභාවක දී පැවසූ බව ඊයේ රිවිර වාර්තා කර තිබිණි. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ තිබෙන ප්‍ර‍ශ්න විසඳීමට මිස නව ප්‍ර‍ශ්න ඇති කිරීමට නොවන බව ජනාධිපතිවරයා එහි දී ප්‍ර‍කාශ කර ඇත.

ආගමික කටයුතුවලට මැදිහත් නොවන, ඒ සඳහා උදව් නොකරන රාජ්‍යය අනාගමික රාජ්‍යය ලෙස සරලව හැඳින්විය හැකි ය. ඉන්දියාව, බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය වැනි රටවල් අනාගමික රාජ්‍ය ලෙස හැඳින්වේ. එහෙත් අනාගමික රාජ්‍යයක නොපැවතිය යුතු ලක්ෂණ මේ රටවල දැකිය හැකිය. බ්‍රිතාන්‍ය රැජින එරට පල්ලියේ ඉහළම බලධාරිනියයි. ඇය ක්‍රිස්තියානි ආගම ආරක්ෂා කිරීමට බැඳී සිටින්නීය. එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය දුරයේ දිවුරුම් දිය යුත්තේ බයිබලය මත අත තබමිණි. අනාගමික රාජ්‍ය ආගමේ බලපෑමේන් නොමිදුණු බව මේ අනුව තහවුරු වේ. අගමැති ඩේවිඩ් කැමරන් 2015 නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් බ්‍රිතාන්‍ය වනාහි ක්‍රිස්තියානි රාජ්‍යයක් යැයි නැවත ප්‍ර‍කාශ කළේ අනාගමික බ්‍රිතාන්‍ය පිළිබඳ අදහස දෙදරවමිණි. සිය රටේ සෙසු ආගමික කොටස්වලට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය වූයේ එම ආගමික මූල පද්ධතිය නිසා බව කැමරන් තව දුරටත් ප්‍ර‍කාශ කළේය. ක්‍රිස්තියානි පල්ලිය ක්‍රි. ව. 7 වන සියවසේ පමණ සිට ඔවුන්ගේ ජන ජීවිතය සැකසීමට දායක වී ඇත.

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බවට පත්වූයේ ක්‍රි.පූ. 3 වන සියවසේ සිදුවූ මහින්දාගමනයත් සමඟ ය. වල්පොළ රාහුල හිමි සහ මහාචාර්ය රාජ් සෝමදේව වැනි අය පෙන්වා දෙන පරිදි ඊට පෙර මෙරට බුදුදහම පැවතිණි. ක්‍රි.පූ. 6 වැනි සියවසේ බුදුන් වහන්සේ වරක් නොව තෙවරක් ම මෙරටට වැඩම කළ බව වංශකතාවල පැවසෙයි. දුටුගැමුණු රජතුමා එළාර නමැති ආක්‍ර‍මණිකයාට එරෙහිව ක්‍රි. පූ. 161 පමණ සටන් කළේ “මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප විඳීම පිණිස නොව ගෞතම බුදු සසුනේ චිරස්තිථිය පිණිස ම වන්නේ ය.”යනුවෙන් පවසමිණි. පසුකාලීනව මේ රටේ ජනතාව සිය නායකයා ලෙස පිළිගත්තේ දළඳා කරඬුවට හිමිකම් කී පුද්ගලයාය. ලෝකයේ ථේරවාදී බෞද්ධ මූලස්ථානය ලෙස ලෝක ප්‍ර‍කට වූයේ බුදුන් උපන් භාරතය නොව ශ්‍රී ලංකාවය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට මේ රටේ පාලනය භාරදුන් 1815 උඩරට ගිවිසුමේ 5 වන වගන්තියේ සඳහන් වන්නේ මෙරට වැසියන් අදහන බුදු දහම හා දේවාලගම් කඩ කළ නොහැකි බව ද ඒවාට අදාළ පුද පූජා, පූජ්‍ය පක්ෂය හා පූජනීය ස්ථාන නඩත්තු කිරීමට සහ ආරක්ෂා කිරීමට පොරොන්දු වන බවත් ය. බුදුදහමට ප්‍ර‍මුඛත්වය දීම 1972 මෙන් ම 1977 ව්‍යවස්ථා
මගින් ද තහවුරු කර තිබේ.

වසර දහස් ගණනක් ඈතට දිවෙන මේ රටේ ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ගොඩනැඟුණේ බුදුදහමේ සිහිල් සෙවණේය. ජනතාව මෙන්ම පාලකයාද හික්මවූයේ බුදුදහම විසිනි. වසර දහස් ගණනක් පුරා මෙරට ජනතාව බුදුදහම ආරක්ෂා කර ගැනීම සඳහා දිවි නොතකා කටයුතු කළේ ඉන් සිය ජීවිතයට ලැබුණු අනල්ප ආලෝකය සහ ශාන්තිය නිසාමය. ඔවුන්ගේ ඒ කැපකිරීම් නොවන්නට ඒ උරුමය අපට අහිමි වීමට ඉඩ තිබිණි. බ්‍රිතාන්‍යයේ සෙසු ආගමික කොටස්වලට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය
වූයේ කිතු දහම නිසා නම් ලංකාවේ ඒ සුහද පරිසරය නිර්මාණය වූයේ බුදුදහම නිසාමය.

ලොව වඩාත් ආරක්ෂිත රටක් ලෙස සැලකෙන අපේ විද්වතුන් උපදෙස් සහ ආදර්ශ ලබා ගන්නා නෝර්වේ රාජ්‍ය දෙස බලමු. ඒ රටේ ව්‍යවස්ථාව අනුව ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගම වන අතර රජු එම ආගමට අයත්විය යුතුය. ඔහු එම ආගම පෝෂණයට සහ ආරක්ෂාවට බැඳී සිටියි. රටවැසියාට සිය පරම්පරා ආගම වෙනස් කළ නොහැකිය. එහෙත් ආගම ඒ රටේ සංහිඳියාට බාධාවක් බව හෝ නෝර්වේ අනාගමික රාජ්‍යයක් කළ යුතු බව කිසිවෙක් නොකියති. එහෙයින් සංහිඳියාව ඇති කිරීම සඳහා යැයි ගෙනන මේ යෝජනා ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකි. සැබවින්ම ඔවුන් සංහිඳියාව අපේක්ෂා කරන්නේ නම් කළ යුත්තේ බුදුදහමට 77 ව්‍යවස්ථාවෙන් හිමිව ඇති ආරක්ෂාව තවත් තහවුරු කිරීම සහ ශක්තිමක් කිරීමය. එකල්හි ආගමික ගැටුම් ඇවිළී දැවෙන ලෝකය ඉදිරියේ වුව බුදුදහම සෙවණේ මේ රටේ සියලු ආගමික අයිතීන් සුරක්ෂිත වනු ඇත.

 -රිවිර කතුවැකිය
2016 ජුනි 28
  • මේ පිළිබඳව පසුගිය ජුනි 23 වනදා යුතුකම සංවාද කවය සංවිධානය කළ "ෆෙඩරල් සංහිඳියාව" සම්මන්ත්‍රණයේදී ගෙවිඳු කුමාරතුංග මහතා පළ කළ අදහස්...

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions