-යටියන ප්‍රදීප් කුමාර-
මේ සටහන අප මුලින්ම පළ කළේ 2014 පෙබරවාරි මස ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව වෙනස සිදු වූ ආසන්න දිනකයි.

ජනතා විමුක්ති පෙරමුණ එහි මුල් අරමුණුවලින්
උගුල්ලා දමා, සිංහලයාගේ ජාතික හැඟීම මොට කරවන කොන්ත්‍රාත්තුව ඉටු කරන NGO
භූමිකාවකට ජවිපෙ සිර කර තබා තැබීමට එහි වත්මන් නායකත්වය කටයුතු කර අවසන්ය. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් තම පක්ෂ නායකත්වය සහ උද්යෝගී තරුණ සාමාජිකයින් දහස් ගණනකගේ දිවි පූජාකළ පක්ෂය අද බෙදුම්වාදීන්ගේ ගෙරවිලි හඬ ඇසෙද්දී නකුට ගසා ගන්නා දීන තත්වයට ඇද දමා තිබේ.
අනුර කුමාර මහතාට නායකත්වය ලැබීම පිළිබඳ එදා, අනාගතය කළින් දුටු යුතුකම සංවාද කවය තැබූ සටහනකි මේ. ඒ වන විටත් සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ විදෙස් කටයුතු භාර වගකීම් දැරීය. පසුව අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමත් අවසාන කාලයේ පළ කළ අදහසුත් සැලකිල්ලට ගත් විට අප මෙහිදී මතු කරන්නට උත්සාහ කළ කරුණේ ඇති වලංගුභාවය තවත් තහවුරු වෙයි.

**********************************************************
පරාජයේ පීතෲවරු අභිෂේක කරවීම හෙවත් ජවිපෙ නායකත්ව වෙනස
සමාජවාදී ආශ්වාදයේ සුළඟ ලෝකය පුරා ප්‍රබලව හඹා ගිය 60 දශකයේ අග භාගයේ රෝහණ විජේවීර විසින් ජවිපෙ බිහිකරන්නේ
එතෙක් පැවති සාම්ප්‍රදායික පොතේගුරු මාක්ස්වාදී ව්‍යාපාර වෙනුවට පොළව සමග
මුල් ඇල්ලිය හැකියැයි විස්වාස කරන පදනමක සිටය. 1965 වෙසක් පොහොද දිනය ජවිපෙ
බිහිවන දිනය වන්නේ අහම්බයකින් විය නොහැක. ජවිපෙ බිහිවූ දා සිටම අන් වමේ
පක්ෂවලට වඩා යම් කිසි සුවිශේෂී වෙනස් කමක් සහිතව වර්ධනය විය. "අධිරාජ්‍ය
විරෝධය ඔස්සේ සමාජවාදයට" යනුවෙන් ජවිපෙ තුල න්‍යාය බිහි කරන්නේ රෝහණ
විජේවීර තුල තුබූ නිර්මාණශීලීත්වයත් පොළවේ ඉව හොඳින් වැටහී තුබූ නිසාත් බවට
සැක නැත. සමාජවාදයට යන මග වැටී තිබෙන්නේ ජාතික විමුක්ති අරගලය ඔස්සේ බව
විජවීර විසින් පක්ෂය ස්ථානගත කල ස්ථාවරය විය.
එසේ වුවත්
ජවිපෙ මුල් පොත් වන මාක්ස්වාදි කියවීම් සමග විජේවීර සූත්‍රගත කල මේ
උපායමාර්ගය සමපාත නොවීමේ අවුලක් නිසාදෝ ජවිපෙ වරින් වර අමු මාක්වාදය දෙසටත්
විටෙක් ජාතිකවාදී නැඹුරුවක් දෙසටත් දෝලන වීම ඉතිහාසය පුරාම දැක ගත හැකි වූ
පහසු නිරීක්ෂණයකි.
ජවිපෙ දෙවන මර්දනයෙන් පසු නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය වෙතට කඩා වැදුණු 93න් පමණ පසු ජවිපෙ තුලද මේ අවුල විටින් විට දෘෂ්‍යමාන විය. විටෙක (1997 දී පමණ) වික්‍රමභාහු කරුණාරත්න වැනි අමු පොතේගුරුන් සමහ පොදු වමේ ව්‍යාපාරයක් නිර්මාණය කිරීම දෙසටත් විටෙක (1998 දී පමණ) ගුණදාස අමරසේකර මහාතා වැනි ජාතිකවාදී මත දරන්නන් සමග දේශහිතෛෂී ව්‍යාපාරය වැනි ජාතිකවාදී ව්‍යාපාර දෙසටත් ගමන් කරනු 93න් පසු දශකය තුල හොඳින් පැහැදිළි විය.
කෙසේ වෙතත් 94න් පමණ පසු ඒකාබද්ධව නොවූ තත්වයක් යටතේ වුවත් සිංහල ජාතික ව්‍යාපාර තුල ඇතිවූ ප්‍රබෝධය හමුවේ ජවිපෙ ජාතිකවාදී නැඹුරුවද ඊට සමානුපාතික ලෙස බාහිරට පෙනෙන්නට විය. ඩී එම් ආනන්දගෙන් පසු ජවිපෙ තුලින් බිහිවූ ආකර්ෂණීයම සන්නිවේදකයා වූ විමල් වීරවංශ හරහා ජවිපෙ ඒ ජාතිකවාදි ප්‍රවේශයට ප්‍රබල ලෙස මැදිහත් විය.
ජවිපෙ මේ ජාතිකවාදී නැඹුරුව සත්‍ය ලෙසම අවංකව සිදු කල මැදිහත්වීමක් නොවන බවත් ඔවුන් එය බාහිර සමජය වෙත ආකර්ෂණය වීමට ලාගත් වෙස් මුහුණක් ලෙස,එසේත් නැත්නම් දුරින් දුටු සමාජවාදි දූව වෙත යෑමට තෙප්පමක් ලෙස ස්වදේශවාදය භාවිතා කල බවටත් නැගෙන චෝදනාව පසු කාලයේ සිදු වූ යම් යම් සිදුවීම් හරහා තහවුරු වූ බව අසත්‍යක් නොවේ.එසේ වුවත් ජවිපෙ ජාතිකාවාදී පාර්ශවය කළමණාකරණය ට යොදා ගත් අඬුව වූ විමල් වීරවංශ ජවිපෙ උවමනාවටත් උඩින් සිටිමින් ජාතිකවාදයේ අවංක කොටස්කරුවෙකු වීමට තැත් කිරීම නිසා අවසානයේ ඔහුට පක්ෂයෙන් ඉවත් වන තැනට වැඩ සිදු විය.
බොහෝ විට ඉන්පසු ජවිපෙ සටන් පාඨය බවට පත් වූයේ "අධිරාජ්‍ය විරෝධය ඔස්සේ සමාජවාදයට" යන්න නොව "ජාතිකවාදී විරෝධය ඔස්සේ සමාජවාදයට" යන්නයි.අධිරාජ්‍ය විරෝධය වෙනුවට ජාතිකවාදයට එරෙහි ආස්ථානයක පිහිටා තම උපක්‍රම තෝරන්නට ජවිපෙ යොමු වන්නේ මේ සිදුවීම් වලින් පසුවයි. ජාතිකවාදය සතුරු පාර්ශව කර ගත් දා පටන් ජවිපෙ පසුබෑම ආරම්භ වූයේ යැයි කීම සදොස් නොවන නිගමනයකි.
අවුල 2004 ද ?
2004 මහමැතිවරණ සමයට පෙර වන විට මෙරට පත්ව තිබුනේ 2002 රනිල් ප්‍රභාකරන් ගිවිසුම හරහා බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට ඉල්ලන ඉල්ලන කප්පම් ලබා දෙමින් බෙදුම්වාදය ශක්තිමත් වෙමින් අධිරාජ්‍යවාදී උවමනාව ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් ඉහළින් ඉටුවන වටපිටාවකි, එමෙන්ම ආර්ථික අතින්ද ඊටම සරිලන ලෙස යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන හරහා රට යළි යටත්විජිතකරණයට හසු වෙමින් තිබේය යන්න දේශපාලන චෝදනාවකට එහා ගිය පොළවේ යථාර්ථයක් බවට පත්ව තිබූ තත්වයකි.ඒ දේශපාලන තත්වය පිළිබඳ එකල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැක්වූ මේ අදහස ඒ දේශපාලන තත්වය පිළිබඳ තේරුම් ගැනීමට උපකාරී වේ යැයි සිතේ.
උපුටා ගැනීම :
"2001 දෙසැම්බර් මැතිවරණයෙන් බලයට ආ 2002 පෙබරවාරි කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුම අත්සන් කර ජාතික ප්‍රශ්නය රට බෙදීමේ දිශාවට , ඒකීය රාජ්‍යය දුර්වල කරන දිශාවට හැරවීමත් , "යළි පුබුදමු ශ්‍රී ලංකා " වැඩසටහන හරහා අධිරාජ්‍යවාදී සෘජු න්‍යාය පත්‍රයකට අනුව වැඩ කිරීමට පටන් ගැනීමත් අප හඳුනා ගත්තේ යළි යටත්විජිතකරණයට ගොදුරු වීමක් ලෙසය.එය අනිවාර්‍යයෙන් කිසිඳු කොන්දේසියකට යටත් නොවී පරාජය කල යුතු තත්වයක් විය. "
-ටිල්වින් සිල්වා -2006 ජනවාරි : දිවයින
මේ ප්‍රායෝගික තත්වය හමුවේ 2004 දී ජවිපෙ ශ්‍රීලනිප ය සමග ගොඩනැගි සංධානය එහි නායක රෝහණ විජේවීර උපක්‍රමිකව පෙන්වා දුන් අධිරාජ්‍යවිරොධී ගමන් මගේම එක් තවත් දිගුවක්ම විය. එය කිසි සේත් අධිරාජ්‍ය විරොධය ඔස්සේ සමාජවාදයට යන රෝහණ විජේවීර විසින් පක්ෂය තුල සූත්‍රගත කල උපක්‍රමික න්‍යායෙන් පීළි පැනීමක් නොවීය. එකල පරිවාසය ගොඩ නොනැගුනේ නම් බලයට පත් වන්නේ අධිරාජ්‍යවාදයේ සෘජු ඒජන්තයා ලෙස ජවිපෙම හැඳින්වූ රනිල් වික්‍රමසිංහ බැවින් එය වැලැක්වීම ඒ මොහොත අත්‍යවශ්‍ය ප්‍රමුඛ කාර්‍ය සේ සලකා ජවිපෙ ෆෙඩරල්වාදී චන්ද්‍රිකා ආන්ඩුව සමග දීගයට එළබිණ.
නමුත් චන්ද්‍රිකා මහත්මිය අත්තනෝමතික ලෙස සුනාමි සහන මණ්ඩල යෝජනාව අත්සන් කල මොහොතේ ඒ පරිවාසය බිඳ දමා ස්වාධීන වීමට ගත් තීරණයද ජවිපේ මූලික දැක්ම වූ අධිරාජ්‍යවිරෝධය ඔස්සේ සමාජවාදයට යන්නට අනුකූල විය.එකල අධිරාජ්‍යවාදය සෘජු අපේක්ෂාව වූයේද සුනාමි සහන මණ්ඩලය හරහා LTTE ය වෙත නීත්‍යානුකූලභාවයක් ලබා දීමය.
ඒ අතින් ගත් කල 2004 ජවිපෙ නිවරදිවම ගත යුතු මග ගත් බව ඔවුන් මහ මැතිවරණයෙන් ලද සුවිසාල ජනප්‍රසාදයෙන් පවා තහවුරු වෙයි. ජවිපෙ සන්නද්ධ විප්ලවීය මග පිළිබඳ තව දුරටත් විස්වාස නොකරන්නේ නම් සහ පාර්ලිමේන්තු බලය හරහා රාජ්‍ය පාලනය කිරීම පිළිබඳ විස්වාස කරන්නේ නම් ඒ සඳහා සුදුසුම මගට 2004 වන විට එලඹ තිබුණා යැයි කීම නිවරදිය. එකල ශ්‍රීලනිප යේ පතාක යෝධයන් සේ සැලකූවන් පවා පසු පසට යවමින් ඡන්දදායකයන් නමින් හෝ රූපයෙන් හෝ නොහඳුනන ජවිපෙ සාමාජිකයින් මැතිවරණයෙන් ඉදිරියට ආවේ ඒ බව සනාථ කරමිනි.
උපුටා ගැනීම:
" 1998 සිට 2010 දක්වා අපේ දේශපාලන ගමන් මග දෙස අපි ආපසු හැරී බැලීමක් බලල තියෙනව. ඒ ආපසු හැරී බැලීමේදී අපි හඳුනාගත්තා අපේ පක්ෂයේ හැරවුම කොතනද කියල. අපේ පක්ෂයේ හැරවුම තමයි 2004 සන්ධානය. අප 2004 දක්වා ආපු ගමන් මග 2004න් සන්ධානයෙන් පසු වෙනත් දිශාවකට හැරුනා. එය තමයි අපේ දේශපාලන කඩාවැටීමේ හැරවුම් ලක්ෂය"
-අනුර කුමාර දිසානායක - Daily Mirror සමග සාකච්චාවකදී 2014 පෙබරවාරි 07
කරුණු එසේ තිබියදී ජවිපෙ නව නායකයා අද පවසන මග වරද්දාගැනීම සිදු වූයේ 2004 යැයි කියන ප්‍රකාශයේ වලංගුබවක් ඇත්ද?
සන්නද්ධ විප්ලවය පිලිබඳ අපේක්ෂාවකුත් නැත්නම් 2004 දක්වා සිදු වූ මැතිවරණ හරහා පෙන්නුම් කල ප්‍රගතිය සාධනීය ප්‍රගතියක් සේ අගයන්නේ නම් ජවිපෙට සැබෑවටම පොට වැරදුනේ 2004 දී නොව 2005 දී බව පැහැදිලි විය යුතුය. එනම් මහින්දට ජනාධිපතිවන්නට සහය දී එදින සිට ඔහු අසාර්ථක වේවා යැයි පතමින් අසාර්ථක වන තෙක් බලා සිටින්නට ගත් තීරණයයි. එය ක්‍රියාත්මක තලයට පැමිණි 2007න් පසු ජවිපෙ අගාධයට යන මාවත බාහිරට නිරාවරණය විය. ත්‍රස්තවාදයට එරෙහිව මෙහෙයුම තීරණාත්මක අඩියකට පැමිණි 2007 අග භාගයේ ඔලු ගෙඩි මාරුවක් හරහා අය වැය පරදා ආණ්ඩුව පෙරළා එජාප ආණ්ඩුවක් බිහි කරන කුප්‍රකට මෙහෙයුම එහි ප්‍රදර්ශනශීලී අවස්ථාව විය.
අනාගතය විනිවිද දුටු 'වංශලා'

වීරවංශ - සෝමවංශ |
2005 දී
මැතිවරණයේදී ජවිපෙ කුමක් කල යුතුද යන පක්ෂ අභ්‍යන්තර සංවාදය තුලදී එකල එහි
ප්‍රචාරක ලේකම්වරයා වූ විමල් වීරවංශ ඇතුලු කිහිප දෙනෙකු දැරූ මතය සුවිශේෂී
විය.
"2010 දිනන්නට 2005 ට" මුහුණ දෙමු යන මැයෙන් විමල් වීරවංශ විසින් 2005 අග
භාගයේ පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කල දීර්‍ඝ ලියවිල්ල තුලදී ඔවු ඉතා
නිවරදි ලෙස විශ්ලේෂණාත්මකව පෙන්වා දී තිබුනේ ජනාධිපතිවරණයේදී මහින්ද
රාජපක්ෂට සහයෝගය දී ඉන් පසු ආණ්ඩුවේ කොටස්කරුවකු වී ජවිපෙන් ඉටු විය යුතු
යුතුකම ඉටුකර බහුජන කැමැත්ත තම පක්ෂය තුලට කැඳවා 2010 මැතිවරණය වන විට
ස්වාධීන ගමනක් යෑමට අවශ්‍ය පොළවේ බලය ශක්තිමත් කර ගැනීම ගත හැකි හොඳම
ක්‍රියාමාර්ගය බවයි.
එසේ නැතිව 'කුමාරලා' කියූ පරිදි ස්වාධීනව තරඟ කලහොත් ඇතිවන අභාග්‍යසම්පන්න ඉරණමත් ජනාධිපතිවරණයේදී වැනෙන සුළු සහයක් මහින්ද රාජපක්ෂට දී ඉන් පසු ස්වාධීනව ඉඳීමේ බාග තීරණය හරහා ජවිපෙට දිනාගත හැකි ජයග්‍රහණ ස්ව කැමැත්තෙන් අහිමි කරගන්නා බවටත් ඉතා වැදගත් නිරීක්ෂනයක් විමල් වීරවංශ මහතාගේ ඒ පරිපූර්ණ විශ්ලේෂණයේ අඩංගු විය.
මුලදි පොතේගුරුවාදීන්ගේ බාග තීරණය සමග එකට සිටි සෝමවංශ අමරසිංහ පසුව තමන් සිටි ස්ථාවරයේ දෝෂය වටහාගෙන එම බාග තීරණය නිසා පක්ෂයට ඉදිරියේදී සිදු විය හැකි ව්‍යසනය පිළිබඳ දුරදක්නා බවකින් වැදගත් යෝජනා කිහිපයක් අඩංගු යොජනාවලියක් මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කළේය. ඔවුන් පළකළ අනාවැකි අද වන විට කොතෙක් දුරට ටක්කෙටම හරි ගොස් ඇති බව නිරීක්ෂණය කරන විට මේ වංශ යුගල ජවිපෙ විසින් බිහිකල උපායමාර්ගික විසේෂඥයන් යන මතය බැහැර කල නොහැක.
උපුටා ගැනීම:
"දේශපාලන පක්ෂයක් න්‍යායිකව කොපමණ නිවරදි වුවත් දේශපාලනයේ මතුවන අවස්ථාවන්ට අදාලව ම පක්ෂය ගනු ලබන තීරණයේ ස්වභාවය තීරණය වන්නේ අදාළ පක්ෂය නියෝජනය කරන මහජන බලයේ ප්‍රමාණයට අනුවය. දැන් අප සතුව මන්ත්‍රී ආසන 39ක් තිබේ. අද අප නියොජනය කරන මහජන බලයේ ආසන්නතම දල සංකේතය එයයි. අප සතු මහජන බලය වැඩි දියුණුඅ කිරීමට හේතුවන තීරනයකට යාමට අප සමත් විය යුතුය... ඒ සඳහා මේ ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගත යුතුය.2010 දිනන්නට 2005 ට මුහුණ දෙමු.මහින්ද රාජපක්ෂට මේ ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ 2010 මැතිවරණයට තනිව තරඟ කිරීමේ පූර්න ඉලක්කය ඇතිව ඊට අවශ්‍ය පූර්ව තත්වයන් නිර්මානය කිරීමේ ඉලක්කය සහිතවය"
-විමල් වීරවංශ -2005 "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයෙන්
එදා දුර දක්නා නුවණින් කල මේ යෝජනාවේ අගය ජවිපෙ නිළධාරි මණ්ඩලවලට වැටහිනි නම් යුද්ධය දිනන විට ජවිපෙ රජය තුල සාඩම්බර කොටස්කරුවන් වන්නට තිබිනි. ඒ තුල ඔවන්ට අත්වන ජනතා ප්‍රසාදය අති මහත් වන්නට තිබිනි.එහි අගය අද හොඳින් වැටහෙන්නේ අද වන විට රාජපක්ෂ ආණ්ඩුවේ බොහෝ තකතීරු වැඩවලින් හෙම්බත්ව අපේක්ෂා භංගත්වයට පත්ව සිටින සැබෑ ලෙසම රටට හිතැති මිනිසුන් 'කෝ ඉතින් කොයි තරම් නරක උනත් මේකට විකල්පයක් පේන මානයක නෑනේ. ජවිපෙ වත් එදා හිටපු මතයේ හිටියනම්' යනුවෙන් හූල්ලනු දකින විටයි.
විමල්ලා එදා යෝජනා කල මතයට පසුව එකඟ වූ සෝමවංශ අමරසිංහයන්ගේ නිරීක්ෂනය විමසා බලමු. උපුටා ගැනීම :
"2005 ජනාධිපතිවරණය අරභයා උපක්‍රමික ක්‍රියාමාර්ගයකට එළැඹීමට අප තීරණය කළෙමු. එහෙත් අපේ ඒ ක්‍රියාමාර්ගය අසම්පූර්ණ අර්ධ ක්‍රියාමාර්ගයකි එනිසාම එම ක්‍රියාමාර්ගය අපට ලබා දී ඇත්තේ අර්ධ ජයග්‍රහණයකි. අපි 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට තීරනය කළෙමු. එය නිවරදිය. ඒ අතරම අපි පොදු ජන එක්සත් පෙරමුණ සමග හවුල් ආණ්ඩුවක් ගොඩනැගීම දක්වා නොයා යුතු බවටද තීරණය කළෙමු.අපි එළඹුණ ඒ දෙවනි තීරණය වැරදි බව මගේ දැන් අදහසයි."
"2005 ජනාධිපතිවරණයට මුහුණ දීමේදී අපේ තත්වයද තක්සේරු කර අපි ප්‍රවේශ වූයේ නිවරදි උපක්‍රමික ක්‍රියාමාර්ගයටය.එහෙත් අපි ඒ ක්‍රියාමාර්ගයේ භාගයක් ගොස් නැවතුනෙමු. ඒ නිසා අප ලබාගෙන ඇත්තේ සීමිත ජයග්‍රහණයකි. හවුල් ආණ්ඩුවක් පිහිටුවීම අත් හැරීම නිසා අපට ලබාගත හැකිව තිබූ ජයග්‍රහණ අහිමි වූවා පමණක් නොව අපි ලැබූ සීමිත ජයග්‍රහණයන් බොඳ වී ගොස් අපට අහිමි වනු ඇත.
මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට ඔසවා තබා එතැනින් නැවතීම යනු ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන සිරිසඟබො භූමිකාව තෝරාගැනීමක් ල්ස තරුම් ගන්නා ලෙස මම උදක්ම ඉල්ලමි. ජවිපෙ කිසි විටෙකත් 'දේශපාලන සිරිසඟබෝ ' භූමිකාව තොරාගතත යුතු නැත.
අප මහින්ද රාජපක්ශ තනි කිරීම මගින් තනි වන්න ඔහු නොවේ අපය. මහින්ද රාජපක්ෂ අප විසින් ඈත් කරන තරමට රටේ හතුරෝ ඔහු වටා රොද බැඳ ගැනීම වැලැක්විය නොහැක.රටේ හතුරෝ අපේද සතුරෝය. අප මහින්ද රජපක්ෂගෙන් ඈත් වන විට දැන් අප කරා ඇදෙමින් තිබෙන ශ්‍රීලනිප පහළ සාමාජිකත්වයෙන් බහුතර කොටා ආපසු ශ්‍රීලනිප ය කරාම ඇදෙනු ඇත."
"මතවාදී නිරවුල්භාවය ඇති කරගැනීම ප්‍රශ්නයක් නොවේ.එය අවශ්‍යය.එහෙත් පන්ති සටන අමුවට මතු කරන්නට යෑමේදී අප කුඩා සීමාවකට කොටු විය හැක. එසේ වුවහොත් ජනතා විමුක්ති ප්‍රමුණත් නව සම සමාජ පක්ෂය වැනි මාක්ස්වාදී පක්ෂයක් වනු ඇත "
-සෝමවංශ අමරසිංහ -2006 "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථයෙන්
පක්ෂ විනයට යටත්ව සොමවංශ අමරසිංහයන් බාහිරට පෙනෙන්නට කුමක් කීවත් ඔහුගේ හෘදසාක්ෂියට අනුව නිවරදි මතවාදය වෙනුවෙන් පෙනී සිටි බව පැහැදිලිය. ඔහු මේ අර්ථකතනය දීමේදී මාක්ස්වාදී ස්ථාවරයෙන් බැහැරවීමක් සිදු නොවීය. දේශප්‍රේමය - ජාතික අරගලය පන්ති සටන ජනතාව වෙත ලඟාකරවීමේ හොඳම මග ලෙස ඔහු නිවරදිව වටහා ගනී.දුර දක්නා මේ දැක්ම තුල මූලධර්ම කරේ තබාගෙන යන හනමිටිය කර නොගෙන භූමියේ තත්වය ඉතා නිවරදිව දැක ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.
සැබෑවටම ජවිප අද වල්මත්වී පාර සොයාමින් යන වංකගිරියේ අතරමං කලේ 2004 සභාග දේශපාලනයට යොමු වීමට ගත් උපක්‍රමික තීරණයද ? එසේත් නැත්නම් මහින්ද රාජපක්ෂ ආන්ඩුව පත් වීමෙන් පසු එහි නියත ලෙසම තමන්ට උරුම වූ කොටස අතහැර සිරිසඟබො චරිතයට පණ දීමද?
කුමාරලා හිටියේ කොතනද?
උපුටා ගැනීම:
"2004 සන්ධානයක් පිළිබඳ සාකච්චාවෙදි මට වෙනම ස්ථාවරයක් තිබුනා. ඒක මධ්‍යම කාරක සභාව හොඳින් දන්නව. 2005 ජනාධිපතිවරණයෙදිත් 2010 ජනාධිපතිවරණයේදී මට වෙනම ස්ථාවරයක් තිබුණා. ඒ ස්ථවරය අනිත් අයගේ ස්ථාවරවලට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. "
-අනුර කුමාර දිසානායක - Daily Mirror සමග සාකච්චාවකදී
කෙසේ වෙතත් ඉහත උපුටා දැක්වූ පරිදි නව නායකත්වයට පත් විමෙන් පසු මාධ්‍ය හමුවේ එහි නායකයා පවසා තිබුණේ තමන් අද වන විට භුක්ති විඳින පරාජයන්ගේ ආරම්භය 2004 බවයි. 2004 සභාග ආණ්ඩු හැදීමේ දිහාවට පක්ෂය ගමන් කරවීමට ගත් තීරණය නිසා ඉන් පසු වාර කිහිපයකදී පිළිවෙළින් මහින්ද රාජපක්ෂ , සරත් ෆොන්සේකා ආදීන්ට සහය දෙන ප්‍රමුණු වලට සහභාගි වීමට සිදු වූ බවයි. කොටින්ම 2004 මහ මැතිවරණය ශ්‍රීලනිපය සමග එක්ව තරඟ කිරීම තම පක්ෂය සිදුකල දේශපාලන මග වරදාගැනීමක් බව ජවිපෙ නව නායකයා පෙන්වා දෙයි. එසේ නොවුයේ නම් පිරිසිදු පන්ති සටන් ක්‍රියාමාග හරහා අද නිර්මාණය වී ඇති තත්වයට වඩා හොඳ තැනක තම පක්ෂය සිටින බව ඔහුගේ අදහසයි.
නමුත් එසේ නොවූයේ නම් එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් බිහි වන බවත් සොමවංශ අමරසිංහ , ටිල්වින් සිල්වා ආදීන් ඉහත සඳහන් කල පරිදි එය අධිරාජ්යවාදයේ ජයග්‍රහ්ණයක් වීම ජවිපෙ නව නායකයාට ගැටළුවක් නොවේ. එකල සභාග ක්‍රියාමාර්ග දෙසට පක්ෂය තීරණ ගනිද්දී තමන් ද බහුතරය සමග එයට එකඟ වුවත් ඔහුට ඒ පිළිබඳ වෙනම දැක්මක් තිබූ බව ඔහු ඉහත මාධ්‍ය හමුවේදී ඉඟි කරයි. (සාමාන්‍යය්නෙන් ජවිපෙ නායකයන් එසේ පෞද්ගලික මත ප්‍රකාශ කරනු අප බහුලව අත්දැක නැත.)
කෙසේ වෙතත් අනුර කුමාර දිසානයක මහතා පවසන අදහස සත්‍යක් විය හැකි බව මීට ඉහත පක්ෂයෙන් ඉවත් වූ එහි ප්‍රබලයෙකු වූ නන්දන ගුණතිලක මහතා මීට සත් වසකරකට පමන පෙර පලකල අදහස් මෙන්ම විමල් වීරවංශ මහතා පල කල 'නැත්ත වෙනුවට ඇත්ත ' ග්‍රන්ථයේ අඩංගු තොරතුරුවලින්ද සනාථ වේ. 2005 ජනාධිපතිවරණයේදී කුමක් කල යුතුද යන සංවාදය තුලදී හි තීන්දු තීරණ ගන්න යැයි කියන මධ්‍යම කාරක සභාව තුල මහින්ද රාජපපක්ෂට සහය දී ආණ්ඩුව කොටස්කරුවෙකු විය යුතුය යන යොජනාව පරාජය වී බහුතරයක් ජනාධිපතිවරණයදී මහින්ද රාජපක්ෂ ට සහය දී ඉන්පසු ස්වාධීන මගක යා යුතු යැයි භාග තීරණය ජහග්‍රහණය කලේය. නමුත් එහිදී අනුර කුමාර දිසානායක සහ තවත් එක් සාමාජිකයෙක් පමණක් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය නොදී ස්වාධීනව තරඟ කල යුතු යැයි යන මතය දැරූ බව "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථය සාක්ෂි සපයයි. එය සනාථ කරන ප්‍රකාශයකි ජවිපෙ නව නායකයා මෑතකදී පල කල ඉහත අදහස.

"එදා එම ජනාධිපතිවරණයට පෙර අප මධ්‍යම කාරක සභාව තුළ යෝජනා 3 ක් සාකච්ඡාවට ගැනූණි. ඉන් එකක් වූයේ මහින්දට සහය දී යා හැකි දුරක් දක්වා ඔහූ සමග නැවත බලගතු කොටස්කරුවන් ලෙස ඉදිරියට යෑමය. මධ්‍යම කාරක සභාව තුළ 7 දෙනකු එම මතය දැරූ අතර මාද ඒ අතර විය. අප විශ්වාස කළේ මහින්ද දිනවා පැත්තකට වී සිටීම (හරක් වැඩක් වන අතරම) ජනතාවට සාධාරණීකරණය කළ නොහැක්කක් බවය. එමෙන්ම ආණ්ඩූවට ඇතුල්වීමෙන් කලින් වතාවේ මෙන්ම හෝ ඊටත් වඩා ආණ්ඩූ බලය හැකි තරම් දුරකට අපේ යහපත් අරමූණූ සඳහා යොදාගත යූතු බවය. දෙවන යෝජනාව වූයේ මහින්දට සහය දී දිගටම විපකෂයට වී සිටීමය. මධ්‍යම කාරක සභාව තුළ බහූතර ඡන්දය ලැබූණේ මේ නපූංසක දේශපාලන යෝජනාවන්ටය. තුන්වන යෝජනාව වූයේ මහින්දට සහය නොදී ජ. වි. පෙ. වෙනම තරග කළ යූතු බවය. මේ "ප්‍රගතිශීලී මතය" හෙවත් "විප්ලවවාදී මතය" දැරුවේ හරියටම දෙදෙනෙකි. ඉන් එක් අයකු ඉහත දැක්වූ පිළිකුල්සහගත ඡායාරූපයේ ඉදිරියෙන්ම සිනාසෙමින් ඉන්නේ අහම්බයකින්ද? (ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ අවමඟුල් උත්සවය නිමවීමෙන් පසූව පැය කිහිපයක් එහි රැඳී සිටිමින් විහිළු තහළු කරමින් කෙළිදෙලින් ගත කළ දේශපාලනඥයෝ පිරිසක් ඒ ඡායාරූපයේ වූහ. එහි විපකෂ නායක රනිල් වික්‍රමසිංහ වාඩිවී සිටින්නේ අනූර දිසානායක මහතා අසලම වූ පූටූවක ඇන්දේය. රනිල් කළ කතාවකට සියලුදෙනාම සිනහවන්නේ කලක සිට බැඳුණූ කුළුපග මිතුරන් පිරිසක් හදිසියේ හමූ වූ චිත්ත ප්‍රීතිය විඳ දරාගත නොහැකිව ඇති අයූරකිනි. එය එම ඇස් තුළ සැඟවිය නොහැකි ලෙස සටහන්ව තිබිණි.)
-නන්දන ගුණතිලක 2008 පෙබරවාරි දිවයින
පරාජයේ පියවරු අභිෂේක ගැන්වීම.
2005 දී ගත් භාග තීරණයෙන් ජවිපෙ මේ තරම් නරාවලකට වැටිණි නම් මේ නව නායකත්වය 2005 දී විස්වාස කල පරිදි තනිව තරඟ කලේ නම් අද වන විට ජවිපෙ ගැන මෙහෙමවත් සටහනක් තබන්නට දෙයක් ඉතිරි වන්න්නේ නැත. මේ අනුව පැහැදිලි වන කරුණ නම් ජයග්‍රහණයේ මග පෙන්වූ පීතෲවරුන් ද්‍රෝහී ලේබලය අලවා පන්නා දමා ජවිපෙ සුක්කානම අද ලබාගෙන හො භාරදි හෝ ඇත්තේ එහි වත්මන් පරාජයේ පීතෲවරුන්ට බව නොවේද?
එකල පරාජය විනිවිද දැක ඉන් ගැලවී ප්‍රජාන්තත්‍රවාදී මගෙහි පාලන බලය ලබාගන්නා මාවත දිගේ පක්ෂය යැවීමට සිදු කල යොජනා වලට රැහැනිව සිටියවුන් පක්ෂ නායකත්වයට පත්වීම හරහා ලබාගත හැකි ජයග්‍රහණයක් නැත. ආණ්ඩු විවේචනය අවසානයේ එය ගැට ගසන අන්තය පිළිබඳ නිසි චිත්‍රයක් ඉදිරිපත් නොකරමින් වියුක්තව සිදුකරන ආකර්ෂණීය හුදු විවේචන මගින් ෆේස්බුක් , ගොසිප් අඩවි ආදිය තුල ලාමක වීරයන් විය හැකි මුත් සැබෑවට මහපොළවේ දෙශපාලන මුල් ඇල්ලිය හැකි වෙනසක් නම් සිදු නොවන බව පැවසීමට අංජනම් බැලිය යුතු නැත.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .