10/19/2014

ගමනක මුල - නවකතා මාලාව ඉතිහාසයට නව අර්ථකතන සැපයූ, සාහිත්‍යය ක‍්‍රියාවලියක් - ගෙවිඳු කුමාරතුංග

කතෘ:යුතුකම     10/19/2014   1 comment

ගුණදාස අමරසේකර සාහිත්‍යයවේදියාගේ ‘‘ගමනක මුල’‘ සිට ‘‘ගමනක අග’’ දක්වා වූ නවකතා මාලාව පිළිබඳ පැවති සංවාදයකදී ගෙවිඳු කුමාරතුංග මහතා විසින් සිදු කල දේශනය.
-----
කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සහ සහ ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා එක්ව ගුණදාස අමරසේකර මහතාගේ ‘‘ගමනක මුල’’ සිට ‘‘ගමනක අග’’ දක්වා වූ දැවැන්ත නවකතා මාලාව මූලික කොට ගෙන මෙවැනි සංවාදයක් පැවැත්වීමට කටයුතු කිරිම පිළිබඳ පළමුවෙන් ම එම දෙපළට ස්තූතිවන්ත විය යුතුය.

මෙම නවකතා මාලාව පිළිබඳ (ඇත්ත වශයෙන් ම ‘‘නවකතා මාලාව’’ යන යෙදුම නිවැරදි නැත. මන්ද මෙය කාණ්ඩ කිහිපයක් ලෙස පළ කළ එක ම නවකතාවකි.) ඉහත අර්ථයෙන් ගත් කල කේ. එන්. ඕ. ධර්මදාස මහතා කළ ප‍්‍රකාශය: එනම්, මෙහි ඇතැම් කාණ්ඩ නීරස බව සහ වාද විවාදවලින් ම පිරි ඇති බව එතරම් ම හරයක් ඇති ප‍්‍රකාශයක් නොවේ.
මෙහි කාණ්ඩ එක් එක් අවස්ථාවන්හි පළ වුව ද අප සැලකිල්ලට ගතයුත්තේ සමස්ථය යි. ටොල්ස්ටෝයිගේ ‘‘යුද්ධය සහ සාමය’’ එක් අවස්ථාවක පළ වී තිබෙන්නේ කාණ්ඩ දහයක් වශයෙනි. තවත් අවස්ථාවක එය පළ වී ඇත්තේ කාණ්ඩ තුනක් වශයෙනි. එනිසා මෙම කෘති මාලාවේ එක් කාණ්ඩයක රස නීරස පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීම අර්ථ සම්පන්න නොවේ යැයි සිතමි.

නැවතත් අදාළ මාතාකාවට පිවිසෙමු.
මා කලින් සඳහන් කළේ අමරසේකර මහතාගේ ගමනක මුල නවකතා මාලාව පිළිබඳ මෙවැනි සංවාදයක් පැවැත්වීම කාලෝචිත බවයි. ඒ ස`දහා මූලික කරුණු තුනක් ඇතැයි මා අදස් කරමි.

x විවිධ සාහිත්‍යාංගයන්ට වෙනස් වූ ශක්‍යතාවන්, වෙනස් වූ කාර්යභාරයන් තිබෙන බව අපේ පරපුරට වටහා දුන් විද්වතා අමරසේකර වීම.
x කවියෙන් නවකතා ලියන්නට උත්සාහ කිරිම මෙන්ම ගද්‍යයෙන් කවි රචනා කළ පළියට එය නවකතාවක් නොවන බව කියාපෑමට පෙරට පැමිණියේ අමරසේකර වීම.
x නවකතාවේ සුවිශේෂත්වය: එය නිශ්චිත සමාජයක, නිශ්චිත කාලවකවානුවක සිදුවන්නක් විය යුතු බව, එනම් නවකතාව සහ ඉතිහාසය අතර සබැඳියාව අවධාරණය කළේ ඔහු වීම.

එහි දී ඔහු කේ‍්‍රම්බි‍්‍රජ් සරසවියේ මහාචාර්ය ග‍්‍රැහැම් හෆ් උපුටා දක්වමින්: ‘සැම නවකතාවක් ම ඓතිහාසික නවකතාවක්’ යන්න සහ ඊට අදාළ පැහදිලි කිරිම් ද මාක්ස්වාදී විචාරකයන්, විශේෂයෙන් ජෝර්ජ් ලූකාෂ් උපුටා දක්වමින් ‘ඓතිහාසිකත්වය’ නවකතාවකට කෙතරම් වැදගත් මෙහෙවරක් ඉටු කරන්නේ ද යන්නත් අප හමුවේ කියාපෑවා. මෙම කරුණු අරබයා යම් වැරදි අදසක් වෙත යොමු නොවනු ඇතැයි මා විශ්වාස කරමි. මෙයින් කියවෙන්නේ මනුෂ්‍යත්වය නොසලකා හැරිමක් පිළිබඳ නොවේ. ඉන් හැඟවෙන්නේ මනුෂ්‍යත්වය පිලිබ`ද අවබෝධය උදෙසා නවකතාකරු කරනු ලබන අරගලය සමාජය විනිවිද දැකීමට දැරූ ප‍්‍රයත්නය හා බැඳි පවතින බව යි.

මේ නවකතාමාලාව නිර්මාණය කිරීම අපගේ නූතන ඉතිහාසය පිළිබඳ නව දැනුමක් නිර්මාණය කිරිම වෙනුවෙන් කළ ප‍්‍රයත්නයකි. අනගාරික ධර්මපාලතුමා පිළිබඳ, 1956 පිළිබඳ සහ 71 නැගිටීම පිළිබඳ නව අර්ථකතන සැපයීමක් මෙම නවකතා දාමය නිර්මාණය කිරිම මගින් සිදුවිය. එක් එක් සිද්ධීන් හුදෙකලාව සැලකීම පසෙකලා ඒ සියල්ල ඓතිහාසික කි‍්‍රයාදාමයක ඵල ලෙස දැකීමට අප පෙළඹ වූයේ ඉන් අනතුරු ව ය. ඒ අනුව සලකා බැලූ විට මෙම නවකතා දාමය අපගේ නූතන ඉතිහාසය වෙනස් කළ සාහිත්‍යය නිර්මාණයකි. මෙරට නූතන ඉතිහාසය ලෙස පිළිගැනුණු කරුණු ප‍්‍රශ්න කර නව දැනුමක් නිරිමාණය කළ නවකතාවකි.

මීට අමතර ව වෙනත් අර්ථයකින් ද මෙම නවකතාමාලාව අපේ නූතන ඉතිහාසය වෙනස් කර ඇත. එනම්, පෙර සඳහන් කළ: වැරදි ආකාරයට අර්ථ ගැන්වුණු ඉතිහාසය නිවැරදි කර තිබෙනවා ය යන අර්ථයෙන් නොවේ. මේ කතා පෙළ ලියැවෙද් දී රටේ සිදුවෙමින් පැවති ක‍්‍රියාදාමය වෙනස් කිරිමට මෙම නවකතා පෙළ ඔස්සේ නිර්මාණය වූ දැනුම ද ඊට අදාළ ය. ඒ ඔස්සේ නිර්මාණය වූ දැනුම සහ ඒ දැනුම හේතුකොට ගෙන ඇති වු සංවාද සහ සමාජ ක‍්‍රියාකාරිත්වය ද මීට අදාළ ය. ඉන් හැෙ`ගන්නේ මෙරටේ නූතන ඉතිහාසය නිර්මාණය කිරීමෙහි ලා මෙම නවකතා මාලාව සක‍්‍රීය ලෙස දායක වී ඇති බවයි. එල්. ටී. ටී. ඊ. බෙදුම්වාදය පැරද වූ රටක අපි මේ සංවාදය පවත්වන්නේ ඒ මැදිහත් වීම අනුව ය. මේ අනුව සලකන කල මෙම කෘති මාලාව ඓතිහාසික සාහිත්‍යය කාර්යභාරයක් ඉටු කළ ප‍්‍රයත්නයකි.

මෙම නවකතා මාලාවට නැති වටිනාකමක් ලබා දෙනවාද යන්න යමෙකුට සිතෙන්නට පිළිවනි. මන්ද? ඉතිහාසය වෙනස් කිරිමට මැදිහත් වීම සාහිත්‍යය කෘතියකට කළ හැකිද? කෙසේ වෙතත් සිංහල නවකතාව යන්න ම අපේ ඉතිහාසය වෙනස් කිරිමට දැරූ ප‍්‍රයත්නයකි. අපගේ පළමු නවකතාව වන අයිසෙක් ද සිල්වාගේ ‘‘වාසනාවන්ත පවුල සහ කාලකන්නි පවුල’’ පළ කෙරී ඇත්තේ ක‍්‍රිස්තියානි හර මත අපගේ අනාගතය ගොඩනැගිය යුතු බව කියා පෑමට ය. පියදාස සිරිසේන නවකතාකරණයට පිවිසෙන්නේ ද ‘‘වසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින්’’ (1904) රචනා කරමින් උක්ත කෘතියට පිළිතුරු දෙමිනි. මාර්ටින් වික‍්‍රමසිංහගේ මුල් කාලීන වැදගත් කෘතිය වන ‘‘මිරිඟු දිය’’ 1925 දී පළ කරන්නේ එහි සංඥාපනයේ මෙවැනි අදහස් දැක්වීමක් කරමිනි.

‘‘නවීන අපරදිග ශිෂ්ටාචාරය ද මෙබඳු දෙවඟනකි. මෙකී දෙවඟන දුටුවන් නෙත් සිත් ඇදගන්නා රූප විලාසයක් හා කපා ඔප්නැඟු විදුරුමිණකට බඳු ප‍්‍රඥාවකුත් ඇතත් හදවතක් නැත.’’ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නවකතා මගින්: විශේෂයෙන් ම එතුමාගේ ඓතිහාසික නවකතා මගින් පමණක් නොව. ‘‘හිඟන කොල්ලා’‘ සහ ‘‘සිරියලතා’‘ වැනි නවකතාවලින් පවා ඔහු අපට කිසියම් හර පද්ධතියක් ඉදිරිපත් කොට ඇතැයි මම අදස් කරමි. 1947 නිදහස ලබන විට ද අප හමුවේ විශාල ප‍්‍රශ්නයක් ව තිබූ මේ සංස්කෘතිය පිළිබඳ ව ප‍්‍රශ්නය: අපට පාරම්පරිකව උරුම වූ සංස්කෘතියත් අපව යටත් කොට පාලනය කළ විජාතිකයාගේ සංස්කෘතිත් අතරින් අප විසින් වැලඳ ගතයුතු සිරිත් විරිත්, චරියා, හර පිළිබඳ ව පේරාදෙණි සාහිත්‍යය: විශේෂයෙන් ම නවකතාව පවා මෙම ප‍්‍රශ්නයට ම දැක්වූ ප‍්‍රතිචාරයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව අපට පෙනෙන කරුණක් නම් සිංහල නවකතාව ආරම්භයේ පටන් අපේ ඉතිහාසය වෙනස් කිරිමට ප‍්‍රයත්නයක් දැරු බවයි. එමෙන් ම අනාගතය නිර්මාණය කිරිම ස`දහා ද එය ඉමහත් දායකත්වයක් සපයා ඇත.

අමරසේකර මෙවැනි දැවැන්ත නිර්මාණ කාර්යයක් වෙත යොමු වූයේ ඇයි ද යන්න මඳකට සලකා බලමු.
‘‘ගමනක මුල’‘ පළවන්නේ 1984 දී ය. අමරසේකර මෙම නිර්මාණය සඳහා යොමුවන්නට ඇත්තේ කුමන කාලයකදී ද? සිදුවෙමින් පවතින සමාජ ව්‍යසනය එක මිටට කැටිකරගත්, ඒ සමාජයේ පුද්ගල ඛේදාන්තය මනාව විවරණය කළ කෘතියක් ලෙස විචාරයට පැසසුම් ලබන ‘‘අසත්‍යය කතාවක්’‘ කෘතිය පළ වූයේ 1977 දී ය. එහි පෙරවදනේ අමරසේකර, තමන් දිග නවකතාවක කලක්වේලේ සිට එරි සිටින බව පවසයි. මෙයින් ඉතාමත් පැමහැදිලි ව ම දක්නට ලැබෙන්නේ අමරසේකර සිය දිගු නවකතාව ලිවීම අරඹා ඇත්තේ 77 ට පෙර සිට බවයි.
තමන් බලාපොරොත්තු වූ කිසිවක් 1956 දේශපාලනයෙන් ඉටු නොවන බව ඒ වන විට අමරසේකර වටහාගෙන අවසන් ය. එමෙන් ම 70 සමගි පෙරමුණු රජය මගින් වුව ද අපේක්‍ෂා කළ අන්තයකට මේ රට ගමන් නො කරන බවත දැහැමෙන් සෙමෙන් ගතකරන ජිවිතයක් මේ රටේ මේ පොළොවේ ස්ථාපනය කරගැනීම පිළිබඳ ව දුටු සිහිනය බොඳ වන බවත සහ ඒ වෙනුවෙන් දැරු සියලූ ප‍්‍රයත්න නිෂ්ඵල වී ඇති බව ද ඒ වන විට ඔහු වටහාගෙන අවසන් ය.

1976 ‘‘අබුද්දස්ස යුගයක්’’ කෘතියේ දී අමරසේකර අපට පවසන්නේ: ‘‘... ශොචනීය ඉරණමක් ගැන ඉගියක් දක්වන කළු වලාකුළු අප හිස මත එක්රැස් වන අයුරු අපට පෙනි යා යුතුය’’ යනුවෙනි. ඉන් හැඟෙන්නේ සිදුවන්නට යන විපත අන් අයට පෙර අමරසේකර දුටු බවයි. එහෙත් ප‍්‍රශ්නය එය වළකා ගන්නේ කෙසේද යන්නය. නැතිනම් ඒ අසාර්ථකත්වයට හේතු කවරේද යන්නයි. අමරසේකර මුහුණ දුන් මේ අභියෝගය මේ නවකතා මාලාවේ ප‍්‍රධාන චරිතය වන පියදාස ම`ගින් ඔහු මැනවින් නිරූපණය කරයි.

ඉහත කාරණා හා සමානව ම 71 කැරැල්ල ද අමරසේකරට විශාල බලපෑමක් කළ බව පැහැදිලි ය. ඒ වන විටත් අමරසේකර පේරාදෙණි නවකතාව පිළිබඳ ව වික‍්‍රමසිංහ කළ විචාර ඔස්සේ, ඒ සමඟ පේරාදෙණියෙන් පිටව රටේ විවිධ පළාත්වල සේවය කිරිම, විවාහය, පුතකු ලැබීම ආදි අත් දැකිම් ඔස්සේ තමාගේ සාහිත්‍යය කාර්යසාධනය පිළිබඳ යළි සිතමින් සිටි බව ප‍්‍රකට ය. 1969 දි එළි දුටු ‘‘එකම කතාව’‘ කෙටිකතා සංග‍්‍රහය සහ 1966 දී එළි දුටු ‘‘ගන්‍ධබ්බ ආපදානය’’ නවකතාව තුළින් මෙම වෙනස හැඳිනිය හැකිය. එහෙත් 71 කැරැල්ල කළ කම්පනය ඊට වඩා ප‍්‍රබල ය. තමා විසූ ගම්දොරින් මෙවැනි කැරලිකරුවන් පිරිසක්, මරාගන මැරෙන්නට සුදානම් වූ පිරිසක් බිහි වූයේ කෙසේද? ඔවුන්ගේ සිතුම්, පැතුම් අපේක්‍ෂා කවරේද? අවංක සාහිත්‍යයධරයකු වශයෙන් සිදුවන දේ දැනගැනීම ඔහුට අවශ්‍ය විය. ඔහුට මෙම තරුණයින්ගේ හද-මනස දැකගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා කළ පොරබැදීමේ ප‍්‍රතිඵල ලෙස 1972 දි එළි දුටු ’’එක්ටැමෙන් පොළොවට’’ සහ 1975 දි එළි දුටු ‘‘කතා පහක්’‘ නමැති විශිෂ්ට කෙටිකතා සංග‍්‍රහ ද්විත්වය හැඳින්විය හැකිය.

‘‘එක්ටැමෙන් පොළොවට’’ පිළිබද සදහන් කළ බැවින් අමරසේකර පිළිබඳ මෙම සභාවේ මතුකළ ප‍්‍රශ්නයක් පිළිබඳ ව ද අවධානය යොමු කිරිමට කැමැත්තෙමි.

‘සරසවි ආචාර්යවරුන්ගේ වැටුප් ප‍්‍රශ්නයේ දී අමරසේකර ලබා දුන් දායකත්වය කුමක් ද?’, ‘මේ විශ්වවිද්‍යාල වසා දැමිය යුතුයැයි අමරසේකර වරින්වර ප‍්‍රකාශ කරනවා නේද?’, ‘එවැනි පුද්ගලයෙක් පිළිබඳ ව විශ්වවිද්‍යාල ප‍්‍රජාව මෙවැනි සම්මන්ත‍්‍රණයක් සංවිධානය කරන්නේ ඇයි?’ වැනි ප‍්‍රශ්න මෙම සංවිධායකයින් වෙත යොමු වු බව මෙහි දී ප‍්‍රකාශ විය.

මේ රටේ විශ්වවිද්‍යාල පිළිබද අමරසේකරගේ විවේචනය 1957 දී පළ වූ ‘‘උයනක හිඳ ලියූ කවි’‘ කෘතියේ ‘‘පුදුම රට’ නමැති කවියේත්, 1972 දි පළ වූ ‘‘එක්ටැමෙන් පොළොවට’’ කෙටිකතා සංග‍්‍රහයේ ‘‘එක්ටැමෙන් පොළොවට නොහොත් උපාධිධාරිනිය’’ නමැති කෙටිකතාවේ සහ මෙම නවකතා මාලාවේ ‘‘ගම් දොරින් එළියට’’ (1985) සහ ‘‘ඉණිමගේ ඉහළට’’ (1992) යන කෘතින්හි සදහන් ව ඇත.

‘‘එක්ටැමෙන් පොළොවට නොහොත් උපාධිධාරිනිය’’ කෙටිකතාව පිළිබද මදක් විමසා බලමු.
මෙහි ප‍්‍රධාන චරිතය වන්නේ පේරාදෙණිය සරසවියෙන් පිටව, සාම්ප‍්‍රදායික ගමක, සිය දෙමාපියන් සමග ජිවත්වන, මහනුවර ප‍්‍රදේශයේ ම පාසලක ඉගැන්විමට යන උපාධිධාරිනියකි. ඇය පාසල් ගමනේ යෙදෙන බස් රියේ කොන්දොස්තර ද පේරාදෙණියේ උපාධිධාරියෙකි. බස්රියේ තදබදය අඩු වු විට ඔවුන් සරසවිය හා බැඳුණු: විශේෂයෙන් ම සරච්චන්‍ද්‍ර මහතා සහ ඔහු විසින් මෙහෙය වු කලා කවය හා බැඳුණු සොඳුරු ස්මරණ සිහිපත් කරමින් රස බස් දොඩමින් සතුටු වෙති. සරච්චන්‍ද්‍රගේ නාට්‍යය, පේරාදෙණි සාහිත්‍යය ඔවුන්ගේ විචාරයට සහ ප‍්‍රශංසාවට ලක් වේ. මෙම රසිකත්වය ක‍්‍රම ක‍්‍රමයෙන් පේ‍්‍රමයකට පරිවර්තනය වේ. ටික දිනකින් මෙම පේ‍්‍රම සම්බන්ධය පිළිබද ජවිපෙ ක‍්‍රියාකාරිනියක වන උපාධිධාරිනියගේ මිතුරියක් දැනගන්නී ය. ඇය මෙම අවස්ථාවේ දි අදාළ තරුණයා, හීන යැයි සම්මත කුලයකට අයත් පුද්ගලයෙකු බව උපාධිධාරිනියට ලියා යවන්නී ය.
ඒ හා සමග ම ඇය ගෙන ඇති විප්ලවීය පියවරට ප‍්‍රශංසා කරමින්: වැඩවසම් සමාජ සබඳතා සිඳ-බිඳ දමමින් නව ජිවිතයක් ඇරඹීමට ඇය ගෙන ඇති තීරණය පිළිබඳ ව ඇයට ප‍්‍රශංසා කරන්නී ය. ලිපිය කියවු උපාධිධාරිනිය, නිවසට වී සිටි තමන් පාසලක ඉගැන්වීමට යොමු කිරීම සම්බන්ධයෙන් සිය මවට දෙස්-දෙවොල් තබන්නී ය. නැවත නිවසින් පිටතට එක අඩියක් නොයන බවට ඇය තර්ජනය කරන්නී ය. පේ‍්‍රමය, බස් රියේ ගමන, පාසලේ ඉගැන්වීම යන මේ සියල්ල අවසන් කරන්නී ය.

අමරසේකර අදහස් කරන්නේ: මේ විශ්වවිද්‍යාල, ඒවායේ ජීවිතය, ආදරය, සාහිත්‍යය, විප්ලවය මේ සියල්ල ලංකාව හා බැඳි නොමැති බවයි. මේ පොළොවෙන් පැන නොනැඟි බවයි. මට පෙර අදහස් දැක් වු ආචාර්ය ප‍්‍රදිප් ජෙගනාදන් පවසා සිටියේ ගන්‍ධබ්බ ආපදානය කෘතිය තුළ මන්නාරම නිරූපණය වන්නේ වෙනම රටක් ලෙස බවත එහි ගත කළ දින කීපය තුළදි කතානායකයාගේ හා රීටාගේ විවාහයත මධුසමය සහ වෙන්වීම සිදුවන බව. ‘වෙනම රටක්’ පිළිබඳ රූපකය මතුකර දිම පිළිබඳ ප‍්‍රදීප්ට ස්තූතිවන්ත විය යුතු ය. විශ්වවිද්‍යාල අප සමාජයේන් වියෝ වූ, ඒ සමාජයේ වන නන්විධ වූ බැඳිම්වලින් වියෝ වූ වෙන ම රටවල් ද? අමරසේකර මතුකරන මේ ගැඹුරු විවේචනයට පිළිතුරු සෙවීම ඔබ විසින් කළ යුතු ව ඇති කාර්යයකි.
මීළඟට අමරසේකර මෙම නිර්මාණ කාර්යයට යොමු වූ පසුබිම වෙත යොමු වෙමු.

ඒ වන විට අපගේ සමාජ විකාශනය ගැන පැවති දැනුම කවරාකාර ද? නොඑසේනම් ඒ වන විට නිර්මාණය වී තිබූ සාහිත කැඩපත කෙබදු ද? හැත්තෑවේ දශකය වනවිටත් අප සතුව පැවතියේ මාර්ටින් වික‍්‍රමසිංහ නිර්මාණය කළ ‘‘ගම්පෙරළිය’’, ‘‘යුගාන්තය’’ සාහිත කැඩපත යි. එතුළින් අපට දර්ශනය වන්නේ විජාතික පාලකයන් අනුකරණය කරන කොම්පදෝරු පාලක පන්තියකි. ඒ පැලැන්තියේ ම උපන් උගත් තරුණයන්ගේ නායකත්වය අනුව බලය ලබාගැනීමට යොමු වන නාගරික වැඩ කරන ජනතාවකි. මෙම සිත්තම ජි. සී. මෙන්ඩිස් වැනි ඉතිහාසඥයන් අප හමුවේ තැබූ දැනුම සමග මෙන් ම මාක්ස්වාදී දේශපාලනය හරහා කෙරුණු පුරෝකථන සමගත් සමපාත වෙන්නකි.
එහෙත් ප‍්‍රශ්නය එය නොවේ. පියල් මෙන් විජාතික පාලකයන්ගේ කොන්ත‍්‍රාත්කරුවකු නොවී ගමේ ඉතිරි වු තරුණ පිරිසට සිදු වූයේ කුමක් ද යන්න ය. නිදහස් අධ්‍යාපනය මෙම ගම්වල ජනයාට විවර කළේ කවර නම් මාවතක් ද යන්න, නගරයේ සිදුවූ ධනපති කම්කරු බල අරගලය තුළින් 56 ක් බිහිවූයේ කෙසේද?, එමෙන් ම 71 කැරැල්ල, මෙම කිසිවක් ඒ චිත‍්‍රය මගින් අපට පැහැදිලි කරගත නොහැකි වීම ය. ‘‘ගම් පෙරළිය’’ පළ වූයේ 1944 දී බවත්, යුගාන්තය 1949 දී බවත් ඒ වනවිට මෙරට දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රමුඛතම බලවේග ලෙස එක්සත් ජාතික පක්‍ෂය සහ ලංකා සමසමාජ පක්‍ෂය පෙළ ගැසෙමින් පැවති බවත් අප අමතක නොකළ යුතුය. එහෙත් හැත්තෑව දශකය වනවිට තවත් වසර 25 ක් 30 ක් ගතවී ගොසිනි.

අමරසේකර හමුවේ තිබූ මහා අභියෝගය මෙය යි. සාහිත කැඩපත නිමවිය යුතු ව තිබුණා පමණක් නොව ඒ සඳහා අවශ්‍ය ඥානයක් ද උත්පාදනය කළ යුතුව තිබිණ.

මෙම කතා මාලාව: ‘‘ගමනක මුල’’ (1984), ‘‘ගම් දොරින් එළියට’’ (1985), ‘‘ඉණිමෙ`ග් ඉහළට’’ (1992), ‘‘වංකගිරියක’’ (1993), ‘‘යළි මඟ වෙත’’ (1993), ‘‘දුරු රටක දුකට කිරියක’‘ (2001), ‘‘ගමනක මැද’’ (2006), ‘‘අතරමඟ’ (2009), සහ ‘‘ගමනක අග’’ (2010) ඒ මහා ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලය යි. එපමණක් නොවත .
‘‘ගල් පිළිමය සහ බොල් පිළිමය’’ (1988), ‘‘මරණ මංචකයේ දුටු සිහිනය’’ (1999) සහ ‘‘විල් තෙර මරණය’’ (2007) යන අති විශිෂ්ට කෙටිකතා සංග‍්‍රහයන් ද, අපගේ සමාජය ක‍්‍රමයෙන් බියකරු අන්තයක් වෙත යොමු වන අයුරු සහ එතුළ නිර්මාණය කෙරෙන පුද්ගල ඛේදවාචකයන් මැනවින් ග‍්‍රහණය කර ගත්: ‘‘අසත්‍ය කතාව (1977), ‘‘පේ‍්‍රමයේ සත්‍ය කතාව (1978), සහ රූපාන්තරණය හෙවත් සෝමදේවගේ සංක‍්‍රාන්තිය (2012) යන මහරු කෙටි නවකතා ද මෙම සාහිත කැඩපතේ ම කොටස් ය.

‘‘අබුද්දස්ස යුගයක්’’ (1976), ‘‘අනගාරික ධර්මපාල මාක්ස්වාදි ද?’’ (1980), ‘‘ගනදුරු මැදියම දකිනෙමි අරුණලූ’‘ (1987), ‘‘නොසෙවුනා කැඩපත’’ (2008) සහ අමතක වු උරුමය: ‘‘කවන්ධයට හිසක්’‘ (2011) මෙම සාහිත කැඩපත නිර්මාණය කිරිම සඳහා එතුමා ඥානනය කළ දැනුම යි. මේ සියල්ල මගින් අමරසේකර අපගේ නුතන ඉතිහාසය පිළිබඳ නව දැනුමක් නිර්මාණය කර ඇති බව සේ ම පසුගිය සියවසේ අප සමාජය අලළා සාහිත කැඩපතක් ද නිර්මාණය කර ඇති බව ද අප පිළිගත යුතුය. ඒ හා සමගින් ම මේ නව දැනුම මුල් කර ගෙන නිර්මාණය කළ සාහිත කැඩපත පදනම් කරගෙන අපේ රටේ ඉතිහාසය වෙනස් කිරිම සදහා අවැසි සංවාදයකට ඔහු මුල් වී ඇති බව ද අප විසින් පිළිගතයුතු ව ඇත. ඒ අනුව ගමනක මුල කතා මාලාව හෙවත් මෙම මහා නවකතාව අපේ රටේ නූතන ඉතිහාසයට නව අර්ථකතන සැපයීමකිත ඉතිහාසය වෙනස් කිරිමට දරන මහා ප‍්‍රයත්නයකි.

මෙම සංවාද මණ්ඩපය තුළ දී පැන නැඟුණ ඇතැම් ප‍්‍රශ්න පිළිබඳ ව කෙරෙන අදහස් දැක්විමකින් මගේ මැදිහත් වීම සමාප්ත කිරිමට කැමැත්තෙමි.

ආචාර්ය නිර්මාල් දේවසිරි මතු කළ ප‍්‍රශ්නයක් වන්නේ: මෙම කතා මාලාවේ ප‍්‍රධාන චරිතය වන පියදාස මගින් සිංහල මැද පන්තිය නිසි ලෙස නිරූපණය වෙනවා ද? යන්න ය. මේ ප‍්‍රශ්නය නවකතාවක චරිත නිරුපණය පිළිබඳ අනවබෝධය හේතුකොට ගෙන ඇතිවන්නකි. ලූකාෂ් ඉතා පැහැදිළිව ම අපට පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨ නවකතාකරවා නිරන්තරයෙන් කුලකයක් (පන්තියක්) නිරූපණය කිරිම සඳහා තෝරාගන්නේ සාමාන්‍යය නොව සුවිශේෂී බව යි. නවකතාකරුවාට ඒ කුලකයේ ශක්‍යතාවන් මෙන් ම සීමාවන් පෙන්වා දීමට අවැසි පසුබිම සැකසෙන්නේ මෙම සුවිශේෂත්වය ම`ගිනි. එමෙන් ම මෙම සුවිශේෂය මගින් සාමාන්‍යය දැනගැනීමේ අවශ්‍යතාව ද අපට හිමි වේ.

අනෙක් ප‍්‍රශ්නය නම්: මෙම නවකතාවෙහි නිරූපණය වන සැබැ චරිත පිළිබඳ ව යත ඒ නිරුපණය නිවැරදිද යන්න පිළිබඳ ව ය. මෙහි දී කෘතියේ චරිත දක්වන අදහස් දැක්වීම් සහ අමරසේකරගේ අදහස් සමපාත ලෙස නොසැලකීමට අප ප‍්‍රවේශම් විය යුතු ය. කුමාරතුංග මුනිදාස පිළිබඳ ව දක්වන අදහස් මෙම නවකතා මාලාව ආරම්භයේ දී මා මුහුණ පෑ ප‍්‍රශ්නයකි. වෙසෙසින් ම ‘‘ඉනිමඟෙ ඉහළට’‘ කෘතියේ පේරාදෙණියේ සාහිත්‍යය කවයේ දි දක්වන අදහස්. එහි දි කුමාරතුංග අනුගාමිකයකු ලෙස සැලකිය හැකි චරිතයක් උසුළු විසුළුවලට පවා ලක් කෙරේ. කුමාරතුංග මුනිදාසගේ හිතවතුන් සහ ඥාතින් මෙය දුටුවේ අමරසේකර විසින් කරනු ලබන හෙළා දැකීමක් ලෙස ය.

‘‘අමරසේකරගේ කුමාරතුංග වෛරය තවමත් පහ වී නැති ද?’‘ යනුවෙන් දා. දු. න. විරකෝන් පුවත්පතකට ලිපියක් පවා ලියා තිබිණ. එදා පේරාදෙණි සාහිත්‍යය කවයේ දී කුමාරතුංග සහ ඔහුගේ අදහස් එලෙස අවඥාවට භාජනය වුවා නම් එය මේ කතා මාලාවේ දි ප‍්‍රතිනිර්මාණය වීම කුමාරතුංග හෙළා දැකිමක් ද? එසේ නොවන්නේ නම් පේරාදෙණියේ සාහිත්‍යය කවය පිළිබ`ද නිවැරදි චිත‍්‍රයක් මැවීමක් ද?

මෙහි දී ඉදිරිපත් වු අනෙක් අදහස වූයේ: මේ කතා මාලාවේ ඇතැම් කාණ්ඩ වාද සංවාද දෙබස්වලින් ම යුක්ත බව, නීරස බව ය. නාමල් උඩලමත්ත මේ පිළිබ`ද ව මතු කළ ප‍්‍රශ්නය නිවැරදි ය. මෙම නවකතා මාලාවේ දේශපාලනය ගැබ් වී ඇතැයි ඇතැම් අය මැසිවිලි නගති. මෙම කෘති මාලාවට දේශපාලනය ඇතුළත් වී තිබීම පිළිබද ව ඔවුන් මැසිවිලි නගන්නේ එලෙස දේශපාලනය ඇතුළත් වීමට අකමැති හෙයින් ද? එසේ නොමැතිනම් මෙහි අඩංගු දේශපාලනයට ඔවුන් අකමැති හෙයින්ද? නාමල් උඩලමත්තගේ පැනය මෙය යි. වික‍්‍රමසිංහගේ ‘‘යුගාන්තය’‘ කෘතියේ මාලින්ද සහ තිස්ස අතර කෙතරම් දේශපාලන සංවාද, දෙබස් අන්තර්ගත ද? භාෂාමය අර්ථයකින් ගතහොත් අමරසේකරගේ දෙබස් ඊට වඩා රසවත් ය.

මහාචාර්ය ධර්මදාස මතා සදහන් කළ ආකාරයට නවකතාවට කාව්‍යමය භාෂාවක් ප‍්‍රවිෂ්ට කළේ අමරසේකර ය. ඇරත් තිස්ස: නවකතාකරුවාගේ දෘෂ්ටිය වික‍්‍රමසිංහගේ අදහස්-උදහස් කියාපෑම සදහා ම නිර්මාණය කෙරෙන චරිතයකි. එහි දොස් නොදකින අය පියදාසගේ සංවාදයන් හි දොස් දැකිම නාමල්ගේ ප‍්‍රශ්නය සාධාරණියකරණය කිරිමකි.

එමෙන් ම ‘‘ගමනක මැඳ’ කෘතිය එළිදුටු අවස්ථාවේ ආචාර්ය සසංක පෙරේරා දැක්වු අදස් පිළිබද ව ද කියැවුණි. එම කෘතිය එළි දුටු අවස්ථාවේ දී අපි ඔහුට ආරාධනා කළේ මෙම කතාමාලාව දෙස සමාජවිද්‍යාත්මක ඇසින් බලා අදහස් දැක්වීමක් කරන ලෙස ය. ඔහු එම සම්මන්ත‍්‍රණයට සහභාගි නොවී ෂික්බා පුවත්පතට දීර්ඝ විචාරයක් සැපයූවා. එහි දී ඔහු මෙම කතාමාලාවේ සමාජ චිත‍්‍රය කුමන හෝ ආකාරයකින් බරපතල ප‍්‍රහ්න කිරිමකට නොයා: මේ කතා රසවත් ද?, නැතිනම් මේවා නවකතා ද? යන ප‍්‍රශ්නය මතු කළේ ය. අමරසේකර ප‍්‍රතයාවලෝකනය ප‍්‍රශ්න කරමින් ලිපියක් ලියු ආචාර්ය ලියනගේ අමරකිර්ති (මෙම ලිපිය පරිවර්තනය කර ඔහුගේ ‘පහන සහ කැඩපත’ කෘතියට ඇතුළත් කර ඇත.) ‘‘අන්‍ය සංස්කෘතින්ගේ මිශ‍්‍රනයක් තුළ නැති වී ගිය පාර්ශුද්ධ සිංහලයා සෙවීම නො කළ හැකි කාර්යයකි’’ යයි පවසමින්, ව්‍යාජ අමරසේකර කෙනෙක් නිර්මාණය කරමින් පිළිතුරු සපය යි. අමරසේකර පාරිශුද්ධ සිංහලයකු සෙවිමේ නිරතවන්නේ කොහි ද? මෙමගින් දක්නට ලැබෙන්නේ මේ විදග්ධයන් හට මොනයම් හෝ අයුරකින් අමරසේකර ප‍්‍රයත්නය ලඝු කොට දැක්වීමේ අවශ්‍යතාවක් ඇති බව යි.

මෙම කතා මාලාව මෙරටේ ඉතිහාසය වෙනස් කිරිම සදහා දායක වී ඇති බව ලිපිය ආරම්භයේ දී ම සදහන් කළෙමි. එහෙත් දැන් ඉතිහාසය නිර්මාණය කෙරෙන්නේ අප සිතන-පතන ආකාරයෙන් යැයි ඉන් කිසිසේත් අදහස් නොකෙරේ. ඒ වෙනුවෙන් හරවත් සංවාදයක් මතු කරගැනීමට මූලික වීම පිළිබද ව කොළඹ සරසවියේ ඉතිහාස සංගමයට නැවත වතාවක් අපගේ කෘතඥතාව පිරිනමමු.
-ගෙවිඳු කුමාරතුංග

යුතුකම සංවාද කවය

www.yuthukama.com


, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. සුගත්10/17/2014 1:10 PM

    දෑස කුමටද මේ පොත් ටික කියවා නැති..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com