8/21/2015

ආයුබෝවන් මහින්ද රාජපක්ෂ

කතෘ:යුතුකම     8/21/2015   4 comments

-ධර්මන් වික‍්‍රමරත්න

ආයුබෝවන් යනු ශ‍්‍රී ලාංකිකයින් අතර පවතින සාම්ප‍්‍රදායික ආශීර්වාද පාඨයකි. එය නිදුක් නිරෝගි දීර්ඝ ජීවිතයකට කෙරෙන හෘදයාංගම ප‍්‍රාර්ථනාවකි. පිළිගැනීම සහ වෙන්වීම යන දෙකම වෙනුවෙන් ආයුබෝවන් කියා කියන්නේ එබැවිනි. සංචාරක විශේෂඥයෙකු වූ රෙන්ටන් ද අල්විස් පෙන්වා දෙන පරිදි එකිනෙකට පරස්පර අර්ථයන් දෙකකට ලොව භාවිත කරන එකම වචනයද ආයුබෝවන් විය හැකිය. අප ආයුබෝවන් කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිකමට මීට මාස 7කට පෙර ආයුබෝවන් කීවද යළි පාර්ලිමේන්තුවට ප්‍රවිශ්ඨවීම හේතුකොටගෙන ආයුබෝවන් කියමිනි.

ඉකුත් ජනාධිපතිවරණයේ පරාජයෙන් නිරාවරණය වූ සිංහල ජාතිකවාදයේ නව දේශපාලන පුනරාගමනයට නායකත්වය දුන්නේ ඔබය. එය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙහෙයුම් නායකයා ලෙස ඔබ දුන් නායකත්වය විශිෂ්ඨය. එසේ නොවුනේනම් එහි ප්‍රතිඵලයක් ලෙස සන්ධානයට හිමිවන්නේ අන්ත පරාජයකි. ලබාගත හැකි උපරිම ආසන ගණන වනුයේ එජාපය 2010 මහා මැතිවරණයේදි ලබාගත් ආසන 60ටත් අඩු සංඛ්‍යාවකි. මෙවර ඔබගේ නායකත්වය යටතේ සියළු කෙනෙහෙලිකම් මධ්‍යයේ සන්ධානය ආසන 95ක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රිලනිප සහ සන්ධානයේ නායකත්වයේ සහාය කෙසේ වෙතත් ආශිර්වාදය ලැබුණේනම් 2015 මහා මැතිවරණයේ නිසැක ජය හිමිවන්නේ සන්ධානයටය.

ඔබට එරෙහිවීම නිසා ශ්‍රිලනිප පාක්ෂිකයින් විසින් පරාජයට පත්කල මැති ඇමතිවරුන් ගණනාවකට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාමට වාසනාව උදාවූයේද ජාතික ලැයිස්තුවෙන් ආසන 12ක් ලබා ගැනීමට සන්ධානය සමත්වීම නිසාය. ඔබගේ භූමිකාව නොවන්නට එම ආසන 12න් අඩකටත් වඩා අඩුවීමට බෙහෙවින් ඉඩ තිබිණි.

මෙවර මහ මැතිවරණයෙන් පමණක් නොව ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතය ලබාගෙන ඇත්තේ ඔබය. වෙනත් අය දත්ත වශයෙන් ලැයිස්තුවේ උඩින් සිටියද බුද්ධිමත්ව බලන්නා හෝ අසන්නාට ඒවා ප්‍රශ්න නොවේ. මතුපිට පෙනෙන සත්‍ය යථාර්ථයක් නම් ලොවට විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2015දී ඡන්දය දුන් වලංගු ඡන්දදායකයින් 962,423කින් ඔබට මනාපය දුන් සංඛ්‍යාව 423,529කි. එය සියයට 44 ප්‍රතිශතයකි. එය මෙතෙක් ලාංකීය මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතය වේ. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සංධානයට හිමිවූ ඡන්ද 474,124 අතරින් ඡන්ද 423,529ක් ලබාගෙන සියයට 89ක වාර්තාගත ප්‍රතිශතයක් ලබාගැනීමටද ඔබ සමත්වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් එජාපයට හිමිවූ ඡන්ද 640,743 අතරින් අගමැති රනිල් වික්‍රමසිංහට ලැබුණු 500,566 ඡන්දයට හිමිවූ මනාප ප්‍රතිශතයද සියයට 78කි.

දෙවැන්නා වන්නේ 2015 මහ මැතිවරණයට බදුල්ලට තරඟ කරමින් ඡන්දය දුන් සමස්ථ ඡන්දදායකයින් 472,682කින් මනාප 200,806ක් ලබාගත් ඌව මහ ඇමති හරීන් ප්‍රනාන්දුය ඔහුගේ ප්‍රතිශතය සියයට 42.5කි. අගමැති රනිල් වික්‍රමසිංහ තෙවැනියා වශයෙන් 2015දී කොළඹ සමස්ථ වලංගු ඡන්දදායකයින් 1,208,899 අතරින් ලබාගත් මනාප සංඛ්‍යාව 500,566කි. ඒ අනුව ලබාගත් මනාප වල ප්‍රතිශතය සියයට 41කි. සිව්වැන්නා වන්නේ 1994දී ගම්පහෙන් සමස්ථ ඡන්ද දායකයින් 1,224.401 අතරින් ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 464,588ක් ලබාගත් චන්ද්‍රිකා කුමාරතුංග වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 38කි.

ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය සඳහා හංසයාට ඡන්දය දුන් සංඛ්‍යාව 6,217,162කි. මෙවර මහා මැතිවරණයේදී එජාපය, ද්‍රවිඩ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ මුස්ලීම් කොංග්‍රසය ඇතුළු සියළු පක්ෂවලට ඡන්දය දුන් මුළු සංඛ්‍යාව 6,239,609කි. ඒ අනුව හංසයා පිලේ සියළුම පක්ෂ මෙවර මහා මැතිවරණයේදී ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව වන්නේ ඡන්ද 22,447කි. ඉකුත් ජනාධිපතිවරණයේ ඔබට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 5,768,090කි. මෙවර මහ මැතිවරණයේදී සන්ධානයට ලැබුණු සංඛ්‍යාව 4,762,131කි. ජනාධිපතිවරණයේදී ඔබට ඡන්දය දුන් 1,005,959 මෙවර මහ මැතිවරණයේදී සන්ධානයට ඡන්දය ලබාදී නැත. ඒ අනුව මෙවර මහා මැතිවරණයේදි සමස්ථ ඡන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම 983,512ක් අඩුය. ඉන් මෙවර ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 489,839කි. ජනාධිපතිවරණ‍යේදී සන්ධානයට ඡන්දයදී මහා මැතිවරණයට ඡන්දය නොදුන් සංඛ්‍යාව 493,673කි. මෙයට හේතුවක් වනු ඇත්තේ සන්ධානයේ මැතිවරණ සටනට එරෙහිව ඒ තුළින්ම එල්ලවූ අපමණක් බාධක සහ තහංචිය.

ඉකුත් ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 140,925කි. මෙවර මහා මැතිවරණයේදී ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 489,839කි. ඒ අනුව ජනපතිවරණයට වඩා මහ මැතිවරණයේදී ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 348,914කි. සියයට 97ක් සාක්ෂරතාවයෙන් හෙබි ශ්‍රී ලංකා‍වේ මෙවැනි දෙයක් සිදුවීම බරපතල ඛේදවාචකයෙකි.

කුමන තර්ක විතර්ක සිදුකලද පරාජය පරාජයම වන්නේය. ජයග්‍රහණයද ඒසේමය. මහින්ද රාජපක්ෂ විසින් දෙන ලද විශිෂ්ඨ නායකත්වය අගය කරන අතරම නව අගමැති වශයෙන් පත්වූ රනිල් වික්‍රමසිංහගේ සම්මුතිවාදී වැඩපිළිවෙලද අවධානයට ලක්කල යුතුය. ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඊයේ පෙරවරුවේ තීරණය කළේය. ඒ සදහා චන්ද්‍රිකා කුමාරතුංග, එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහගේ සහභාගිත්වයෙන් කමිටුවක්ද පත් කළේය. අලුතින් පත්වූ සන්ධාන මන්ත්‍රීවරුන් සියල්ලම වාගේ කථානායක නිල නිවසේ ඊයේ පස්වරුවේ හමුවී ප්‍රතිපත්ති එකඟතාවයක් මත කණ්ඩායමක් වශයෙන් නොව සමූහයක් වශයෙන්ම ජාතික ආණ්ඩු සංකල්පය පිළිගැනීමේ අනුකූලතාවයකට වැඩි බරක් පෙන්නුම් කළේය. ශ්‍රි ලංකාවේ නව අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලබයි.

මෙවර ආණ්ඩුව පිහිටවූයේ එජාප මගින් මුස්ලීම් කොංග්‍රසයේ සහාය ඇතිව ආසන 107කිනි. ආසන 16ක් දිනාගත් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට එක් නොවූවද ආණ්ඩුවට මනාපය. එබැවින් ප්‍රශ්නයක් නැත. චන්ද්‍රිකා කුමාරතුංග‍ගේ ආණ්ඩුව 1994 ලබාගත් ආසන සංඛ්‍යාව 105කි. සුළු පක්ෂ සමඟ ආණ්ඩුවක් පිහිටුවන ලදී. 2000 පොදුජන එක්සත් පෙරමුණට 107කි. රනිල් වික්‍රමසිංහගේ එජාපය 2001දී ආසන 109ක් දිනාගත් අතර සුළු පක්ෂ සමඟ එක්වි ආණ්ඩුවක් පිහිටුවන ලදී. 2004දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 105ක් සමඟ සුළු පක්ෂ සමග එක්වි රජයක් පිහිටුවන ලදී. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2010දී ආසන 144ක් ලබාගෙන බලගතු රජයක් පිහිටුවන ලදී.

වසර 1977 ශ්‍රිලනිප එජාපයට පරාජය වූයේ ආසන 147කිනි. 1989 ශ්‍රිලනිප පරාජය වූයේ ආසන 52කිනි. 2001 දී ශ්‍රිලනිප පරාජය වුයේ ආසන 32කිනි. ශ්‍රිලනිප ඇතුළු සන්ධානය මගින් එජාපය 1994දී ආසන 11කින්ද, 2000 ආසන 18කින්ද 2004දී ජවිපෙ සහායද ලබාගෙන ආසන 23කින්ද පරාජය කරන ලදී. ඔබගේ නායකත්වය යටතේ පරාජිත පක්ෂයක් ලෙස සන්ධානයට මෙවර අඩුවූයේ ආසන 11කි. එය පරාජයක් වුවද මහ පරාජයක් නොවේ.

වර්තමාන රජයද ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රස්ථාව විවර කරගෙන තිබේ. එජාපය මෙවර බලයට පැමිණියේ සන්ධානයේ සූත්‍රයම අනුගමනය කරමිනි. ඒ අනුව විවිධ අදහස් ඇති පක්ෂ කණ්ඩායම් එයට එක්රොක්වී සිටියහ. හකීම්ගේ සිට චම්පික රණවක දක්වාම එයට කදිම නිදසුනකි. පොදුජන අපේක්ෂාව මත වැඩි ආසන දිනා ගන්නා පක්ෂය සමඟ පරාජිතයින් අතරින් පිරිසක් එක්වීම නොවැලැක්විය හැකිය. නොයෙකුත් උපා මාරු දමා මන්ත්‍රීවරුන් බිලිබා ගනු ඇත. ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ගන්නා ක්‍රියාමාර්ග අනුව ඔබගේ උපාය මාර්ගයන් සකස් වන බව පැහැදිලිය. ඒ අනුව දැනටමත් විපක්ෂ නායක තනතුරට ඔබගේ මනාපයක් නැත. නව දේශපාලන සංස්කෘතියක් සඳහා දොරගුළු විවර කරන යුගයකට ඔබ අයෝමය කැප කිරීමක් කර ඇත.

මෙවර මැතිවරණයේදී සන්ධානයට ඡන්දය දුන් ශ්‍රිලනිප පාක්ෂිකයින් සබුද්ධිකව ප්‍රබල පණිවිඩයක් දී ඇත. ඒ ඔබේ නායකත්වය අගය කරන බවය. ඔබට එරෙහිවූ ඔබගේම පක්ෂයේ අති බහුතරයම වාගේ දේශපාලන කනත්තට තල්ලු කර තිබේ. මේ සියළු ජයග්‍රහණ ඔබ ලබාගත්තේ ඔබගේ හිස සිඳ දැමුවාක් මෙන් තිබූ වාතාවරණයක් හමුවේය. වැටත් නියරත් ගොයම් කානම් කාට කියමිද ඒ අමාරුව යන ගැමි කියමන ඔවුන් කියා ඇත්තේ කට කසනවාට නොවන බව ඔබට සිහියට නැගෙනු ඇත.

ඔබ මෙවර තරඟ කළේ ඇතුගල්පුරයෙනි. ශ්‍රිලනිපය 1951 පිහිටුවූයේද කුරුණෑගල කිරිගම වත්තේ ශ්‍රී නිශ්ශංකගේ නිවසේදීය. මෙවර මහ මැතිවරණයේදී හිටපු අගමැතිවරුන්වූ ඩී.එස්.සේනානයකගේ මීරිගම ආසනයද, ඩඩ්ලි සේනානායකගේ දැදිගම ආසනයද, සර් ජෝන් කොතලාවලගේ දොඩම්ගස්ලන්ද ආසනයද, එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක නියෝජනය කල අත්තනගල්ල ආසනයද, රනිල් වික්‍රමසිංහ දේශපාලන ආරම්භ කල බියගම ආසනයද සන්ධානය මගින් ශ්‍රිලනිපයට දිනාදීමට ඔබ සමත් විය. ඇතැමුන් සතෙකුට මනාපය දෙන්නැයි කියා සිටියද එම ආසනවල ජනතාව පමණක් නොව රටපුරා ජනයා බුලත් කොලයට මනාපය පලකලේ ඔබ වෙනුවෙනි.

අනුන් වෙනුවෙන් දකින සිහින කිසිදා සදාකාලික පැරදුම් නොලබයි. දිය යට එබූ රබර් බෝලයක් මෙන් සත්‍ය කෙදිනක හෝ යථාර්ථය නැමති ජල තීරයෙන් උඩට එනු ඇත. එවිට යහපත් සිහින කල්ගතවී හෝ සැබෑ වේ. යහපත් සිහින දුටුවෝ කල්ගතවි හෝ ජය ලබති. ලොව කවදත් කොතනත් එවැනි යහපත් සිහින දකින යහපත් මිනිසුන්ට එරෙහි බලවේග සහ කුමන්ත්‍රණ දියත්වීම ‍ස්වාභාවිකය. එහෙත් ඒවාට කල හැක්කේ යහපත් මිනිසුන්ගේ තාවකාලික පසුබෑම් ඇතිකිරීම පමණි. ඔබටද එය අදාලය.

බුද්ධිය යනු ඇතැමුන් කියන දේ නොව නොකියන දේය. පෙනෙන පෙන්වන දේ නොව, නොපෙනෙන නොපෙන්වන දේය. මතුපිට නොව ගැඹුරය. ලඟ නොව දුරය. එය විනිවිද යාමේ පරිකල්පන ශක්තිය ‍ඔබ සතුය.

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණීම නිසා ලංකාවේ දේශපාලනයට සිදුවන සේවය ගැන වාක්‍ය 10 ක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. Anonymous 1 here are 10 sentences

      1. parliament will have a diversity which would not allow any party to by pass one another. automatic checks and balances
      2. genuine sinhala views which is being subjugated at the moment will be represented
      3.politicians of double standards would be exposed
      4.insight into national issues can be obtained
      5.extremist elements in TNA and Muslim Congress will be held in check
      6.younger politicians can gain knowledge
      7. proactive and fiery parliamentary proceedings
      8, in the event the government appears to be bending backwards to appease external and minority extremist opinions it will be held in check
      9. peoples representation will be heard from all sides of the divide
      10. a new political culture and precedents will be seen

      do you want more?

      Delete
    2. Well said sir...

      Delete
  2. //සංචාරක විශේෂඥයෙකු වූ රෙන්ටන් ද අල්විස් පෙන්වා දෙන පරිදි එකිනෙකට පරස්පර අර්ථයන් දෙකකට ලොව භාවිත කරන එකම වචනයද ආයුබෝවන් විය හැකිය.// ආයුබෝවන්/ ආයුබෝවේවා/ආයූ බොහෝවා/ ආයූම බොහෝවා යනු මීටම සමාන පද ලෙස සිංහල වදන්වල ව්‍යවහාරවන බව රෙන්ටන් ද අල්විස් මහතාට සොයාගත නොහැකිවූවා විය හැකිය. මෙහි ඇත්තේ නැවත නැවතත් එන්න යන අරුතයි. තවත් දිගු කලක් ඉන්න යන අරුතයි. ලංකාවේ දේවාගම සම්බන්ධ සම්ප්‍රදායික ස්තෝත්‍රවල බෙහෙවින්ම භාවිතවන්නේ මේ අරුතින් බව පෙනේ. දෙවියන්ට නිතරම පාහේ මෙසේ ආශීර්වාද කරනු දැකිය හැකියි. එහි සමුගැනීමක් හෝ හමුවීමක් පිළිබඳ අරුතක් ඇද්දැයි නොපැහැදිලිය.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions