8/23/2015

මාරයින් සමඟ සටන් වැද..

කතෘ:යුතුකම     8/23/2015   1 comment




අසමාන සටනකින් ජාතිකවාදී පෙරමුණ පරාජයට පත්ව තිබේ. එය මාර සෙනඟ සමඟ කළ යුද්ධයකි. අනිත් පස රනිල් ය. තවත් පසෙක අනුර ය. පිටුපස පාඨලී ය. පැත්තෙන් චන්ද්‍රිකා ය. නව පරපුරේ කලාකරුවෝ ය. ඊනියා සිංහල විරෝධි උගත්තු ය. රතන හිමිගේ පිවිතුරු හෙට ය. සෝභිත හිමිගේ සාධාරණ සමාජය ය. මාධ්‍ය බලය ය. NGO කාරයෝ ය. RAWකාරයෝ ය. CIAකාරයෝ ය. මේ සියල්ල මැද එජාප ජනවරමින් පක්ෂ නායකත්වය ඩැහැ ගත් සිරිසේන ය. ඇතුළත අප්පච්චි මළෝ කල්ලියේ සතුරෝ ය. මේ සියලු පෙරමුණුවල එකම සතුරා බවට පත්වූයේ මහින්ද ප්‍රමුඛ පිරිස ය. ඉලක්කය වූයේ මහින්ද ය. මේ පිරිස මහින්ද ප්‍රමුඛ සන්ධාන මැතිවරණ ව්‍යාපාරය විනාශ කිරීම සඳහා කළ හැකි සියල්ල කළ අතර එහි ප්‍රධානීන් නිතර FCID කැඳවමින් මාධ්‍ය සන්දර්ශනය පැවත්වූහ. මලමිනි ගොඩගත්හ. සිරිසේන මහතා පක්ෂ යාන්ත්‍රණය දුර්වල කිරීම සඳහා කළ හැකි සියල්ල කළේ ය. චන්ද්‍රිකා එජාප වේදිකාවට ගොඩ වුවා ය. 

එවන් පසු බිමක ජාතිකවාදී පිලට පරාජය හිමි වුව ද එය හොඳ සටනක් ලබා දී ලැබූ විශිෂ්ට පරාජයකි. පරාජයට පත්ව මාස 8ක් තුළ මෑත කාලයේ බිහි වූ ශක්තිමත් ම විපක්ෂය නිර්මාණය වී තිබේ. සැබවින් ම රනිල් ප්‍රමුඛ එජාපය ජය ගත්තේ දුර්වල කළ, බෙලහීන කළ සෛන්ධවයෙකු සමඟ දිවීමෙනි. රනිල් ප්‍රමුඛ එජාපය සමතලා පොළවක හැල්මේ දුවන විට ජාතිකවාදී පිළට කඳු හෙල්, ගිරි දුර්ග, මාරක ප්‍රපාත ඔස්සේ මාර උගුල් මඟහැර දිවීමට සිදුව තිබිණි. එහෙත් එවන් අතපය බැඳ දැමූ පිරිසක් සමඟ තරඟ කර පවා 1977 මෙන් විශාල ජයග්‍රහණයක් තබා පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට පවා රනිල්ට නොහැකි වීමෙන් ඔහුගේ දුර්වලතාව පැහැදිලි වෙයි. කෙසේ වුව ද රනිල්ට අසීමිත බලයක් හිමි නොවීම රටේ වාසනාව ය. මහින්ද සිය අභිමාණය සහ ජීවිත අවධානම පවා නොතකා සිදු කළ මැදිහත් වීම නොවන්නට රනිල්-සිරිසේන දෙදෙනා එක්ව 1977 මෙන් 5/6 බලයක් සහිතව එජාප ආණ්ඩුවක් පිහිටු වනු ඇත. 


එහෙත් මෙවර මහින්ද නිසා ම පාර්ලිමේන්තුවට තේරි පත් වූ පිරිසක් සිරිසේනගේ ආශිර්වාදය පිට හෙට දින රනිල්ගේ ඇමති මණ්ඩලයට එක් වනු ඇත. එය තමන්ගේ කැමැත්ත නොව පක්ෂයේ සහ නායකතුමාගේ කැමැත්ත බව ඔවුහු පවසනු ඇත. ඒ පිළිබඳ අප එතරම් තැකිය යුතු නැත. පහනට ඇදෙන කුහුඹුවන් මෙන් ඇතැම්හු බලයට ඇදෙන්නාහ. කෙසේ වුව ද ජනතාව අනාගත දේශපාලඥයින් වෙත කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස එවැනි ප්‍රබල චරිත බොහොමයක් මෙවර පරාජයට පත් කර තිබේ. ඔවුන් නැවත ජාතික ලැයිස්තු හිලෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් නිරුවත් වන්නේ යහ පාලන සීතාම්බර සළුව මිස අනෙකක් නොවේ. ඔවුන්ට ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට ඒමට නොහැකි වූයේ පසු ගිය යහ පාලන ආණ්ඩුවට මුක්කු ගැසීම නිසා බව ද ඔවුන් වංචාකාරී ලෙස නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට කොල්ල කෑ ජාතික ලැයිස්තුව පවා ඔවුන්ගේ එකී ක්‍රියාදාමයට එරෙහි ජනමතය බව ද සිහි කටයුතු ය.


කෙසේ වුව ද JR ගේ දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පියිට පිවිසීමට පුල පුලා සිටි රනිල් වික්‍රමසිංහ සුළුතර ආණ්ඩුවකට සීමා කොට ඒ මාරකයෙන් රට ගලවා ගැනීම පිළිබඳ මහින්දඑ ප්‍රමුඛ ජාතික බලවේගවලට මේ රටට ආදරය කරන ජනතාව කෘතඥ විය යුතු ය. මේ වන විට මැතිවරණ ප්‍රතිඵලවල ඇතැම් අසාමාන්‍ය වෙනස්කම් පිළිබඳ සාකච්ඡාවක් ගොඩ නැඟෙමින් තිබේ. කිසිදු අභ්‍යන්තර දූෂණයක් සිදු නොවිණි නම් මේ ප්‍රතිඵලය සැබෑ ජන මතය නම් අපි ඊට ගරු කළ කරමු. බොක්සිං වළල්ල තුළ යමෙක් පරාජයට පත් වන්නේ සතුරාගේ ප්‍රහාරයකින් බිම වැටුණු විට නොව නැවත නැඟී සිටීම ප්‍රතික්ෂේප කළ විට ය. මේ පරාජය තුළ අනාගත ජයග්‍රහණයේ පණ ගැහෙන බිජුවට සැඟව තිබේ. ඒ සියල්ල රැක ගත යුතු ය. නිසි පොහොර දිය සපයා විසල් තුරු බවට පත් කළ යුතු ය. ජාතික කඳවුරේ පරාජයට හේතු වූ ඊට අවේනික දුබලතා ඇත්නම් ඒවා වියළි පත් මෙන් පොහොර බවට පත් කර ගත යුතු ය. එවිට ඒ තුරු මාතෘ භූමියට අවැසි ම මොහොතේ සෙවණ සදනු ඇත. දැයට මඟ කියනු ඇත.


නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions