පසුගිය ජානාධිපතිවරණ සමයේ උතුරේ හා නැගෙනහිර සුළුතරයේ අති මහත් බහුතර චන්ද ප්‍රමාණයට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට මූලිකවූ අනෙකුත් ජන්ද පදනම වූයේ අන්තර්ජාලය , සමාජ ජාලා ඇසුරු කරන වෘත්තිකයන්ගේ ඡන්ද පදනමයි.නමුත් එදා සැබෑ වෙනසක් වෙනුවෙන් අවංකව විශ්වාසයෙන් චන්දය දුන් බහුතරයක් වූ මිනිසුන් අද ඒ බලපොරොත්තුවෙන් වේගයෙන් ඉවත් වෙමින් ඇත.
එදා දැවැන්ත මාධ්‍ය හා ප්‍රචාරණ මෙහෙයුමට හසුවූ සහ හා සිංහ හම පොරවාගත් කැනහිල් අවස්ථාවදීන් කෙරෙහි තැබූ අධි බලාපොරොත්තුවට හසුවූ බොහෝ දෙනා ජනවාරි 8 සිදුවූ වරද අගෝස්තු 17 දා නිවරදි කරගැනීමට අපක්ෂාවෙන් සිටී.
අභූත චෝදනා නගා සැබෑ නායකයා දෝහියා කර රට පාවාදුන් දෝහියෙකුට වීරත්වය ආරෝපණය කිරීමට අකමැති හෘද සාක්ෂියක් සහිත මිනිසුන්ගේ හඬ පිළිබඳ එක් සාක්ෂියකි මේ..
එදා යහපාලන වෙනසක් බලාපොරොත්තුවෙන් ක්‍රියාකාරීව අදහස් දැක්වූ රජයේ රෝහලක වෛ දයවරයකුතව දුරටත් තමාගේ හෘද සාක්ෂියට අවනවතව ඒ වෙනුවෙන් පෙනී සිටීමේ අපුලතාවය නිසා තම ෆේස් බුක් ගිණුමේ අද ඔහුට දැනෙන සත්‍ය සටහන් කර තිබුණේ මෙසේය.
සැබෑ හෘද සාක්ෂියක් ඇති අවංක මිනිසුන්ගේ පොදු ප්‍රකාශනයක් ලෙස හැඟෙන බැවින් අප එය මෙලෙස සටහන් කරන්නෙමු.
========================================================
“මෙගා ඩීල්, රත්තරන් අශ්වයින් සහ ලැම්බෝගිනි ගැන ඔවුහු අපට කීහ.
පුතාලගේ හෙලිකොප්ටර්, පොර්ට් සිටි, රත්තරන් රේල් පීලි හා තවත් බොහෝ දේ ගැන කතා කළෙමු.
ගල් අඟුරු වංචා, මිග් ගනුදෙනු වංචා, කුඩු කන්ටේනර් ගැන ෆයිල් පෙන්නුහ.
සියල් සපිරි යහපාලන මනෝරාජික සිහිනයක් අප තුල රෝපණය කරනු ලැබුහ.
මේ සියලු කතාන්දර, ඔලු ගෙඩි මාරු වීම් සහ පැවති සැබෑ දුර්වලතා අපව වෙනසක් කරා මෙහෙය වුහ.
ජනවාරි 8 වෙනිදා සොඳුරු ආඥදායකයා පලවා හරින ලද්දෙමු.
අද,
අප සිහිනෙන් අවදි වෙමින් සිටින්නෙමු.
ලැබූ දෙයක් කෙසේ වෙතත් තිබු දෙයත් ගිලිහෙමින් යන සෙයක් පෙනේ.
සිහිනයේ නොතිබූ FCID, ඩයස්පෝරා සැණකෙළි, CEPA කළඑළි බසිමින් තිබේ.
අධිරණයට ගල් ගසති, කැලැ කපති, නිදන් හාරති, විනිමය කොල්ලකති.
රාජ්‍යය අරාජික වී ඇත.යටපත්ව තිබූ පිළිකා ඔඩුදුවමින් ඇත.
සිංහලකම, සිංහලනම කල් කදුරුව තිබේ.
සිහිනය හැඩගැන්වූ සිංහල නායකයින් අද ගොළු වී ඇත.
කළු දුමාරයක් සමගින් අලුත් පරපුරක් ඩොලර් වලින් නිර්මාණය කර ඇත.
සිංහලයන් බෙදී ඇත.
සොඳුරු ආඥදායකයා පලවා හැර නිවට රූකඩයක් ඔටුණු පළඳවා ඇත.
අප සියල්ලෝම පාවිච්චි වී ඇතැයි පසක් කර ගැනීමට තවත් කල් අවැසි නොවේ.
පෙර සිහිනය තුළම අප නිර්වින්දනය කර තබන්නට ඔවුහු වැර දරනු ඇත.
එහෙත් මේ අප සිහිනයෙන් අවදි විය යුතුම කාලයයි.
“
-වෛද්‍යවරයකු තම ෆේස්බුක් ගිණුමේ තැබූ හදවතේ සටහන
-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

මේ අප සිහිනයෙන් අවදි විය යුතුම කාලයයි.
ReplyDeleteකළ වරද හඳුනාගෙන නිවැරදි කරන්නට වෙර දරන ඔබට ප්‍රණාමය ..
තව තවත් මිනිසුන් මේ ලෙසට අවදි වේවා !!