8/27/2015

මොහාන්ගේ අනවරථ මාධ්‍ය මෙහෙයුමක නිමාව.

කතෘ:යුතුකම     8/27/2015   No comments

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
මෙවර ස්වර්ණ පුස්තක සමීක්ෂක මණ්ඩලය විසින් මොහාන් රාජ් මඩවලගේ ආදරණීය වික්ටෝරිය කෘතිය අවසන් වටයේ පොත් 05 අතරට තේරීමට තරම් නොවැදගත් සේ සලකා ප්‍රතික්ෂේප කර තිබේ. ඒ සමග ඔහු අවුරුද්දක් පුරා අන් කිසිදු ලේඛක ලේඛිකාවක් නොකරන අන්දමට සිය කෘතිය ඔසවා තැබීමට ගෙන ගිය මාධ්‍ය මෙහෙයුමද අර්ථශුන්‍ය වී තිබේ. තමාට මාධ්‍ය සබදතා තිබු පමණින්, ඒවායේ සිය වෘත්තීය සගයන් සිටිය පමණින්, හෝ සිවිල් සබඳතා ප්‍රයෝජනයට ගනිමින් අනිසි ලෙස සිය කෘති පුම්බා ව්‍යාජ ප්‍රතිරුප තනාගැනීමට දගලන දැගලිල්ල මත කෘති නොතෝරන බව සමීක්ෂකයින් නැවත වතාවක් ඔහුට මතක් කර දී තිබේ.

ඇත්ත වශයෙන්ම වෙන කිසිම ලේඛක ලේඛිකාවක් පොතක් පළකළ පසු මොහු තරම් සීමාව ඉක්මවා දගලන්නේ නැත. යම් ලේඛක ලේඛිකාවක් සැලකිය යුතු පරිශ්‍රමයකින් පොතක් ලියා පළ කළ පසු එය සමාජ අවධානයට ලක් කිරීමට යම් ප්‍රචාරයක් ලබාගත්තාට වරදක් නොවේ.සෑම නිර්මාණකරුවෙකු විසින්ම එය කරනු ලබන්නෙකි. නමුත් එය මොහාන් රාජ් මඩවල තරම් හිරි ඔතප් බිඳ ගෙන කරන මොනර නැටුමක් නොවේ. ඔහු තරම් වෙන කිසිම ලේඛක ලේඛිකාවක් පුවත්පත් සාහිත්‍ය පිටු අවභාවිත කරන්නේ හෝ අපහරණය කරන්නේ නැත. සිය පොත් ඔසවා ගැනීමට වෙහෙසෙන්නේ නැත. ඔහු ගෙනයන මේ මාධ්‍ය මෙහෙයුම් වල ගොදුරක් බවට මෙවර සමීක්ෂකයින්ද පත් නොවීම සැබවින්ම අගය කල යුත්තකි. එය ඔහුට තරම් හයියක් නැති ආධුනික නිර්මාණකරුවකුට ලැබෙන අවකාශය ඉතිරි කර දීමකි. මෙරට සාහිත්‍ය පිටු සංස්කාරකවරුන් පවා මේ දවස් ටිකට හෝ ඔහුගේ හිංසනයෙන් නිදහස් කරදීමකි. නොඑසේනම් ඔහුගේ ගේ දෙවන ඉනිම පටන් ගන්නේ කෘති 5 ප්‍රකාශයට පත් කළ දින සිටය.

ඔහුගේ දෘෂ්ටිවාදී මිතුරන්ට පවා මෙය ගැරඩින්ට භුමිතෙල් බදු ප්‍රකාශයක් වුවත් තිත්ත ඇත්ත මේකයි.

-රත්තනදෙණියේ මේධානන්ද හිමි.
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions